'මම' ඉන්නේ කොහෙද?

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    GOOD

    අපි 'පංච කාම' සැප සම්පත් විඳිනවා කියල මෙච්චර කලක් තිස්සේ කරලා තියෙන්නේ මොකද්ද?? මොනවද??

    Machan digatama liyapa.godak nodanna deewal danagaththa.uba laga PDF karapu darma karunu thiyanawanam mata e-mail karapan.
    thanks damiya
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    ඇයි බං මේවගේ talks දාන්නේ??

    කියපන්කො 'මගේ විඥාණය අනිදස්සන නෑ...' 'උඹට මගේ කෙසෙල් පේනවා...' 'මම සංසාරේ යනවා පේනව' වගේ 'බක' කතන්දර ටිකක්... :lol::lol::lol:

    උඹට උවමනා 'පිරිසුදු බුදු දහම ආරක්ෂා කරන්නයි' උඹට උවමනා 'කට්ටිය මිත්‍යා දෘෂ්ඨියට වැටිලා අපායේ යන එක නවත්තන්නයි' කිව්වා නේද?? :rolleyes::rolleyes::rolleyes:

    ඇයි දැන් ඒ ලොකු talks වලට මොකද වෙලා තියෙන්නේ?? :rofl::rofl::rofl:

    අනේ හුජ්ජ කොල්ලෝ... :P:P:P
    ඔහොම කිව්වාම ඔයාගේ බොරු ටික ඔක්කොම වහගන්න පුළුවන්. මගේ 'බක' කතා බොරු නොවෙයි.ඔයාට බොන්න වෙන්නේ මගේ හුජ්ජ නෙවෙයි යම හුජ්ජ.ඔහොම යං ඔහොම යං.ඔයා ඉන්නේ නිවන් දැකලානේ.බුදුහාමුදුරුවෝ ගාවට යමක් තේරෙන්නෙත් ඔයාටනෙ.දැන් ඉන්න අනෙක් සියලු හාමුදුරුවරුන්ටත් ඔයාට තරම් මොලයක් නෑනේ.ඔය මාර technical මොලයක් තියෙන කෙනෙක්නෙ.ඔයා කියන මාර සත්‍යය පිළිඅරන් පොත් ගහන මොලේ හොඳටම තියන අයත් ඉන්නවනේ. සේරටම මුල තණ්හාවත් නෙවෙයිනේ.මේක තනිකරම technical කතන්දරයක්නෙ.අපි ඉතින් කියන්නේ montessori කතන්දරණේ.ඔයා නම් නියම පොරක්.මේක නවත්වන්න නම් එපා.අමාරුවේ වැටෙන්න අවශ්‍ය අය ගොඩක් ඉන්නවා.
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    හුඟාක් අය හිතන්නේ කාම තන්හාව තමයි මේ සේරටම මුල! කියල නේ?? ඔය රස කෑම ජාති වලට, ලස්සන ඇඳුම් පැළඳුම් වලට, ගෙවල් දොරවල් වලට, වස්තුව / දේපල / යාන වාහන වලට, reps වලට, ආයේ පවුලේ උදවියට තියන ආසාව / බැඳීම මේ සංසාර ගමනට හේතුවෙනවා කියල නේ හැමෝම හිතාගෙන ඉන්නේ?? හුඟාක් අය හයියෙන් අල්ලාගෙන, කියව කියව ඉන්නේ, 'තන්හාව තමයි සේරටම මුල...' 'තන්හාව නැති කරගන්න ඕනේ...' කිය කිය නේ?? නේද???

    එහෙමපිටින් වැරදියි!!! ඒ තන්හාව ධර්මය ගැන නිකම් montessori මට්ටමේ දැනුමක් තියන අය කියව කියව ඉන්න එකක්!!! දහම් දැනීමක් නැති ගිහි / පැවිදි දෙපාර්ශවයේම උදවිය සද්දෙන් කියව කියවා ඉන්න එකක්... එච්චරයි!!! ඇත්ත කතාව ඕක නෙවෙයි!!!

