'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ප්‍රඥා අධික
    මෙත්තා අධික
    වීර්ර්යා අධික
    ශ්‍රද්ධා අධික

    බුදුවරුන් යයි අදහස් කරන්නේ කුමක්ද?

    ප්‍රඥා අධික බුද්ධ කියන්නේ අනික බුදු වරුන්ට වඩා මේ බුදු වරයාට ප්‍රඥාව වැඩි කියන එකද?

    නෑ!! සියලුම 'සම්මාසම්බුදු' බුදුවරුන් සමානයි!!!

    නමුත් බුද්ධත්වයට අවශ්‍ය පාරමිතා සම්පූර්ණ කිරීමේදී, ශ්‍රද්ධාව මූලික කරගෙන කටයුතු කලොත් 'දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක්', ප්‍රඥාව මූලික කරගෙන කටයුතු කලොත් 'අට සංඛ්‍ය කල්ප ලක්ෂයක්' සහ වීර්යය මූලික කරගෙන කටයුතු කලොත් 'සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්' ඒ පාරමිතා සම්පූර්ණ කිරීමට ගතවෙනවා කියලයි මම අහල තියෙන්නේ.


    හැබැයි ඔය පාරමිතා කතාවේදී, මාර බලවේග පරාජය කරලා බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍ය පින් රැස් කරගැනීමට, බුදුවරයෙකු සතු සුවිශේෂ හැකියාවන් ලබාගන්න තමයි ඔය පාරමිතා පුරන්න ඕනේ වෙන්නේ!! අපිට එහෙම එකක් නෑ... අපිට තියෙන්නේ නොපමාව කටයුතු කරන්න විතරයි!!! හරිද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'කල්පය' කියන්නේ මොකද්ද කියල දන්නවද? ඒ ඇවිල්ල, ප්‍රමාණයක් දක්වන්න බැරි දේට 'අනන්තය' කියනවා වගේ, ප්‍රමාණයක් දක්වන්න පුළුවන් මිනුම්දඬු වලින් ලොකුම එක!! හැබැයි ඒ ප්‍රමාණයත් සංඛ්‍යාත්මකව, මිලියන් / බිලියන් වලින් ප්‍රකාශ කරන්න බැරි තරම් මහා විශාල එකක්!! මේ විශ්වයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියේ ඉතා දීර්ඝ කාලාන්තර වලින් සිදුවන සිදුවීම් සඳහා ගතවන කාලය ප්‍රකාශ කිරීම සඳහා බුදුවරුන් යොදාගෙන තියෙන්නේ ඔන්න ඔය 'කල්ප' කියන මිණුම තමයි!! කල්පය ප්‍රමාණාත්මකව පෙන්වන්න බැරිනිසා, මෙන්න මේ විදිය උදාහරණ වලින් තමයි අඳුන්වලා දීල තියෙන්නේ...

    යොදුන් 7ක් දිග, යොදුන් 7ක් පළල, යොදුන් 7ක් උස පෙට්ටියකට 'අබ' පුරවලා, අවුරුදු 100කට සැරයක් එයින් එක අබ ඇටයක් බැගින් අස්කලොත්, යම් දවසක ඒ පෙට්ටිය හිස්වෙන්න ගතවන කාලය, කල්පයට වඩා කුඩායි කිව්වා!!! ඒ කියන්නේ අච්චර අබ තොගයක් අස්කරන්න වත් කල්පයක් යන්නේ නෑ... කල්පය ඊටත් වඩා දිග... කාලයක්!!
    යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ගල් තලාවක්, අවුරුදු 100කට සැරයක් සිනිඳු රෙදිකඩකින් පිහිදැම්මොත්, යම් දවසක ඒ ගල්තලාව ගෙවිලා ගෙවිලා පොලව මට්ටමට එන්න ගතවන කාලය, කල්පයට වඩා කුඩායි කිව්වා!!! එච්චරට ලොකු ගල්තලාවක් අවුරුදු 100කට සැරයක් සිනිඳු රෙදි කෑල්ලකින් පිහිදල ගෙවෙන්න කල්පයක් යන්නේ නෑ... කල්පය ඊටත් දිග...යි!!
    ගංගා නම් ගඟ මුහුදට වැටෙන තැන පටන් ආරම්භ වෙන ස්ථානය දක්වා තියෙන වැලි කැට ගණන් කලොත්, ඒ ප්‍රමාණය කල්පයට වඩා කුඩායි කිව්වා!!! ඒ කියන්නේ ගඟේ වැලි ප්‍රමාණයට වඩා වැඩියි, ලොකුයි, කල්පය!!
    ඉතින්, හිතා ගන්න පුළුවන් නේද 'කල්පය' කොච්චර දීර්ඝ කාලසීමාවක් වෙන්න ඇතිද කියල??

