කාලය මැවූ වෙනසක අරුමේ
=================
සැප්තැම්බර් 21ට කලින් ප්‍රභූ ආරක්ෂාව දැක්කහම
මුන් මේ නාස්ති කරන්නේ අපේ බදු මුදල්..
මුන්ට සැප වාහන..අපි බස් එකේ හිරවෙලා..
VIP වෙන්නේ ඕන Ambulance විතරයි..
සැප්තැම්බර් 21ට පස්සේ ප්‍රභූ ආරක්ෂාව දැක්කහම
දැන් රටේ නායකයොන්ට බස් එකේ යන්න කියලද කියන්නේ ?
අපේ නායකයෝ අපි ආරක්ෂා කර ගන්න ඕන...
මේක ස්විට්සර්ලන්තයවත්, ස්වීඩනයවත් නෙමෙයි..
සැප්තැම්බර් 21ට කලින් මුදල් අච්චු ගැහුවහම
මෙන්න මුන් සල්ලි ප්‍රින්ට් කරනවෝ..
රටේ උද්ධමනය ඉහළ යනවෝ...
මුදල් අච්චු ගහන්න නායකයෝ මොකටද?
සැප්තැම්බර් 21ට පස්සේ මුදල් අච්චු ගැහුවහම
මේක ද්‍රවශීලිතාව කළමනාකරණය කරගැනීමක්..
මෙය මුදල් සැපයුම වෙනස්වීමේ දිගුකාලීන ප්‍රවණතාව..
මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යෑම..
සැප්තැම්බර් 21ට කලින් ණය ගත්තහම
මෙන්න මුං ණය ගන්නවෝ...
බඩේ ඉන්න දරුවත් ලක්ෂ 5ක් ණය කරලා මේ හැතිකරේ..
ණය ගන්න ආණ්ඩුවක් මොකටද ?
සැප්තැම්බර් 21ට පස්සේ ණය ගත්තහම
මේවා රටේ සංවර්ධනයට ගත්තු ඒවා කියලා දැනෙනකොට ගහපු කතිරේ ගැන මාර සතුවක් දැනෙන්නෙ..
=================