Toyota Mirai ටොයොටා හයිඩ්‍රජන් කාරය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Toyota Mirai ටොයොටා හයිඩ්‍රජන් කාරය

    Toyota Mirai - 2014 දෙසැම්බරයේදී වෙළඳපොලට එන ටොයොටා හයිඩ්‍රජන් කාරය


    Toyota-FCV-Concept.jpg


    toyota1.jpg






    mirai_03-590x330.jpg





    ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ. දොර හතරේ මෝටර් රථයක් වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර තිබේ. 2013 වසරේ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශණයේදී මෙහි concept model එලි දැක්වුනු අතර 2015 දී එය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විකිණීම ආරම්භ වනු ඇති.



    ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේදී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කයයි. 2017 වන විට මේවා 3000ක් ඇමරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී.



    Mirai-means-future-in-Jap-035.jpg



    එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 480ක් අඛණ්ඩව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. හයිඩ්‍රජන් ෆියුල් සෙල් තාක්ශණය (hydrogen fuel cell) මගින් මෙහි බලය නිපැදවේ. ඉන්ධන ටැංකියේ ඇති හයිඩ්‍රජන්, වාතයේ ඇති ඔක්සිජන් හා සම්බන්ධ කරමින් විද්‍යුත් ගාමක බලයක් නිර්මාණය කිරීම, එනම් බැටරියක් මෙන් ක්‍රියාකරීම ෆියුල් සෙල් එකක් මගින් සිදුවේ. එයින් නිපැදවෙන විදුලි බලයෙන් කාරයේ විදුලි මෝටරය ක්‍රියාත්මක වේ.


    මෙය සාම්ප‍්‍රදායික ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට‍්‍රල්, ඞීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකි වීම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයට සාපේක්‍ෂ තවත් වාසියක් ලෙස සැලකේ. හයිඩ‍්‍රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම පරිසර හිතකාමී පියවරක්ද වනු ඇත.


    Mirai-means-future-in-Jap-017.jpg



    ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන්ම හයිඩ‍්‍රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග‍්‍රහණයක් බවයි.





    toyota-mirai-6.jpg

    Feature-Mirai-650x433.jpg

    toyota-mirai-1-main_625x300_81416316941.jpg


    fcv_step6.jpg


    toyotamirai01.jpg


    toyota2.jpg




    උපුටා ගැනිමකි http://vidya-gaweshana.blogspot.com/
    මමත් ටිකක් හොයලා ඒකතු කරා:yes:

    හොදයි නම් මටත් සලකලා ගියාට කමක් නැ ඉතින්
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න්
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට...මං ළඟදි රෙප් දුන්න නිසා දෙන්න බැරි වෙයි... මේ වගේ දේවල් Share කරන එක වටිනවා අර දේශපාලන සෙද්දවල් දැකලම තිත්ත වෙලා හිටියේ
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    me wage car ekak machan accident unoth ehema??petrol,deisel dala duwana ewa wage neme..kelinma ara rocket pupuranwa wage okkma alu welaa yavi..mewage security eka khamda danne na nee..e gana mukuth wisthrhanadda??/