    ඔන්න ඔය කල්පයකට වරක් තමයි මේ හිරුයි සඳුයි සහිත සක්වල එහෙම්පිටීම විනාශ වෙලා, අළු දූවිලි වෙලා, යනවා කියල තියෙන්නේ!! ආයේ සක්වල අලුතෙන්ම නිර්මාණය වෙන්නත් ඒවගේම කාලයක් ගත වෙනවා කියල තමයි කියල තියෙන්නේ!! හැබැයි, මෙහෙම විනාස වෙවී හැදී හැදී එන්නේ කොයිකාලෙක ඉඳන්ද කියල නම් කියන්න බැයිලු!!! මොකද ඒක හරියට දෙක තුනෙන් බෙදනවා (2/3) වගේ, 0.666666666~ වගේ, එකක්! යන්න යන්න තවත් යන්න පුළුවන්... කෙළවරක් දකින්න බෑ!! අනික් කරුණ, මේ... 'අපි'ල ඉන්නේ... 'සත්වයෝ'... අන්න ඒ සේරමලත් ඔන්න ඔය වගේ කෙළවරක් පේන්නේ නැති තරම් කාලෙක ඉඳන්ලු මේ මැරී මැරී, ඉපදී ඉපදී, ඇවිල්ල තියෙන්නේ!! අන්න ඒක තමයි මනුස්සයාගේ ආයුෂ චුට්ටයි කියල තියෙන්නේ... තේරෙනවා නේද? හරියට සාමාන්‍ය මනුස්සයෙකුගේ ජීවිත කාලයෙන්, තත්පරයෙන් මිලියනයකින් එකක් වගේ චූටි කාලයක්!!! හැබැයි අපි තාමත් ඉන්නේ ඔය සංසාර කතන්දරෙන් ගැලවිලා නෙවෙයි උනොත්, අපි ඉන්නේ ලොකු අනතුරක!!! මොකද මේ පාර miss උනොත්, ආයේ පරණ විදියටම වෙනවා!! අපිට වෙලා තියෙන විදිය කිව්වනේ... වැඩි හරියක් ඉඳල තියෙන්නේ සත්තු සර්පයෝ හැටියට... උන්ට ජාති/ආගම් නෑ!! දැන් මේ ජීවිතේදී පන්සිල් රකිනවා වගේ ඒවා කර කර ඉඳලත් හරියන්නේ නෑ... මොකද, මහණවෙලත් ඉඳලා තියන උදවිය නේ!! අනික මේ දුක ගැනම කතා කලාට, අපි දෙවියෝ හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා!! රජවෙලා ඉඳලා තියෙනවා... සිටුවරු, මහාමාත්‍ය වරු, හැම කෙනෙක්ම විදියට ඉපදිලා ඉඳලා තියෙනවා!! තව කොහෙද යන්න තියෙන්නේ?? අන්න එකයි, බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නැහැ!!!" කියල... අපිට දැන් කරන්න තියෙන්නේ මෙතනින් ගැලවෙන එක විතරයි!!!

    අපිත් මේ මොකවත් දැනගෙන හිටියේ නෑ... මුළු ලෝකෙම ඉන්න සත්වයෝ හැමෝම එහෙමයි!! කවදා හරි දවසක, බුදුරජාණන්වහන්සේ නමකගෙන් මේ ලෝක සත්‍ය ගැන අහලා දැනගන්න ලැබෙන කම්, හැමෝම ඉන්නේ තිත්ත කළුවරේ... මොකුත්ම නොදැන!!! මේ... මේ කරුණු කිසිම දෙයක් අන්ධ භක්තියකින් 'පිළිගන්න ඕනෙමයි!!' කියල නම් නැහැ... විශ්වාස නැත්නම්, ඇත්තද? කියල තමන්ටම බලාගන්න ඕනේ නම්, භාවනා කරලා, හිත දියුණු කරලා, එහෙම කරගන්න පුළුවන්!! සැහෙන කාලයකුත් අවශ්‍ය වේවි... ඒවාට ගියොත් බොහෝවිට මේ ලැබිච්ච අවස්ථාවත් ගිලිහිලා, ආයෙම සංසාර ගමනටම set වෙන්නත් වේවි... ඊට වඩා දෙයක් වෙන්නේ නෑ!! මේවා පිළිනොගත්තා කියල, පිළිනොගන්නා කෙනාටම මිසක් වෙන කාටවත් අවුලක් වෙන්නෙත් නෑ!!! ඉතින්, කරදරේ වැටිලා විඳවනවට වඩා හොඳයි. බුදුරජාණන්වහන්සේ කියාදුන් කරුණු ඉගෙන ගෙන, ඊට අනුව ණුවනින් කල්පණා කර කර බලල, තමන්ගේ ගැලවීම හදාගන්න පුළුවන් නම්!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අපි දෙවියෝ හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා!! රජවෙලා ඉඳලා තියෙනවා... සිටුවරු, මහාමාත්‍ය වරු, හැම කෙනෙක්ම විදියට ඉපදිලා ඉඳලා තියෙනවා!! තව කොහෙද යන්න තියෙන්නේ??

