සංඥා ආයතනයක සිද්ධවෙන්නේ ඉස්පර්ශය ඇතිවීම පමණයි!!! කලින් අවස්ථාවේ දිවේ දීත්, දැන් මෙතැනදී කතාවුන නාසයේ සහ කයේදීත් සිද්ධවෙන්නේ එච්චරම තමයි!! සිතින් ඒ ඇතිවන ඉස්පර්ශයන් ගැන අවධානය යොමු කලොත්, මනසිකාරයෙහි යෙදුනොත් විතරයි එතනින් එහාට සිද්ධවෙන සේරම සිද්ධවෙන්නේ!!! එහෙම වුනොත් තමයි විඳීම ඇතිවෙන්නේ... 'වේදනාව' දැනෙන්නෙ!! වින්දොත් තමයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. පස්සේ, ඒ හඳුනාගත්ත එකට අනුව තමයි චේතනා පහල කර කර ප්‍රතිචාර දක්වන්නේ!! මේක අපිට බැලූ බැල්මට තේරෙන්නේ නැහැ... මොකද කියනවනම් හිතාගන්නවත් බැරි වේගයෙන් සිද්ධවෙන වැඩක්, හෙණ high speed case එකක්!! ස්වභාවයෙන්ම මොකක් හරි ආයතනයක ඉස්පර්ශයක් ඇතිවෙන කොටම හිත ඒකට ඉබේම යොමුවෙනවා!! ආයතන දෙක තුනකම ඉස්පර්ශ ඇතිවුනොත් වඩාත් බලවත් එකට, එහෙම නැත්නම් තමන්ට වැඩියත්ම ප්‍රිය, හොඳයි කියල සලකන එකට හිත යොමුවෙනවා!! හුඟක් වෙලාවට, අනික් ආයතන සේරම ගැන සැලකිල්ලක් නැතුව ලොකු පීඩාවක්, නැත්නම් ලොකු වින්දනයක් ලබාපු දෙයක් ගැන මෙනෙහිකරමින් ගතවෙනවා!! සාමාන්‍ය උදවියට මේ මොකවත්ම තේරුමක් නැහැ... හැමතිස්සෙම busy!!! ලොකූ බරක් ඔලුවේ තියාගෙන වගේ, හිතින් පීඩාවට පත්වෙලා ඉන්නෙ හැමතිස්සෙම... ඒත් ජීවිතාවබෝධය සම්පූර්ණ වෙච්ච කාලෙක තේරේවි 'දැන් කතන්දරේ සැහෙන වෙනස් නේද?' කියල... 'අරහත්වයට පත්වෙනවා' කියන මහා බරපතල කාරණාව සිද්ධවුනායින් පස්සේ 'පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා' කියන දේ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ 'මනසිකාර' කතන්දරයත් එක්ක තමයි... එතකොට හැමතිස්සෙම idle!!! බර බිමින් තියල, නිදහස් උනා වගේ වෙනවා... තේරෙණවද?? දැනට ඒ ටික අමතක කරමු...
