Windows Nathuwa Wena O**** S***** | Damu Balana Pic Tikak (macos/ubuntu)

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Terminal commands ehem same wage neda yanne

    Mac ubuntu

    :yes:

    Terminal commands wenas wenna puluwan use karana shell eka wenas nam. lagadi ena version eke zsh default shell eka kiyala kiyanne. danata nam bash thiyenne. system API godak eka wage.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    :yes:

    Terminal commands wenas wenna puluwan use karana shell eka wenas nam. lagadi ena version eke zsh default shell eka kiyala kiyanne. danata nam bash thiyenne. system API godak eka wage.

    Me kiyala tyanne ubuntu ganada mac ganada ban
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ubuntu 17.10

    Internet balanna, Sinduwak ahanna, Film ekak balana wage simple day to day wada karaganna hodatama athi. Danata awurudu 3kata kalin indan use karanne.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    mata epa wenne multi windows function eka nathi nisa, ban,,, anik eka windows ehata meheta karaddi epa wenawa,, a arnna shape


    anik eka no gaming :/

    Ow ne eunata mac use karana un nam kiyanne mac patta kiyala

    Habai windows wala wage newe hamadema salli deela ganna wena seen ekak tyanne ne

    Crack dannath bane
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Xfce desktop environment එකට තමයි මම නම් ආසම. ඉතින් මම කැමතිම Xubuntu සහ Debian with Xfce! :love::love:

    kZbwf84.png


    CPGWkVg.png


    rRpdBFt.png


    jw4hcvi.png
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Windows, Mac OS, Linux

    මේ තුනම පාවිච්චි කරල තියෙනව. තුනටම විශේෂිත හැකියාවන් තියෙනව. ලංකාවෙ නිසා පැහැදිලිව කියන්න ඕනෙ... වැඩි කාලයක් පාවිච්චි කලේ Windows OS එක.

    Windows 3.1 වල ඉඳන් ආපු පිළිවෙලින්... 10 දක්වාම පාවිච්චි කරල තියෙනව. හැබැයි ඒ සම්පූර්ණ ගමන ඇතුලෙ නොසෑහෙන්න ප්‍රශ්න නම් තිබුණ.

    Windows පාවිච්චි කරද්දි තියෙන ලොකුම මල වදේ තමයි වයිරස්. අනික හරි ලේසියෙන් කඩා බිඳින්න පුළුවන්කම තිබුණ එකක්. ටික ටික ඒව හැදුණට තාම 10 වල වුනත් වෛරස් ප්‍රශ්න සෑහෙන්න තියෙනව. මේ බොහොම පුංචි වෛරස්. බරපතල ඒවා නෙමෙයි. ඒත් ඒවා ආවම ඉතිං අන්තිමට OS එක ආයෙම දාන්න වෙන තැනට එනව කරදරේ බැරිම තැන. හොඳ අවදානෙන් හිටියොත් වෛරස් ගාඩ් නැතුව උනත් ‍කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.


    මම උපරිම ට්‍රයි කරල windows 7 පාවිච්චි කරල තියෙනව අවුරුදු 3 කට කිට්ටු වෙන්න නැවත Install නොකර. හැබැයි ඊට පස්සෙ එනව තව වදයක්. ඒ තමයි slow වෙන එක. පුළුවන් තරම් temporary clean කරල, de-fragment කරල scan කරල දැම්මත් වෙච්ච slow එක නම් හදන්න බෑ ආයෙ මුල් තත්වෙට. අලුතින් ම දාන එක තමයි කරන්න තියෙන හොඳම පිළියම. මොකද කාලෙ ඉතුරුයි තියෙන එක හද හද ඉන්නවට වඩා. (මේ කියන්නෙ windows හරහා වැඩ ගොඩක් කරන කෙනෙක් විදිහට. ඉඳල හිටල on කරල film එකක් බලල, word, excel වැඩක් කරල off කරන අයට මේ ප්‍රශ්නෙ නෑ)


    Windows වල වාසිම දේ තමයි ඉතිං ගොඩක් software & Hardware ඒකට compatible වෙන එක. ඒ වගේම Games වලට කැමති අයට හොඳම තේරීම windows තමයි.


    මම Windows වලට පස්සෙ ටික ටික පාවිච්චි කලා Linux. මුලදි පට්ටම සංකීර්ණ OS එකක්. මොකද එකම හේතුව Windows OS එකට කොටු වීම. Linux වල terminal commands එහෙම ඉස්සර Dos commands වලට වඩා සංකීර්ණයි. නමුත් ඒක පාවිච්චි කරන එක වෙනම ආතල් එකක්. කොහොමත් Linux පාවිච්චි උනේ හිමින් හිමින් experimental level විතරයි. ඒකෙන් ප්‍රයෝජනවත් වැඩක් ගන්න පුලුවන් උනේ නෑ සෑහෙන කාලයක් යනකම්. Ubuntu කියල එකක් තිබ්බෙත් නෑ. පස්සෙ පස්සෙ එක එක desktop manager system ආව linux වලට.


    Mac OS එක Linux ටිකක් දැනගන්නකොට පාව්චිචි කරන්න ලැබුන. පටන් ගත්තෙ MacOS X 10.6 නැත්නම් Snow Leopard version එකේ ඉඳන් (iMac Aluminium Body 20inch). ඉස්සර MacOS X කියල තමයි ආවෙ මේ මෑතක් වෙනකම්ම.


    කොච්චර Windows වල වැඩ කරල තිබුණත් MacOS එකේ විශේෂත්වයක් තේරුණා. ඒක පැහැදිලිව කියන්න ඕනෙ. මොකද Windows වලට වඩා Mac OS පාවිච්චි කරද්දි නිකම්ම නිකම් computer එකක් පාවිච්චි කරනවට වඩා computer එක feel වෙන ගතියක් තිබුණ. කෙටියෙන් කිව්‍වොත්... windows කෘතිම යාන්ත්‍රික ගතිය වැඩියි. Mac OS සුමට සැහැල්ලු ගතිය වැඩියි. මම හිතන්නෙ ඒකට පාවිච්චි කරල තියෙන ආකර්ෂණීය පාට ගැලපීම, Fonts වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම Windows වලට වඩා සෑහෙන්න පිළිවෙලයි වගේ තමයි තේරුණේ. Steps කීපයකින් ඕනෙ වැඩ කරන්න පුළුවන්කම තිබුණ. Multi Desktop Support එක. Multitasking, Gestures, Memory Management වගේ දේවල් සෑහෙන ප්‍රයෝජනවත් වුනා.


    ඊට අමතරව විශේෂයෙන් ම කියෙන්න ඕනෙ Adobe Software පාව්චිචි කරද්දි මට නම් Windows වලට වඩා සෑහෙන්න පහසුවක් තිබුණ Mac OS එකේදි. ඇත්තටම Windows වලට වඩා mac වල වැඩ කරන්න පහසුවක් තිබුණෙ. Software පාවිච්චි කරද්දි හැම අතින්ම පහසුයි. Graphics Design වැඩ පහසුයි. Video Editing එහෙම ඉතාම හොඳයි. (Dual Core තියෙද්දිත් performance හොඳ තත්වයේ තිබුණ.) Windows එන්න එන්න slow වෙලා වැඩ කරන්න පට්ට කාලයක් ගන්නකොට, කිසිම Upgrade එකක් නොකර MacOS එක අවුරුදු 4 කට කිට්ටු කාලයක් එක දිගට පාවිච්චි කලා කිසිම slow එකක් ආවෙ නැහැ. ඒ වගේම වෛරස් ප්‍රශ්න මුකුත් ම තිබුණෙ නැහැ. ඒ නිසාම MacOS වැඩියෙන් පාවිච්චි කරන්න නිකම්ම යොමු වුනා.


    පහුවෙද්දි Linux එන්න එන්න දියුණු වෙලා Server වලට එහෙම ආවම ආයෙම Linux වල වැඩ ප්‍රයෝජනවත් උනා. හැබැයි Windows, Mac තරම් එදිනෙදා වැඩවලට කියල පාවිච්චි වුනේ හරි අඩුවෙන්. Ubuntu කියන එක ටිකක් user friendly වෙන්න ගත්ත නිසා ඒක ජනප්‍රිය වෙන්න ගත්ත. හැබැයි Ubuntu එක හැමතිස්සෙම MacOS එකේ තිබ්බ සමහර දේවල් Copy කරපු ගතියක් පැහැදිලිව තිබුණ. ඒවගේම ඒකට ආවේණික අලුත් දේවලුත් තිබුණ.