    අපි සැප වින්දා ඇති නේද !!! දැන් වත් සසරෙන් එතෙර වෙන්න බලමු ?? සැප විඳිනවා කියල ආයේ කොච්චර විඳින්නද නේද ? හැබැයි ඉතින් වැඩේ පොඩ්ඩක් අමාරුයි
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mara seen eka

    මාර seen එකක් තමයි!!
    අලුත් එක්කෙනෙක් නේ? මාර seen එකක් කියල යන්න එපා! මුල ඉඳන් බලන්න... දිගටම බලන්න... 7-8 පාරක් හරි කියවන්න... මතක හිටිනකම් කියවන්න... අන්න එහෙමයි එන්න ඕනේ!!

    අපේ අර 'එළුවා' එහෙම මේක බලනවද දන්නේ නෑ නේ? අර 'rational thinking' නැතුව බැරි (මෝඩ)එළුවා...:)
    පණ්ඩිතකම් කියවන්න ආවොත් මම නම් කලිසම ගලවනවා!!:P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි සැප වින්දා ඇති නේද !!! දැන් වත් සසරෙන් එතෙර වෙන්න බලමු ?? සැප විඳිනවා කියල ආයේ කොච්චර විඳින්නද නේද ? හැබැයි ඉතින් වැඩේ පොඩ්ඩක් අමාරුයි

    අපෝ නෑ... කියන තරම්ම අමාරු නෑ... තම තමන්ගේ හැකියාව අනුව තමයි කාලය තීරණය වෙන්නේ!!

    දැන් ඉතින් පින් ගැන අහන්න දෙයක් නැහැ නේ? එක මොහොතක් අනිත්‍යය වැඩුවොත්, බුදු/පසේබුදු/මහරහත් උත්තමයෙකුට දන් වේලක් පිරිනැමුවට වඩා පින් කියන්නේ, අනිත්‍යය පැයක් විතර වැඩුවොත්, ආත්ම 50000 ක් විතර, 24x7 (නොකඩවා) මල් පහන් පූජා කරකර, පන්සල් වල පදිංචිවෙලා හිටියට වඩා පින්!!!

    අනිත්‍යය ගැනම මෙනෙහි කරන්න... ඔය ඇඟේ කොයි කෑල්ලක් වත් එකම විදියට තියනවද? තමන් එක්ක ඉන්න කිසි කෙනෙක් එකම විදියට ඉන්නවද? තමන් පාවිච්චි කරන, තමන්ගේ දේවල් හැමදාම එක විදියට තියනවද? නැහැ නේ... සේරම අනිත්‍යයි!!! වෙනස් වෙනවා!!! අන්න ඒක ගැන කල්පණා කරන්න... 'ඔයා'ට මොකද වෙන්නේ කියල කල්පණා කරන්න!!!
     
    Last edited:

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    පටිච්ච සමුත්පාදය ගැන හිතනකොට මෙහෙම දෙයක් හිතුන. බුදුවරු සහ රහතන් වහන්සේලා අවිද්‍යාව දුරුකරපු නිසා සංඛාරත් නෑ, වේදනාත් නෑ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුට වේදනා නැත්නම් කවුරු හරි අල්පෙනිත්තකින් ඇන්නොත් රිදෙන්නේ නැද්ද? එහෙනම් මුගලන් මහා රහතන් වහන්සේ ට හොරු ගහද්දි ඇයි වේදනා වින්දේ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පටිච්ච සමුත්පාදය ගැන හිතනකොට මෙහෙම දෙයක් හිතුන. බුදුවරු සහ රහතන් වහන්සේලා අවිද්‍යාව දුරුකරපු නිසා සංඛාරත් නෑ, වේදනාත් නෑ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුට වේදනා නැත්නම් කවුරු හරි අල්පෙනිත්තකින් ඇන්නොත් රිදෙන්නේ නැද්ද? එහෙනම් මුගලන් මහා රහතන් වහන්සේ ට හොරු ගහද්දි ඇයි වේදනා වින්දේ?

    පටිච්ච සමුප්පාදය කියන ක්‍රියාවලිය chain එකක් වගෙයි. කොහෙන්වත් නොකැඩී තිබෙන තාක් පමණයි නැවත නැවත ඉපදීමක් ඇතිවන්නේ!!! යම් ස්ථානයකින් chain එක කැඩුනද, ආයේ පුනර්භවයක් ඇතිවීම සිදුවෙන එක නවතිනවා!!! එක එක ජාතියේ, එක එක පාටවල වයර් අමුණලා, බල්බ් එකක් පත්තු කරලා වගෙයි!! කොතනින්, කොයි වයර් එකක් ගැලවුනත් බල්බ් එක නිවෙනවා!! වෙන අමුතු මොකවත් වෙන්නේ නෑ!! පුනර්භවය, එහෙම නැත්නම් නැවත නැවත ඉපදීම කියන එක විතරයි අපේ ප්‍රශ්ණය!! තමන් ඒ ප්‍රශ්ණය විසඳගත්තද, එතනින් තමන් කලයුතු දේ කරලා ඉවරයි!!!

    ඇත්තට නම් අරහත්වයට පත්වුනායින් පසුව අවිද්‍යාව මොකවත් නැති නිසා, හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය එහෙම්පිටින් නවතිනවා!!! ඒ නිසා මේ ජීවිතය අවසානයේදීම විඥාණය නිරුද්ධ වෙලා යනවා... පිරිණිවන් පානවා!!! එතනින් කතන්දරේ ඉවර වෙනවා!!! නමුත් දැන් අපේ කය හැදිලා ඉවර නේ... ජීවිතය පවතින තුරා, ඒක කලින් වගේම වැඩ! ඒත්, ඇතිවන විඳීම් කිසිවක් අවිද්‍යා සහගත නෑ... ඒ කියන්නේ විඳීම්, විඳීම් හැටියටම දැනගන්නවා මිසක්, ජීවිතය අවබෝධ කල කෙනා විඳීම් නිසා පිස්සු නටන්නේ නෑ... කොච්චර පීඩාකාරී වේදනාවක් උනත් ඉවසන් ඉන්නවා ඇරෙන්න reaction මොකවත්ම නෑ!!! උපේක්ෂාවෙන් ඉන්නවා, අටලෝදහමින් කම්පා නොවී ඉන්නවා කියන්නේ ඒකයි!!!

    හැබැයි, තමන්ට ඕනේ නම් සාමාන්‍ය කෙනෙක් වගේම ඉන්න, විඳීම් වලට ප්‍රතිචාර දක්වන්න, ඕනේ දෙයක් පුළුවන්!!!:P ඒක තනිකරම තියෙන්නේ තමන්ගේ අතේ...:yes::yes: මොකද ලෝකය දිනලා ඉවරයි!!! ඔහොම යං... ඔහොම යං... තව ටික දවසකින් ණිවන් දකින්න කැමති අයට ණිවන් දකින්න, අනාගාමි වෙන්න ඕනේ අයට අනාගාමි වෙන්න, වෙන මර්ගඵලයක නවතින්න ඕනේ අයට එහෙම කරන්න හැකියාව ලැබෙයි!!! මං හිතන්නේ, මේක බලන කාටවත් සංසාරේ යන්න නම් බැරිවෙයි!!!:no::no:
     
    Last edited:

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    මම ක්‍රිස්තියානි. මගේ අම්ම බෞද්ධ , තාත්තා burger christian. මම ඉතින් අම්ම නිසා බෞද්ධ දර්ශනය පිළිඹදව පොඩ්ඩක් දන්නවා. කොසොල් සිහින එහෙම මම හරි ආසාවෙන් කියවල තියෙනවා. මේ පාර අම්මත් එක්ක වෙසක් එකට ගියා කොළඹ වෙසක් බලන්න.

    මමත් කියවල තියෙනවා ඔය පටිච්ච සමුත්පාදය පිළිඹදව. එක කොහොම හරි ඉවර වෙන්නේ ජාති, ජරා,මරණ, දුක්ඛ, දෝමනස්ස උපායාස කියලයි.

    හරි!! ඇයි ඔච්චර negativly හිතන්නේ, ඇයි ධානාත්මකව හිතන්න බැරි. හරි, ජීවිතේ මරණය තියෙනවා තමයි, වයසට යනවා තමයි , එත් ඒ ගැන හිත හිතා එච්චර දුක් වෙන්නේ ඇයි? වද වෙන්නේ ඇයි.

    සංසාරේ දුකයි කියන්නේ ඇයි?

     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    යම රජ;10261050 said:
    මම ක්‍රිස්තියානි. මගේ අම්ම බෞද්ධ , තාත්තා burger christian. මම ඉතින් අම්ම නිසා බෞද්ධ දර්ශනය පිළිඹදව පොඩ්ඩක් දන්නවා. කොසොල් සිහින එහෙම මම හරි ආසාවෙන් කියවල තියෙනවා. මේ පාර අම්මත් එක්ක වෙසක් එකට ගියා කොළඹ වෙසක් බලන්න.

    මමත් කියවල තියෙනවා ඔය පටිච්ච සමුත්පාදය පිළිඹදව. එක කොහොම හරි ඉවර වෙන්නේ ජාති, ජරා,මරණ, දුක්ඛ, දෝමනස්ස උපායාස කියලයි.

    හරි!! ඇයි ඔච්චර negativly හිතන්නේ, ඇයි ධානාත්මකව හිතන්න බැරි. හරි, ජීවිතේ මරණය තියෙනවා තමයි, වයසට යනවා තමයි , එත් ඒ ගැන හිත හිතා එච්චර දුක් වෙන්නේ ඇයි? වද වෙන්නේ ඇයි.

