washing machine එකක් ගද්දි මේවා හිතල බලන්න.
1.) සතියකට කීපාරක් රෙදි සොදනවද?
2.) කොපමණ රෙදි ප්රමාණයක් තිබේද?
3.) රෙදි සෝදන විට ඒ සඳහා කාලය මිඩංගු කල හැකිද?
4.) අතේ ඇති මුදල කොපමණද?
5.) විදුලි බිල ඉතුරුකිරීමට සිතනවාද?
1 හා 2 අනුව රෙදි සෝදන යන්ත්රයේ ප්රමාණය තීරණය කරන්න (6KG /10KG )
3 වෙනි කරණය අනුව Semi automatic ද Full Auto ද තීරණය කරන්න. කාලය තියනවනං semi එකක් ඇති. රෙදි හේදුනට පස්සේ spin කරන්න වෙනමම දාන්න ඕනේ. full නං ඉතින් ඔක්කොම වෙලා එනවා
4 හා 5 අනුව ගන්න brand එක තීරණය කරන්න. LG Inverter technology එකත් ටිකක් ගණන් එත් හොඳයි , light bill එකටත් ලොකු බරක් නැ. Full auto නං Front loader එකක් ගන්න. මන් අහල තියනවා top loader එකට වඩා හොඳයි කියල.
ලොකු මුදලක් යට නොකර, ලොකු රෙදි ප්රමාණයක් හෝදන්නත් නැත්නං දම්රොත් හොඳයි. අපේ ගෙදර LG semi එකක් දැන් අවුරුදු 10ක් විතර පාවිච්චි කරනවා. කිසි අවුලක් නෑ