    නමුත් Server එක්ක නිතර සම්බන්ධ වෙනව නම් Linux තමයි ඉස්සරහින් ඉන්නෙ තාමත්. Windows Server වල වුනත් වැඩ කරල තියෙනව. නමුත් ඒක ටිකක් ඕනවටත් වඩා සංකීර්ණ වෙලා තියෙන්නෙ. Linux Terminal වැඩ ඉතාම පහසුයි පුරුදු වුනාට පස්සෙ.


    Mac එක windows වලට ඉස්සරහින් ඉන්නව මොකද Unix Terminal එක Mac හරහා පාව්චිචි කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව, අමතර software නැතුව. එතනදි Windows පහුවුනා. නමුත් දැන් නම් වෙන වෙන client app තියෙනව windows වලින් Terminal පාවිච්චි කරන්න පුළුවන්... ඒත් Mac තරම් මට හොඳට දැනුනෙ නැහැ. ඉස්සරට වඩා දැන් Mac ගොඩක් දියුණුයි. ඒ වගේම Software ගොඩක් තියෙනව. Mac support Games වුනත් හැදිල තියෙනව. කොටින්ම කිව්ව‍ොත්, windows වලට වඩා Microsoft office word, excel වගේ ඒව mac වල පාවිච්චි කරන්න ලේසියි මට නම්.


    Mac පාවිච්චි කරාම සල්ලිමයි කියන එක 100% ක් ඇත්ත නෙමෙයි. Free software ගොඩක් තියෙනව. Open Source ඒව ගොඩක් තියෙනව. අනික මම Crack version ගොඩක් ට්‍රයි කරලත් තියෙනව... windows වලට වඩා හොඳට වැඩ කරලත් තියෙනව. ඒ වගේම ගෙවල ගන්න ඕනෙ Software ත් තියෙනව ‍ඕනෙ තරම්. තමන්ගේ අවශ්‍යතාවයේ හැටියටයි ඒක තීරණය වෙන්නෙ. කාලෙකට පස්සෙ MacBook එකක් පාවිච්චි කරන්න ගත්ත. Terminal commands හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් නිසාත්, macbook එක පාවිච්චියට පහසු හුරුබුහුටි නිසාත් windows වලට වඩා ඒක වැඩිපුර පාවිච්චි වෙනව. නමුත් windows පාවිච්චියෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. මොකද මමත් Games play කරන නිසා. :rolleyes::rolleyes:


    Games, Software & Hardware compatibility පැත්තෙන් ගත්තොත් Windows තාමත් ඉස්සරහින් ඉන්නව. ඒ නිසා Games ඕනෙ කෙනෙක්ට Windows තමයි.


    ඒ හැර.. කරදරයක් නැතුව වැඩ කරගෙන යන්න MacOS එක ඇත්තටම හොඳයි. Software Development කරනව නම් MacOS එක ගොඩක් පහසුයි Terminal Support තියෙන නිසා. ඒ වගේම Graphics වැඩ වලටත් ලේසියි.


    Tech වැඩ කිඩ දාල, ටිකක් server වැඩ එක්ක ලොකුවට හැප්පෙන කෙනෙක්ට වගේම windows, mac වලට අකමැති කෙනෙක්ට Linux හොඳටම හොඳයි. කිසිම ගෙවීමක් නොකර Free software පාවිච්චි කරල crack කතා license key ප්‍රශ්න නැතුව දිගටම ඉන්නත් පුලුවන්. එහෙම අයත් ගොඩක් ඉන්නව. windows, mac නැතුවා කියල ප්‍රශ්නයක් නෑ. ඉස්සරට වඩා Linux දියුණුයි. ඕන්නම් Virtual machine එකක් දාල windows දාගෙන ඉන්නත් පුලුවන්. අනික Ubuntu වලට වඩා ගොඩක් හොඳ versions දැන් ඇවිල්ල තියෙන්නෙ Linux වලට.


    අවසාන වශයෙන් මට මේ OS තුනේම ප්‍රයෝජන ගන්නව. මම වැඩියෙන් පාවිච්චි කරන්න කැමති MacOS එක.


    හම්මෝ ඇති ටයිප් කෙරුව. හොඳටම වහිනව. එහෙනම් බායි.
     
    Last edited:
    • Like
    Reactions: uajanath and MrFrog