ඒක කියන්න තාම කල් වැඩියි. ගිය සැප්තැම්බර් ඉදල තමා ගොඩක් එන්න ගත්තේ. කෝස් ඉවර වෙලා graduate වීසා එකේ අවුරුදු 2 ත් ඉවර උනාම එන කාලේ තමයි බලන්න ඕනේ ඕක. හැබැයි දැනට තියන skilled jobs වල ශෝර්ටේජ් එක පිරෙනකල් ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ කට්ටියට තමයි ආපහු යන්න වෙන්නේ. තව අවුරුදු 3-4 වගේ යද්දී එක වෙයි.
ගේම බාගෙට ගහන උන් නං යන එක අපරාදේ.
යන අයට කියන්න තියෙන්නේ යුනි වලට බාර ඔප්පු කරලා හැරිලා යන්නේ නැතිව ජිවිතේ ඉතිරි කාලේ එහෙ ඉන්න තීරණය කරලා ගියොත් හොඳයි.
දන්නවනේ ඔය අවරුදු ගානට දෙමව්පියෝ ලෙඩවෙනවා, පවුල් ප්රශ්න එනවා, ඉඩකඩම් ප්රශ්න එනවා, මරණ එනවා. විවාහ සිද්ද වෙනවා, ළමයි හම්බෙනවා, ළමයි අරන් ඉස්කෝලේ යන්න වෙනවා, වගේ තව ගොඩක් දේවල් තියෙනවා.

