තණ්හාව ආසාව කියන්නේ තථාගතයාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගෙන් ශ්‍රී සද්ධර්මය අසා නැති, අවිද්‍යාවෙන් වැහිච්ච, මෝහාන්ධකාරයෙන් වැහිච්ච, ඒ කියන්නේ එහෙම්පිටින්ම කළුවරේ ඉන්න සත්වයන්ගේ මාතෘකාවක්!!! කොටින්ම කියනවා නම්, සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච අනිත්‍ය කයට 'මම' කියල රැවටිච්ච, මේ 'මම' වෙන්න ඇති කියල රැවටිච්ච, සත්වයින්ගේ මාතෘකාවක්!!! අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනානං සත්තානං කියලයි ධර්මයේ කියවෙන්නේ... ධර්මය යන්තමින්වත් 'දැක්ක' ආර්ය ශ්‍රාවකයින්ට තණ්හාව, ආසාව කියන්නේ ලෙඩක්!!! එයාල උත්සාහ ගන්නේ ඒ ලෙඩේ සනීප කරගන්න!!!
දැන් බලන්න ජීවිතය කිව්වේ සංඥා ආයතන 6ක එකතුවකට!!! ඒ හැම එකක්ම හැදිච්ච, සකස්වෙච්ච, අනිත්‍ය දේවල්!!! 'අපි' සත්වයෝ, බාහිර ලෝකේ තියන දේවල් එක්ක සම්බන්ධ උනානම් සම්බන්ධ වුනේ ඒ ආයතන හරහා විතරයි!!! ඒ ඕනෙම සම්බන්ධ වීමකදී අපට කරන්න ලැබුණෙත්, ආයතනයේ ඇතිවෙච්ච ඉස්පර්ශය මනසිකාර කරලා විඳින්න හරි නැත්නම් අමතක කරලා දාල නිකම් ඉන්න හරි විතරයි!!! 'මගේ'ය කියල කොච්චර බදාගෙන හිටියත්, මේ ඇඟේ ඔයිට වඩා දෙයක් කරන්න කාටවත් බෑ!!! මේක තමන්ගේ දෙයක් නෙවෙයි... තමන්ට ඕනේ විදියට තියාගන්නත් බෑ!!!
ජීවිතේ ඇත්ත නොදන්නා තාක් 'මම' ලස්සන රූපයක් බලනවා කියල කරලා තියෙන්නේ ඇසේ ඉස්පර්ශය මනසිකාර කර කර, ඒ විඳීමට ආසා කර කර, ඒ විඳීම ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටිය එක විතරයි නේද?? තේරෙණවද?? අපි ආස කරලා තියෙන්නේ, අපි තණ්හාවෙන් වෙලිලා ඉඳලා තියෙන්නේ, ඇසේ ඉස්පර්ෂයට!!! මොකද අපිට ලැබුණේ ඉස්පර්ශය විතරයි!!! තේරෙණවා නේද??? අන්න ඒක තමයි නියම කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ!!! බලපු ලස්සන ලස්සන රූප නෙවෙයි!!! ඒ තණ්හාව නිසා මේ තියන ඇහැ අනිත්‍ය වෙලා යනකොට තව ඇහැක් ඕනේ වෙනවා... ඉතින් ප්‍රාර්ථනා කරනවා... ඒ පාර ලැබෙනවා!!! ඇහැක් ලැබෙනවා කියන්නේ තව කයක් ලැබෙනවා කියන එක නේ?? ඒ කියන්නේ ආයි ඉපදිලා... ආයිමත් දුකට පත්වෙලා!!!
