Trial දෙන දවසේ ආතල්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1. මමත් නුවරින් තමා ගත්තේ... එතන මහා එකාව තම සෙට් උනේ.. ඉස්සරවෙලාම දුන්නේ රිවස් කරන්න...අර බිල්ඩිම අයිනේ ප්ලේස් එකට.. ඒක අවුලක් නෑ..ඊට පස්සේ යමු කිව්වා හාරගම පැත්තට.. සිග්නල් දාල එවුව මෙව්වා ඔක්කොම කරලා වාහනේ පාරට දාගෙන ඔන්න යනවා.. 1st->2nd->3rd->4th... නවත්තපන් කිව්වා අර පොඩි කන්දක් තියෙන තැනක...නැවැත්තුවා.. ඒකත් ශේප්.. ආයි යමන් කිව්වා.. ආපහු යනවා ඉස්සරහට.. කන්දේ Clutch Balance ශේප්.. Handbrake ඇද්දේත් නෑ.. ඔන්න ආයිම 1st->2nd->3rd->4th ... හුටා...එලදෙනෙක් පාර මැද්දට පැන්නා... උගේ හප්පා ගන්නේ නැතුව එන්ජිම නතර කරගන්නෙත් නැතුව වාහනේ නවත්ත ගත්තා... පොර කියනවා "අන්න එහෙම තම වාහන එලවන්න ඕනි.. ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕනි" කියල.. මටත් හෙන හැපී... ඔන්න තව ටිකක් ඉස්සරහට ගිහින් අයින් කරලා නවත්තන්න කිව්වා.. අයින් කරා...නැවැත්තුවා.. "ඔය ඔහොම ඉන්න කියල තව එකෙක්ගේ නම කතා කරා..ඌ වෑන් එකේ පස්සහ හිටියේ..ඌ ඔන්න දැන් පස්සහ දොර අරගෙන එන්නේ නැතුව ඉන්නවා... ඇයි එන්නේ නැද්ද ඇහුව.. බහින්න බෑනේ කිව්වා පොර.. එක්සැමිනර් බුවා දොරෙන් එලියට ඔලුව දාල බැලුව..මෙහෙමද යකෝ පාක් කරන්නේ ඇහුව..බැහැල පලපන් කිව්වා... මමත් බැහලා ගිහින් බැලුව.. පාර අයිනේ නවත්තල පුරුද්දට කෙළවරටම කරලා නැවැත්තුවේ.. වාහනේ වම් පැත්තෙන් දොරක් අරන් බැස්සොත් තඩි කානුවක.. වාහනේ වම් පැත්තේ ටයරේ කාණුවේ බෝඩරේ.. මෙයාව ආයිම ගෙන්නන්න වෙනවා කිව්වා.. වාහන ට්‍රයල් ෆේල්.. අර දෙන කොලේ ලියල දුන්න Start and Stop පුරුදු වෙන්න කියල.. එදා කොහොම හරි බයික් ඒකයි, ත්‍රි වීල් ඒකයි පාස්.. එදාමයි ත්‍රිවිල් එකක් පැද්දෙත්..