හැබැයි, කිසිම ජීවිතාවබෝධයක් නැති උදවිය පවා, 'මේක' ඇතුලේ වෙන්නේ මොකද්ද කියන කිසිම දෙයක් නොදැනත්, මනසිකාර නොකලොත් 'නිදහස්' කියන දේ අත්විඳිනවා!! හිතාගන්න පුලුවන්ද?? මට ලස්සන උදාහරණයක් හම්බවුනා මේ threads වල ලියන්න ගත්තයින් පස්සේ. (මෙයින් එකකට සම්බන්ධවෙච්ච කෙනෙක්ම කිව්ව කතාවක්) ඒ case එක නම් එහෙමපිටින් upset!! ඒත් එයාල සත්‍ය නොදන්නවා උනාට, පාවිච්චිවෙලා තියෙන්නේ 'මනසිකාර නොකලොත් upset එකක් නෑ...' කියන දේ තමයි!!! මෙහෙමයි, කෙනෙක් කිව්ව එයාගේ අම්මද කොහෙද "දරුණු පිළිකා රෝගියෙක්... පුදුම වේදනාවකින් ඉන්නේ... නමුත් 'දෙයියන්නාන්සේ' ගැන සිහි කරපු ගමන් සේරම ඒ වේදනා නැතුව ගිහිල්ල සුවපත් වෙනවා... දෙයියන්නාන්සේ හරි කරුණාවන්තයි... අපි ගැන බලනවා... අපිට පිහිට වෙනවා..." මොන මොනවද කියල. හැබැයි ඉතින් ඇත්තටම නම් දෙයියන්නාන්සේ ගැන නෙවෙයි, තමුන්ගේ අහවල් එක ගැන සිහිකලත්, ඔය 'සුවපත් වීම' ඔය විදියටම වෙනවා!! එතැනදී වෙන්නේ තමන්ට දැනෙන දැඩි කායික වේදනාව ගැන නොහිතා, අවධානය යොමු නොකර, වෙනමම දෙයක් ගැන සිහි කිරීමයි!!! ලස්සන සින්දුවක් අහගන ඉන්න කොට, හොඳ නැගල යන film එකක් වගේ බලන කොට, වෙන්නෙත් මේකම තමයි!!! තමන් ගොඩාක්ම කැමති, ගොඩාක්ම ආසා කරන දෙයක්, කෑමක්/බීමක් ගැන හිතුවත් එච්චරයි!!! ඒ සිද්ධ වෙන කතාන්දරය දෙයියෙක්ගේ අනුහසක්, ආනුභාවයක් නෙවෙයි!!! කයේ 'දැඩි වේදනාවක්' ඇති උනත්, 'පොඩි වේදනාවක්' ඇති උනත්, සිද්ධවෙන්නේ කයයි, ඒ වේදනාවයි (පහසයි), කාය විඥාණයයි එකතුවීම විතරයි... කයේ ඉස්පර්ශය ඇතිවීම විතරයි!!! ඊළඟට, ඒක මනසිකාර වෙනවා ඉබේටම!! ඉතින් රිදෙනවා රිදෙනවා ඉවරයක් නෑ... රිදෙන එක ගැන හිතන්න හිතන්න තව තවත් රිදෙනවා!! නමුත් කයේ ඉස්පර්ශය මනසිකාර නොකර ඉන්න පුළුවන් නම්, ඒ වෙනුවට වෙන ආයතනයක ඉස්පර්ශයක් මනසිකාර කරන්න පුළුවන් නම්, වැඩේ හරි... සුවපත්!!! 'දෙයියෙක්' ඕනේ නෑ!!! 'දෙයියා' ගැන හිතනවා කියන්නේ, කයේ ඉස්පර්ශය පැත්තකින් තියල මනසේ ඉස්පර්ශය මනසිකාර කිරීමට. අහවල් එක ගැන හිතන එකත් ඒවගේම දෙයක් නේ? ඉතින් දෙකම එකයි!!! ආසම කරන ලස්සන සින්දුවක් අහනවා කියන්නේ කණේ ඉස්පර්ශය මනසිකාර කර කර කාලය ගත කිරීම. film එකක් බලනවා කියන්නේ ඇසේ ඉස්පර්ශයයි කනේ ඉස්පර්ශයයි දෙකම මනසිකාර කර කර කාලය ගත කිරීම. තේරෙණවා නේ?? (ඇහැ, කණ, මනස කියන ටික තමයි කතාකරන්න තියන ඉතිරි ආයතන තුන. ඒ ගැන පස්සේ බලමු) කොහොම හරි මේ කරන්නේ උත්සාහයෙන්, උවමනාවෙන් 'හිත' වෙන අතකට යොමුකරන එක විතරයි. ඇත්තටම සිද්ධවෙන technical කතාන්දරය ගත්තොත්, device switching (මනසිකාර කරන ආයතනය මාරු කිරීම්) එහෙම නැත්නම් device scanning - enable/disable {යම් ආයතනයක් මනසිකාර කිරීම කරනවාද අතහරිනවාද කියා තීරණය කිරීම (හැබැයි මේ වැඩේ සිරාවටම කරන්න හැකියාව ලැබෙන්නේ 'අහවලෙක්' උනාට පස්සේ තමයි... මටත් උනේ එහෙමයි)} කරනවා කියන එක තමයි මේ කරලා තියෙන්නේ!!!