    Me thiyenne niyama satyaya.buduhamuduruwo kawda
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔහොම කිව්වාම ඔයාගේ බොරු ටික ඔක්කොම වහගන්න පුළුවන්. මගේ 'බක' කතා බොරු නොවෙයි.ඔයාට බොන්න වෙන්නේ මගේ හුජ්ජ නෙවෙයි යම හුජ්ජ.ඔහොම යං ඔහොම යං.ඔයා ඉන්නේ නිවන් දැකලානේ.බුදුහාමුදුරුවෝ ගාවට යමක් තේරෙන්නෙත් ඔයාටනෙ.දැන් ඉන්න අනෙක් සියලු හාමුදුරුවරුන්ටත් ඔයාට තරම් මොලයක් නෑනේ.ඔය මාර technical මොලයක් තියෙන කෙනෙක්නෙ.ඔයා කියන මාර සත්‍යය පිළිඅරන් පොත් ගහන මොලේ හොඳටම තියන අයත් ඉන්නවනේ. සේරටම මුල තණ්හාවත් නෙවෙයිනේ.මේක තනිකරම technical කතන්දරයක්නෙ.අපි ඉතින් කියන්නේ montessori කතන්දරණේ.ඔයා නම් නියම පොරක්.මේක නවත්වන්න නම් එපා.අමාරුවේ වැටෙන්න අවශ්‍ය අය ගොඩක් ඉන්නවා.

    batalu hama galavila wisiwelaa...

    babaa part dagena aawata sathawa andunaganna puluwan!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kollo 2-3 denek gen yantham reps tikak labuna... ekek ekenuth 2k kapala. :( moda jokes daanna epalu!! :no:

    moda jokes danna epa ban! :D
    kapapuwata hariyanna thawa reps tikak daapan... ;)

    mekata ratings daala thiyanwath madi ne... :(
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තණ්හාව ආසාව කියන්නේ තථාගතයාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගෙන් ශ්‍රී සද්ධර්මය අසා නැති, අවිද්‍යාවෙන් වැහිච්ච, මෝහාන්ධකාරයෙන් වැහිච්ච, ඒ කියන්නේ එහෙම්පිටින්ම කළුවරේ ඉන්න සත්වයන්ගේ මාතෘකාවක්!!! කොටින්ම කියනවා නම්, සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච අනිත්‍ය කයට 'මම' කියල රැවටිච්ච, මේ 'මම' වෙන්න ඇති කියල රැවටිච්ච, සත්වයින්ගේ මාතෘකාවක්!!! අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනානං සත්තානං කියලයි ධර්මයේ කියවෙන්නේ... ධර්මය යන්තමින්වත් 'දැක්ක' ආර්ය ශ්‍රාවකයින්ට තණ්හාව, ආසාව කියන්නේ ලෙඩක්!!! එයාල උත්සාහ ගන්නේ ඒ ලෙඩේ සනීප කරගන්න!!!

    දැන් බලන්න ජීවිතය කිව්වේ සංඥා ආයතන 6ක එකතුවකට!!! ඒ හැම එකක්ම හැදිච්ච, සකස්වෙච්ච, අනිත්‍ය දේවල්!!! 'අපි' සත්වයෝ, බාහිර ලෝකේ තියන දේවල් එක්ක සම්බන්ධ උනානම් සම්බන්ධ වුනේ ඒ ආයතන හරහා විතරයි!!! ඒ ඕනෙම සම්බන්ධ වීමකදී අපට කරන්න ලැබුණෙත්, ආයතනයේ ඇතිවෙච්ච ඉස්පර්ශය මනසිකාර කරලා විඳින්න හරි නැත්නම් අමතක කරලා දාල නිකම් ඉන්න හරි විතරයි!!! 'මගේ'ය කියල කොච්චර බදාගෙන හිටියත්, මේ ඇඟේ ඔයිට වඩා දෙයක් කරන්න කාටවත් බෑ!!! මේක තමන්ගේ දෙයක් නෙවෙයි... තමන්ට ඕනේ විදියට තියාගන්නත් බෑ!!!

