මාත් 2019 දි ගත්තා Aqua එකක් සෑහෙන්න කල්පනා කරලා කරලා මේකේ එවුන්ගෙනුත් වතගොත අහලා කරලා පැදලත් බලලා. බජට් එකේ හැටියට යන්න තිබ්බේ වාහන දෙකයි. එක්කෝ Aqua එක, නැත්තම් GP5 එක. දෙකේම උපන්ගෙයි ලෙඩ දෙකට යන වියදම එක ගාණ වගේ තිබ්බේ. GP5 එක සාපේක්ෂව ටිකක් ගණන් වැඩියෙන් තිබ්බේ කම්පැනි මේන්ටේන් ඒවා. ඒ නිසා ටොයෝටා මේන්ටේන් කරපු ඇක්වා එකක් ගත්තා. සුපිරිම කන්ඩිශන් එකෙන් හම්බුනේ. පොර අරන් අවුරුදු 1.5ක් පැදලා තිබ්බට ඉන්ස්පෙක්ශන් එකේදි උස්සලා බැලුවා යට වැදිලා තිබ්බේ නෑ එක පාරක් වත්. පොර ගෙදර මිනිස්සුන්ටවත් කෑම කන්න දීලා නෑ වාහනේ ඇතුලේ තියන්. කොහොම හරි අරන් ටික කාලෙකින් තමා තේරුණේ හයිබ්රිඩ් එකක් ගත්ත එකේ වටිනාකම. මුල් අවුරුද්දේ එච්චර දිව්වේ නැති වුනාට ඊට පස්සේ හිතුවට වඩා වැඩ වලට සෑහෙන්න ගමන් බිමන් යන්න සෙට් වුනා. මේකාලේ වෙද්දි 5000km සති 6 යද්දි පනිනවා. දැන් අවුරුදු 2ක වොරන්ටි එක්ක බැටරි එක ලක්ශ 2.6ට ගන්න තියෙනවා. සෙල් ඩැමේජ් වුනොත් සෙල් රිප්ලේස් කෙරුවැකි බැටරි දාන්න අතේ සල්ලි නැත්තම්. කොට කොට නම් යන්නේ නෑ පුතේ හයියෙන් ගියත් 20+ කරනවා තෙල් කඳු නෙමෙයි නම් තියෙන්නේ. එකෝ මෝඩ් එහෙම අහක් කරාම ගිනි කසයා වගේ විදිනවා 1.5 නිසා එන්ජිම. බජට් එකේ හැටියට නම් හොඳයි. ගොඩක් අය ඕක හෙමින් එලවනවා තෙල් හොඳට කරනවා කියලා. මට නම් 50-70 අතරේ තමා හොඳටම තෙල් කරනවා කියලා තේරුණේ. ඒත් ඉතින් එහෙම යන වෙලාවල් අඩුයි (ගෙදර අය එක්ක වගේ යද්දි තමා) මට නම් තියෙන ලොකුම කොක්ක යට වදිනවා සෙනික බර තියේ නම්. මම වැඩ කරන ෆීල්ඩ් එකේ ටිකක් අමාරුයි එහෙම වුනාම. නමුත් රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑනේ. සස්පෙන්ශන් නම් විට්ස් එකට වඩා හොඳයි හැබැයි, ඇක්සියෝ ඇලියොන් වගේ කම්ෆි නෑ. ටිකක් ස්ටිෆ්. තමන්ගේ අවශ්යයතාව අනුව වාහනේ ගන්න එක තමා හොඳ.



