මස් කඩේට හරකෙක් දක්කන් එනව. හරකව මරල කෑලි වෙන් කරනව. දැන් ඒ හරකගෙ කොටස් ටිකට "හරක" කියල ආමන්ත්‍රනය කරන්නෙ නැහැ. හරක් හම. හරක් ඔලුව. හරක් බඩවැල්. හරක් මස්. මේ විදිහට මරන්න කලින් හිටපු හරක මරල කෑලි කරහම නම් ගොඩකින් ආමන්ත්‍රනය කරනවා. දැන් ඇත්තටම එතන හරකෙක් ඉන්නවද? නැහැ. හරකගෙ කොටස් සියල්ල එකතු කරල එක තැනක තිබ්බට අපි ඒ දිහා බලල අන්න හරකෙක් කියන්නෙ නැහැ.
මේ විදිහටම පුද්ගලයෙක්ට තමුන්ගෙ අත දිහා බලල, මේ ඉන්නෙ මම කියන්න පුලුවන්ද? කකුල දිහා බලල, මේ ඉන්නෙ මම කියන්න පුලුවන්ද? බැහැ. එහෙනම් තමුන්ගෙ රූපය දිහා බලල, මේ ඉන්නෙ මමයි කියන එක රැවටීමක් නේද?
මෙන්න මේ රැවටීම දුරු කරන්න තමයි අසුභානුස්සතිය අපිට කියල දුන්නෙ. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ.. කෙස්, ලොම්, නිය, දත්, සම... අනුපිලිවලින් මෙනෙහි කරන්න.