UK ස්ටුඩන්ට් වීසා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක කියන්න තාම කල් වැඩියි. ගිය සැප්තැම්බර් ඉදල තමා ගොඩක් එන්න ගත්තේ. කෝස් ඉවර වෙලා graduate වීසා එකේ අවුරුදු 2 ත් ඉවර උනාම එන කාලේ තමයි බලන්න ඕනේ ඕක. හැබැයි දැනට තියන skilled jobs වල ශෝර්ටේජ් එක පිරෙනකල් ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ කට්ටියට තමයි ආපහු යන්න වෙන්නේ. තව අවුරුදු 3-4 වගේ යද්දී එක වෙයි.

    ගේම බාගෙට ගහන උන් නං යන එක අපරාදේ.
    යන අයට කියන්න තියෙන්නේ යුනි වලට බාර ඔප්පු කරලා හැරිලා යන්නේ නැතිව ජිවිතේ ඉතිරි කාලේ එහෙ ඉන්න තීරණය කරලා ගියොත් හොඳයි.
    දන්නවනේ ඔය අවරුදු ගානට දෙමව්පියෝ ලෙඩවෙනවා, පවුල් ප්‍රශ්න එනවා, ඉඩකඩම් ප්‍රශ්න එනවා, මරණ එනවා. විවාහ සිද්ද වෙනවා, ළමයි හම්බෙනවා, ළමයි අරන් ඉස්කෝලේ යන්න වෙනවා, වගේ තව ගොඩක් දේවල් තියෙනවා. :-)
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    @rarabhagya
    නවතින තැනක් හොයාගන්න කොහොමද?

    පාට්ටයිම් තියනවාද? හොයගන් ලේසිද?
    නවතින්න තැන් එන යුනි එක අවටින් හොයාගන්න පුළුවන්. මුලින්ම එන කෙනෙක්ට නම් ස්ටුඩන්ට් accomadation යන්න පුළුවන් නම් හොදයි පැත්ත පුරුදු වෙනකන්.
    පාට්ටයිම් හොයාගන්න පුළුවන්. එන පැත්ත මත තමයි ලේසිද අමාරුද කියල තීරණය වෙන්නේ.

    අපෝ එන්න එපා, ලංකාව තරම් හොඳ නැහැ. මම මේ ආව මෝඩ කම කියල හිතෙනවා දැන් බොලව්
    එක එක්කෙනා මත ඩිපෙනඩ් ඒක නම්. මට නම් ලංකාවට වඩා හොදයි.
     
    • Like
    Reactions: emoji diaries

    Sen-lu

    Well-known member
  • රේසිසම් කියන දේ කොහෙත් පොඩ්ඩ පොඩ්ඩ තියනවා. හැබැයි යකා කියන තරම් කළු නෑ. ගේම ගහන එකා කොහෙ හිටියත් ගේම ගහනවා.

    එහෙම බැලුවොත් ලංකාවේ උන් පට්ට රේසිස්. මුස්ලිම් අයට, දෙමල අයට, ඉන්දියන් උන්ට, චීන්නුන්ට,… ඔය හැමෝටම ලංකාවේ උන් පෙන්නන්නේ රේසිසම්ම තමයි.

    ඔය youtube වල තියන වීඩියෝ වැඩි හරියක් වීව්ස් ගන්න එක දෙක කරල පෙන්නන එව්වා.
    මුන්ට පිස්සු බං. ලංකාවේ හොටෙල් වලට ලංකාවේ උන්ව ගන්නෙත් නෑ ගියත් ගනන් ගන්නෙත් නෑ එහෙම තියාගෙන රේසිසම් ගැන කියවනව. දූපතෙන් එලියට යන්නෙ නැතුව යූ ටියුබ් එකෙන් ලෝකෙ දැක්කම ඕක තමයි වෙන්නෙ.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මේ කාලේ ගොඩක් අය UK යනවානේ ස්ටඩීස් වලට. කිහිප දෙනෙක් හොයනවා දැකපු නිසා ලියන්න හිතුනා.

