ඇත්තටම නම් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්තා කියල, රහත් උනා කියල, 'මම' නැතුව යන්නේ නෑ!!! අපි සේරමලා සංසාර ගමනට වැටිච්ච සත්වයෝ!!! ඉවරයක් නැතුව ඉපදී ඉපදී මැරි මැරී සංසාර ගමනේ යෙදිලා ඉන්න අපි, මනුස්සයෝ හැටියට ඉපදිච්ච තවත් එක් අවස්ථාවක් විතරයි මේක!!! දැන් ඉතින් අපි ඉපදිලා ඉවරනේ?? ඒ හන්දා, රහත් උනාද, මහත් උනාද, පහත් උනාද කතාවක් නෑ... මේ ලබපු ජීවිතේට ආයුෂ තියන තාක් කල්, ඔය විදියටම ඉන්න පුළුවන්!!! හැඟීම් දැනීම් සේරම තියනවා... තමන්ට උවමනා දෙයක් හිතන්න, කියන්න, කරන්න හැකියාව එහෙම්මම තියනවා... කොටින්ම, 'මම' ඉන්නවා!! 'ඌට' මොකවත් වෙන්නේ නෑ!!! ඉතින් හොඳට දැනගන්න, මෙතනට මමත්වය, මමායනය කියන කතන්දර මොකක්වත් අදාළ නෑ!!!
සත්වයාට තියෙන්නේ ලොකු නොදැනුවත් කමක්!!! සංසාර ගමන කියන්නේ, ඒ නොදැනුවත්කම හන්ද සිද්ධවෙච්ච ලොකු වැරද්දක්!!! මේ සැරෙත්, අපි දැනගෙන, අපේ උවමනාවෙන්, මේ ඉන්න ඉන්න තැන්වලට ආවේ (ඉපදුනේ) නැති උනත්, මෙහෙම මනුස්ස ජීවිත ලැබුණේ මනුස්ස ජීවිත ලබන්න අවශ්‍යතා සම්පූර්ණ වෙලා තිබුණු නිසා!!! පින් තිබුණු නිසා!!! මේ ජීවිතේට අදාළ ආයුෂ, හැඩරුව, සැප-සම්පත්, නිදුක්-නීරෝගී කම, ශක්තිය, බලය සහ ප්‍රඥාවන්ත බව වගේ දේවල් (ආයු/වර්ණ/සැප/බල/ප්‍රඥා) ලැබුණේ එක එක්කෙනාගේ සුදුසුකම්, ඒ කියන්නේ, කලින් කරලා තිබුණු පින්/පව් සහ දියුණු කරගෙන තිබුන කුසල්/අකුසල් වලට අනුව!!! දන්නවද ඕව?? නැහැ නේද??? නැවත නැවත ඉපදීම සිද්ධවුණේ, නැවත නැවත ඉපදෙන්න 'හේතු' සකස්වෙච්ච නිසා... මේ සැරේ ඒ හේතු එහෙම්පිටින් නැතිකලොත් මේ ජීවිතයෙන්ම සංසාර ගමන ඉවරයි!!! දන්නවද ඒ බව?? නැහැ නේද??? මේ හැම කෙනෙක්ම මීට කලින් නොයෙකුත් නොයෙකුත් ජීවිත ලබල, තිරිසන් සත්තු / පෙරේතයෝ හැටියටත් ඉපදිලා, විඳලා තියන දුක් බොහොමයි!!! දන්නවද ඒ ගැන?? නැහැ නේද??? හැබැයි, අරහත්වයට පත්වෙච්ච කෙනාට ඔය කිසිම නොදැනුවත් කමක් නෑ!!! එයා සංසාරගමනට අදාළ හැමදේම දන්නවා!!! ඉතින්, එයාට ආයේ වරදින්නේ නෑ!!! එයා හැම දෙයකම 'ඇත්ත ඇති සැටියෙන්ම දකිනවා'... එයාට යථාභූත ඥාණය පහලවෙලා, එහෙම නැත්නම් 'දහම් ඇස' පහලවෙලා කියල තමයි ධර්මයේ කියවෙන්නේ!!!
කොහෙද / කොතනද අපිට වැරදුනේ???
දැන් මේ අපි කවුරු කවුරුත් හිතාගෙන ඉන්න 'මම' එහෙම්පිටින්ම මුලාවක් උනේ, රැවටිල්ලක් උනේ, ඇත්තටම මේ ඇඟේ, මේ භෞතික ශරීරයේ, එහෙම 'කෙනෙක්' නැති හන්ද නේ?? අබ ඇටයක් තරමේ හරි නිත්‍ය, ස්ථිර, ජීවිතයකින් ජීවිතයකට ගමන් කරන කිසිම දෙයක් මේ ශරීර කූඩු අස්සේ නැති නිසා නේ??? ඒත්, බුදුරජාණන්වහන්සේ නමකගෙන් හරි, උන්වහන්සේගේම ආර්ය ශ්රාවකයෙකුගෙන් හරි, මේ සත්ව ජීවිත පිලිබඳ ඇත්ත අහල දැනගන්න ලැබෙනකම්, 'ශ්‍රී සද්ධර්මය' අහන්න ලැබෙන කම්, ශ්‍රී සද්ධර්මය අහල යම් තරමකට හරි තේරෙනකම්, ඔය පිටින් පේන 'ඇඟ' ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන දැනගන්න කාටවත්ම ලැබෙන්නේ නෑ!!! ඉතින්, 'මාත් ඉන්නවා ඇත්තේ ඕක අස්සෙම තමයි!' කියල හිතා ගත්තහම, රැවටුනාම, මට පේනවා... මට ඇහෙනවා... මට ගඳ-සුවඳ/රස/පහස දැනෙනවා... මට හිතෙනවා... කියල තමයි තමුන්ට තේරෙන්නේ!! දැනෙන්නේ!! කියන්න වෙන්නේ!! ඒ හැටි... ඒකෙ වරදක් කියන්න බෑ!!! හැබැයි එතන ඉඳල, විඳින දේවල් වලට, හඳුනාගන්න දේවල් වලට, චේතනා පහල කරලා ප්‍රතිචාර දක්වන දේවල් වලට, දැනගන්න දේවල් වලට කියන හැම එකකටම රැවටෙනවා!!! එසේ මෙසේ රැවටිල්ලක් නෙවෙයි... රූප/වේදනා/සංඥා/සංඛාර/විඥාණ කියන සේරටම (පංච උපාදානස්කන්ධය කියල හඳුන්වන දෙයට) එකකට 4 ආකාරයක් ගනනේ, 20 ආකාරයකට රැවටෙනවා!!! ඔන්න ඔය රැවටිල්ලට කියනවා 20 ආකාර සක්ඛාය දිට්ඨිය කියල!!! ඕක තමයි අපට වැරදිච්ච තැන!!!