How to Select a Good Hosting Plan

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචන්ලා
    මම මෙච්චර කල් වෙබ් සයිට් එකක් හොස්ට් කරන හැටි කියලා ත්රෙඩ් දැම්මා.(ඉස්සරහටත් දානවා).
    ඉතින් ඔයාලට හොද හොස්ටින් පැකේජ් එකක් තෝරගන්න නිසි අවබෝධයක් දෙන්න කියලා හිතාගෙන නමයි මේ ත්රෙඩ් එක දැම්මේ.
    මේ ත්රෙඩ් එක ගැන අදහස ඉදිරිපත් කරේ tigooo සහෝදරයා.

    ඉතින් යාලුවනේ මේ පහලින් තියෙන්නේ hosting provider ස්ලා හොස්ටින් පැකේජ් සමග ලබාදෙන features ලිස්ට් එකක්.මේකෙන් එයාලගේ හොස්ටින් පැකේජ් සමග සැසදීමක් කරන්නත් පුඑවන්.

    vgs96g.jpg


    හැමෝම දන්න දේවල් ගැන නම් (මිල වගේ දේවල් ගැන නම් මම විස්තර කරන්නේ නෑ)

    Taffic - වෙබ් සයිට් එකට යූසර්ස් ලා එද්දී සහ files ඩවුන්ලෝඩ් කරගද්දී ඇති වන තදබදයයි.
    මේක තීරණය වෙන්නේ ඔයාලගේ වෙබ් අඩවියේ වර්ගය අනුවයි. එලකිරි එක වගේ යූසර්ස්ලා ගොඩක් ලොග් වෙන සයිට් එකකට ගොඩක් ලොකු Taffic එකක් වුවමනා වෙනවා. නමුත් කොම්පැනියකට වගේ සයිට් එකකට යූසර්ස්ලා වැඩිය එන්නෙ නැති නිසා 1 GB හොදටම ඇති.

    99.5% Uptime - ඔයාලගේ වෙබ් සයිට් එක හොස්ට් කරන සර්වර් එක 99.5%ක් ම ඔන් එකේ තියනවා කියලා තමයි මේකෙන් කියන්නේ.

    Domains hosted - ඔයාලා ගන්න ඩොමේන් නේම් එකත් ඇතුඑව හොස්ට් කරන්න පුලුවන් ඩොමේන් සංඛ්යාdවයි.

    Sub-domains - හදන්න පුලුවන් සබ් ඩොමේන් සංඛ්යාොවයි. (සබ් ඩොමේන් එකක් කියන්නේ මේ වගේ එකකට my.elakiri.com)

    Custom MX and A records - මේකෙන් කියන්නේ ඔයාලට කැමති විදියට ඊමේල් සර්වර්ස් වෙනස් කරන්න නිදහස තියනවද කියලයි(මම කිව්වෙ ගොඩක් සරල විදිහටයි)

    POP3 e-mail accounts - හදන්න පුලුවන් ඊමේල් accounts සංඛ්යා වයි.

    E-mail aliases - සමා වෙයන් යාලුවනේ.මමත් මේක දන්නෙ නෑ

    Mailing lists - Mailing list එකකින් කරන්නේ එක පාර එක ඊමේල් එකක් ඊමේල් ඇඩ්රස් ගොඩකට යවන එකයි.

    SPAM filter - SPAM එවන ඒවා මග හරින පහසුකමකි

    E-mail filter - වයිරස් සහිත ඊමේල් මගහරින/දැනුම් දෙන පහසුකමකි

    SMTP server/POP3 server - මේ දෙක වැදගත් වෙන්නේ ඊමේල් පහසුකම සදහායි.මේක හැම හොස්ටින් පැකේජ් එකක් සමගම ලබා දෙනවා.

    Autoresponder e-mails - මේකෙන් වෙන්නේ ඔයාලගේ ඊමේල් ලිපිනයට කවුරැහරි ඊමේල් එකක් එව්වොත් එයාලට ස්වයංක්රීගයවම ඊමේල් එකක් යන එකයි.

    Catch-all e-mails - ඊමේල් ලිපින සමූහයක ඊමේල් සියල්ල එකම ඊමේල් ලිපිනයකට යොමු කිරීමට ඇති හැකියාවයි

    MySQL databases - සයිට් එකට ඇතුල් කරන්න පුලුවන් උපරිම MySQL database ගණන

    phpMyAdmin - MySQL database පාලනය කරන මෙවලමකි.

    Perl & PHP - මේවා වෙබ් development languages

    Advanced Control Panel - මේ කියන්නේ cPanel එක ගැන

    FTP accounts - මේ FTP accounts වලින් කරන්නේ අපේ files, web server එකට software එකක් භාවිතයෙන් (ඉතා පහසුවෙන්) upload කරන එකයි.

    Custom ERROR 404 page - මේකෙන් කියන්නේ අපේ සයිට් එකේ නැති path එකක් කවුරු enter කරොත් එන page එක (උදා http://www.google.lk/nofile ) edit කරන්න පුලුවන්ද කියන එකයි.

    Site Statistics - මේක යටතේ තියන හැම එකකම තියෙන්නේ සයිටි එකට ලොග් වුන අයගේ විස්තර ගන්න යොදා ගන්න දේවල්

    --------------------------------------------------------------------------
    ඉතින් යාලුවනේ වැරැද්දක් තියනවනම් කියන්න.
    තව දැනගන්න දෙයක් තියනව නම් මෙතන දාන්න.මම කියලා දෙන්නම්.

    --------------------------------------------------------------------------
    කැමතිනම් අරකක් දීලා යන්න;););)
     
    Last edited:

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    niyamai machan me gana danuwath kalata...puluwannam blog ekak free hosting ekakata daana hati kiyala denna itha saralawa...

    puluwannam post eka dammata pase pom karanna..

    ++