    මුලින්ම UCAS
    https://www.ucas.com වෙබ් අඩවියට ගිහින් ඔයා කරන්න කැමති cource එකක් හොයාගන්න. ඔය වෙබ් එක ලංකාවේ UGC ඇඩ්මිෂන් සිස්ටම් එක වගේ. ඕකෙන් තමන් කැමති cource එක තියන යුනිවසිටි හොයාගන්න ලේසියි. ඊට පස්සේ ඒ ඒ අදාල යුනි එකේ වෙබ්සයිට් එකට ගිහින් වැඩි විස්තර බලන්න පුළුවන්. පොඩ්ඩක් වෙබ්සයිට් එක පීරලා බලන්න ඔකේ ගොඩක් information තියනවා. අවශ්‍ය සුදුසුකම් මොනවද එහෙම කියලා. ගොඩක් යුනි වලට IELTS අවශ්‍යම නෑ. ලංකාවේ O/L english වලට B එකකින් වගේ උඩ තියනව නම් ඒකට equivalant. සමහර යුනි වල වෙබ්සයිට් එකේ requirement විස්තර වල ඒක කියලම තියනවා. එහෙම දාල නැති යුනි වල admission team එකට මේල් එකක් දාල කන්ෆර්ම් කරගන්න පුළුවන්. UK වල cources ලෙවල් තියෙන්නේ RQF framework එකේ විදිහට.
    RQF Level 4 - HNC / degree first year
    RQF Level 5 - HND / degree second year
    RQF Level 6 - Bachelor degree
    RQF Level 7 - Masters
    RQF Level 8 - Doctorate

    එහෙම course එකක් සිලෙක්ට් කර ගත්තට පස්සේ. ඒ යුනි වලට apply කරන්න. apply කරන විදි කිහිපයක් තියනවා. කෙලින්ම UCAS එකේ අකවුන්ට් එකක් හදල එකෙන් කෙලින්ම apply කරන්නත් පුළුවන්. තව සමහර යුනි වලට ඩිරෙක්ට් ඒ ගොල්ලන්ගේ portal එක හරහා apply කරන්න පුළුවන්. ඔය හැම යුනි එකටම වගේ ලංකාවේ represantative/agent කෙනෙක් ඉන්නවා. ඒ ඒ යුනි එකට අදාළ අය කවුද කියල යුනි වෙබ්සයිට් එකේ international සෙක්ෂන් එකෙන් හොයාගන්න පුළුවන්. ඒ අදාල represantative ගෙන් apply කරන්නත් පුළුවන්. ගොඩක් දුරට එයාලගෙන් apply කරද්දී වෙනම සල්ලි ගන්නේ නෑ. මොකද ඔයාල එනවට එයාලට යුනි එකෙන් ගෙවනවා.

    ඔය මොන විදිහකින් හරි apply කරාට පස්සේ යුනි එකෙන් accept කරොත් මුලින්ම conditional offer එකක් හම්බවෙනවා. එකේ තියනවා මොනවද condition කියලා. අදාල conditon ටික (සහතික, අනිත් requirement, මූලික payment එක,....) සැපිරුවට පස්සේ unconditional offer එක හම්බවෙනවා. යුනි කිහිපයකට apply කලොත් (අනිවාර්යයෙන් කරන්න) conditional offer ඒ ඒ යුනි වලින් හම්බවෙයි. ඒවගෙන් ගැලපෙන එකක් තෝරාගන්න ඕනේ. Unconditional offer එක හම්බ උනාට පස්සේ ඒකට කැමති නම් තමන් ඒක accept කරනවා කියලා යුනි එකට දන්වන්නයි තියෙන්නේ.

    ඊට පස්සේ යුනි එකෙන් කියනවා cource fee එකම හෝ ඒ ඒ යුනි එකට අනුව percentage එකක් (ගොඩක් දුරට 50% විතර) ගෙවන්න කියලා. ඒක ගෙව්වට පස්සේ යුනි එකෙන් CAS එකක් issue කරනවා. ඒ CAS එක ඕනේ වීසා apply කරන්න.