    සංසාරේ දුකයි කියන්නේ ඇයි?


    oya leda wenne nethnam , wayasata yanne nethnam, merenne nethnam merunata passe wena de palanaya karanna puluwannam kisima getaluwak ne danathmakawama hithanna.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

    hariyata hari...meka thamai kathawa....budu haamuduruwo dharmaya deshana kare science walata newe minissunta sansaaren ethera wenna....api aththatama buddhagamai widyawai ekathu karanna hadala karanne thawath sansare dik karaganna eka....kohomath danata thiyena widyaawa buddhagame hugak dewal opuu karanna tharam diyunu naa
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hariyata hari...meka thamai kathawa....budu haamuduruwo dharmaya deshana kare science walata newe minissunta sansaaren ethera wenna....api aththatama buddhagamai widyawai ekathu karanna hadala karanne thawath sansare dik karaganna eka....kohomath danata thiyena widyaawa buddhagame hugak dewal opuu karanna tharam diyunu naa

    yaluwa... nikam hithena hithena ewa kiyanna epa! sansaara kathaawa ehempitinma vidyaathmaka ekak!!! e kathaa serama allagena, kiyalaa iwarayi!!! therumganna uthsaaha kaloth therewi!!!

    dan karanna hadanne me hama dema upakaara karagena pulu puluwan hamogema sansaara gamana methaninma nawathwanna uthsaaha karana eka thamayi!!! mokada hamotama notherunath, sansaara gamana haree bhayaanakayi!!! dakka kenek, thawa kenek e dukata watenawata kamathiwenne naa...

    digatama balanna...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යම රජ;10261050 said:
    ඇයි ඔච්චර negativly හිතන්නේ, ඇයි ධානාත්මකව හිතන්න බැරි. හරි, ජීවිතේ මරණය තියෙනවා තමයි, වයසට යනවා තමයි , එත් ඒ ගැන හිත හිතා එච්චර දුක් වෙන්නේ ඇයි? වද වෙන්නේ ඇයි. සංසාරේ දුකයි කියන්නේ ඇයි?

    මේ වගේ කෙහෙල්මල් ID නැතුව, චුට්ටක් හරි නම සඳහන් වෙන විදිය එකක් තිබුනා නම් හොඳයි!:D

    ඔයාගේ ආගමික පසුබිම මෙතනට අදාළ නෑ!! මේ අපේ ජීවිතවල ඇත්ත කතන්දරේ කිසිම කෙනෙකුට නොපෙනෙන, බැලු බැල්මට නම් කොහෙත්ම හිතාගන්න බැරි තරම් භයානක, හරිම දුක්ඛිත එකක්!! ඔයාට ඔයා හිතන විදියට ධනාත්මකව හිත හිතා ඉන්න ලැබෙන්නේ උපරිම වශයෙන් අවුරුදු 50-60 විතර තමයි!!! මේ කතාව තේරුම් නොගත්තොත් ඊට පස්සේ ඉන්න වෙන්නේ ධනාත්මකව හිත හිත නෙවෙයි!! විලාප ගගහා!!!

    මේ ඉන්න හැම මනුස්සයෙක්ම ඉපදිලා තියෙන්නේ කොහොමද? මේ ජීවිතේට කලින් වෙලා තියෙන්නේ මොනවද? මේ ජීවිතේ අවසාන වෙනකොට වෙන්නේ මොකද්ද කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැති උනාට, දකින අය ඉන්නවා!!! ඒවා හුඟාක් වෙලාවට හරිම දුක්ඛිතයි... අපි හැමෝම මේ වෙනකොට ඇති පදමට දුක් විඳලා තියනවා. මේ ඇත්ත දැනගන්න ලැබුණු වෙලාවේ, ඇත්ත හොඳටම දැනගෙන, තම තමන්ට ආයෙම වරදින්නේ නැතිවෙන්න අවශ්‍ය දේවල් කරගන්න බලන්න!! ඔයාට TV එකක් වැඩකරන විදිය කෑල්ලෙන් කෑල්ලට නොතේරුණත්, නොදන්නවා උනත්, TV එක වැඩකරන කොට ඒකෙන් රූප පෙන බව දන්නවා නේ... අන්න ඒ වගේ, මේ කියන කතාව ඔයා නොදන්නවා උනාට, මේක දිගින් දිගට වෙන්න ඇරියොත්, ඔයාට දුක් විඳින්න වෙනවා! ඔයා කරදරේ වැටෙනවා!! අන්න එහෙම වත් හිතල, මේ කතාව හොඳටම තේරුම්ගන්න උත්සාහ කරන්න!! උඩින්-පල්ලෙන් බලල හරියන්නේ නෑ... 20-30 පාරක් හරි කියවන්න! තේරෙනකම් කියවන්න!!
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    දිගටම කරන්න​.මම නම් මේක බලනව​.ඔයා සමහරවිට ලොකු talks දෙනව​. එහෙම නැතුව කියල දෙන්න​. එතකොට කට්ටිය කියන ඒවා අහයි.මොකද බුදුන් වහන්සේ දේශනා කරා කියල එක එක අය එක එක ඒවා කියනවනෙ. එතකොට කට්ටියට කවුද හරි කවුද වැරදි කියල හොයා ගන්න බැනෙ. මට හිතෙන විදියට ඔයා කියන ඒවගෙ logic එකක් තියෙනවා. දිගටම කර ගෙන ගිහින් බලමු. තෙරුවන් සරණයි.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    yaluwa... nikam hithena hithena ewa kiyanna epa! sansaara kathaawa ehempitinma vidyaathmaka ekak!!! e kathaa serama allagena, kiyalaa iwarayi!!! therumganna uthsaaha kaloth therewi!!!