    2. ට්‍රයල් පෙන්නන්න ගිය දෙවෙනි දවස.. O/L කාලේ ඉඳන්ම වාහන පදින හින්දා එකම එක දවසයි Learners එකට ගියේ.. අයියගේ යාලුවෙක් learners එකේ පොර..පලවෙනි පාර ෆේල් උනා කියල ආයි learners පැත්ත පළාතක ගියේ නෑ.. දෙවෙනි දවසේ ඔන්න 1st ටයිම් ඉන්න උන් මුලින් ගත්තා.. දෙවෙනි පාර සෙට් එකේ මුලින් ගිය එකා hand signal නෑ කියල පලවෙනි පාර ෆේල් උන එකෙක්..ඌ පාස්... දෙවෙනි එකාව පලවෙනි පාර ෆේල් කරනකොට මමත් හිටියා..ඌ හෙන කලබලයි ඩ්‍රයිවින් සීට් එකට නැග්ගම..ඌව පලවෙනි සැරේ ෆේල් කරේ ක්ලච් බැලන්ස් නැතුව...ඔන්න දෙවෙනි පාරත් වාහනේ ඌට ගන්න දුන්නේ කන්දක.. ඌ ඔන්න හෙන වෙලාවක් අරන් යන්තන් ක්ලච් එක බැලන්ස් කරන වාහනේ චුට්ටක් ඉස්සරහට ගන්නකොටම ත්‍රිවිල් එකක් රුං ගාල ගියා වාහනේ ගාවින්.. කන්නාඩියෙන් පාර බලන්නේ නැතුව ගත්තා කියල ඒ වෙලාවේම ආයිම ෆේල් කරලා බැස්සුවා.. ඊළඟට මම.. මමත් ක්ලච් එක බැලන්ස් කරගෙන හෑන්ඩ්බ්රේක් එහෙම බාල කෝකටත් කියල සයිඩ් කන්නාඩියෙන් බැලුවම ඈත කෙලවරේ බයික් එකක් එනවා.. ඉල්ලන් කන්න ඕනි නෑනේ කියල වාහනේ පාරට දාන්නේ නැතුව හිටිය බයික් එක යනකල් ක්ලච් බැලන්ස් එකේම.. ඔන්න දැන් යනවා.. 1st->2nd->3rd->4th->5th....... 70kmph.... center mirror එකෙන් බැලුවම learners එකේ අයියා හිනා වෙනවා... එක පාරට එක්සැමිනර් බුවා ඔන්න ළමයෙක් පැන්න පාරට කිව්වා..මන් හිතුව ඇත්තට කියල.. බ්රේක් එක උඩ නැගල ගැහුවා බ්රේක් පාරක් ක්ෂණිකව.. වාහනේ පස්සහ හිටියේ දෙවෙනි පාර ට්‍රයල පෙන්නන්න ආපු මහමාය එකේ ටීචර් කෙනෙකුයි, පලවෙනි පාර ට්‍රයල් පෙන්නපු කෙල්ලෝ 3,4 දෙනෙකුයි.. උන් සී සී කඩ විසි වෙලා.. ABS වැඩ කරනවත් දැනුනා.. කොහොම හරි එන්ජිම නතර කරගත්තේ නෑ.. ආයිම යන් කිව්වා.. ආපහු යනවා 40kmph වලින් එහාට ඇල්ලුවේ නෑ.. "ඇයි දැන් හෙමින් යන්නේ ඇහුවා.." මන් හිනා උනා.. ආපු විදියටම යමන් මට තේ එකක් බොන්න ඕනි කිව්වා.. ආයිම 70kmph... යන ගමන් පොර කියනවා.. අන්න මෙහෙම තමා පාරේ යන්න ඕනි...තමන්ගේ ඩ්‍රයිවින් ගැන ස්වයන් විශ්වාසයක් තියෙන්න ඕනි..