ඇඹුල් තියල් හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇඹුල් තියල් හදමු!!

    අද ඇඹුල් තියල් හදමු!!!

    මේ සදහා යෝග්‍ය වන්නේ
    කුට්ටි මාලු (ලොකු කැපූ මාලු) ගන්න වනම්...
    කෙලවල්ලා
    බලයා
    ඉරටවල්ලා

    කුඩා මාලුනම්..
    ඇට වල්ලා
    අලගොඩුවා
    කුම්බලාවා
    හුරුල්ලා
    සුරා පරවි

    මට නම් වඩා රස කුඩා මාලු තමා!!!
    ඒනිසා මම ගත්තෙ කුම්බලා‍වා මාලු ග්‍රෑම් 750 ක්!!

    fc6tfr.jpg


    මුලින් මාලු කූරි පිටින් වරක් සෝදා කොරපොතු හා වරල් ඉවත් කරගන්න!!

    2lcryo5.jpg


    ඉන්පසු මේ ආකාරයට හිස සහ බඩ කපා ඉවත් කරන්න.

    2zhh9w5.jpg

    දැන් නැවත කීප විටක් හොදින් සෝදා ගන්න.

    2cpu5w9.jpg


    පසුව පෙන්ද කපා ඉවත් කර මාලුවෙක් කෑලි 2-3 කට කපා ගන්න.

    2wpnl1t.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය-

    ගොරකා ‍කුඩු තේහැදි 4ක්
    හෝ අඹරාගත් ගොරකා (පලු 6-7ක්)
    ගම්මිරිස් කුඩු තේ හැදි 3-4ක්
    ලුණු තේ හැන්දක්
    රම්පෙ හා කරපිංචා

    dcr045.jpg


    පතුල පැතලි ඉඩ ඇති ඇතිලියක් ගෙන රම්පෙ කොළ කීපයක් අතුරා ගන්න.
    ඉන්පසු මාලු කැබලි එක එක ඒ මත අතුරන්න.

    105thro.jpg


    කරපිංචා, ගම්මිරිස් කුඩු හා ලුණු එක්කරන්න.

    106etjm.jpg


    වතුරේ දියකරගත් ගොරකා සෙමෙන් දමන්න. අඩියේම ඉතිරිවන ටික දමන්න එපා වැලි තිබිය හැකියි!!



    67nwj6.jpg


    මේ විදියට අන්තිමට වතුර කෝප්ප 1/2ක් පමණ දමන්න. ශීතකරණයේ තිබූ මාලුනම් වතුර අඩුවෙන් දමන්න!!

    i5t0s5.jpg


    කෙසෙල් කොලයක් උඩින් දමා පියන වසා මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ වතුර උතුරා භාගයක් පමණ හිදෙන තුරු තබා ගින්දර හොදටම අඩු කර පිසින්න!!


    (මේ කොටස ප්‍රෙෂර් කුකර් සදහා පමණී)
    6o2zps.jpg


    ප්‍රෙෂර් කුකරයක් ඇත්නම් එහි අඩියට වතුර අගලක් පමණ දාමා ඒමත උස යමක් තබා වෙනත් භාජනයක තැබූ මාලු තබන්න. දැන් පියන වසා පැය 1/2ක් පමණ විස්ලින් යවන්න!! පසුව ‍එළියට ගෙන වලදකට දමා ලිපේ තබා හින්දා ගන්න!!

    ie2h5t.jpg


    දැන් කෙසෙල් කොලය ඉවත් කර සෙමෙන් පිසින්න!!

    30hwlja.jpg


    වතුර සියල්ල හිදී ගොස් පතුල වියළි වන තෙක් ඉතා අඩු ගින්දරේ තබන්න. කිසිවිටෙකත් හැදිගෑම, පෙරළීම අව්‍ශ්‍ය නොවේ.

    2i7wv81.jpg


    අන්තිමට මේ වගේ!! වතුර රහිත වියළි හැන්දක් භාවිතා කර දින 2-3ක් නරක් නොවී ශීතකරණයෙන් තොරව තබා ගන්න පුලුවන්!!

    r8as8n.jpg


    sgk26p.jpg


    මේ තමා බත් මරුවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    2nq8kuv.jpg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    yummmmmmmm, :D thanx ayya,,
    oya parippu maluwata eha paththe thiyenne suduluunu walin hadapu maluwak da?? eka haduwe kohomada?

    මාලු ඇඹුල්තියල් වලට අමතරව මෙතන වෙනත් මාලු තිබෙද?;)
     

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    මට chicken devil recipe එක ඔනේ ලොකු අය්යේ................PL Help me.....urgent....:sorry::sorry::sorry::sorry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    adow sudu lunu ehema kanna epa.... ube purusha shakthiya aduvenava.....

    සුදු ලූණූ කාලා හරි වැඩි දේවල් අඩු කරගන්න එපායැ!! නැත්නම් ගෑණීට බේරිල්ලක් නෑනේ!!:lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ එල කොල්ලෝ........උඹ දාලා තියනවා නියම ම ක්‍රමය.........!!!!!!
    අර කතාව නම් ඇත්ත .........බත් මරුවා තමා..........මම හැදුවා ම ඇතිලියත් හූරං කාල තමා ගෙදර අය වැඩේ ක්ලෝස් කරන්නේ..........
    :rofl::rofl::yes::yes::P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අඩේ එල කොල්ලෝ........උඹ දාලා තියනවා නියම ම ක්‍රමය.........!!!!!!
    අර කතාව නම් ඇත්ත .........බත් මරුවා තමා..........මම හැදුවා ම ඇතිලියත් හූරං කාල තමා ගෙදර අය වැඩේ ක්ලෝස් කරන්නේ..........
    :rofl::rofl::yes::yes::P

    :yes::yes:

    Thank You !! Dr. Dath kimbula!!
    Kiri kos, Biriyani hadana ewa beluwe nedda??
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොකද බැලුවෙ නැත්තේ.......උඹ දැම්ම ගමන් ත්‍රෙඩ් එකක් මම බලනවා.........උඹේ ලොකුම ෆෑන් කෙනෙක් මම....!!!!:yes::yes::D:P

    Ela ela Bro!!