මචංලා. මීට මාස කිහිපයකට කලින් මගේ වයිෆ් වෙනුවෙන් Youtube Chennel එකක් හැදුවා. ඒක Sports news සම්බන්ධ චැනල් එකක් . මම Cricket commentator කෙනෙක් විදිහට කාලයක් තිස්සේ වැඩ කරනවා, ඒත් වයිෆ් ඒ ෆීල්ඩ් එකෙන් යූ ටියුබ් චැනල් එකක් පටන්ගන්න ආස නිසා මම එයාට ඒ වැඩේ කරන්න ඉඩදීලා ස්ක්රිපට්, වීඩියෝග්රැෆි, එඩිටින් සේරම කරලා දෙනවා. චැනල් එක පටන් අරන් මාස 6ක් විතර. අපි වෙන කොහේවත් ප්රමෝට් කරලා එහෙම නෑ. දැනට Subscribers ලා 490ක් විතර තමයි ඉන්නේ. මට එළකිරි එකේ ඉන්න Youtube Experts ලගෙන් උපදෙස් ටිකක් ඕන චැනල් එක ගොඩදාගන්න. අපි දෙන්නම ඒ වෙනුවෙන් මහන්සිවෙනවා දිගටම. මචංලා, මෙන්න චැනල් එකේ ලින්ක් එක https://www.youtube.com/channel/UC0me2lFFIQQ1ALKah5kYD2Q බලලා අඩුපාඩු, දියුණු වෙන්න ඕන තැන්, වෙනස් කරගන්න ඕන තැන් සම්බන්ධයෙන් උපදෙස් ටිකක් දෙන්න පුළුවන්නම් සෑහෙන්න වටින උදව්වක්.