බ්ලා බ්ලා ගොඩයි.. ඔන්න තැන්නේකුඹුර හන්දියටම එනකල් ආවා.. Clock Tower එක වටේ කරකවල නවත්තන්න කිව්වා.. නැවැත්තුවා.. මන් තේ බීල එනකල් ඉදපන් කියල බුවා ගියා එතන පොඩි කඩේකට.. වෑන් එකේ හිටපු පලවෙනි පාර ට්‍රයල් පෙන්නපු කෙල්ලෝ ටිකත් බැහැල එතන ඉඳන් බස් වල ගියා.. ඔන්න විනාඩි 5කට පස්සේ පොර ආයිම ආවා.. දැන් වාහනේ පොර ඇරුනම මමයි, ලර්නස් එකේ අයියයි, ටීචර්යි විතරයි.. ටීචර්ට වාහනේ ගන්න කිව්වා..මන් ඉතින් අර කොලේ දෙනකල් බලන් හිටියා.. ඇයි..නගිනවා වාහනේට කිව්වා..මමත් ආයේ නැග්ග වාහනේ පස්සට.. ඔන්න ටීචර් යනවා.. නවත්තල රිවස් කරන්න කිව්වා.. රිවස් එක අන්තිමයි.. වාහනේ තව පොඩ්ඩක් ගියා නම් ගඟේ... ආයිම ඉස්සරහට යනවා... කන්දේ නවත්තන්න කිව්වා.. නැවැත්තුව.. දැන් ආයි යන කිව්වා.. Clutch Balance 0 ... බහින්න කිව්වා... කානු බෝයි ඇවිල්ල ගන්න කිව්වා වාහනේ.. මන් ගියා ආයිම.. හරවාගෙන යමු කිව්වා වාහනේ.. ඔන්න එනවා ආපහු තැන්නේකුඹුර පැත්තට.. පොරගේ එදා දවසේ වැඩ ඉවරයි ටීචර්ගෙන්.. වාහනේ එන ගමන් ලනර්ස් එකේ අයිය දිහා බලනවා පොර සරින් සැරේ.. එක පාරට learners එකේ අයියා ඌ අපේ එකෙක් කිව්වා.. ඔන්න ඊට පස්සේ Examiner කියනවා ටීචර් කෙනෙක් හින්දා ෆේල් කරලත් බෑ.. නොකරත් බෑ කියලා.. ලනර්ස් එකේ අයියා කියනවා..චාන්ස් එකක් දෙමු සර්..ගෙදර තියෙන්නේ ඔටෝ එකක්..අරකයි මේකයි.. ටීචර් කෙනෙක්නෙ කියල පාස් කරලා අර කොලේ දුන්න කියහන්කෝ ඉතින්...
    ඔන්න තැන්නේකුඹුරට කිට්ටු වෙද්දී මන් වාහනේ ස්ලෝව් කරලා නවත්තන්න ලෑස්ති උනා.. පොර ලර්නස් එකේ අයියගෙන් ඇහුව නුවරටනේ යන්නේ කියල.. අයියා ඔව් කිව්වා.. මාව කච්චේරිය ගාවින් දාල යන්න එහෙනම් කිව්වා.. මන් වාහනේ උපරිම ස්ලෝ කරා.. පොර කියනවා දිගටම යන් කියල.. මන් ලර්නස් එකේ අයිය දිහා බැලුව.. අරූ ඊට පස්සේ කියනවා... හරි හරි උබත් පාස්...මෙන්න කොලේ, දැන් යමන් කියල.. අන්තිමට වාහනේ අරන් ආවා කච්චේරිය ගාවටම.. වැව රවුමේදී පොර කියනවා.. දැක්කනේ...මුන්ව එක පාරක් ෆේල් කරාම හැදෙනවා කියල.. පොර කච්චේරිය ගාවින් බැහැලා ඇතුලට ගියා..මමත් බැහැල බස් එකේ ගෙදර ආවා.. එනකල්ම අර ටීචර් එක්ක පැණි හල හල ආව පොර..

