මගේ අම්මායි, තාත්තායි දෙන්නම රජයේ සේවකයෝ!
බොහෝ අය හිතන්නේ මම කොළඹ ඉහල පැලෙන්තියෙන් එන අයෙක් කියලා. එක වැරදි මතයක්. මගේ දෙමව්පියෝ රජයේ සේවකයන්. අපිට අඟහිගකම් තිබුනේ නැතත්, මහ ධනයක් තිබුනේ නැහැ. අපේ තාත්තා හැම තිස්සෙම ඉගැන්නුවේ අධ්‍යාපනය තරම් ධනයක් තවත් නැත කියල. මගේ සොහොයුරිය රජයේ වෛද්‍යවරියක්. අම්මා නැතිවෙනකොට අපි පොඩියි. අපේ තාත්තා, අම්මාගේ රාජකාරියත් ඉටු කලා.
අවුරුදු 28 දී මම ඇමරිකාවේ පැරණිතම රජයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලැබුවා. ඒකට වියදම් කරන්න මම තාත්තාගෙන් මුදල් ඉල්ලන්න ගියේ නැහැ. ඉල්ලුවත් ඔහුට දෙන්න එතරම් මූදල් තිබුනේ නැහැ. මගේ මූලික උපාධියෙන් පසුව, පූර්ණ ශිෂ්‍යවත්වයක් හම්බවුනා ආචාර්ය උපාධිය කරන්න. ඉගෙනගන්න ගමන්, සහකාර ගුරුවරයෙක් හැටියට එම විශ්ව විද්‍යාලයේම ඉගැන්නුවා. ඒ විතරක් නෙමේ, මම උගන්වන්න අසා කලා. මම හිතන්නේ මගේ අම්මා ගුරුවරියක් නිසා, හිත ඇතුලේ පැලපදියම්වූ ආසාවක් වෙන්න ඇති.
ඊට පස්සේ අපේ රටේ ප්‍රධාන පෙලේ බැංකුවක ඉහල කළමනාකාරීත්වයේ රැකියාවක් කලා. එතකොට ඉහල කළමනාකාරීත්වයේ හිටපු අයගෙන් වයසින් අඩුම මම. ඒක විශාල අභියෝගයක් වුවත්, මම රැකියාවට ආස කලා. හීනය වුනේ, මගේම ව්‍යාපාරයක් කරන්න. හීනය සැබෑ කරගත්තේ සම නිර්මාර්තුවරයෙක් හැටියට එවකට රටේ තිබුණු විශාලතම සමීක්ෂණ සමාගම බිහි කරලයි. අපි ඒ සමාගම අන්තර්ජාතික සමාගමකට විකුනුවට පසු, ආර්ථික උපදේශකයකු ලෙස රටවල් 20 කට වැඩි ගණනක වැඩ කලා. රටවල් ගණනාවක ආර්ථික සැලසුම් සම්පාදනය කිරීමට සක්‍රියව කටයුතු කලා.
මම පොතේ ගුරෙක් කියලා කියන විවේචකයෝ ඉන්නවා. ඇත්තනම් ඉගෙනගත්තේ නම් පොතෙන්, ඉගැන්නුවෙත් පොතෙන්, හැබැයි දියුණු වෙන්න වැඩ කරේනම් මහන්සිවෙලා, අනික් හැමෝම වගේ. මහන්සියේ ප්‍රථිපල හැමදාම හම්බවුනා. දැන් මහන්සිවෙන්නේ මගේ රටට ආර්ථික නවෝදයක් උදාකරන්නයි. ඒ වෙනුවෙන් කැප වෙනවා.
-FB Page