    ජීවිතේ ඇත්ත නොදන්නා තාක් 'මම' ලස්සන රූපයක් බලනවා කියල කරලා තියෙන්නේ ඇසේ ඉස්පර්ශය මනසිකාර කර කර, ඒ විඳීමට ආසා කර කර, ඒ විඳීම ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටිය එක විතරයි නේද?? තේරෙණවද?? අපි ආස කරලා තියෙන්නේ, අපි තණ්හාවෙන් වෙලිලා ඉඳලා තියෙන්නේ, ඇසේ ඉස්පර්ෂයට!!! මොකද අපිට ලැබුණේ ඉස්පර්ශය විතරයි!!! තේරෙණවා නේද??? අන්න ඒක තමයි නියම කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ!!! බලපු ලස්සන ලස්සන රූප නෙවෙයි!!! ඒ තණ්හාව නිසා මේ තියන ඇහැ අනිත්‍ය වෙලා යනකොට තව ඇහැක් ඕනේ වෙනවා... ඉතින් ප්‍රාර්ථනා කරනවා... ඒ පාර ලැබෙනවා!!! ඇහැක් ලැබෙනවා කියන්නේ තව කයක් ලැබෙනවා කියන එක නේ?? ඒ කියන්නේ ආයි ඉපදිලා... ආයිමත් දුකට පත්වෙලා!!!

    සද්ධර්මය අහල තේරුම්ගත්ත ආර්ය ශ්‍රාවකයාට ඔය ප්‍රශ්ණේ නෑ!!! ලස්සන රූප හතර වටේම තිබුනත් එයාට වැඩක් නෑ!!! එයා දකින්නේ ඇහෙන් ඉස්පර්ශයක් ඇතිවෙන බව විතරයි!!! එයා දන්නවා ඇහැ අනිත්‍යයි... ඇහැ අනිත්‍ය වෙලා යනකොට ඔය පේන කෙහෙල්මල් සේරමත් පේන එක නවතින බව!!! තව කොච්චර ඇස් පැතුවත් වැඩක් නෑ... ඒ ලැබෙන්නෙත් සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච ඇස්... ඒ සේරම අනිත්‍යයි නිසා කොච්චර පැතුවත් වැඩක් නෑ... කියල!!! ඉතින් එයා ආයේ මොකුත් පතන්නේ නෑ... ඒ හන්ද ලැබෙන්නෙත් නෑ... එයා මෙතැනින්ම ඉවරවෙලා යනවා!!! ඉතින් හොඳට තේරුම් ගන්න, අරහත්වයට පත් උනාම, අනිත්‍ය හොඳටම 'දැක්කහම' ලස්සන රූප කොච්චර දැක්කත්, බැලුවත්, පෙනුනත් කිසි වෙනසක් නෑ...

    ජීවිතේ ඇත්ත නොදන්නා තාක් 'මම' නොයෙකුත් කෑම, බීම ජාතිවල රස විඳිනවා කියල කරලා තියෙන්නේ දිවේ ඉස්පර්ශය මනසිකාර කර කර, ඒ විඳීමට ආසා කර කර, ඒ විඳීම ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටිය එක විතරයි නේද?? තේරෙණවද?? අපි ආස කරලා තියෙන්නේ, අපි තණ්හාවෙන් වෙලිලා ඉඳලා තියෙන්නේ, දිවේ ඉස්පර්ෂයට!!! මොකද අපිට ලැබුණේ ඒ ඉස්පර්ශය විතරයි!!! තේරෙණවා නේද??? අන්න ඒක තමයි නියම කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ!!! රස විඳපු කෑම, බීම නෙවෙයි!!! ඒ තණ්හාව නිසා මේ තියන දිව අනිත්‍ය වෙලා යනකොට තව දිවක් ඕනේ වෙනවා... ඉතින් ප්‍රාර්ථනා කරනවා... ඒ පාර ලැබෙනවා!!! දිවක් ලැබෙනවා කියන්නේ තව කයක් ලැබෙනවා කියන එක නේ?? ඒ කියන්නේ ආයි ඉපදිලා... ආයිමත් දුකට පත්වෙලා!!!

