Java ඉගෙන ගන්න කලින් මේ ටිකත් දැනගෙන ඉදිමු.
මොකද Java වල වැඩ කරන්න මේ ටිකත් ඕනි වෙනවා.
JDK - (Java Development Kit)
අපි Java Install කරනවා කියල Install කරන්නෙ මේක තමයි. මේ JDK කියන කොටසෙ ජ්තමයි අපිට Java වල වැඩ කරන්න ඕනි කරන Tools ඔක්කොම තියෙන්නෙ.
උදා :- java , javac , javadoc , compiler , debugger , ....... & JRE
JRE - (Java Runtime Environment)
අපි Java වලින් ලියන program එකක් run වෙන්නෙ මේ කියන Runtime Environment එකේදි තමයි. මේක අතුලෙ Java program එකක් ලියන්න ඕන කරන tools මුකුත් නැහැ. මේකෙ තියෙන්නෙ Java program එකක් run වෙන්න ඕනි කරන දේවල් විතරයි.
උදා : - JVM , class Libraries සහ අනෙකුත් උවමනා කරන files
JVM - (Java Virtual Machine)
JVM කියන්නෙ JDK සහ JRE කියන දෙකටම අයිති දෙයක්. අපි Java code එකක් ලියලා එක් javac කියන එක හරහා compile කලාම අපිට byte code කියල කොටසක් ලැබෙනවා. අපි ලියන Java program එක lines 1000ක් විතර උනත් මේ byte code කියන එක 3KB - 4KB ට වඩා වැඩි වෙන්නෙ නැහැ. මේ byte code එකේ තියෙන්නෙ binary instructions.
අපිට පුලුවන් Windows වලදි Java program එකක් compile කරලා, ඒකෙන් ලැබෙන byte code එක Unix OS එකක් ඇතුලෙ run කරන්න. ඒ වගේම Unix OS එකක compile කරලා හදාගත්ත bite code එකක් Windows වලදිත් run කරන්න පුලුවන්. අපිට Java වල තියෙන ලොකු ප්රයෝජනයක් තමයි ඒක.
ඒත් එහෙම Run කරන්න නිකන් බැහැ. එකට වෙනම ක්රමයක් තියෙනවා. ඒකට තමයි මේ Java Virtual Machine එක ඉන්නෙ. අපේ ලඟ තියෙන byte code එක මේ කියන JVM එක ඇතුලෙ ඉන්න Interpreter කියන කෙනා හරහා Machine code එකට හරව ගන්න පුලුවන්.
** අපි byte code එක ඕනම OS එකක හදාගෙන වෙනත් OS එකක run කරන්න පුලුවන් උනාට byte code එක interpret කරල ලැබෙන Machine code එක එහෙම කරන්න බැහැ. Windows වලදි හදාගත්ත Machine code එකක් run වෙන්නෙ Windows වලදි විතරයි. ඒ වගේම Unix වලදි හදාගත්ත Machine code එකක් run වෙන්නෙ Unix වල විතරමයි.