යකො, වැඩක් කරද්දි ඒ ජොබ් එකට සාදාරනයක් වෙන්න කරපං බ්‍රො, දෙයයි පනහට කරලා වැඩිකාලයක් දුවන්න බැ, එහෙම උනාම අඩුවෙන් කරන උන් කරන්නෙ වහලා දාලා යන එක,
අන්තිමට උන්ටත් නැ, අමාරුවෙන් හැදිලා තිබ්බ මාකට් එකත් නැ, මහන්සියෙන් සාදාරනව බිස්නස් එකක් කරපු එකාට තමයි ඕකෙන් පාර වදින්නෙ,
හරියට කරන එකෙක්ට බිල්ඩින් රෙන්ට් අඩුම 40,000-75,000 අතරෙ යනවා, එලෙක්ට්‍රකිටි බිල් එක 25,000 ක් වත් එනවා, කම්පැනියට ටැක්ස් 75,000 යි, ETF, EPF, Accounting, Audit වලට ලක්ශයක් යනවා, ඉතින් හරියට කරන එකාට සයිට් එකක් කරන්න බැ 10,000 ට.
උබත් බිස්නස් එකක්නෙ බං කරන්නෙ, උබට ඕක කරන්න Laptop එකක් ඕන, එකට අඩුම ලක්ශයක් යනවා, උබ degree එකක් කරලා තියෙනවා නම් අඩුම ලක්ශ 8-10 අතරෙ වියදම් ගිහින් ඇති, ඉතින් 10,000 ta කරලා අනාගතයක් නැ බං, එහෙම කරන්න ගියාම වෙන්නෙ තමන්ටත් නැ අනුන්ටත් නැති වෙන එක,
WordPress කරනවා නම් අඩුම 35,000 -85,000 කරපන්, ඒ ගානට කැමති නත්නම් තොපිට මොන වෙබ් සයිට් ද කියලා බැනලා වරෙන්, කවද හරි ඌ කැමති වෙයි පස්සෙ කාලෙක, එදාට දැන් ඩොලර් රේට් එක වැඩියි, වැට් එක වැඩ්යි කියලා තව 10 ක් වැඩි කරපං, නැත්නම් ටෙක් බිස්නස් කරන්න බැ බං,
10,000 ට දෙන්න උබට කොස්ට් එක යනවා 15,000 ක් වත්, අමතක කරන්න එපා උබත් ඔකේන් මාසෙකට අඩුම 60,000 ක් වත් ප්‍රොෆිට් ගන්න ඕන කියලා, උබේ ලැප් එකට, කරන්ට් බිලට, උබේ Research වලට ගිය ගාන අඩු කරාම,