Upasakaya's Diary

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    බෞද්ධයෙක් නොවුණු මට බෞද්ධයෙක් වෙන්න මාර්ගය පෙන්වන කළ්‍යාණ මිත්‍රයෙක් මුණගැසුනා. ඔහු බෞද්ධ ක්‍රමවේදයට අනුව මාර්ගඵල ලාභියෙක්. ඔහු මුල සිට මට ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. ඔහු විසින් මා හට කියා දෙන දෑ, මා හට ගෝචර වන මට්ටමට අනුව මෙහි සටහන් කරන්නම් අබෞද්ධ ඔබ සැමගේ ද ප්‍රයෝජනය සඳහා.

    වැරදි තැන් ඇත්නම් නිවැරදි කරත්වා! ස්තූතියි.

     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    1

    "නිවන් මග කියන්නේ ලෝකයේ යම් ධර්මතාවයක් තිබෙනවා නම් ඒ මට්ටමට තමාව සමාන කිරීමයි. රහතන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න දුප්පත්ම මනුස්සයා ඒ වගේම පොහොසත්ම මනුස්සයා.

    දුප්පත්ම කෙනා කියන්නේ කිසිම දෙයක් නැහැනේ උන්වහන්සේ ගාව සම්මුතියෙන්, පෝසත්ම කෙනා කියන්නේ උන්වහන්සේ මේ එළියේ තියෙන රූපයක් දිහාවත් බලලාවත් නිමිත්තක් ගන්නේ නැහැනේ ඇතුලට. උන්වහන්සේට ඇති දැන් බලලා. අපි දුප්පත් නිසානේ අපි තව තව බලන්න යන්නේ. මදිනේ අපට. අපේ තාම හිඟන කම තිබෙනවා. ඒ නිසා තමයි හොය හොය, බල බල යන්නේ.

    ලෝකේ ලොකුම සල්ලි කාරයා බිල් ගේට්ස් තමයි ලෝකේ ඉන්න ලොකුම හිඟන්නා ආර්ය විනයට අනුව. තාම එකතු කරනවා නේ. එකතු කරනවා කියන්නේ දුප්පත් නේ මල්ලි. දුප්පතා කියන්නේ එකතු කරන කෙනානේ. එකතු කරපු එක නවත්තපු කෙනා නවත්වන්නේ ඇයි දැන් එයාට ඇති වෙලානේ. ඉතින් ඒ ඇති කියන්නේ පොහොසත් මල්ලි."
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    2

    නිරුක්තිය ගත්තාම, සත් කියන්නේ සාරවත්, සාරවත් දෙයින් පෝෂණය වීමටයි ආර්ය විනයේ පෝසත් කියන්නේ. දුප්පත් කියන්නේ ආර්ය විනයේ දුකට පත් යන්නයි. හැමවෙලේම දුකට පත් වෙලා ඉන්න කෙනා දුප්පත්.

    සල්ලි කොච්චර තිබ්බත් වැඩක් තියෙනවා ද හැම වෙලේම දුකට පත් වෙනවා නම් ? සැබෑ දුප්පත් කම ඒකයි නමුත් මිනිස්සු හිතනවා ලෝක සම්මතයේ දුප්පත් කම සල්ලි නැති එක කියලා. ලෝක සම්මතයේ පෝසත් කම සල්ලි තියෙන එක. ආර්ය විනයෙ පොහොසත් කම කියන්නේ සාරවත් දෙයින් පෝෂණය වෙන එක.

    ඒකයි බුදු හාමුුදුරුවෝ කියන්නේ සල්ලි කොච්චර තිබ්බත් එයා ප්‍රඥාවෙන් හීන නම් එයා දුප්පත් කියලා. ලෞකික සැප සම්පත් කොච්චර තිබ්බත් එයා ප්‍රඥාවෙන් හීන නම් එයා තමයි ලෝකේ ඉන්න දුප්පත්ම කෙනා.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපේ ජීවිත වල සතුට සමකලේ කුශ්ඨ රෝගියාගෙ කුශ්ඨයට. කසද්දි සතුටක් දැනෙනව. ඒ සතුට තාවකාලිකයි. නමුත් කුශ්ඨයක් නැති මිනිහ තමයි දන්නෙ කුශ්ඨයක් නැතිව සිටීමේ සැපය. අපි උපන්ගෙයි කුශ්ඨරෝගියෝ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පෘතග්ජන මනුශ්යයා හරියට ඉටිපන්දම් එලියට ආශාවෙන් පැනල පිච්චිලා මැරෙන කුඩා සතෙක් වගෙයි. තාවකාලික සතුටින් ලැබෙන විපාකය තේරුම් ගන්නෙ නෑ.
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    :yes:
    අපේ ජීවිත වල සතුට සමකලේ කුශ්ඨ රෝගියාගෙ කුශ්ඨයට. කසද්දි සතුටක් දැනෙනව. ඒ සතුට තාවකාලිකයි. නමුත් කුශ්ඨයක් නැති මිනිහ තමයි දන්නෙ කුශ්ඨයක් නැතිව සිටීමේ සැපය. අපි උපන්ගෙයි කුශ්ඨරෝගියෝ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපි ගතකරන ජීවිතය සමාන කලේ හරියට උඩින් යටින් සහ සතර දිශාවෙන් ගිනි දැල්වූ කාමරයක එහෙ මෙහෙ දුවන මනුශ්යයෙක්ට. අපි හිතනව මේ දේ මට තිබුනොත් සැපයක් කියල අපි ඒ දේ ලබාගන්නව. නමුත් එතන සැපයක් නැහැ. අපි ආයෙ වෙනත් දෙයක් අරමුණු කරගන්නව. හරියට ගිනිගොඩේ දුවන මනුශ්යයා හිතනව කාමරේ අනිත් කෙලවරට දිව්වොත් සැපයක් ලැබෙයි කියල. නමුත් එතනත් සැපයක් නැහැ. ආයෙ අනිත් කොනට දුවන. එතනත් සැපයක් නැහැ. මොකද ඒ මනුශ්යයාට තේරෙන්නෙ නැහැ සැපය තියෙන්නෙ මේ ගිනි ගොඩෙන් එලියට ගියොත් කියල. අපි ගමන් කරන සංසාරයත් අපේ ජීවිතයත් මේ ගිනිගොඩට සමානයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දිගටම දාන්න, වරදක් තිබුනොත් දන්න විදියට නිවැරදි කරන්නම්.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මම ඉඩමක් ගන්නවා, මම ඉඩමක් අරගෙන ඔය ඉඩමේ ගේ හදාගන්නවා, ඔය ඉඩමට එනවා කබරයෙක් මම ඔය කබරයාට ගහලා පන්නනවා කියමුකො, මම කියනවා මට අයිති ඉඩමටනෙ යකෝ මගේ ඉඩමට ආපු නිසානේ එළෙවුවේ කියලා, , මේ ලෝකේ යම් සතෙක් උපන්නා නම් මේ භූමියේ ඒ හැම සතාටම අයිතියක් තියෙනවා, දැන් මමනේ මේ ලෝකේ ඉපදිලා දැන් කොටුවක් හදාගෙන මේ ලෝකේ සාරයි කියලා ජීවිතයක් පවත්වන්න හදන්නේ, එතකොට ලෝක ධර්මතාවට මම වැරදියි. නමුත් මට මම හරි. මේ සම්මුතියට, පැවැත්මට හදපු නීතියට හරි. ඒ දේවල් ඒවාට හරි උනාට ආර්ය විනයට හා ලෝක ධර්මතාවයට වැරදියි.