Van modifications

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.;)
    මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා :sorry::sorry::sorry:
    මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න. :sorry::sorry::sorry:
    මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.:confused::confused:

    පස්ටනේ බන්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.;)
    මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ.:rofl: නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.:rofl: බ්‍රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්‍රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ. :cool::cool:
    දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ.
    කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු. :sorry::sorry::sorry:
    මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න. :sorry::sorry::sorry:
    මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.:confused::confused:
    photo.php
    පිස්සුද උබට ඹක විකුණන එපා මචන් තියාගනින්
    මුලින්ම මචන් ඉස්කොලෙන් ලියුමක් අරගනින් තාක්ෂන විෂයට හදපු විස්තර ටික දාලා උබලා කොහොමද එක කරේ කියලා එහේම ඹප්පු කරන්න පුලුවන් විදියට තව ලියුමක් හදපන් හදලා තියාගනින් පිනා සහතික කරපු එකක් එහේම එ ටික තියාගෙන පැදපන් ON test කියලා බොඩ් කැල්ලක් එල්ලගෙන පොලිස්සියෙන් නැවැත්තුවොත් කියපන් ලබන පාර ප්‍රදර්ෂනේට වැඩි දියුණු කරනවා කියලා අවට පැදපන් වැඩිය දුර යන්න එපා
    RMV එකේ දන්න කෙනෙක් නැද්ද කව්රුත් විස්තරයක් අහගන්න
    රෙජිස්ටර් කරන්න නම් යන්නේ නැතුව පාරේ අරගෙන යන්න බලපත්‍රයක් ගන්න බලපන් රෙජිස්ටර් කරන්න ගියොත් ඹකට උබට තව ගොඩාක් දේවල් කරන්න වෙනවා සිග්නල් බ්‍රේක් ලයිට් කන්නාඩි වගේ දේවල් අතවෂය වෙනවා මචන්
    මම දැනට දන්නේ ඹය ටික එත් මම අනිවාරෙන් හොයලා විස්තරය් උබට කියන්නම් ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මම ලයිට් හයිකරන්න තමා අයියේ ගියේ. ඒත් සල්ලි සහ කාලය මදි වුනා වැඩේට. යන්තම් ස්ටාට් කරලා බැටරිය චාජ් කරගන්න තමා වයරින් එක කලේ.
    අනික ජීප් වල බුල් බාර් නීති විරෝදී රටේ මේ වගේ අමු යකඩ මූණක් එක්ක මේක රෙජිස්ටර් කරලා පාරෙ දුවන්න දෙයිද කියන එකත් ප්‍රශ්නයක්.:confused:
    කොහොමහරි රෙජිස්ටර් කරන්න පුලුවන් නම් තව ටිකක් වියදම් කරලා බොඩි කෑල්ලක් ගහලා වයරින් එකකුත් කරන්න බැරිකමක් නැහැ කොහෙන්හරි සල්ලි ටිකක් එකතු කරලා.
    අනික අයියෙ අපේ ඉස්කෝලෙන් (කියන්න ලැජ්ජයි කොලබ ආනන්දෙ :sorry: ) කිසිම සපෝට් එකක් දුන්නෙ නැහැ මේ වැඩේට. අපේ තව ළමයි වාහන හැදුවා. අපේ ශක්තියෙන් තමා වැඩේ කරගෙන ගියේ. පිනාලගෙන් ලියුම් ගන්න එක නම් nearly impossible :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ උඹ එලකිරි කොල්ලෙක්නේ මල්ලි. මෙන්න මෙහෙමයි කොල්ලෝ වැඩ පෙන්නන්න ඕනේ. මම දැනුයි මේටික දැක්කේ. කීයටවත් ඕක විකුණන්න එපා. :no: කොහොමහරි ගෙදරට කරදර කරලා හරි තියාගන්න. ඕක මුලින්ම හදපු එක, පස්සේ කාලෙක තව 100 ක් හැදුවත් ආයි මුලින්ම එකක් හදන්න බෑ. ලයිෂන් අරං පාරේ දිවීම කෙසේ වෙතත් වත්ත වටේ දුවන්න හරි තියාගන්න. ඉස්කෝලේ තත්වෙ ගැන කියනව නම් කොහෙත් ඔහොම තමයි මල්ලි. ඉස්කෝලේ යන කාලේ මගේ යාලුවෙක් කේබල් කාර් එකක් හැදුවා නිකං නෙවෙයි රිමෝට් එකෙන් වැඩ කරන්න. ඒත් ඌට කිසිම සහයක් ඉස්කෝලෙන් දුන්නෙ නෑ. මේක අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියන වැරැද්ද. ඉතිං කොහොමද නව නිර්මාණ කරණ දක්ෂයෝ මේ රටට බිහිවෙන්නේ.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    බොහොම ස්තූතියි අයියේ :D:D