    සද්ධර්මය අහල තේරුම්ගත්ත ආර්ය ශ්‍රාවකයාට ඔය ප්‍රශ්ණේ නෑ!!! රස රස කෑම ජාති කොච්චර කන්න ලැබුනත්, රස රස බීම ජාති කොච්චර බොන්න ලැබුනත්, එයාට වැඩක් නෑ!!! එයා දකින්නේ දිවේ ඉස්පර්ශයක් ඇතිවෙන බව විතරයි!!! එයා දන්නවා දිව අනිත්‍යයි... දිව අනිත්‍ය වෙලා යනකොට ඔය දැනෙන රස සේරමත් නොදැනී යන බව!!! තව කොච්චර දිව වල් පැතුවත් වැඩක් නෑ... ඒ ලැබෙන්නෙත් සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච දිව වල් මයි... ඒ සේරම අනිත්‍යයි නිසා කොච්චර පැතුවත් වැඩක් නෑ... කියල!!! ඉතින් එයා ආයේ මොකුත් පතන්නේ නෑ... ඒ හන්ද ලැබෙන්නෙත් නෑ... එයා මෙතැනින්ම ඉවරවෙලා යනවා!!! ඉතින් හොඳට තේරුම් ගන්න, අරහත්වයට පත් උනාම, අනිත්‍ය හොඳටම 'දැක්කහම' මොනවා කෑවත් බිව්වත් කිසි වෙනසක් නෑ... රහත්වෙලා කොච්චර කෑවත් බිව්වත් පිරිණිවන්පානවා මයි!!!

    ජීවිතේ ඇත්ත නොදන්නා තාක් 'මම' සැප විඳිනවා, මම පහස විඳිනවා කියල කරලා තියෙන්නේ කයේ ඉස්පර්ශය මනසිකාර කර කර, ඒ විඳීමට ආසා කර කර, ඒ විඳීම ඔස්සේ දිගින් දිගට හිත හිතා හිටිය එක විතරයි නේද?? තේරෙණවද?? අපි ආස කරලා තියෙන්නේ, අපි තණ්හාවෙන් වෙලිලා ඉඳලා තියෙන්නේ, කයේ ඉස්පර්ෂයට මිසක් පහස ලබපු ඒවාට නෙවෙයි!!! මොකද අපිට ලැබුණේ කයේ ඉස්පර්ශය විතරයි!!! තේරෙණවා නේද??? අන්න ඒක තමයි නියම කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ!!! විඳපු පහසවල් නෙවෙයි!!! ඒ තණ්හාව නිසා මේ තියන කය අනිත්‍ය වෙලා යනකොට තව කයක් ඕනේ වෙනවා... ඉතින් ප්‍රාර්ථනා කරනවා... ඒ පාර ලැබෙනවා!!! ආයෙම කයක් ලැබෙනවා කියන්නේ ආයෙම උපදිනවා කියන එක නේ?? ඒ පාර ආයිමත් දුකට පත්වෙලා!!!

    සද්ධර්මය අහල තේරුම්ගත්ත ආර්ය ශ්‍රාවකයාට ඔය ප්‍රශ්ණේ නෑ!!! එයාට මොන පහසක වත් විශේෂයක් නෑ!!! කොයිතරම් දේවල් වල පහස විඳින්න ලැබුනත්, නොලැබුනත් වෙනසක් නෑ!!! එයා දකින්නේ කයේ ඉස්පර්ශයක් ඇතිවෙන බව විතරයි!!! එයා දන්නවා කය අනිත්‍යයි... කය අනිත්‍ය වෙලා යනකොට ඔය දැනෙන පහස එහෙමපිටින් නොදැනී යන බව!!! තව කොච්චර කයවල් පැතුවත් වැඩක් නෑ... ඒ ලැබෙන්නෙත් සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච කයවල් මයි... ඒ සේරම අනිත්‍යයි කියල හොඳටම දන්නා නිසා, එයා ආයේ මොකුත් පතන්නේ නෑ... ඒ හන්ද ලැබෙන්නෙත් නෑ... එයා මෙතැනින්ම ඉවරවෙලා යනවා!!! හොඳට දැනගන්න, රහතුන්වහන්සේට කොච්චර රජ මාලිගා ලැබුණත්/තිබුනත් සුව පහසු ඇඳ-ඇතිරිලි, යාන-වාහන ලැබුණත්/තිබුනත් ජීවිතය අවසාන වෙද්දී එයා පිරිණිවන්පානවා මයි!!!