සද්ධර්මය අහල තේරුම්ගත්ත ආර්ය ශ්‍රාවකයාට ඔය ප්‍රශ්ණේ නෑ!!! ලස්සන රූප හතර වටේම තිබුනත් එයාට වැඩක් නෑ!!! එයා දකින්නේ ඇහෙන් ඉස්පර්ශයක් ඇතිවෙන බව විතරයි!!! එයා දන්නවා ඇහැ අනිත්‍යයි... ඇහැ අනිත්‍ය වෙලා යනකොට ඔය පේන කෙහෙල්මල් සේරමත් පේන එක නවතින බව!!! තව කොච්චර ඇස් පැතුවත් වැඩක් නෑ... ඒ ලැබෙන්නෙත් සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච ඇස්... ඒ සේරම අනිත්‍යයි නිසා කොච්චර පැතුවත් වැඩක් නෑ... කියල!!! ඉතින් එයා ආයේ මොකුත් පතන්නේ නෑ... ඒ හන්ද ලැබෙන්නෙත් නෑ... එයා මෙතැනින්ම ඉවරවෙලා යනවා!!! ඉතින් හොඳට තේරුම් ගන්න, අරහත්වයට පත් උනාම, අනිත්‍ය හොඳටම 'දැක්කහම' ලස්සන රූප කොච්චර දැක්කත්, බැලුවත්, පෙනුනත් කිසි වෙනසක් නෑ...
ජීවිතේ ඇත්ත නොදන්නා තාක් 'මම' නොයෙකුත් කෑම, බීම ජාතිවල රස විඳිනවා කියල කරලා තියෙන්නේ දිවේ ඉස්පර්ශය මනසිකාර කර කර, ඒ විඳීමට ආසා කර කර, ඒ විඳීම ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටිය එක විතරයි නේද?? තේරෙණවද?? අපි ආස කරලා තියෙන්නේ, අපි තණ්හාවෙන් වෙලිලා ඉඳලා තියෙන්නේ, දිවේ ඉස්පර්ෂයට!!! මොකද අපිට ලැබුණේ ඒ ඉස්පර්ශය විතරයි!!! තේරෙණවා නේද??? අන්න ඒක තමයි නියම කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ!!! රස විඳපු කෑම, බීම නෙවෙයි!!! ඒ තණ්හාව නිසා මේ තියන දිව අනිත්‍ය වෙලා යනකොට තව දිවක් ඕනේ වෙනවා... ඉතින් ප්‍රාර්ථනා කරනවා... ඒ පාර ලැබෙනවා!!! දිවක් ලැබෙනවා කියන්නේ තව කයක් ලැබෙනවා කියන එක නේ?? ඒ කියන්නේ ආයි ඉපදිලා... ආයිමත් දුකට පත්වෙලා!!!
සද්ධර්මය අහල තේරුම්ගත්ත ආර්ය ශ්‍රාවකයාට ඔය ප්‍රශ්ණේ නෑ!!! රස රස කෑම ජාති කොච්චර කන්න ලැබුනත්, රස රස බීම ජාති කොච්චර බොන්න ලැබුනත්, එයාට වැඩක් නෑ!!! එයා දකින්නේ දිවේ ඉස්පර්ශයක් ඇතිවෙන බව විතරයි!!! එයා දන්නවා දිව අනිත්‍යයි... දිව අනිත්‍ය වෙලා යනකොට ඔය දැනෙන රස සේරමත් නොදැනී යන බව!!! තව කොච්චර දිව වල් පැතුවත් වැඩක් නෑ... ඒ ලැබෙන්නෙත් සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච දිව වල් මයි... ඒ සේරම අනිත්‍යයි නිසා කොච්චර පැතුවත් වැඩක් නෑ... කියල!!! ඉතින් එයා ආයේ මොකුත් පතන්නේ නෑ... ඒ හන්ද ලැබෙන්නෙත් නෑ... එයා මෙතැනින්ම ඉවරවෙලා යනවා!!! ඉතින් හොඳට තේරුම් ගන්න, අරහත්වයට පත් උනාම, අනිත්‍ය හොඳටම 'දැක්කහම' මොනවා කෑවත් බිව්වත් කිසි වෙනසක් නෑ... රහත්වෙලා කොච්චර කෑවත් බිව්වත් පිරිණිවන්පානවා මයි!!!
