මට ප්‍රශ්ණයක් තියෙනවා මේක ගැන මම ගොඩක් කාලයක ඉදලා කල්පනා කරන්නේ නමුත් මම අදහසක් නෑ
තවම. මම අහලා තියෙනවා බුදු කෙනෙකු ලෝකයට පහළවෙන්න කලින් සාරස
කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා කියලා. ඉතින් ඒක බොහෝම දීර්ග කාලයක් කියලයි මම අහලා තියෙන්නේ
ඉතින් ඕ ගොල්ලන් දන්නවා මිනිසුන් ශිෂ්ඨාචාරවලට එළබෙන්න ගන්නේ ක්‍රිස්තු පූර්ව 70,000 පමණ ආරම්භ වූ
සැන්මිනිසුන් ගේ ශිෂ්ඨාචාරය සලකන්න පුලුවන් (අප්‍රිකාවේ).
නමුත් මෙසපොතේනියාවේ පටන්ගත්තු ශිෂ්ඨාචාරය (ක්‍රිස්තු පූර්ව 4000-3500) එක තමයි සාමානයෙන්
සලකන්නේ ආදිතම එක හැටියට. ඉතින් ඊට පෙර ශිෂ්ඨාචාරයක් කියලා එකක් තිබිලා නැහැ නේ?
ශිෂ්ඨාචාරයක් නැතුව කොහොමද ඔය ජාතක කථාවල සදහන් දෑ සිදුවන්නේ. මොකද අපණ්නක ජාතකයේ ඔයා
දන්නවා ඇති වෙළදාම ගැන සදහන් වෙලා තියෙනාව. සේරිවානිජ ජාතකයේම පටන් ගද්දි කියනවා "අතීතයේ
සේරීව නම රාජ්‍යයක් විය" ඉතින් පැහැදිලිවම එතන ශිෂ්ඨාචාරයක් ගැන සදහන වෙලා තියෙනවා. මොකද
ශිෂ්ඨාචාරයක් නැතුව රාජ්‍යක් තියෙන්න බැහැනේ. නමුත් ප්‍රශ්ණය කියන්නේ. සරාස කල්ප ලක්ෂයක් දිගට යම්
බෝධි සත්වයෝ ආවානම් ඒක අඩුම තරමේ ඩයිනෝසෝරයන්ගේ කාලය දක්වා යනවා නේ. ඒ කාලේ
ක්ෂිරපායි සත්වයන් හරියට පරිණාමය වෙළා හිටියේත් නැහැනේ. හිටියේ උරගයන් විතරයි. නමුත් මේ පෘතුවිය පහළවෙලා තියෙන්නේ මීට
අවුරුදු බිලියට 4කට කලින්. නමුත් සාරස කල්ප ලක්ෂයක් කියන්නේ ඊටත් වැඩි කාලයක් නේ. ඉතින් එහෙම බලද්දි.
ප්‍රථම බුදුරහහණන් වහන්සේ වන තණ්හංකර බුදුන් එහෙම බලද්දි ඊට ප්‍රථමව ඉදලා නේද පෙරුම් පුරලා තියෙන්නේ බුදුන් කෙනෙකු වන්න.?
මේක කරුණාකරලා අපහසයට දමන පෝස්ට් එකක් කියලා හිතන්න එපා. මේක ප්‍රශ්ණයක් පමණයි.
Thanks.