    කණ, නාසය දෙකත් ඔච්චරම තමයි මෙයාල!! ඉතින් ලියලත් වැඩක් නෑ... මේ ජීවිතේ නිකම්ම නිකම් පිස්සුවක්!!! ඒ බව හොඳටම තේරුම් ගන්න!!! බාහිර පරිසරයෙන් ලැබුණු රූප, සද්ද, ගඳ-සුවඳ. රස, පහස කියන ඒවා නෙවෙයි අපේ ප්‍රශ්ණේ!!! අපි මේ ජීවිතය අනිත්‍ය බව දැක්කේ නෑ... මේ ජීවිතය දුකක් බව දැක්කේ නෑ... මේ ජීවිතය අපිට උවමනා විදියට තියාගන්න බැරි දෙයක් බව දැක්කේ නෑ!!! කොටින්ම, ජීවිතයේ අනිත්‍ය / දුක්ඛ / අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වුනේ නෑ!!! ඒකයි අපි කාම තණ්හාවට අහු වුනේ... ඒකයි කාම තණ්හාව කියල එකක් ඇති වුනේ... නැතුව කාම තණ්හාව නෙවෙයි අපේ මූලික ප්‍රශ්ණේ!!! තේරුණාද???
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජීවිතය අවබෝධ කිරීම සම්බන්ධයෙන් ඔය උදවියට තිබුණු වැරදි අදහස් ටිකෙන් ටික 'දියවෙලා' යනවා පේනවද? ඇත්තටම මේ මාතෘකාව අමාරු නෑ!! එක එක පිස්සු මරගාත කරපු ගිහි/පැවිදි උදවිය 'අනල දාල' විතරයි... ලිහල පැහැදිලි කරලා දුන්නම හුඟ දෙනෙකුට නිවණ දුර නෑ!!! මම ඒක කරනවා!!! අනික ජීවිතය අවබෝධ උනාම, රහත් උනාම, 'ගල් බමුණා' mark වෙනවා... කන්න/බොන්න/නිදහසේ ජීවත් වෙන්න/ලස්සනට අඳින්න-පළඳින්න/කතා බහ කරන්න බැරුව, 'ගල්වෙලා' යනවා! නිකම් මොනවදෝ වෙනවා! කියල හිතන්නත් එපා!!! කිසි upset එකක් වෙන්නේ නෑ!!! වෙන එකමදේ මේ අනිත්‍ය ජීවිතයෙන් සමුගන්න වෙන දවසට අනික් එවුන් පොලවේ පස් කාගෙන අඬන්න / වැළපෙන්න තියා ගත්තට, ජීවිතය අවබෝධ කරපු උත්තමයන්ට ගානක් වත් නෑ!!! එයාල ජීවත් වෙන ටික කාලෙත් බොහොම සැනසිල්ලේ ජීවත් වෙලා, cool එකේ අනිත්‍ය ධර්මතාවයට මුහුණ දෙනවා!!! අපේ හාමුදුරුවෝ කියන්නේ "butter පාන් කාල, සනීපෙට නිදාගත්තා වගේ තමයි" කියලයි... ආයි කවදාවත් දුකට පත්වීමකුත් නෑ!!! එයාට ප්‍රශ්ණ මොකවත් නෑ!!! එයා එහෙම්පිටින්ම නිදහස්!!!:yes::yes::yes:
     
    නිකන් හදල ටින්කර් කරපු බුද්ධාගමක් මවන්න එපා. අභිධර්මය තහනම් කරපු ඔයාගේ ලොකු ස්වාමින්වහන්සේටවත් .අභිධර්මය අරහන් ඔයාටවත්. ඔය කොටස හරියට විග්‍රහ කරන්න අභිධර්මය නැතුව බෑ.
     
    Me oyage mithyadrushtika niwana
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිකන් හදල ටින්කර් කරපු බුද්ධාගමක් මවන්න එපා. අභිධර්මය තහනම් කරපු ඔයාගේ ලොකු ස්වාමින්වහන්සේටවත් .අභිධර්මය අරහන් ඔයාටවත්. ඔය කොටස හරියට විග්‍රහ කරන්න අභිධර්මය නැතුව බෑ.

    අනේ ඔයා වගේ මෝඩයෙක්!!
    පටිච්චසමුප්පාදය නිසා හටගත්ත සත්වයා, පටිච්චසමුප්පාදය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා!!! කියන එකට වඩා ගැඹුරු දහමක්, අභිධර්මයක්, කොහෙද තියෙන්නේ???

    කොහොම හරි කමක් නෑ... ඔන්න ඔය විදියට ඔයාගෙ නියම ස්වරූපය, ඔයා සද්ධර්ම ප්‍රතිරූපකයෙක් කියන බව, ඔයා ධර්මය අධර්මය කරන්න දඟලන කෙනෙක් කියන බව, අනික් උදවියට හොඳට පේන්න ඉන්න කෝ... ඒ ඇති!!! ඔයා කොහොම හිතාගෙන උන්නත් මෙතන ඉන්න හැමෝම ඔයා වගේ මෝඩයෝ නෙවෙයි නේ?? ඒ අය, ඔයා කවුද කියල හොඳට තේරුම් ගනී!!!
     