    dan karanna hadanne me hama dema upakaara karagena pulu puluwan hamogema sansaara gamana methaninma nawathwanna uthsaaha karana eka thamayi!!! mokada hamotama notherunath, sansaara gamana haree bhayaanakayi!!! dakka kenek, thawa kenek e dukata watenawata kamathiwenne naa...

    digatama balanna...
    widyaawa kiyanne kawadaawath eka widiyata thiyena ekak newe....budu haamuduruwo apita dharmaya dehsana kare ewa widyawen pareekshana karala oppu karala balannada ...nane ? :no:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    යම රජ;10261050 said:
    මම ක්‍රිස්තියානි. මගේ අම්ම බෞද්ධ , තාත්තා burger christian. මම ඉතින් අම්ම නිසා බෞද්ධ දර්ශනය පිළිඹදව පොඩ්ඩක් දන්නවා. කොසොල් සිහින එහෙම මම හරි ආසාවෙන් කියවල තියෙනවා. මේ පාර අම්මත් එක්ක වෙසක් එකට ගියා කොළඹ වෙසක් බලන්න.

    මමත් කියවල තියෙනවා ඔය පටිච්ච සමුත්පාදය පිළිඹදව. එක කොහොම හරි ඉවර වෙන්නේ ජාති, ජරා,මරණ, දුක්ඛ, දෝමනස්ස උපායාස කියලයි.

    හරි!! ඇයි ඔච්චර negativly හිතන්නේ, ඇයි ධානාත්මකව හිතන්න බැරි. හරි, ජීවිතේ මරණය තියෙනවා තමයි, වයසට යනවා තමයි , එත් ඒ ගැන හිත හිතා එච්චර දුක් වෙන්නේ ඇයි? වද වෙන්නේ ඇයි.

    සංසාරේ දුකයි කියන්නේ ඇයි?

    aththatama wenne mekai...api ewa gana hitha hitha duk wenne na....jaathi jaraa wiyadhi marana walin apita duka denawa..nadda?
    buddhagamen apita kiyanne ewa gana hitha hitha duk wenna newe machan....e dewal sansare api kaatath pudui kiyala apita dukata muhuna dennai kiyala denneethakota apita duka daraaganna puluwan ethakotai.....:):):):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දිගටම කරන්න​.මම නම් මේක බලනව​.ඔයා සමහරවිට ලොකු talks දෙනව​. එහෙම නැතුව කියල දෙන්න​. එතකොට කට්ටිය කියන ඒවා අහයි.මොකද බුදුන් වහන්සේ දේශනා කරා කියල එක එක අය එක එක ඒවා කියනවනෙ. එතකොට කට්ටියට කවුද හරි කවුද වැරදි කියල හොයා ගන්න බැනෙ. මට හිතෙන විදියට ඔයා කියන ඒවගෙ logic එකක් තියෙනවා. දිගටම කර ගෙන ගිහින් බලමු. තෙරුවන් සරණයි.

    යාළුවා, මම 'ලොකු' talks දෙන්නේ, මම ඇත්තටම ලොකු හන්ද!!!
    බුදුහාමුදුරුවෝ කියල දුන්න 'එලියට පැනගත්ත' එකාගේ powers ගැන!!! මට උඹල කිසි එකෙක්ගේ කිසිම කතන්දරයකින් වැඩක් නැහැ දැන්... මම මගේ part එක කරගෙන ගොඩාක් කල්!!!


    මෙන්න මේක විතරක් seriously හිතට ගන්න. කොයි කවුරුත් මේ කතන්දර හොඳටම තේරුම් අරන්, තම තමන් ලෝකෙන් එතෙර වෙනකම්, ඔය උදවිය හැමෝම ඉන්නේ මාර බලවේග වලට යටත්වෙලා!!! ඉතින් පරිස්සමින් අවශ්‍ය දේ කරගන්න උපරිම උත්සාහය දරන්න!!!

