කොල්ලට කියන්න ඔයා කැමති නෑ කියලා.ඊට පස්සේ කොල්ලා ගෙදර අයගේ හිත හදයි.
කොල්ලා එක්ක මුස්ලිම් පල්ලියක හොද නායකයෙක් ලගට ගිහින් දෙන්නා ප්රශ්නේ කියන්න.එයා උත්තරයක් දේවී නේ.
ඊට පස්සේ කොල්ලට කියන්න ගෙදර අයව අර මුස්ලිම් නායකයා ලගට එක්කන් ගිහින් පහදලා දෙන්න කියලා.
මෙතන කොල්ලා කැමති නම් ඔයා මුස්ලිම් නොවි ඉන්න එක ඒක තමා වැදගත්.
කොල්ලාත් කැමති ඔයා මුස්ලිම් වෙන්න නම් එයාලගේ ගෙදර අයත් ඔයාට මුස්ලිම් වෙන්න කියනවා නම් ඉතින් ඔයා කැමති නැත්තම් මුස්ලිම් වෙන්න මම නම් කියන්නේ ඔය සම්බන්ධය නවත්තන්න දුර දිග යන්න කලින්.
මොකද එකිනෙකාගේ ආගම් වලට එකිනෙකා ගරු කරන්නේ නැත්තම් ඒක ඔයාලගේ පවුල් ජීවිතයට සහ ලමයින්ට ගොඩක් බලපානවා.
ජීවීතේම දුක විදින්නේ නැති වෙන්න එක කැපකිරීමක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න.