    එතකොට නිවන් දැකල බොන එක.කුණුහරපෙන් බනින එක.Thread එකක් බලල ෂුවර් එකටම නිවන් දකින එක.ප්‍රතිරුපකයෙක් ගේ වැඩ නොවෙයි technical වැඩ වෙන්න ඇති නේද?
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    අනේ ඔයා වගේ මෝඩයෙක්!!
    පටිච්චසමුප්පාදය නිසා හටගත්ත සත්වයා, පටිච්චසමුප්පාදය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා!!! කියන එකට වඩා ගැඹුරු දහමක්, අභිධර්මයක්, කොහෙද තියෙන්නේ???

    කොහොම හරි කමක් නෑ... ඔන්න ඔය විදියට ඔයාගෙ නියම ස්වරූපය, ඔයා සද්ධර්ම ප්‍රතිරූපකයෙක් කියන බව, ඔයා ධර්මය අධර්මය කරන්න දඟලන කෙනෙක් කියන බව, අනික් උදවියට හොඳට පේන්න ඉන්න කෝ... ඒ ඇති!!! ඔයා කොහොම හිතාගෙන උන්නත් මෙතන ඉන්න හැමෝම ඔයා වගේ මෝඩයෝ නෙවෙයි නේ?? ඒ අය, ඔයා කවුද කියල හොඳට තේරුම් ගනී!!!

    ඔය ධර්මය විකුර්ති කරනවා විතරක් නොවෙයි නිවන් දැකල කියල ගොනාට ඇඳලා ඉන්නේ.ඒ වැරදි පාරට දන්නේ නැති අනෙක් අයවත් ගන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නේ.මට අවශ්‍ය එක වළක්වන්නයි.කෙනෙක්ව මිත්‍යා දෘෂ්ටියෙන් වලක්වන එකත් මහත් පිනක්.
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    කෙනෙක් නිවන් දැක්කම නෙවෙයි සෝවාන් උනාම වත් ඒ ගැන තවත් කෙනෙකුට කියන්න සිතක් පහල වෙන්නේ නෑ.ප්‍රසිද්ධියේ කියන්න කොහොමත් හිතෙන්නේ නෑ.බොන්න ආසාවක් කොහෙත්ම ඇතිවෙන්නේ නෑ.සීලය දියුණු තියුණු වෙනවා.මේ මෝඩයෙකුගේ ටින්කර් ධර්මය නැති උනාට.මෙයා කියන්න දඟලන දේවල් ධර්ම පොත පත වල ඕනේ තරම් තියෙනවා.ඉන්ටෙර්නෙට් එකෙත් තියනවා.කෙනෙකුට නිවන් දකින්න ඒවා හොඳටම ඇති. ඒවාට ෂෝර්ට් කට් අවශ්‍ය නෑ. මෙයත් එක්ක ගියොත් අපායටම තමයි යන්න වෙන්නේ.මෙයා ඕනේ ඕනේ දේවල් ඕනේ ඕනේ වෙලාවට කරන නිවනක් තියෙන්නේ .මමත් මේ දාන දේවල් බොරු උනත් කියවනවා.ධර්මයේ අඩංගුවෙන කරුණු ඉදිරිපත් කරලයි මෙය බොරු මවන්නේ එකයි ගොඩක් අය රැවටෙන්නේ.මතක තියාගන්න කිරිබත්ගොඩ හාමුදුරුවෝ වත් මාර්ග පල ලබල කියල තමන්වහන්සේ ප්‍රකාශ කරන්නේ නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් මේ කාම ආසා කියන්නේ තනිකරම ඔය ආයතනවලින් ඇතිවන ඉස්පර්ෂයන් මනසිකාර කරන්න තිබිච්ච උවමනාවක් විතරයි!!! ඒක එහෙම්පිටින්ම රැවටිල්ලක්... ඒක නෙවෙයි වැදගත්ම දේ... දැන් ඔය කාම ආසාව, කාම තණ්හාව ඇති උනේ කොහොමද??