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැනනම් කතා කරලා වැඩක් නෑ. අධ්‍යාපනේ විතරක් නෙමෙයි ලංකාවෙ ඔක්කොම වැඩ ඒ වගේනේ. අලුතෙන් දෙයක් හදන මිනිහට උදව් කිරීම කෙසේවෙතත් එහෙම කරන මිනිහගේ කකුලෙන් ඇදීම ලංකාවෙ මදි නොකියන්න කෙරෙනවා. දැක්කද ලංකාවෙ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදපු මනුස්සයට වෙලා තියෙන වැඩේ?

    මේ වාහනේ ON TEST හරි Made in Sri Lanka හරි වගේ බෝඩ් එකක් එල්ලුවොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද අයියේ? මම කල්පනා කලේ RMV එකට ලියුමක් වත් ලියල බලන්න මේ ගැන? :confused:
    සමහරවිට් RMV එකෙන් අවසරයක් ගන්න බැරිවෙන එකක් නැහැ.
    අපේ ගෙදර ඈයටත් තේරුම් කරන්න ඕනෙ මේකෙ තියෙන වටිනාකම රුපියල් සත වලින් මනින්න එපා කියලා.:rolleyes:
     
    මමත් මුලින්ම කිව්වේ එකනේ උබ ඹක විකුණන එපා මොනවා කිව්වාත් අනික් උන්ට වටින්නේ නැති උනාට තමන්ගේ මහන්සියෙන් හදපු එක වටින්නේ තමන්ට
    ON test ගහගෙන පැදපන්
    RMV කොල් එකක් දිලා අහලා බලන්න නැත්තම් දවසක ගිහින් එතන විස්තර අහන්න තියෙන තැනක් ඇතිනේ එතනින් අහලා බලන්න තියෙන්නේ බැරි වෙන එකක් නම් නැ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Me wage bulbs ganna thiyena thenak dannawda dekala tiyenawada mehe tiyenawa?
    Eka bulb ekak pichchuna.. eth mehe tiyena Japan ewa denmata original eka wage na..

    IMG_4297.jpg

    Wame tiyenne original eka dakune tiyenne mehen gatta eka.

    IMG_4299.jpg

    IMG_4302.jpg

    IMG_4301.jpg

    Original eke eliya wihidila wage enne.. gini bolayak wage penne na.. lassanata flat widihata eliya wihidenawa.. nikanma sudu pata newe gala tiyenne nam.. :rolleyes:

    bump
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ගෙදර තියෙන දොරවල් සෙට් එකේම බැලුවා මචන් මම අද උදේ ඹය වගේ බල්බ් එකක් නම් හම්බුනේ නැ :frown:
    හැබැයි මචන් මේහේම හිතෙනවා අනික් පැත්තේ බල්බ් එක ගලවලා සුදු පාට තින්ත ටිකක් ගාලා බලන්න ඹරිජිනල් එක වගේ සමහර විට හරියන්න ඉඩ තියෙනවා :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අපේ ගෙදර තියෙන දොරවල් සෙට් එකේම බැලුවා මචන් මම අද උදේ ඹය වගේ බල්බ් එකක් නම් හම්බුනේ නැ :frown:
    හැබැයි මචන් මේහේම හිතෙනවා අනික් පැත්තේ බල්බ් එක ගලවලා සුදු පාට තින්ත ටිකක් ගාලා බලන්න ඹරිජිනල් එක වගේ සමහර විට හරියන්න ඉඩ තියෙනවා :rolleyes:

