Word Document එකක පටුන auto හදා ගනිමු

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Word Document එකක පටුන auto හදා ගනිමු

    පහුගිය දවස් වල අපි document එකක් ලිව්වනෙ. ඉතින් වැඩේ ඉවර වෙලා බාර දීලා එහෙම කට්ටිය ආ ගිය දේවල් කතා කරන කොට කීපදෙනෙක්ම කියපු දෙයක් තමා "document ලිවිල්ලත් හරි පටුන හදන එක තමා එපාම කරපු වැඩේ" කියන එක. ඔව් ඉටිහ්න් ඕක හදාගෙන හදාගෙන ගිහිල්ලා පස්සෙ අන්තිමට මොකක් හරි කොටසක් doc එකේ වෙනස් කරලා පිටු අංක වෙනස් උනොත් ආයෙ මුල ඉඳන් පටුන edit කරන්න එපැයි!

    එහෙම ඕනෙ නෑ. MS Word වල Table of Contents (ToC) auto generate කරන්න පුලුවන්. ගොඩක් අය ඒ ගැන දන්නෙ නැති බව පෙනුන නිසා මේක ලියන්ඩ හිතුනා.


    සාමාන්‍යෙන් අපි පටුනට දාන්නෙ මාතෘකා නෙ. topics, sub topics, sub වලත් sub topics ආදී වශයෙන් තියෙන මාතෘකා අදාල විදියට පටුනට දානවා. Word වල මේවට කියන්නෙ Headings කියලා. එව්වා ලැයිස්තුවක්ම තියෙනවා Home ribbon එක යටතෙ, මේ වගේ..

    1.PNG


    පටුන හදන්න ඕනෙ ලිපියෙ මාතෘකා මේ headings වලින් තියෙන්න ඕනෙ. (මාතෘකාව උඩ cursor එක තියලා ඔය තීරුවෙන් අදාල heading එක තේරුවම එහෙම වෙනවා)
    එහෙම හදා ගත්තම පැත්තෙන් මෙහෙම tree navigation එකක් පෙන්නනවා (සැ.යු: MS Office 2010 පමණි)

    2.PNG


    Headings ටික සෙට් කර ගත්තට පස්සෙ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ:
    පටුන එන්න ඕනෙ තැන cursor එක තියන්න, References ribbon එකට යන්න, දකුණු අත පැත්තෙ කොනේ ම තියෙන Table of Contents එකේ තියෙන පොඩි ඊ හිස click කරන්න..

    3.PNG


    පහලට වැටෙයි පටුනෙ සාම්පල් වගයක්. කැමති එකක් බලලා click කරන්ට. දැන් අර මුලින් cursor එක තිබ්බ තැනින් පටන් ගෙන පහළට පටුන හැදිලා තියෙයි. :)


    ප.ලි: මේ විදියට ම ලිපියෙ තියෙන රූප වල පටුනත් (Table of Figures) හදා ගන්න පුලුවන්. ඒකට රූප නම් කරනකොට රූපෙ උඩ right-click කරලා add caption.. වලින් එව්වා නම් කරලා තියෙන්න ඕනෙ figures හැටියට.
    ඊට පස්සෙ References ribbon එකේ Insert Table of Figures click කරලා වෙනස්කම් නැත්තම් OK කරන්න

    4.PNG


    වැඩේ හරි නේ?


    ලිපියෙ වනස්කම් කලොත් references යටතෙම තියෙන අදාල Update Table link එක click කරන්න. එච්චරයි! ආයෙ මුල ඉඳන් එකින් එක වෙනස් කරන්න ඕනෙ නෑ :)


    සිංහලෙන් කිව්වට වදින්නෙ නැත්තම් මේකෙ බලන්නකො:
    Create a table of contents or update a table of contents (Word 2010)​
     
    • Like
    Reactions: nadimal

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    niyama wadakata ne athagahala thiyenne.
    godak aya mewa danne na computer use karata
    elaaa

    හ්ම්ම්.. MS Word කියන්නෙ නිකන් ලියුමක් ලියා ගන්න විතරක් තියෙන දෙයක් නෙවි. ඒකෙ වැඩ කෑලි ගොඩක් තියෙනව. අපි දන්නෙ බොහොම ටිකයි :yes: