yeppi yeppi.. ow ow.. umbath e team ekeda ?
koi ekada ube bike eka bng?
yeppi yeppi.. ow ow.. umbath e team ekeda ?
e team ekanm na ban. chankaya issara cinec road ekata set una ape set ekath ekka.
machala kiyapan hoda yamaha bike ekak wadata ehema yana porakata


Machanla ma gawa thiyenne yamaha fazer ekak. Tyre eka nam hulan bahinawa pitipasse nitharama,(aduwenawa) chain eke nam podi aulak thiyenawa poddak. Saddei chain eken. Mata danaganna oni barida seat eka wenas karala tikak comfortable karaganna seat eka. Dura yaddi passa ridenawa ban. Piti passe yana ekata epama wenawa. Nadda wisadumak mekata.
සීට් එක නම් කුෂන් කරල හදන්න පුලුවන් බං. හැබැයි වැඩිය කුෂන් කරන්න එපා. එතකොට නිකං මොකක්ද වගේ.
chain එක කි.මී.500 සුද්ද කරලා chain ගී%ස් එකක් දාපන්. OLON කියලා එකක් තියනවා. 700/- එක දාපන් chain එකට.
machan uba FZ ne padinne ? dapan thread ekak machan ubath. anik thread eke FZ eka gana godak awul dewal thiyenne.. uba godak kal oka use karana hinda leda enne nathiwa hariyata use karanna ube experience dapan








මේ දෙවල් වලින් කොල්ලෙක් දෙයක් ඉගෙන ගන්නවනම් මට ඒක සතුටක්..ela ela mamath 2yrs padda FZ ekak oya kiyana leda ekakwath awe na.hodata thibba bike eka.e wagema hodata maintanin kara.dannam japan amaruwa thiyana nisa Honda Jade ekak gaththa.


හරි අද කියලා දෙන්න යන්නේ fz, fz-s, fazer වල carb එක tune කරන විදිහ. බොරු කියන්න ඕන නෑ මම උදේට ගෙදර ඉදන් ඔෆිස් එකට කි.මී. 4 බයික් එක පදිනවා. බයික් එක නවත්තලා carb එක බැලුවාම වතුර බින්දු බේරෙන තරමට carb එක ටියුන් කරලා තියෙන්නේ..
ගොඩක් සර්විස් වල ඒවුන් carb එක ටියුන් කරන්න ගිහින් වැඩේ අනා ගන්නවා. ඊට පස්සේ ඉතින් සොරිම තමයි. තව සමහර අය carb එකට අත තියන්නත් බයයි.
හරි සර්විස් සෙන්ටර් එකකට carb එක ටියුන් කරන්න දුන්නා කියමුකෝ. උන් කරන්නේ අයිඩ්ල් එක 3000 ආර්.පී.ම්. වලට වැඩි කරලා ෆියුල් නට් එක clockwise කරකවනවා බයික් එක නවතින්න ඔන්න මෙන්න එන ගානට වෙනකම්. ඊට පස්සේ ආයිත් අනිත් පැත්තට (anti-clockwise) කරකවනවා engine එක රේස් වෙන එක එක ගානකට එනකම්ම. ( ඕක තමයි කෙටියෙන්ම carb එක ටියුන් කරන විදිහ )
ඔහොම කරාට පස්සේ වැඩේ අල වුනා කියමුකෝ. දැන් කොහොමද මුල් තත්වෙට ඕක ගන්නේ ? undo තිබුනනම් කියලා හිතෙන්නේ ඔය වෙලාවට තමයි..
හරි එහෙනම් දැන් කියලා දෙන්නම් ඒක undo කරගන්න විදිහ.
**( මේක කරන්න කලින් AIR FILTER එක එහෙම සුද්ද කරලා තියනවනම් ගොඩක් හොදයි)
1. මුලින්ම බයික් එක විනාඩි 10 ක විතර රවුමක් දාලා එන්න ඕන.
2. ඊලගට හරි ඇනේ හොයාගන්න ඕන.(මේ තියෙන්නේ ඇණේ)
![]()
3. දැන් හොදට අහගනිල්ලා කියන දේ. මේ විදිහ උඔලට ශුවර් නැත්නම් ඇනේ කරකවන වට ගාන කොලේක ලියලා තියාගන්න. එතකොට ආයිත් සර්විස් එකෙන් කරපු සෙටින් වලට ගන්න පුලුවන්...
4. බයික් එක neutral කරලා ස්ටාට් එකේ තියන්න.
5. ඊළගට PETROL ඇණේ clockwise කරකවන්න තද වෙනකම්ම. (තද වෙනකම්ම කියන්නේ උඔලගේ ශක්තිය ඇනේට පෙන්නන්න කියන එක නෙමෙයි. යාන්තං තද වෙද්දි නවත්තපල්ලා)
6. දැන් බයික් එක නවතිනවා.
7. ඊළගට PETROL ඇණේ anti-clockwise කරකවන්න ඕන හරියටම වට 3 යි තව භාගයයි. (3 1/2 )
** ( අංශක 360 වට 3යි, අංශක 180 වට 1)
8. ඕක තමයි default settings carb එකේ.
9. එතන ඉදලා කැමතිනම් තව වට 1/2 ( එතකොට මුලු වට ගාන 4 යි) එමහම නැතිනම් මුලු වට ගාන වට 4.25 ( හතරයි කාලක් ) වෙනකම් කැරකෙව්වට අවුලක් වෙන්නේ නෑ.
** හැමවෙලාවෙම idle 1500 rpm තියන්න.අඩු කරන්න එපා. මමත් කලින් ඕක අඩු කරලා තිබුනේ. ඒත් ආයිත් 1500 ටම හැදුවා.
ඔහොම කරලා බලන්න. කර්බ් එක ෆිජ් එකේ දැම්මා වගේ කූල් වෙනවා.
ඕක හොයාගන්න මම මාස ගානක් කට්ට කෑවා. අන්තිමට කොහොම හරි හොයා ගත්තා. උඹලත් ඕවා අනිත් අයට හරියට කියලා දීපල්ලා.මේ දෙවල් වලින් කොල්ලෙක් දෙයක් ඉගෙන ගන්නවනම් මට ඒක සතුටක්..