    බුදුහාමුදුරුවෝ ඇහුව, කවදාවත් කාල නැති, අහලවත් නැති, එහෙම කෑමක් තියනවාද කියල දන්නෙවත් නැති, කෑමක් කන්න ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. තේරෙනවද?? කෑම ජාතිය X කියමු. ඔයා කලින් ඒවා කාලත් නෑ... කවුරුවත් ඒ කෑම ජාතිය ගැන අර රසයි/මේ රසයි/අර වගෙයි/මේ වගෙයි මොකවත් කියලත් නෑ... එහෙම කෑමක් තියනවා කියල TV/radio/internet/පත්තර මොකකින් වත් දැනගන්න ලැබිලත් නෑ... ඔයාට ඒ කෑම ජාතිය ගැන තණ්හාවක් තියනවද? නෑ නේද?? කවුරුහරි එහෙම කෑමක් ගැන කියල, චුට්ටක් ගෙනල්ල දීල, first-time කාල බලල, 'ම්ම්... ශා... මරු! මරු!!' කියල රස දැනුනම නේද, තව නැද්ද? කොහෙන්ද? කියල අහ අහ, ඒවා තව කන්න උවමනාවක්, ආසාවක් ඇතිවෙන්නේ??

    ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුව, කවදාවත් දැනිල නැති, අහලවත් නැති, එහෙම සුවඳක් තියනවාද කියල දන්නෙවත් නැති, සුවඳ වර්ගයක් ගැන ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. ආයේ ඇහුව, කවදාවත් දැකල නැති, අහලවත් නැති, එහෙම රූපයක් තියනවාද කියල දන්නෙවත් නැති, රූප දකින්න ඔබට ආසාවක් ඇතිවෙනවද?? කියල. ඊළඟට පහස සම්බන්ධයෙනුත්, ශබ්ද සම්බන්ධයෙනුත්, අරමුණු සම්බන්ධයෙනුත් ඔය විදියටම ණුවනින් විමසලා බලන්න... කලින් විඳලා දැනගන්න ලැබිලා නැති දෙයක් ගැන ආසාවක්, තණ්හාවක් ඇතිනොවෙන බව පැහැදිලියිද???

    අන්න ඒකයි වැඩේ... වින්දයින් පස්සේ තමයි තණ්හාව ඇතිවෙන්නේ!!! තණ්හාව ඇතිවුනෙත් හේතුවක් හන්දයි!!! 'වේදනා පච්චයා තණ්හා' තණ්හාව ඇති වෙන්නේ විඳීම නිසයි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට, විඳීම ඇතිවුනේ කොහොමද? මතක නේ... ඉස්පර්ශය මනසිකාර කළායින් තමයි විඳීම ඇතිවුනේ!! ඒ කියන්නේ, විඳීම ඇතිවුනෙත් හේතුවක් හන්දයි!!! 'ඵස්ස පච්චයා වේදනා' වේදනාව (විඳීම) ඇතිවන්නේ ඵස්ස (ඉස්පර්ශය) නිසයි!!!

    එතකොට, ඉස්පර්ශය ඇතිවුනේ කොහොමද?? මතක නේ... ඉස්පර්ශ ඇතිවුනේ ආයතන වල නේ?? ඉතින්, ඉස්පර්ශයට හේතුව ආයතන 6 යි!! 'සලායතන පච්චයා ඵස්සෝ' ඵස්ස (ඉස්පර්ශය) ඇතිවුනේ සලායතන (ආයතන 6) හන්දයි!!!

    එතකොට, ආයතන 6 හැදුනේ කොහොමද?? ආයතන 6, එහෙම නැත්නම් මේ 'කය' හැදිලා තියෙන්නේ සතරමහා ධාතුවලින් කියල දන්නවා නේ?? හැබැයි මේ කතාවෙන්නේ, ඉස්පර්ශයන් ඇතිවන සජීවී / සක්‍රිය ආයතන ගැන!! සක්‍රිය ආයතන හදන්න නිකම්ම නිකම් සතරමහා ධාතු, 'රූප' වලින් බැහැ නේ?? ඒවා 'නාමරූප' නැත්නම් සජීවී ඒවා වෙන්න එපාය?? ඉතින්, 'නාමරූප පච්චයා සලායතනං' සලායතන (ආයතන 6) තියෙන්නේ නාමරූප හන්දයි!!!

