tv series ගැන

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    අළුතෙන් පටන් ගත්ත ඒ කියන්නේ මේ මාසේ පටන් ගත්ත සුපිරි tv series 3ක් තියෙනවා. බැලුවේ නැති උන් ඉන්නවා නම් බලපල්ලා

    1. Westworld මේක ටිකක් වෙනස් විදියේ කතාවක් 2016 ඔක්තෝබර් 03 HBO නාලිකාවේ විකාශනය ඇරඔු මේ අලුත් කතා මාලාවට මේ වෙනකොට IMDB දර්ෂක‍යේ 9.2 ලැබිල තියෙනවා.HBO නාලිකාවේම විකාශයවන Games of Thorn කතාමාලාවේ යම් ලක්ෂණ මේ කතාමාලාවෙත් දකින්නට පුළුවන් කියලා පලමු කොටස විකාශයෙන් පස්සේ විචාරක මතයක් ගොඩනැගිලා තියෙනවා.මේ කතාමාලව කොටස් 10කට සිමා වෙලා තියෙනවා.නමුත්දැනගන්න ලැබුනු විදිහට කතාව සීසන් දෙකකට සැලසුම් කරලා තියෙන්නේ.

    කතාව පදනම් වෙන්නේ වින‍ෝද උද්‍යානයක්(Theme park)කේනද්‍ර‍කරගෙනයි.හරියට ජුරාසික් පාක් වගේ.නමුත් වෙනසකට තියෙන්නේ මේකේ සත්තුවෙනුවට ඉන්නේ මානවරූපි රෝබෝවරු.මේ උද්‍යානය හදලා තියෙන්නේ 19 වැනි ශතවර්ශයේ විදහට.ඉතිං මුදල් තියෙන අයට ඇවිත් ඒ යුගයේ වගේ ජිවත් වෙන්න පුළුවන්.ඒ අයව හදුන්වන්‍ෙ “අමුත්තතෝ“ හැටියටයි.ඔවුන්ට මේ උද්‍යානය(ලොකයේ) ඇතුලෙදි තමන් කැමති ඔනේම දෙයක් කරන්න පුළුවන්.අවශනම් රෝබෝවරු විනාශකරන්න(ඝාතනය) උනත් පුළුවන්.නමුත් අමුත්තන්ට කිසිම විදහක හානියක් කරන්න මේ රොබෝවරුන්ට හැකියාවක් නෑ.ඉතිං මේ සෑම රොබෝවෙක්ම තමන්ට පැවරුණු චරිතය හා කතාව රගපානවා.උද්‍යාන පාලකවරුන්ට අවශ්‍ය විදිහට මේ කතා හදනවා.“ඩොලරස්“ කියන්නෙත් ඒ වගේම චරිතයක් රගපාන රොබෝවෙක්.ඇය ඉතාම සුවිශේෂි කෙනෙක්.කතාව ගොඩ නැගෙන්න ඇය කේන්ද්‍කරගෙනයි.වසර 30 තිස්සේ මේ උද්‍යානය පවත්වාගෙන එන නිසා කෘතිම බුද්ධිය ඉතාම ඉහල මට්ටමකට ගෙන්න විද්‍යාඥයින්ට හැකිවෙනවා.මේ රොබෝවන් ඉන්නේ එක්තරා විදිහක Matrix එකක වගේ තමයි.නමුත් යම් කිසි දොෂයක් නිසා ඔවුන් පාලකවරුන්ට එරෙහිව යන්න පටන්ගන්නවා.එතනින් තමයි කතාව පටන්ගන්නේ.

    IMDB

    2 .frequency ඇත්තටම මේකට 8.3 ක IMDb අගයක් ලැබිලා තියනවා. මුලින්ම කතාව දිහාවට හැරුනොත් මෙහි නම තමයි Frequency. ඒ කියන්නේ සංඛයාතය කියන තේරුම. මොකක් ගැනද මේකේ ඇත්තටම ඇත්තේ. අපි බලමු ඒ ගැන.ඇයගේ නම රේමි සලිවන්. ඇය පොඩිකාලේ රේමිගේ තාත්තා එයාගේ අම්මා එක්ක එයාව තනිකරලා දාලා යනවා. ඒ යන්නේ හේතුවක් ඇතුව. රේමිගේ තාත්තා ෆ්රෑන්ක්. එයා වැඩ කලේ රහස් පොලිසියේ. රහස් මෙහෙයුමක කටයුත්තක් නිසා තමයි ඔහුට තමන්ගේ පවුල අතාරින්න උනේ. රහස් මෙහෙයුමකදී ඔහු මරණයට පත්වෙනවා. ඒ 1996 දිනයක. එතකොට රේමිට අයස අවුරුදු 8යි. 2016 වෙනකොට රේමිත් වැඩ කරනවා නිව්යෝක් පොලිසියේ පරීක්ෂකවරියක් විදියට. ඇයගේ පෙම්වතා තමයි ඩැනියල්. දවසක් ඩැනියල් ඇයගේ උපන්දිනය දවසේ රේමිගේ තාත්තාගේ පරණ හැම් රේඩියෝ එක හදලා දෙන්න උත්සාහ කරනවා. හැම් රේඩියෝ එක කියන්නේත් තවත් තැනක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් තවත් එක සන්නිවේදන මාර්ගයක්. ඉතින් ඩැනියල් මේ හැම් රේඩියෝ එක හදලා දෙන්න හැදුවාම රේමි ඒකට කැමති වෙන්නේ නෑ. මොකද රේමි එයාගේ තාත්තා එක්ක තරහින් ඉන්නේ එයාවයි අම්මාවයි තාත්තා දාලා ගියපු නිසා.

    දවසක් රෑ මේ හැම් රේඩියෝ එකට අකුනක් ගහලා ඒක වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් කෙනෙක් කතා කරනවා. රේමි එයා එක්ක කතා කරනවා. කතා කරගෙන යනකොට අන්තිමේ බැලින්නම් එයා කතා කරන්නේ එයාගේ තාත්තා ෆ්රෑන්ක් එක්ක. එතකොට මැරුණ තාත්තා එක්ක එයා කොහොමද කරන්නේ ? මේවා දැවෙන ප්‍රස්න 😀 මැරුණ කෙනා තමයි, ඒත් රේමි මේ හැම් රේඩියෝ එකෙන් කතා කරන්නේ අතීතයට. ඒ කියන්නේ 1996 අවුරුද්දේ දවසකට එයා සම්බන්ධ වෙලා තමයි එයාගේ තාත්තා එක්ක කතා කරන්නේ පුදුමයි ඉතින්. හරියටම රේනි අතීතයට කතා කරන්නේ එයාගේ තාත්තා මැරුණ දවසකට එක දවසක් කලින්. එයා තාත්තාට කියනවා ඔයා හෙට මැරෙනවා කියලා. ඉතින් ෆ්රෑන්ක් මේක විස්වාස කරයිද ? එයාට මරණෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද ? රේමිට අතීතය වෙනස් කරන්න පුලුවන් වෙයිද ? අපි කියමුකෝ අතීතය වෙනස් කරන්න පුලුවන් කියලා. එහෙම වෙනස් කලොත් අනික් දේවල් මොනවිදියට වෙනස් වෙයිද ? හැමදේම එහෙනම් මේක අරගෙන ඔයාලාම බලන්නකෝ
    .
    IMDB
    3 එක්තරා සමගමක් විසින් හොර රහසේ කාල යන්ත්‍රයක් නිපදවනවා. මේ ආයතනයෙ ප්‍රධානියා තමයි කෝනර් මේසන් කියන්නෙ. කොහොමහරි මෙයාලා හදපු මේ කාල යන්ත්‍රය පිරිසක් හොරකම් කරගෙන අතීතයට යනවා. හැබැයි මේ කතාවෙ එක විශේෂත්වයක් තියෙනවා. අපි Flash වගේ කතාවක් ගත්තොත් ඒවගෙදි තමන් කලින් ඉදපු කාලයකට වුනත් යන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ට තමන්වම හම්බවෙන්න පුළුවන්. හැබැයි මේ කතාවෙදි එහෙම කරන්න බැ. හරි මේ කාල යන්ත්‍රය හොරකම් කරන අයට ඕන කරන්නෙ අතීතය වෙනස් කරලා ඇමෙරිකාවෙ වර්තමානය වෙනස් කරන එක. මේක නතර කරන්න තුන් දෙනෙක් තෝර ගන්නවා.

    01) ලුසි – ඉතිහාස මාහාචාර්‍ය වරියක්
    02) වයට් – ඩෙල්ටාෆෝස් සොල්දාදුවෙක්
    03) රූෆර් – විද්‍යාඥයෙක්

    මේ තුන්දෙනා තමයි ඉතිහාසය ආරක්ෂා කරන්න ආපහු අතීතයට යවන්නෙ. මෙයාලට යන්න කලින් කියන්නෙ කිසිම හෙයක් වෙනස් කරන්න එපා කියලයි. හැබැයි ඉතින් කොහොමත් දන්නවනෙ ඒක එහෙම වෙන්නෙ නැ කියලා. මෙයාලට ලොකු ඇබැද්දි වලට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මේ කට්ටියට ඉතිහාසය ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද, නැත්නම් ඒක වෙනස් වෙයිද කියලා.


    IMDB
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කතාව මට නම් දිරවන්නේ නැහැ බන්. HBO shows දිරවන්නෙම නැහැ මට. අර terra nova cancel උනේ නැත්තන් කොහොම තියෙයිද.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    A low-level Cabinet member becomes President of the United States after a catastrophic attack kills everyone above him in the Presidential line of succession.