ජීවිතේ ඇත්ත නොදන්නා තාක් 'මම' සැප විඳිනවා, මම පහස විඳිනවා කියල කරලා තියෙන්නේ කයේ ඉස්පර්ශය මනසිකාර කර කර, ඒ විඳීමට ආසා කර කර, ඒ විඳීම ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටිය එක විතරයි නේද?? තේරෙණවද?? අපි ආස කරලා තියෙන්නේ, අපි තණ්හාවෙන් වෙලිලා ඉඳලා තියෙන්නේ, කයේ ඉස්පර්ෂයට මිසක් පහස ලබපු ඒවාට නෙවෙයි!!! මොකද අපිට ලැබුණේ කයේ ඉස්පර්ශය විතරයි!!! තේරෙණවා නේද??? අන්න ඒක තමයි නියම කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ!!! විඳපු පහසවල් නෙවෙයි!!! ඒ තණ්හාව නිසා මේ තියන කය අනිත්‍ය වෙලා යනකොට තව කයක් ඕනේ වෙනවා... ඉතින් ප්‍රාර්ථනා කරනවා... ඒ පාර ලැබෙනවා!!! ආයෙම කයක් ලැබෙනවා කියන්නේ ආයෙම උපදිනවා කියන එක නේ?? ඒ පාර ආයිමත් දුකට පත්වෙලා!!!
සද්ධර්මය අහල තේරුම්ගත්ත ආර්ය ශ්‍රාවකයාට ඔය ප්‍රශ්ණේ නෑ!!! එයාට මොන පහසක වත් විශේෂයක් නෑ!!! කොයිතරම් දේවල් වල පහස විඳින්න ලැබුනත්, නොලැබුනත් වෙනසක් නෑ!!! එයා දකින්නේ කයේ ඉස්පර්ශයක් ඇතිවෙන බව විතරයි!!! එයා දන්නවා කය අනිත්‍යයි... කය අනිත්‍ය වෙලා යනකොට ඔය දැනෙන පහස එහෙමපිටින් නොදැනී යන බව!!! තව කොච්චර කයවල් පැතුවත් වැඩක් නෑ... ඒ ලැබෙන්නෙත් සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච කයවල් මයි... ඒ සේරම අනිත්‍යයි කියල හොඳටම දන්නා නිසා, එයා ආයේ මොකුත් පතන්නේ නෑ... ඒ හන්ද ලැබෙන්නෙත් නෑ... එයා මෙතැනින්ම ඉවරවෙලා යනවා!!! හොඳට දැනගන්න, රහතුන්වහන්සේට කොච්චර රජ මාලිගා ලැබුණත්/තිබුනත් සුව පහසු ඇඳ-ඇතිරිලි, යාන-වාහන ලැබුණත්/තිබුනත් ජීවිතය අවසාන වෙද්දී එයා පිරිණිවන්පානවා මයි!!!
කණ, නාසය දෙකත් ඔච්චරම තමයි මෙයාල!! ඉතින් ලියලත් වැඩක් නෑ... මේ ජීවිතේ නිකම්ම නිකම් පිස්සුවක්!!! ඒ බව හොඳටම තේරුම් ගන්න!!! බාහිර පරිසරයෙන් ලැබුණු රූප, සද්ද, ගඳ-සුවඳ. රස, පහස කියන ඒවා නෙවෙයි අපේ ප්‍රශ්ණේ!!! අපි මේ ජීවිතය අනිත්‍ය බව දැක්කේ නෑ... මේ ජීවිතය දුකක් බව දැක්කේ නෑ... මේ ජීවිතය අපිට උවමනා විදියට තියාගන්න බැරි දෙයක් බව දැක්කේ නෑ!!! කොටින්ම, ජීවිතයේ අනිත්‍ය / දුක්ඛ / අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වුනේ නෑ!!! ඒකයි අපි කාම තණ්හාවට අහු වුනේ... ඒකයි කාම තණ්හාව කියල එකක් ඇති වුනේ... නැතුව කාම තණ්හාව නෙවෙයි අපේ මූලික ප්‍රශ්ණේ!!! තේරුණාද???