    anyway, නාවලපිටියේ පැත්තේ ඉඳන් එන, මහමාය එකේ උගන්නන සුදු, කොට, අවු: 35-40 අතරේ මැඩම් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ඩ්‍රයිවින් බෑ ආ...

    පස්සේ තමයි මන් දැනගත්තේ ලර්නස් එකේ උන්ට 4th එකෙන් එහාට දාන්න එපාකියල කියල තියෙනවා කියල..මන් දන්නේ නෑ.. ලොල්..
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ර..

    anyway, නාවලපිටියේ පැත්තේ ඉඳන් එන, මහමාය එකේ උගන්නන සුදු, කොට, අවු: 35-40 අතරේ මැඩම් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ඩ්‍රයිවින් බෑ ආ...

    පස්සේ තමයි මන් දැනගත්තේ ලර්නස් එකේ උන්ට 4th එකෙන් එහාට දාන්න එපාකියල කියල තියෙනවා කියල..මන් දන්නේ නෑ.. ලොල්..

    :D
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මටත් ඔය වගේ සීන් එකක් උනා ට්‍රයල් එකේදි.
    ට්‍රයල් එකේදි පාරෙ යන ටික අවුලක් නැතුව ගියා, ඔන්න දැන් රිවස් කරන කොටස, රිවස් කරන්න සෙට් උනේ වේරහැර පැත්තෙ පොඩි අතුරු පාරකට,
    මන් දැන් ෂේප් එකේ රිවස් කරන්න හදනකොට දැක්ක පාර මැද්දෙම බල්ලෙක් නිදාගෙන ඉන්නව, මූ වාහනේ ලගට එනකොට අයින් වෙයිනෙ කියල මාත් ෂේප් එකේ රිවස් කලා, මගේ කරුමෙට මූ අයින් වෙන්නෙත් නෑ උගේ මහ එකාගෙ පාර වගේ නිදන් ඉන්නවා. මූ හින්ද රිවස් නොකර ඉන්නත් බෑනෙ, එහා පැත්තෙ සීට් එකේ ඉන්ස්පෙක්ටරය කන්න වගේ බලන් ඉන්නව. තව ටිකක් ලන් කලා ඒත් වල් බල්ල අයින් වෙන්නෙම නෑ. කමක් නෑ ලගට ගද්දි අයින් වෙයි කියල ටික ටික රිවස් කලා. මෙන්න එක පාරට ඉන්ස්පෙක්ටරය කෑ ගහනවා ''තමුසෙ අර බල්ලව යට කරන්නද හදන්නෙ'' කියල. මන් කිව්ව නෑ ඕකා අයින් වෙයි කියල. මූ ඊට පස්සෙ කියනව ''ඔය රිවස් ඇති, දැන් ගන්නව ඉස්සරහට'' කියල, මන් හිතුව මට වැඩේ හරි තමයි කියල. ඒත් මූ මාව පාස් කලා
     
    • Haha
    Reactions: Tom Cat

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    බයික් එකේ ස්ටෑන්ඩ් එකත් ගහගෙන් වැඩ්ඩ වගේ ඇදල ගියා :P .... පස්ස බලද්දි ත්‍රී වීල් එක අහලකවත් නෑ..... මන් ටිකක් ස්ලෝ උනා..... ඊට පස්සෙ වෑන් එකෙන් ඇවිල්ල කිව්ව ස්ටෑන්ඩ් එක උස්ස ගනින්.. වීල් එක එනකන් හිටපං කියල......

    ෆේල් වෙලා ගෙදර ආව.... :sorry:
    මාස 2 කට පස්සෙ ගත්ත... :)
     
    • Haha
    Reactions: Tom Cat

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ට්‍රයල් පෙන්නන්න ගිහින් වෙච්ච සීන් දෙකක් තියෙනවා එකක් දැන් දාන්නම් අනිත් එක පස්සේ වෙලාවක දාන්නම්
    මම සැහැල්ලු ගත්තේ එතකොට wheel එකත් ගෙනියන්න වෙනවනේ . මම ඊට කලින් wheel පැදලා නෑ . මම මාතලේ තමයි ට්‍රයල් පෙන්නුවේ . දැන් wheel එකේ
    එකේ පිටිපස්සේ මම මම කලින් යන්තම් සිස්ටම් එක බලාගෙන තිබුනා . කලින් ගත්ත එකා ක්ලච් එක දෙනකොට නතර වෙනවා 4 පාරක් වගේ උනා ඌ ෆේල් . දැන් එතනින්ම මට ගන්න දුන්නා . දැන් මම wheel එක පාරට දාන්න ඕනේ . wheel එක ස්ටාර්ට් කරගත්තා මාර සීන් එක කියන්නේ සිග්නල් ස්විච් එක නෑ . හොදට දෙතුන් පාරක් බැලුවා ස්ව්ච් එක නෑ . දැන් මට කරන්න දෙයකුත් නෑ . ඕන මගුලක් කියලා එක්සමිනර් ගෙන් ඇහුවා . පොර ඉස්ස්සරහට ඇවිත් පෙන්නුවා . ඒ wheel එකේ සිග්නල් ස්විච් එක තියෙන්නේ හැඩල් එකේ යටපත්තේ ඉස්සර wheel වල එහෙම තියෙන්නේ . අවුලක් නෑ නෑ වැඩේ ගොඩ දාගත්තා
     