    එතකොට, නාමරූප ඇතිවුනේ කොහොමද?? කය සතරමහා ධාතුන්ගෙන්, 'රූප' වලින් හැදුනට, ඒකට සජීවී බව ආවේ / පණ ආවේ / සක්‍රිය උනේ, ඒ කියන්නේ 'රූප' 'නාමරූප' වුනේ විඥාණයක් බැසගත්තයින් පස්සේ, එහෙම නැත්නම් විඥාණය සම්බන්ධ වුණායින් පස්සේ, බව මතක ඇති නේ?? ඉතින්, 'විඥාණ පච්චයා නාමරූපං' නාමරූප පවතින්නේ විඥාණය නිසයි!!

    ඔන්න දැන් ලොකූ ලෙඩක්!!! මොනවද මේ කියවන්නේ?? මොනවා ගැනද මේ කියවන්නේ??

    කට්ටිය හිතාගෙන හිටියේ, කියව කියව හිටියේ, පංච කාම තණ්හාව හන්ද මේ ප්‍රශ්ණ සේරම ඇතිවෙලා... කියල නේද??? ඔන්න දැන් ඒ තණ්හාවට හේතු හොයාගෙන, හොයාගෙන සෑහෙන දුරක් ආවා!!! බැලුවම මෙතන කතන්දර ගොඩාක් නේ... හැබැයි මොකුත් පැහැදිලි නෑ නේද?? අපි ඔය ටික තේරෙණ විදියට ආපහු බලාගෙන යං.

    මොකද්ද මේ විඥාණය?? අපි මුලින්ම දැක්ක නේද නිල්පාට/රතුපාට/කොළපාට දැනගත්තු, ලුනුරස/පැණිරස/ඇඹුල්රස/තිත්තරස දැනගත්තු, සද්ද, ගඳ-සුවඳ, පහස හා අරමුණු දැනගත්තු 6 ආකාරයක විඥාණයක් ගැන?? බැලුවාම ඒ මේ අපි කාට කාටත් 'මම'ය කියල දැනිල තියන එක නේ...

    ඊළඟට ඒ විඥාණය සම්බන්ධවෙලා රූප කොටසක් නාමරූප උනා... සතරමහා ධාතු ටිකකට පණ ආව!!! ඒකෙන් වැඩකරන ඇස/කණ/නාසය/දිව/කය/මනස කියන ආයතන 6ක් හැදුන. ඒ මොකද්ද ඒ?? උපත කියල හැඳින්වූවේ... මතකද?? සරු කාන්තාවක් වෙන්න ඕනේ... ඒ කාන්තාව පුරුෂයෙක් සමග එකතුවෙන්න ඕනේ... විඥාණයක් බැසගන්න ඕනේ... කිව්වේ?? අන්න ඒක. ඒ කියන්නේ ඔන්න 'අපේ' ඉපදීම!!!

    ඉපදුනාට පස්සේ, ආයතන වලින් බාහිර ලෝකයේ දේවල් වලට අනුව ඉස්පර්ශයන් හද හදා දුන්නා... ඒවා විඳලා ඔන්න තණ්හාවක් හදාගත්ත!!! මේ... ඉතින්, තණ්හාව ඉපදුනාට පස්සේ වැටිච්ච ලෙඩක් බව පැහැදිලියි නේද?? ඒත්, ඉපදීම නේ අපේ මූලික ප්‍රශ්ණය!!! ඉපදුනොත් ජරා/මරණ/ශෝක/පරිදේව/දුක්ඛ/දෝමනස්ස/උපායාස සේරටම ගොදුරුවෙන්න ඕනේ... ඒවායින් ගැලවෙන හැටි නේ මේ කතාකර කර ඉන්නේ?? ඉතින් ඉපදුනාට පස්සේ සිද්ධවෙන කෙහෙල්මලක් බදාගෙන කියව කියව ඉඳල හරියන්නේ නෑ!!! ඇයි ඉපදුනේ කියල හොයාගන, අන්න ඒ හේතුව නැතිකරලා දාන්න ඕනේ!!! නැත්නම් තව කොච්චර ඔය කාම තන්හා ගැන, ඒවායේ අසාරත්වය ගැන කියව කියව හිටියත් ප්‍රශ්ණේ විසඳගන්න වෙන්නේ නෑ!!!