ජීවිතය කියන එක තිතටම තෙරුම්ගත්තු දවසට ඔයාලටම තේරේවි මොකද්ද මේ කෙහෙල්මල කියල!! අපි දැන් ඒක අත්විඳිනවා!!! හරි සැහැල්ලුයි!!! relax කියන්නේ, maxaa තමයි!!! අපි එතනටම යමු... බයවෙන්න එපා!!! එතකම් ඔයාල මෙන්න මේ උපදෙස් ටික පිළිපදින්න. මේ වගේ වේදනා විඳින, දුක් විඳින්න වෙන case වලදී, 'දෙයියෙක්' ගැන හිතන්න යන්න එපා!! එතකොට තමන් තමන්ගේම උවමනාවෙන් මුලාවෙනවා වගෙයි!! 'ඉල්ලං කනවා' වගෙයි!! එහෙම සර්ව බලධාරී දෙවිකෙනෙක් නෑ... ඉන්න තරමක් දෙවියෝ, බ්‍රහ්මයෝ ඉන්නේ සංසාර දුකට වැටිච්ච අපි වගේම උදවිය. අපිත් දෙවියෝ හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා... සංසාරේ අපේම ඥාතියෝ වෙච්ච උදවිය දැන් දෙවියෝ හැටියට ඉපදිලා ඉන්නවා... මේ සේරමලා ගතකරන්නේ තාවකාලික ජීවිත!!! මේ අවස්ථාවේ, at present, එයාල අපිට වඩා පින් තිබුණු උදවිය හන්දා දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වල උපත ලබල හිටියත්, ආයුෂ ඉවරවෙච්චම එයාලත් sorry.com වෙනවා!!! ජීවිතය අවබෝධ කරගන්න කම් ඔය කාටවත් සැනසිල්ලක් ලබන්න බෑ!!! අන්න ඒ ජීවිතාවබෝධය ලබාගන්න chance එකක් ලැබිච්ච අපි, අනික් හැමෝටම වඩා පින්වන්තයි!!! දැන් තියෙන්නේ, ගිලිහිලා යන්න නොදී ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම තමයි!!!
ඊළඟට, මම technical explanation එක කරපු thread එකේදිත් කිව්වා, දෙවියෙක්/බ්‍රහ්මයෙක් කියන්නෙත් 'වලේ වැටිච්ච' කෙනෙක්!!! වලේ ඉන්න කෙනෙක්, ඒ වලේම ඉන්න අයට ගොඩයන්න උපකාර කරන්නේ කොහොමද?? ගොඩ ගිය, එතෙර වෙච්ච කෙනෙකුට විතරයි තව අයට ගොඩයන්න උපකාර කරන්න පුළුවන්!!! අන්න ඒ උපකාරය කරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු මහෝපකාරය ගැන හිතන්න... බුදුගුණ මෙනෙහි කරන්න... එතකොට තමාට ලොකු සහනයකුත් දැනේවි!!! මේ දුක්ඛිත සංසාර දුකින් එතෙර වීමට ඒක ලොකු පිටුවහලකුත් වේවි!!! ඒ හැරෙන්න සින්දු/පින්තූර/ආදරේ කරන අය/කෑම ජාති වගේ ඒවා ගැන 'හිත හිතා ඉන්න'ත් එපා!!! ඒවා කොහොල්ලා වගෙයි... ඇලෙනවා!! අපිව මේ සන්සාරයටම අලවන්න හේතු වෙනවා.