    • Like
    Reactions: Tom Cat

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර


    අර බගෙට තට්ටෙ එකාට සෙට් උනොත් ෆේල්වෙන සම්භාවිතාව පට්ටෙටම වැඩි වෙනව​.


    :lol::lol::lol:

    තට්ටේ කියන්නේ අර අන්තිමට එන්නේ, ඌ නේ. පොර තමා බර වාහන බලන්නෙත්. එකයි පොර ටිකක් තද. මමත් අහු උනේ ඌට තමා. වෙලාවට අවුලක් උනේ නෑ.
    අනික් උන් නම් වැඩක් නෑ.
    අනික් අය බලන්නෙම නැති තරම්. එක ඇන්ටි කෙනෙක් 8 ගැහුවේ කකුල 3 පාරක් විතර තියලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි ගිය learners එකේදී එකෙක්ට යන ගමන් 2nd එකෙන් 3rd එකට දාන්න කීවම මේ යකා පාර මැද clutch එක පාගල hand brake එක ඇද්ද ... :baffled::baffled:

    :rofl::rofl::rofl:
     

    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    අපි ගිය learners එකේදී එකෙක්ට යන ගමන් 2nd එකෙන් 3rd එකට දාන්න කීවම මේ යකා පාර මැද clutch එක පාගල hand brake එක ඇද්ද ... :baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    21000k denne ai yako 7000n karanna one wadeta
    7000ට දෙන්නෙ ඌ ගෙදර ප්‍රින්ට් කරපු එකක් වෙන්න ඇති
    ඇතුලේ වැඩ වලටම 12ක් යනවා :dull:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉස්සෙල්ලම ගත්තේ බයික් එකට. එදා පලවෙනි එකාට අට ගහල පෙන්නන්න කිව්වා. ඌ යනව යනව පිට්ටනිය වටේ. උගේ අටේ එක රවුමක් ම පිට්ටනිය. මොන කෝන්ද? එක්සෑමිනර් අඩ ගහලත් ආවේ නෑ ඌ උගේ වටේ ගෑහුවා. ඊලග එක ට්‍රේලක් අරන් ඈවිත් හිටියේ. උගේ කික් එක නෑ. හරි යන්න කිව්වම මු දුවගෙන තල්ලු කරන් ගිහින් ස්ටාර්ට් කරගෙනම නෑග්ගා. එක්සෑමිනර් කාරයා අට ගහන්න ඔනේ නෑ එන්න කියල ඌට කොලේ දුන්නා. තල්ලු ස්ටාර්ට් පුරුදු එවුන්ට අට කජ්ජක්ද කියල හිතෙන්න ඈති.

    කාර් ලයිසන් ගන්න ගියේ කෑම්පස් යන කාලේ. වෑන් එකක් තිබ්බේ. මම ටිකක් දුර වෑදගත් විදිහට හිමිහිට ගියර් ටික මාරු කරන් ගියා. එක්සෑමිනර් කාරය කිව්වා හොදයි දෑන් ටිකක් පාගල යමු කියල. අනේ දෙයියෝ දුන්න අවස්තාව කියල පාගන්න ට්‍රයි කලා. ඒ ලර්නස් වෑන් එකේ උත්සහ කරලත් 60 ට එහා යන්න බෑ කියපල්ලකෝ. ඒ වුනාට එන්ජිම නම් සද්දයි නහුතෙට. පාස් වුනා.
     
