අවිද්‍යාව
පේන දේ තියනවා කියන එක තමයි ලෝකේ දැක්ම. නමුත් යතාර්ථය නම් තියන දේ පේනවා නෙවෙයි පේන දේ තියනවා නෙවෙයි. දැන් මුවෙක් මිරිඟුව දිහා බලලා දුවන්නේ, මිරිඟුවේ වතුර තියෙනවා කියලා හිතලානේ. නමුත් මනුස්සයෙක් දුවන්නේ නැහැනේ මිරිඟුව දිහා බලලා මිරිඟුවේ වතුර තියෙනවායි කියලා. මිරිඟුව දිහා බලලා දිව්වේ නැති වුණාට මනුස්සයා කරන්නේත් ලෝකේ ජීවත් වෙනවා කියලා මිරිඟුවේ වතුර තියෙනවා කියලා දිවීමක්ම තමයි. පේන දේ තියෙනවා කියලා හිතාගෙන අල්වන්න අත දාන අපි අතරේයි, මිරිඟුව දිහා බලලා වතුර තියෙනවා කියා හිතාගෙන දුවන බල්ලායි දෙන්නාම සමානයි ක්‍රියාවෙන්. අපි හිතනවා බල්ලා මෝඩයි, අරකේ වතුර නැහැනේ කියලා, ඒ කියලා අපි කරන්නේත් ඒකම තමයි ජීවිතේ, පේන දේ තියෙනවා කියලා, මේ අම්මා ඉන්නවායි කියලා, අම්මා අල්ලන්න අත දානවා, මේ කාර් එක තියෙනවායි කියලා, කාර් එක අල්ලන්න අත දානවා, නමුත් කවදාවත් කාර් එක අහු වෙනවා ද ? අහු වෙන්නේ පඨවි ධාතුව.