    CAS එකට අමතරව සල්ලි පෙන්නන්න ඕනේ ඔයා වීසා apply කරද්දී. සල්ලි පෙන්නන්න ඕනේ ප්‍රමාණය වෙන්නේ එක අවුරුද්දක cource fee එකෙන් මේ වෙද්දී ගෙවලා නැති ගාන + මාස 9ක ජීවත් වෙන්න යන ගාන. මේක CAS එකේ දාලා දෙන්නේ. කොච්චර ගෙව්වද තව කොච්චර තියනවද කියලා. ජීවත් වෙන්න යන ගාන calculate කරන්නේ,
    ලන්ඩන් වල නම් යුනි එක මාසයකට £1334 ගානේ මාස 9 කට
    ලන්ඩන් වලින් පිට නම් යුනි එක මාසයකට £1023 ගානේ මාස 9 කට

    RQF Level 7 වලින් උඩ cource එකක් නම් ඔයාට dependant (partner and children) එක්ක එන්න පුළුවන්. එතකොට ඒ අයටත් ජීවත් වෙන්න සල්ලි පෙන්නන්න ඕනේ. dependant එක්කෙනෙක් ජීවත් වෙන්න යන ගාන calculate කරන්නේ,
    ලන්ඩන් වල නම් යුනි එක මාසයකට £845 ගානේ මාස 9 කට
    ලන්ඩන් වලින් පිට නම් යුනි එක මාසයකට £680 ගානේ මාස 9 කට

    වීසා ගැන ගොඩක් විස්තර
    https://www.ukcisa.org.uk වෙබ්සයිට් එකේ තියනවා. ඉතින් වීසා වලට අවශ්‍ය ඔක්කොම සුදානම් කරගෙන වීසා apply කරන්න තමයි තියෙන්නේ. application process එකේදී biometric දෙන්න vfsglobal එකට යන්න වෙනවා. ඒකටත් වෙනම appoinment එකක් book කරගෙන යන්න ඕනේ.

    ඔය ටික තමයි ප්‍රදානම දේවල් ටික.

    සමහර agency වලින් සුරංගනා ලෝක මවනවා හැබැයි ඇත්ත ඒක නෙමෙයි. හැම වෙලේම අදාල යුනි එකේ represantative ගෙන්ම apply කරද්දී එයාල ගොඩක් දුරට නිවැරදි තොරතුරු තමයි දෙන්නේ.

    ස්ටුඩන්ට් කෙනෙක්ට ටර්ම් ටයිම් එකේ සතියකට පැය 20 යි වැඩ කරන්න නීතියෙන් අවසර තියෙන්නේ. ඉස්සර ගහපු ගේම් දැන් ගහන්න අමාරුයි. හොරෙන් වැඩ කරන ඒවත් නිතර පැනල අල්ලනවා. අයිතිකාරයටත් £20000 දඩ ගහනවා. ඒක හින්ද ඒවගේ හොරෙන් වැඩ කරන ඒවත් හොයාගන්න අමාරුයි. ටර්ම් ටයිම් එකෙන් පිට හොලිඩේ කාල වලදී පැය 20 ට වඩා වැඩ කරගන්න පුළුවන්. ටර්ම් ටයිම් නොවෙන්නේ December අග සති දෙකයි, January මුල සතියයි, April වල සති තුනක් වගේ සහ June July August මාස තුන. (ඕක සතිය දෙක එහාට මෙහාට වෙන්න පුළුවන් යුනි එකෙන් යුනි එකට). ඒක හින්ද ගොඩක් තියෙන්නේ සතියට පැය 20 වැඩ කරන කාලේ. ඔය holiday කාලෙන් පස්සේ තමයි exam assignment deadline එහෙම සෙට් වෙන්නේ එතකොට සමහර ඒ කාල වලත් හිර වෙනවා. මගේ නම් අදහස course fee එකවත් නැතුව යන්න නම් එපා. අනාත වෙන්නේ. හැබැයි dependant එක්ක යනවා (Level 7 වලින් උඩ cource වලට) නම් සහ ළමයිනුත් නැත්නම් ගේමක් ගහගන්න පුළුවන්. හැබැයි කට්ට කන්න වෙනවා.