    • Like
    Reactions: Tom Cat and suicxde

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඉස්සෙල්ලම ගත්තේ බයික් එකට. එදා පලවෙනි එකාට අට ගහල පෙන්නන්න කිව්වා. ඌ යනව යනව පිට්ටනිය වටේ. උගේ අටේ එක රවුමක් ම පිට්ටනිය. මොන කෝන්ද? එක්සෑමිනර් අඩ ගහලත් ආවේ නෑ ඌ උගේ වටේ ගෑහුවා. ඊලග එක ට්‍රේලක් අරන් ඈවිත් හිටියේ. උගේ කික් එක නෑ. හරි යන්න කිව්වම මු දුවගෙන තල්ලු කරන් ගිහින් ස්ටාර්ට් කරගෙනම නෑග්ගා. එක්සෑමිනර් කාරයා අට ගහන්න ඔනේ නෑ එන්න කියල ඌට කොලේ දුන්නා. තල්ලු ස්ටාර්ට් පුරුදු එවුන්ට අට කජ්ජක්ද කියල හිතෙන්න ඈති.

    කාර් ලයිසන් ගන්න ගියේ කෑම්පස් යන කාලේ. වෑන් එකක් තිබ්බේ. මම ටිකක් දුර වෑදගත් විදිහට හිමිහිට ගියර් ටික මාරු කරන් ගියා. එක්සෑමිනර් කාරය කිව්වා හොදයි දෑන් ටිකක් පාගල යමු කියල. අනේ දෙයියෝ දුන්න අවස්තාව කියල පාගන්න ට්‍රයි කලා. ඒ ලර්නස් වෑන් එකේ උත්සහ කරලත් 60 ට එහා යන්න බෑ කියපල්ලකෝ. ඒ වුනාට එන්ජිම නම් සද්දයි නහුතෙට. පාස් වුනා.




    Learners ewa hadalama thiyenne ehema bn.naththan me gonnu gihin anagaththoth kohe hari
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    තට්ටේ කියන්නේ අර අන්තිමට එන්නේ, ඌ නේ. පොර තමා බර වාහන බලන්නෙත්. එකයි පොර ටිකක් තද. මමත් අහු උනේ ඌට තමා. වෙලාවට අවුලක් උනේ නෑ.
    අනික් උන් නම් වැඩක් නෑ.
    අනික් අය බලන්නෙම නැති තරම්. එක ඇන්ටි කෙනෙක් 8 ගැහුවේ කකුල 3 පාරක් විතර තියලා.



    Apita set une ara eke inna hodama ekaa.ara engineer knk inne sudu tikak.
    Ugen pass wenna barinam mokekgenwath pass wenna baalu ethana inna

    :D
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අත්ගහගෙන .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉස්සෙල්ලම ගත්තේ බයික් එකට. එදා පලවෙනි එකාට අට ගහල පෙන්නන්න කිව්වා. ඌ යනව යනව පිට්ටනිය වටේ. උගේ අටේ එක රවුමක් ම පිට්ටනිය. මොන කෝන්ද? එක්සෑමිනර් අඩ ගහලත් ආවේ නෑ ඌ උගේ වටේ ගෑහුවා.
    .

    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අත්ගහගෙන .

    :lol::lol::lol::lol:
    පට්ට යකොව්
     
    • Like
    Reactions: suicxde

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    E denna thiyena wahenama puruuduweyan. E magul wala godak welawata accelerator eka nathuwama clutch ekenma gema gahanna puluwan reverse eke

    ඒකම ඉල්ලගන්න පුලුවන්ද බං..? එහෙනම් ගොඩනේ..