Windscreen එකේ Acid Rain අයින් කරමු + බය නැතුව වැස්සේ යන්

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    අද මන් උබලට කියලා දෙන්නේ 5000 කට එහා යන වැඩක් ගෙදරදී කරගන්නේ කොහොමද කියලා ...

    Acid Rain-

    ටිකක් පරණ වාහනයක් වැස්සේ පැදපු එකක් නම් මේක දන්නවා ඇති..අනික මේක wagon r වලට ඉක්මනටම එන ලෙඩක්.මගේ wagon r 2016 වෙලත් මගේත් තියනවා තව ගොඩක් wagon r වල තියෙනවා මන් දැකලා තියෙනවා.මාත් බර ගානක් දීලා අයින් කළා.එත් ආයේ එනවා ..හැමදාම කඩවලට සල්ලි දෙන්න බැ ගෙදරදී කරගන්න පුළුවන් නම්..

    හරි වැඩේට බහිමු...ගනිල්ලා කඩෙන් brasso පොඩි බෝතලයක්(අර පිත්තල බඩු පොලිෂ් කරන්නේ ගන්නේ කියන්න ඕන එකක් දන්නවා ) 100ක් වත් නැ.කාර් එක හෙවනේ නවත්තලා Windscreen හොදට හොදපල්ලා..හෝදලා වේලෙන්න දෙන්න එපා.එත් එක්කම පොඩි සිනිදු රෙදි කැල්ලක් අරන් එකට brasso චුට්ට චුට්ට අරන් රවුමට Windscreen කොනක ඉදන් අතුල්ලන්න.බර දාලා අතුල්ලන්න එපා.මුළු Windscreen එකේම අතුල්ලලා වැඩේ ඉවර වෙලා වතුර ගහලා හොදට හෝදන්න.ඊට පස්සේ කාර් වොෂ් එකක් අරන් Windscreen එකයි wiper blade දෙකයි හොදට හෝදන්න...හොදට බලපල්ලා Rain Acid අයින් වෙනවා පේනවා ..හොදට බල බල මදින්න ... දැන් Acid Rain අයින් කළා ....



    rain-x-original-glass-water-repellent-103ml-7627-1121307-1_1024x1024.jpg


    පොඩි ෆොටෝ එකක් හම්බඋනේ නැ බන් ..


    RainX -

    මේක පට්ට බාන්ඩයක්..මේකෙන් කරන්නේ අර නෙලුම් කොලේට වතුර වතුනම විසික් කරනවා වගේ Windscreen එකේ වතුර අයින් කරනවා...ලංකාවේ ගන්න තැන අඩුයි..බොහොම අමාරුවෙන් මේක හොයාගත්තේ. Distributor කෙනෙක් ඉන්නවා උන් wholesale විකුනන්නේ.ලංකාවේ Online store වල තිබ්බා එත් උණු කැවුම් වගේ ඉවර වෙනවා ...අන්තිමට laugfs car care (රාජගිරියේ ) එකේ තිබලා අරගත්තා 1830/= එක බෝතලයක් අවුරුදු 2ට වඩා වගේ පාවිච්චි කරනන පුළුවන්.

    හරි වැඩේ පටන් ගමු.කාර් එක හෙවනේ නවත්තලා Windscreen හොදට හොදපල්ලා..හෝදලා ටිෂු වලින් Windscreen හොදට පිහි දාන්න වතුර නැතිවෙලා හොදට වේලෙනකන්.ඊට පස්සේ පොඩි සිනිදු රෙදි කැල්ලක් අරන් එකට RainX චුට්ට චුට්ට අරන් රවුමට Windscreen කොනක ඉදන් අතුල්ලන්න.වෙලෙනකොට පොඩි මීදුමක් වගේ එයි 5min යන්න ඉස්සෙල්ල ඕක වේලෙනවා.එකත් ටිෂු වලින් හොදට පිහිදන්න Windscreen එක shine වෙනකන්..ඔන්න පුතී වැඩේ ඉවරයි ...දැන් Windscreen එකට වතුර එකක් ගහලා බලපල්ලකො එන ආතල් එක කොහොමද කියලා...වැඩියෙන් ආතල් ඕනේ නම් වැස්සක පලයල්ලා .කාර් එක හෙදුවට ඕක යන්නේ නැ අනිවා මාස් 3ක් හොදටම වැඩ...එකේ effect එක නැති වෙනකොට ආයේ ගාන්න...ඔය RainX ගාන්න 300 ඉදන් 1000 වෙනකන් service center වලින් ගන්නවා..එකත් ඕක මොකක්ද කියන්න කැවුරුත් කියන්නේ නැ..1800 දීලා ගත්තට පාඩු නැ.ඔකේ වටිනා කම තියෙන්නේ වහින දවස්වල..

    මේ තියෙන්නේ මගේ wagon r එකට ඔය දෙකම කලාට පස්සෙයි ඉස්සෙල්ලයි තත්වේ ..



    ඔන් මන් ගියා සැලකුවට අමනාපයක් නැ (Product promotion එකක් නොවන බව කරුණාවෙන් සලකන්න )





    math oya wageema ekak gaththa Arpico supercenter ekee thibila, habai awurudu ganakata kalin.

    eeke thiyana widihata, ekaparak rawumata gaala, meeduma badunata masse, aye ganna one habai mee para ganne rawumata anthi paththata, ehema karala aye wathura allalla, paththara koleekin hodata wawumata piha danna thiyenne.

    ee gaththa eka nam masa 4-5 thiyenawa, ee kale gaththe Rs 600 witara, clear bottle ekaka enne, blue pata lable ekakuth ekka. maru bande..