    මට මගේ පැත්තෙන් හිතෙන්නේ මගේ ළඟම ඥාතීන්, යාලුවෝ, අසල්වැසියෝ, උඹල හැමෝටම මෙතැනින්ම මේ කෙහෙල්මල් සංසාර ගමනෙන් නිදහස්වෙන්න උපකාර කරන්න ඕනේ කියලා විතරයි!!! ඒ වගේම තමයි time හම්බ වුනොත්, මම ඒක කරනවාමයි!!! මම දන්නේ නැත්තේ මේ අනිත්‍ය ලෝකේ, තව ටිකකින් මොකක් වෙයිද? මට උවමනා දේ කරගන්න ලැබෙයිද? ඒවා කියන කම් මේ ජීවිතය පවතියිද? මම කිව්වත් අනික් අයට කියවන්න, දැනගන්න, තේරුම්ගන්න ලැබෙයිද? වගේ අවිනිශ්චිත දේවල් ගැන විතරයි!! ඒ ඇරෙන්න දැන් නම් මට challenge කරන්න පුළුවන් කවුරුවත් නෑ!!! (දිනපු උදවිය අතරෙත් challenge කතා මොකවත් නෑ... ඒ හැමෝගෙම අදහස් සමානයි!!)

    අනික ලෝකේ හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලත් දෙජාතියක් නෑ!!! කකුසඳ බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය කාලේ මාර තනතුර හොබවපු පුද්ගලයා 'දුසී' තමයි ගෞතම බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ උනේ... හැරිච්ච පැත්තට ගිහිල්ල ගිහිල්ල, නරකම අන්තයයි හොඳම අන්තයයි අතරේ කල්ප ගණන් තිස්සේ රවුං ගැහිල්ලක් විතරයි මේ ජීවිතය!!! මේක කිසිම තේරුමක් නැති වැඩක්!!! මෙතැනින්ම නතරකරන්න පුළුවන් නම්, ඒකමයි හොඳ!!! අපි ඒ අවශ්‍ය දෙ කරන්න බලමු!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    aththatama wenne mekai...

    aththatama wena de oyaa danne naa!!! e witharak neweyi oyaa godaak dewal nodanna bawa therenawa oyage posts tika baluwama. issella oyaa nodanna bawa danaganna!! mokada nathnam oyaa dannawa kiyala hithaagena innakota e maannaya oyaawa kanawa, winaasa karalaa daanawa. issella nihathamaaneewa yamak igena ganna uwamanaawen balanna... hithanna one dewaluth kiyannam, ewa hitha hithaa balanna. meka kiyawa kiyawa inna thiyana mathrukawak neweyi... karala iwarayak karala daanna one ekak!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙච්චර කල් කතාවෙච්ච දේවල් වලින්, මේ කතාවට වඩාත්ම වැදගත් කරුණු සාරාංශ කරලා ගත්තොත්, සාමාන්‍ය මනුස්සයෙකුට, මේ අපි ජීවත්වන ලෝකය / විශ්වය / මේ අපේම ජීවිත, ගැන තමන්ගේම ඇස්වලින් දැකල, තමන්ගේම කන්වලින් අහල දැනගන්න පුළුවන් දේවල්, ලබන්න පුළුවන් දැණුම ඉතාමත් ස්වල්පයයි!! සාමාන්‍ය මිනිස්සු හැටියට අපිත්, අපි ජීවත්වන ලෝකය ගැන, මේ අපේ ජීවිත ගැන, අහල දැකලා තියන දේවල්, ඒ අහපු දැකපු ඒවාට අනුව හිතලා, කල්පණා කරලා තියන දේවල් සේරම ඇත්තටම නම් 'දවල් හීන' වගේ!! ඒ කිසි එකක් පවතින ඇත්ත තත්වය, යතාර්ථය නෙවෙයි!!! නමුත් අපිට මුහුණදෙන්න වෙන්නේ, යතාර්ථයට!!! තවත් විදියකින් කිව්වොත්, ලෝක ධර්මතාවයට!!! ඉතාමත් කලාතුරකින් ලෝකයට පහළවන සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්, තමන්වහන්සේ විසින්ම උපද්දවාගත් විශිෂ්ඨ ඥාණයකින්, ස්වයංභූ ඥාණයෙන්, මේ ලෝක ධර්මතාවය පිළිබඳව විමසනවා... විමසලා, සියල්ල අවබෝධ කරගන්නවා!!! ඉන් අනතුරුව උන්වහන්සේ ඒ ලෝකධර්මතාවය ගැන, පරම සත්‍ය ගැන, සියලු දෙවි මිනිසුන්හට කියා දෙනවා!!! අන්න ඒ කියලා දෙන දේවල් අඳුන්වනවා 'ශ්‍රී සද්ධර්මය' කියල!! නමුත් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට හෙළිදරව් කරන පරම සත්‍ය, පිරිසිදු ශ්‍රී සද්ධර්මය, ඒ ආකාරයෙන්ම අසන්නට ලැබීම අතිශයින් දුර්ලභ වාසනාවක්!!! ඒකට කියනවා 'ක්ෂනසම්පත්තියක්' කියල. ඒ දුරලභ ක්ෂනසම්පත්තියක් ලබපු අපි සැබවින්ම වාසනාවන්තයි!!

    බුදුරජාණන්වහන්සේ නමක් විසින් අවබෝධ කරගන්නා, අපි ලස්සනට දකින, සුන්දරයි කියල හිතන් ඉන්න, ස්වභාවධර්මයේ, අපිට නොපෙනෙන පැත්ත හරිම සංකීර්ණ සිදුවීම් මාලාවක්!! සේරම තියෙන්නේ හේතු-ඵල ධර්මතාවය නිසා සකස්වෙන, නොයෙකුත් වෙනස් වීම් වලට බඳුන් වෙවී පවතින, විනාශ වෙලා යන ස්වභාවයක!!! මෙන්න මේ, උප්පාදෝ පඥ්ඥායති (හටගැනීමක් දක්නට තිබෙනවා) වයෝ පඥ්ඥායති (නෑසී වැනසී යාමක් දක්නට තිබෙනවා) ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති (පවතින තත්වය තුල වෙනස් වීමක් දක්නට තිබෙනවා) ස්වභාවයට අයත් සියලු දේවල්, 'සංකතයන්' වශයෙන් බුදුරජාණන්වහන්සේ අපට හඳුන්වලා දීල තියනවා!! අපි ජීවත්වෙන මේ පෘතුවිය, මෙහි තිබෙන සියලුම ගස් කොලන්, ඉන්න තරමක් සත්තු සර්පයෝ වගේම අපි හැමෝමත් සකස්වෙච්ච (හැදිච්ච), වෙනස්වෙවී පැවතිලා විනාශවෙලා යන 'සංකතයන්' තමයි!! මුළු විශ්වයේම සිදුවන්නේ එහෙමයි!! [Note: හේතු-ඵල ධර්මතාවය ගැන කලින් පැහැදිලි කරලා තියනවා... මතක් කරගන්න]

    පෘතුවිය මේ වෙනකොට කීපාරක් සම්පූර්ණයෙන්ම විනාශවී ගිහිල්ල ඇද්ද? මේ සකස්වෙලා තියෙන්නේ කීවෙනි පාරටද? වගේ ඒවාට උත්තර නෑ... මොකද ඒක ඒ තරම්ම දුර ඈත කාලෙක ඉඳලා සිදුවේගන සිදුවේගන එන දෙයක්!!! මේ අපි හැමෝමත් ඔය විදියටම ඉපදි ඉපදී මැරි මැරී යන ස්වභාවයට අහුවෙලා ඉන්නේ එතරම්ම දුර ඈත කාලෙක ඉඳල!!! සත්වයෙක් සම්බන්ධයෙන් ඔන්න ඔය ඉපදි ඉපදී මැරි මැරී දිගින් දිගට පවතින ස්වභාවයට කියනවා සත්වයාගේ 'සංසාර ගමන' කියල!! අපි කවුරුවත් ඔය ස්වභාවයට අහුවෙච්ච තැනක් / දවසක් බුදු නෙතට වත් පෙනෙන්නේ නෑ... කියල බුදුන්වහන්සේ ප්‍රකාශ කරලා තියනවා!!! මොකද, ඒකත් ඒ තරම්ම දුර ඈත කාලෙක ඉඳලා සිදුවේගන සිදුවේගන එන දෙයක්!!! එකම පිරිසක් එකටම යන එකකුත් නෙවෙයි... කවලම් වෙවී කවලම් වෙවී යන ගමනක්!!! අපි එක්කෙනෙක්ගේ සංසාර ගමන ගැන බැලුවොත්, හරක්, එළුවෝ, කුකුල්ලු වගේ ඉපදිලා මැරුම්කාපු වෙලාවල මූද පිරෙන්න තරමට ලේ හලලා තියනවා... රජවරු, සිටුවරු හැටියට ඉපදිලා ඇතිපදම් සැපවිඳල තියනවා... මනුස්සයෝ හැටියට එක එක ආගම් වල, එක එක ජාතිවල ඉපදිලා නොයෙකුත් නොයෙකුත් දේ කරමින් බොහෝ කලක් ගතකරලා තියෙනවා!! දිව්‍යලෝකවල සැප විඳ විඳ ඉඳලා තියනවා... නිරයේ කල්ප ගණන් දුක්විඳලා තියනවා... ඒත් ලබාගත්තු, එකතුකරගත්තු මොකවත්ම නෑ!!! රට ජාතිය වෙනුවෙන්ය කියල කොච්චර වටිනා, වැදගත් දෙයක් කලත් අවුරුදු 500-1000 ගතවෙනකොට සේරම නටඹුන් වෙලා යනවා... ඉතින් මොකද්ද මේ සංසාර ගමනේ ඇති ඵලේ?? මේක කිසි වැඩකට නැති වැඩක්!!! නිකම්ම නිකම් විඳවිල්ලක් විතරයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, අරටුවක් තියන ගහක් හොයා හොයා කෙසෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ වැඩක්... කියලයි!!! කෙසෙල්ගස් වල අරටු නෑ... මේ සංසාර ගමනෙත් කිසි තේරුමක් නැහැ!!!