    කොහොම හරි කරලා cource එක complete කරගත්තම දැන් graduate visa කියල අවුරුදු දෙකක වීස එකක් දෙනවා job එකක් හොයා ගන්න. ඒ කාලේ ඇතුලත sponser කරන්න පුළුවන් company එකක ජොබ් එකක් හොයාගෙන work වීසා එකක් දාගන්න තමයි තියෙන්නේ. work පර්මිට් එකක් හොයාගන්න බැරිඋනොත් යන්න තමයි වෙන්නේ අවුරුදු දෙක ඉවර වෙලා.

    UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
    1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
    2. work permit එකක අවු.5 ඉන්න එක. (cource එක ඉවර වෙද්දීම වර්ක් පර්මිට් එකක් හොයාගන්න ට්‍රයි කරන එක තමයි හොද. මොකද graduate වීසා එකේ ඉන්න අවු.2 මේකට කවුන්ට් කරන්නේ නැති හින්ද)
    BUMP.TFS
     
    • Like
    Reactions: rarabhagya

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    canada waren ban
    api nisa suddo depress wela inne mehe.
    මොනව වුනත් කැනඩා තමයි හොදම මම එහමෙ කියන්නේ අපිරටකට යන්නේ ජීවිතය බුක්ති විදින්න, සල්ලි හොයන්න විතරක්ම නෙවේ. කැනඩා වල පී ආර් අවුරුද්දක් ඇතුලත ගන්න පුලුවන්. ඒ නිසා බැදපු කෙනෙක්ට වුනත් වයිෆ්ව දරුවන්ව හෝ දෙමව්පියන්ව ගන්න ලේසියි... නමුත් යූකේ, එන්z, ඔසි වල ගිහිපු උන් මාර කට්ටක් කන්නේ පී ආර් ගන්න බැරුව, ඒ ගත්තත් සෙටල් වෙන්න බැරුව, ලංකාවේ අපේ සංස්කෘතිය අනුව අපි ගොඩක් කැමති සෙටල් වෙලා ජීවත් වෙන්න ඒකට හොදම තැන තමා කැනඩා. මොකද හොදම කාලේ අවු 10-12 ගෙවිලා සිටිසන් ගන්නවට වැඩිය මේ ක්‍රමය වාසි දායකයි.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවතින්න තැන් එන යුනි එක අවටින් හොයාගන්න පුළුවන්. මුලින්ම එන කෙනෙක්ට නම් ස්ටුඩන්ට් accomadation යන්න පුළුවන් නම් හොදයි පැත්ත පුරුදු වෙනකන්.
    පාට්ටයිම් හොයාගන්න පුළුවන්. එන පැත්ත මත තමයි ලේසිද අමාරුද කියල තීරණය වෙන්නේ.


    එක එක්කෙනා මත ඩිපෙනඩ් ඒක නම්. මට නම් ලංකාවට වඩා හොදයි.
    ලංකාවට වඩා හොඳ වෙන්නේ කොහොමද බන්? Sir වගේ කට්ටිය මෙහෙ නැහැ රට පෙරටුවට තියල වැඩ කරන. මෙහෙ හෙන හොරු බන් ඉන්නේ, කිසි වැඩක් කරන්නේ නෑ පඩි අරගෙන හොරා කකා ඉන්නවා
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ලංකාවට වඩා හොඳ වෙන්නේ කොහොමද බන්? Sir වගේ කට්ටිය මෙහෙ නැහැ රට පෙරටුවට තියල වැඩ කරන. මෙහෙ හෙන හොරු බන් ඉන්නේ, කිසි වැඩක් කරන්නේ නෑ පඩි අරගෙන හොරා කකා ඉන්නවා
    සිරාද යූකේ බොකද? 🤔🤔🤔
     
    • Like
    Reactions: rarabhagya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවට වඩා හොඳ වෙන්නේ කොහොමද බන්? Sir වගේ කට්ටිය මෙහෙ නැහැ රට පෙරටුවට තියල වැඩ කරන. මෙහෙ හෙන හොරු බන් ඉන්නේ, කිසි වැඩක් කරන්නේ නෑ පඩි අරගෙන හොරා කකා ඉන්නවා
    PoliticalScene-Partygate-BorisJohnson.jpg
     
    • Like
    Reactions: rarabhagya