    ah.. ehemada? mama balannam ko sudu pata paint tikak gala.. eth meke hena ganakamata thiyenawa.. monawada manda..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ah.. ehemada? mama balannam ko sudu pata paint tikak gala.. eth meke hena ganakamata thiyenawa.. monawada manda..
    ටිකක් ගනකමට නම් තමා තුනියට ගාලා බලන්න ‍මොකද තත්වේ කියලා හොදයි වගේ හිතෙනවානම් 2වෙනි කොට් එකත් ගාලා දාන්න
    රිකන්ඩිෂන් බඩු ගේන්න ගියාම මම බලන්නම් තිබුනොත් උස්සන් එන්නම් :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ටිකක් ගනකමට නම් තමා තුනියට ගාලා බලන්න ‍මොකද තත්වේ කියලා හොදයි වගේ හිතෙනවානම් 2වෙනි කොට් එකත් ගාලා දාන්න
    රිකන්ඩිෂන් බඩු ගේන්න ගියාම මම බලන්නම් තිබුනොත් උස්සන් එන්නම් :D

    ela ela mama gala balannam machan.. tibboth kiyapan ko.. mama nam meeta kalin dekala na...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බොහොම ස්තූතියි අයියේ :D:D

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැනනම් කතා කරලා වැඩක් නෑ. අධ්‍යාපනේ විතරක් නෙමෙයි ලංකාවෙ ඔක්කොම වැඩ ඒ වගේනේ. අලුතෙන් දෙයක් හදන මිනිහට උදව් කිරීම කෙසේවෙතත් එහෙම කරන මිනිහගේ කකුලෙන් ඇදීම ලංකාවෙ මදි නොකියන්න කෙරෙනවා. දැක්කද ලංකාවෙ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදපු මනුස්සයට වෙලා තියෙන වැඩේ?

    මේ වාහනේ ON TEST හරි Made in Sri Lanka හරි වගේ බෝඩ් එකක් එල්ලුවොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද අයියේ? මම කල්පනා කලේ RMV එකට ලියුමක් වත් ලියල බලන්න මේ ගැන? :confused:
    සමහරවිට් RMV එකෙන් අවසරයක් ගන්න බැරිවෙන එකක් නැහැ.
    අපේ ගෙදර ඈයටත් තේරුම් කරන්න ඕනෙ මේකෙ තියෙන වටිනාකම රුපියල් සත වලින් මනින්න එපා කියලා.:rolleyes:

    උබව අධය්රමත් කරනවා නෙවේ. ඕක රෙජිස්ටර් කරන්න මේ ආත්මේ මේ සිරිලකේ නම් බැ පුතේ. ඔය වගේ වාහන 10ක් හදන සල්ලි කුට්ටියක් පුජ කරෝත්නම් පුළුවන් වෙයි :dull:

    උබේ හැකියාව සුපිරි. ඔකේ වටිනාකම රුපියල් සත වලින් මනින්න බැ, කරුමෙට එක දන්නේ හදන එකා විතරයි. උබ කොහෙද ඉන්නේ? ගමකද? ඉඩම් කඩම් තියනවද? එහෙනම් ඕකෙන් ප්‍රයෝජනවත් වැඩක් ගනින් දිරන්න දෙන්නේ නැතිව. සිට් එක පිටිපස්සේ බක්කියක් වගේ ගහල අවශ්‍ය වෙලාවට බඩුවක් මුට්ටුවක් ඇදගන්න, තව ට්‍රේලරයක් හදන්න පුළුවන්. පොඩ්ඩක් වැඩි දියුණු කරලා ආතල් ඔෆ් රෝඩ් ෆන් එකක් ගන්න පුළුවන්නේ.:D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Onna Sikkens 2k paints + lacquer wala quality ekata evidance one ayata.. meka me ada wela tiyenne appachchi athin.. ekko eya athin wedila ehema neththam kawruhari waddala..

    IMG_4304.jpg
    යකො කොහොමද හිරුනේ :growl::growl:
    ඹය තියෙන්නේ කිව්වාත් වගේ නියමෙටම දැන් එක තමා මම එවෙලේම කිව්වේ ඹක කඩේ මැන්ගේ ගුන්ඩුවක් කියලා :rolleyes: