'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කලින් ලියන්න අදහසක් නොතිබුණු කොටසක්. 'භවය ගැන තේරුණේ නෑ, පැහැදිලි කරන්න' කියල ලැබුණු ඉල්ලීම අනුවයි ලියන්න හිතුවේ...

    දැන් මේ ලියන කරුණු සමහරක් මේ විදියටම වෙනත් පොත් පත් වලින් ඔයාල දැකල කියවල ඇති. වෙන උදවිය / හාමුදුරුවරු කරන දේශනා වලින් අහලත් ඇති!! ඒත්, මම කියන ඒවා සමහරක් තැන් වලදී වෙනස් වෙනවා, නැත්නම් ලියන ලියන ඒවා එකම තැනකට, එකම දෙයකට යොමු කරලා, 'බර කරලා ලියනවා' කියල තේරේවි!! හරියටම කිව්වොත්, පීල්ල මාරුවෙනවා... මාරුකරන්න හදනවා... කියල තේරේවි!! ඒ ඇයි කියනවා නම්, ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ තනි තනියෙන්. ඒකෙදි එක එක්කෙනාගේ හැකියාවල්, ධාරිතාවල් (capacity) වෙනස්!! ඒ හැකියාව කෙනෙක්ගේ නමට ඉස්සරහින් තියන පට්ටම්, නම්බුනාම වලින් දැනගන්න බෑ!! ලබාගෙන තියන උපාධි / සහතික වලින් දැනගන්න බෑ!! අඳින ඇඳුම් වලින්, කතා කරන භාෂාවෙන් වගේ මොකකින්වත් දැනගන්නත් බෑ!! ඊළඟට, ධර්මය ගැන තමන්ටම පූර්ණ අවබෝධය ඇතිවෙනකම් මේ මාතෘකාව තනිකරම පැටලිච්ච නූල් බෝලයක් වගෙයි!!! පටලැවිච්ච තණකොළ ගොඩක් වගෙයි!!! කොනක් පොටක් හොයාගන්න තියා හිතාගන්නවත් බෑ!!! (මේ බව කිව්වේ ගෞතම බුදුරජාණන්වහන්සේ මයි!!! උන්වහන්සේ දන්නවා මේක කොච්චර අමාරු වැඩක්ද කියල!!!) හැබැයි කෙනෙක් උත්සාහ කරලා කරලා ධර්මය හොඳටම අවබෝධ කරගන්න දක්ෂ උනොත්, එයාට මේ සංසාර කතාවට අදාළ අලගිය, මුලගිය, වැලගිය සේරම පේන්න ගන්නවා!!! අදාළ මොනවද අදාල නැත්තේ මොනවද සේරම හොඳටම පේන්න ගන්නවා!!!

    බුදුහාමුදුරුවෝ සත්‍ය පහදලා දුන්නේ මීට වඩා ගොඩාක් නොදියුණු යුගයක. දැන් තියන නවීන තාක්ෂණය කොහෙත්ම තිබ්බේ නැති කලෙක. ඒත් ඒ කලේ මිනිස්සු මනුස්සකමින් දැන් ඉන්න එවුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න ඇති!! නිහතමානී කම, අහිංසක, අව්‍යාජ කම හොඳටම තියෙන්න ඇති! කියන දේ අහන කම උපරිමයෙන්ම තියෙන්න ඇති! ශාස්තෘ ගව්රවය, ධර්ම ගව්රවය උපරිමයෙන්ම තියෙන්න ඇති! ඒ නිසා ගොඩ දෙනෙක් ගොඩ ගියා!! දැන් තාක්ෂණික දියුණුව හන්ද වැඩේ නම් ලේසියි... පෙන්වන්න කරන්න උදාහරණත් ගොඩක් තියනවා... ඒත් මිනිස්සු 'බලුවෙලා' වැඩියි!! අද කාලේ දන්නවා වැඩිකම, නැත්නම් බක පණ්ඩිත කම තමයි අවබෝධය වලක්වන්න ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ!! ඊළඟ ප්‍රධාන දේ එක එක පිස්සු පොරවල් තමන්ට හිතෙන හිතෙන ඒවා කියල, ඒවා අහල මිනිස්සුන්ගේ ඔලු කුරොලු වෙලා තියන එක!! පාඩුවේ ඉඳන් හොඳට හිතනකොට තේරෙනවා, ඉස්සරහට යන්න ඕනේ කොහොමද? වඩාත් සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන් කොහොමද කියන සේරම!! අන්න ඒ ක්‍රමේට තමයි මේක කෙරෙන්නේ.

    සත්වයා නැත්නම් අපිට අදාළ, මනුස්සයා කියන කෙනා 'මම' කියල රැවටිච්ච තැනින් කඩාගන්න තියන අමාරු කම තමයි මේ ප්‍රශ්ණේ මුල!! හැබෑම අවිද්‍යාව!!! හිතෙන්නෙම, 'යකෝ, මෙච්චර ලස්සනට මට පේනවා මේ 'මම' මයි කියල... මේ බලහල්ලකෝ මේ කියන ඒවා? මේ 'මම' නෙවෙයි ලු!! මුන්ට ඔල්මාදෙද දන්නේ නෑ!!' ඔහොම නේ හිතෙන්නේ... නේද??:) අන්න ඒ අවිද්‍යාවෙන් වැහිච්ච සත්වයා ඊළඟට හිතනවා තමන්ට පැවැත්මක් ඇති!! කියල. ඊළඟට හිතනවා තමන්ට ඕනේ ඕනේ විදියට මේ කෙරුවාව පවත්වාගෙන යන්න පුළුවන් ඇති!! කියල. ඉතින්, පින් කරලා දිව්‍යලෝක වල උපදින්න පුළුවන්, සැපවත් ජීවිත ලබන්න පුළුවන් කියල බලාපොරොත්තු ඇතිකරගන්නවා!! හොඳ හොඳ ඒවා ප්‍රර්ථනා කරනවා!!! ඔන්න ඕක හන්දයි මේ නැවත නැවත උපදින එක සිද්ධවෙන්නේ!!! වෙන මොකක්වත් හන්ද නෙවෙයි!!! මං නෙවෙයි, තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේමයි ඒ බව සහසුද්දෙන්ම කියල තියෙන්නේ!!! ඔය තියෙන්නේ, විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං එහෙම කියල... තේරුණේ නෑ නේද?? මං දන්නවා, ලොකු ලොකු හාමුදුරුවරු වත් කවුරුවත්ම දන්නෙත් නෑ sure එකටම!!! නැත්නම් පරලොව ජීවිතය සාර්ථක කරගන්න කිය කිය පිස්සු කෙලීය??? මං දෙඤ්ඤං address නැතිවෙන්නම!!! බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ අනන්ත දුක් විඳගෙන ආවේ සත්වයාව සංසාරෙන් නිදහස් කරන්න!!! මටත් ඕනේ අන්න ඒ බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ, ඒ විදියටම වෙන්න හදන්න!!! මං ඒක කරනවා!!!

    ඔය භවය සකස්වීමේ පිළිවෙල මේකයි. මේක හිතෙන් හදාගත්ත අවුලක්. 'මම' කියල හිතාගෙන, මට ඉන්න ඕනේ! මට පවතින්න ඕනේ! කියල විතරක් හිතන් උන්නොත්, නැත්නම් මේ ජීවිතයේදීම 'මම' කියන අවුල එහෙම්පිටින්ම ලිහාගන්න සමත් නොවුනොත්, අරූපාවචර බ්‍රහ්ම ලෝක / අනාගාමී බ්‍රහ්මලෝක කියන තත්වයේ උපතක් සකස්වෙනවා!! හැබැයි ඒක ප්‍රනීතයි!! මොකද, ඒකෙන් පස්සේ සංසාර කතාව ඉවර වෙනවා!!! 'දුක' ඉවර වෙනවා!!! ඊළඟට, මට පවතින්න විතරක් නෙවෙයි, ආයේ උපදින්නත් ඕනේ! කියන හැඟීමෙන් යුතුව උන්නොත්, ඒත් කාමයන් ගැන කිසිම ආසාවක්, උවමනාවක් නැත්නම් එතකොට රූපාවචර බ්‍රහ්මලෝක වල උපතක් සකස්වෙන්න පුළුවන්!! බුදුහාමුදුරුවෝ කොහෙදිවත් සංසාර ගමනක් වර්ණනා කරලා නෑ!!! මෙතැනින්ම නවත්තන්න කියලයි උපදෙස් දුන්නේ!!! ඉතින් ආයේ දෙතුන් වරක් ඉපදුනත්, නැවත පහලට වැටීමක් නැතිනිසා, රූපාවචර බ්‍රහ්මලෝක මධ්‍යස්ථයි, 'මජ්ජිම ධාතුව' කියල කියන්න ඇති!! එතනින් පහලට තියන කිසිම උපතක් බුදුහාමුදුරුවෝ අනුමත කරන්නවත් නැතුව ඇති!! ඒකයි හීන ධාතුව කියන්න ඇත්තේ!! මේ කාම ලෝකයට අයිති දෙවි/මිනිස් හැම ලෝකයක්ම අයිතිවෙන්නේ ඒ හීන ධාතුවට!! ඉතින්, තමන් චේතනා පහල කරමින් කටයුතු කරන විදිය අනුව, සිතන / පතන විදිය අනුව, තවත් භවයක් සකස්වෙනවා කියල තමයි කියලා දුන්නේ!! එහෙම භවයක් සකස්වූනොත්, අනිවාර්යයෙන් උපතක් සිද්ධවෙනවා!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ, අලුතෙන් ජීවිතයක් හටගන්නා ආකාරය තේරුම් කළා, බීජයකින් පැළයක් පැළවෙන ආකාරයට!! කොස් ඇටයක් / අඹ ඇටයක් පැළවෙන එක ගැන හිතමු... දැන් ඔය ඇටේ කුණුවෙච්ච / නරක්වෙච්ච එකක් උනොත් පැලවෙයිද? එහෙම නැත්නම් ඒක හොඳට නටන වතුරේ තම්බල ගත්තොත් පැලවෙයිද? නෑ!! පැළවෙන ස්වභාවය ආරක්ෂාවෙලා, හොඳට තිබුනොත් විතරයි පැලවෙන්නේ!! ඊළඟට ඒ පැළවෙන ස්වභාවයෙන් යුතු හොඳට තියන ඇටේ, පොලවේ ගෑවෙන්නේ නැතිවෙන්න උඩකින් තියල තිබ්බොත්, නැත්නම් භාජනයක දාල එහෙම තිබ්බොත් පැලවෙයිද? ඒත්, නෑ නේ?? හරි, ඊළඟට අපි ඒ ඇටේ පොලවෙන්ම තියනවා... හැබැයි කට්ට කරවෙච්ච, වේලිලා කරුකුට්ටන් වෙච්ච පොලවේ!! පැලවෙයිද?? ඒත් නෑ නේ?? අන්තිමට අපි ඒ ඇටේ පොලාවේම තියෙද්දී, පොලවයි ඇටෙයි දෙකම තෙමෙන්න හොඳට වතුර දානවා!!! මක්ක වෙයිද?? අන්න එතකොට, ඇටේ පැලවෙන්න පටන්ගන්නවා!!! හරි නේ??

    දැන් මේකට කරුණු කීයක් උවමනා උනාද?? සරු බීජයක් වෙන්න ඕනේ! පැලවෙන්න පොළවක් ඕනේ! වතුර ඕනේ! නේ?? අන්න ඒ විදියටම, සත්වයෙක්ව හැදෙන්න බීජය හැටියට, පැලවෙන ස්වභාවයෙන් යුතු විඥාණයත් "විඥාණං බීජං" / පොලව හැටියට, රැස්කරගත්ත කර්මයත් "කම්මං කෙත්තන්" (කර්මය දැක්වුයේ කුඹුර හැටියට!) / වතුර හැටියට, තණ්හාවත් "තණ්හා සිනේහෝ" (තණ්හාවෙන් තෙත් උනොත් කියලයි කියවෙන්නේ) තිබුනොත්, නැවත උප්පත්තියක් ඇතිවෙනවා කිව්වා!!! ඔන්න ඔය කාරණා ටික තමයි, භවය තෝරාදීමට බුදුරජාණන්වහන්සේ යොදාගෙන තියෙන්නේ. ඉතින් ඔය තමයි පිරිසුදු බුද්ධ වචන!!! දැන් ඉතින් බුද්ධ දේශනාවෙන් ජීවිතය තේරුම් ගන්න පුළුවන් උදවිය තේරුම් අරගෙන නැතෑ... නේද??

    අපේ ලොකුම ප්‍රශ්ණය නැවත නැවත ඉපදීම!!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගෙ!!! ඉතින්, වෙන කාගෙවත් කතා වැඩක් නෑ... ඔය කරුණු සම්පූර්ණ උනොත් විතරයි පැලවෙන්නේ!! පැලවුනොත් විතරයි සේරම ප්‍රශ්ණ!!! ඕනෙම අය තණ්හාව හයියෙන් අල්ලගන්න... මං හදන්නේ උඹලව තම්බල දාන්න!!:rolleyes::rolleyes:


    ඒක නෙවෙයි මං කල්පණා කලේ... මුලදී මුලදී මහප්පරාන උදවිය ගොඩාක් හිටිය... මට උගන්නන්න ආව අයත් හිටිය... දැන් මොකෙක්වත් නෑ!! ණිවන් ගිහිල්ලද චු ගිහිල්ලද දන්නේ නෑ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    meka continue karanna welawak labunu gaman liyannam. kawuruwath mage kathaa walata upset wennath epa... mokada Niwana thiyenne kohewath! sampradaika bauddha piriwara perahare yanne wena kohewath!!! bohoma sulu pirisayi hariyata, hari paare yanne!!! ithin, balan indala hariyanne naa... ehempitin re-format karala haduwoth misak nathnam me Kshana Sampaththiyath aparaade naasthiwela yaawi!!! ehema aparadayak nowenna, karanna one de kerenna, paara hadana eka witharayi mage ekama aramuna!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් නම් ලියන්න තියෙන්නේ තනිකරම කවදාවත් කොහෙදිවත් අහල නැති විදියට මේ ජීවිතේ ගැන, බුදුහාමුදුරුවෝ කියපු දේවල් තෝරලා දෙන්න තමයි!! හැබැයි ගොඩාක් සරලයි!!! අනිවාර්යයෙන් තේරේවි... ඒ විතරකුත් නෙවෙයි, මට තේරෙණ විදියට, හුඟදෙනෙක් මේ ජීවිතයේ උපරිම ඵල ප්‍රයෝජන ගනීවි!!! ඒ ගැන මම හරි සතුටෙන් ඉන්නේ. ඒත් මේක ලියන්න ප්‍රමාද වෙන එක මටත් හිතට හරි නෑ!!! නමුත් වෙන විකල්පයකුත් නෑ... තව කෙනෙක් තාක්ෂණිකමය උපකාරයක් බලාපොරොත්තුවෙන් දැන් සෑහෙන කාලයක් තිස්සේ බලන් ඉන්නවා. මේක ලියන එකයි, ඒ වැඩෙයි, දෙකම එකට යන්න අමාරුයි!! අකමැත්තෙන් නමුත් මේ වැඩේ ටිකකට අමතක කරලා ඒකට කාලය යොදන්න වෙලයි තියෙන්නේ... සමාවෙන්න!! මේකේ දැනට දාල තියන ඒවාම නැවත නැවත බලන්න... මේ මාතෘකාව ගැන touch එකේම ඉන්න!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ලෑස්ති වෙන්නේ අමුතුම වැඩකට... කවදාවත් අහල නැති, extaraodinary, වැඩකට!! ඔය උදවිය හැමෝම සංසාර දුකින් එතෙර කරන්න... කොටින්ම කිව්වොත්, කට්ටියම 'ණිවන් දක්කන්න' !!!

    * දැන් ඉතින් මුලින්ම හිතේවි 'මේකා නම් පිස්සෙක්!' කියල... එහෙම හිතුනොත් ඔබ තුමාට හරි, ඔබ තුමීට හරි පිස්සු!! ...පිස්සු කෙලින්නේ නැතුව, මේක උවමනාවෙන් කියවන්න!!! කියවල බලල කරුණු දැනගත්තොත්, තේරුම්ගත්තොත් මිසක්, නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නෑ!!

    * කෙනෙකුට හිතේවි 'එහෙම කරන්නේ කොහොමද?' 'එයා කොහොමද වෙන අයට ණිවන් අවබෝධ කරවන්නේ?' කියල. එහෙම හිතෙන්නේ ඔයාල මේ මාතෘකාව ගැන හරියට නොදන්න නිසා!! ඔයාලට, රහත්වෙනවා කියන්නේ මොකද්ද, ණිවන් දකිනවා කියන්නේ මොකද්ද, කියන දේවල් ගැන නිවැරදි දැනීමක් නැති නිසා!!! තමන්ගේ මෝඩ කමට හිතෙන දේවල් වලට අහුවෙන්නේ නැතුව, පණ්ඩිත කම් කියවන්න තියාගන්නේ නැතුව, මේ ලියන දේවල් හොඳට උවමනාවෙන් බලන්න!!! බලල, තේරුම් ගන්න!!

    * තව කෙනෙකුට හිතෙයි අහවල් හාමුදුරුවෝ කියල තියෙන්නේ, 'කාටවත් බෑ තව කෙනෙකුට අවබෝධ කරවන්න...', අහවල් අහවල් උදවිය කියල තියෙන්නෙත්, එහෙම 'වෙන අයට අවබෝධ කරවන්න බෑ' කියලයි! එහෙම. ඇත්තටම ඒ හාමුදුරුවරු / මිනිස්සු එහෙම කියල තියෙන්නේ, එයාලට මේ වැඩේ කරන්න බැරි හන්ද!! තමන්ට පුලුවන්ද / බැරිද කිව්වට, වෙනින් කෙනෙක් සම්බන්ධයෙන් එහෙම පුලුවන්ද / බැරිද කියල තීරණය කරන්න කිසි කෙනෙකුට බෑ!!! ඒ සේරම, ඒ මෝඩ මිනිස්සු තම තමන්ගේ මෝඩ කමට කියපු ගොං කතා. ඒවා ගණන් ගන්න එපා!!

    ඔය කාට කාටත් අමතක උනාට, ණිවන් අවබෝධ කලේ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ ඔය බැරි බැරි වාදම් කියව කියව හිටියේ නෑ නේ? උන්වහන්සේ කෝටි සංඛ්‍යාත පිරිසකට ණිවන් අවබෝධ කෙරෙව්වා නේ?? අන්න ඒකයි ඇත්ත!!! ඊළඟට, බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ණිවන් අවබෝධ කරගත් පින්වත් මහරහතුන් වහන්සේලා තව කොච්චරක් අහිංසක, නිහතමානී උදවියට ණිවන් අවබෝධ කරන්, සසර දුකින් සදහටම නිදහස් වෙන්න උපකාර කලාද?? අන්න ඒකයි ඇත්ත!!!

    අවංකව උත්සාහ කලොත්, හුඟ දෙනෙකුට ණිවන් අවබෝධ කරවන්න පුළුවන්!!! හැබැයි, එකම දේ මේකයි... ඉස්සල්ල තමුන් ණිවන් අවබෝධ කරගෙන, තමන්ගේ කොටස එහෙම්පිටින් කරලා ඉවර කරගෙන, සර්ව සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ, වැඩි වැඩ කරන්න යන්න කලින්!!! එහෙම නැතුව තමන්ට හිතෙන හිතෙන විදියට වැඩකරන්න පුළුවන් කමක් මේ විශ්වයේ නෑ!!! ඔන්න ඕක හන්ද තමයි හුඟ දෙනෙක් වැඩ වරද්ද ගත්තේ!! තමන්ට හිතෙන හිතෙන විදියට ධර්මය කූරු ගාල අනික් මිනිස්සුන්වත් අමාරුවේ දැම්මේ!!

    * කෙනෙක් කියාවි 'අස්සයින්ට වතුර පෙන්නන්න පුළුවන්... පොවන්න බෑ!' කියලත්. මේ... මං නම් 'අස්සයව' නිකම් ලණුවකින් ගැටගහගෙන වතුර පෙන්නන්න එක්කන් යන්නේ නෑ!! මං යන්නේ වැඩේට අවශ්‍ය විදියට heavy equipments අරගෙන!! ඔය තියෙන්නේ 'පතන්ගර යකඩ අත්' තියන machinery එහෙම... අන්න ඒකක් අරගෙන ගියා... වතුර පෙන්නුවා... බෙල්ලෙන් අල්ලලා ඔබාගෙන හිටිය, වතුර පෙවෙනකන්ම!! කොහොමද ක්‍රමේ?? අති සාර්ථකයි!!! මං වගේ එකෙක් ණිවන් දැක්ක කියෙන්නේ, වැඩේ වෙන්නේ ඒ විදියට තමයි!!

    මේ සංසාර ගමන හරිම භයානකයි!!! ඔයාලට නොතේරුණාට ඔය හුඟ දෙනෙක් ඒ අනතුරෙන් ගැලවෙන්න තියා, හිතලවත් නෑ!!! ඔයාල හුඟ දෙනෙක් අනුගමනය කරන වැඩ පිළිවෙලවල් කිසි තේරුමක් නෑ!!! උපරිම වශයෙන් ශ්‍රද්ධානුසාරී / ධම්මානුසාරී වෙයි... එතනින් එහාට යැවෙන්නේ නෑ!!! උපරිම වශයෙන් දිව්‍යලෝකෙක කාලයක් ඉන්න ලැබෙයි... ඒත් සක්විති රජ වෙන්න තරමට පින් කරපු කෙනත්, සක්විති රජකම් කරලා, දිව්‍යලෝකේ ගිහිල්ල, ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කියල බුදුහාමුදුරුවොම කිව්වම, ආයේ මොනවා කතා කරන්නද? නේද?? අපි ඇවිල්ල තියෙන්නේ ඒ විදියට තමයි. ඔය හුඟ දෙනෙක් ධර්මය දැනගත්තට, බණ කෑලි අල්ලගෙන මහප්‍රාණ වචන වලින් කියව කියව හිටියට, මැරුනයින් පස්සේ sorry.com තමයි!!! ආයේ කල්ප ගානක් ගිහින් තමයි හුඟාක් වෙලාවට මනුස්ස ලෝකෙට එන්න වෙන්නේ!!! ඒ ආවත් එනකොට බුද්ධ සාසනයක් ලෝකේ නැති උනොත්, එහෙම නැත්නම් ඇවිත් set වෙන්න උනේ දෙයියෝ අදහන / බිලිපූජා තියන මෝඩයෝ රැලක් එක්ක උනොත්, තව කල්ප, කල්ප ගානකට හතර අපායෙම තමයි!!! පේන හන්දයි කියන්නේ... පිස්සු මරගාත කියවන්න තියාගන්න එපා!!! මේ කරදරෙන් ගැලවෙන්න එහෙම ලේසියෙන් බෑ!!! බුදුහාමුදුරුවෝ කියපු විදියටම වැඩ කරන්න ඕනේ!!!

    * එතකොට, 'යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං' (යමෙක් අවබෝධයෙන්ම බුදුන් සරණ ගියොත් ආයේ අපායේ වැටෙන්නේ නෑ!!!) කියල තියෙන්නේ බොරුවක්ද? කියල හිතුනොත් මෙන්න මේකයි ඇත්ත!!! අවබෝධයෙන්ම බුදුරජාණන්වහන්සේ සරණ ගියා කියන්නේ බුදුහාමුදුරුවෝ විතරයි තමන්ට ඉන්නේ!!! තමන්ගේ එකම පිහිට / පිළිසරණය හැමදේම බුදුහාමුදුරුවෝ විතරයි!!! උන්වහන්සේ කියපු විදියටමයි වැඩ කටයුතු කරන්නේ!!! එක එක හාමුදුරුවරු සරණ යන්නේ, වෙන වෙන හාමුදුරුවරු කියන බණ පස්සේ යන්නේ නෑ... පිරිසුදු බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න විතරයි උත්සාහ දරන්නේ... හරිද? තේරුණාද??

    බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නොවුනොත් එයා මගේ සාසනයට වත් අයිති නෑ!!!' 'හිස ගිනිගත්තත් ඒ ගින්න නිවන්න හදිස්සිවෙන්න එපා, ඊට කලින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' 'ආයුධයකින් පහර කාල, ලේ ගලද්දීත් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙන්න එපා, ඊට කලින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' කියලයි. දැන් ඔය ධර්මය කියව කියව ඉන්න උපාසක නෝනා මහත්තුරු, පැවිදි පිරිස ඒ කියපු විදියට කරලද තියෙන්නේ??? දැන් ඔය උදවිය සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙලාද??? එහෙම නැත්නම්, බුදු වදනටම අනුව, තමුන්ලා කවුරුවත් මේ බුද්ධ සාසනයට අයිති නෑ!!!

    මැරුනයින් පස්සේ මොකද වෙන්නේ කියල දන්නේ නෑ නේද??? 'සෝතාපන්න නැත්නම් මගේ සාසනයට වත් අයිති නෑ!!!' කිව්වේ ඇයි කියල දන්නේ නෑ නේද??? මම ඔය සේරම කියල, පෙන්වල දෙන්නම්. ඇත්තටම නම් ඔය හුඟ දෙනෙක් (99.99%) ගැන කිසිම sure එකක් නෑ... ඔය හුඟ දෙනෙක් දැන් ඔය ධර්ම කෑලි අල්ලගෙන කියව කියව ඉන්නේ, ලෝකයාට තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න හදන්නේ සංසාර පුරුද්දට!! කල්ප කල්ප ගණනාවක් තිස්සේ, බුදුවරු ලක්ෂ ගණනක් ගෙන් මේ පටිච්චසමුප්පාදයම / මේ චතුරාර්ය සත්‍යයම අහල, මහණ වෙලත් ඉඳලත් කරලා තියෙන්නේ ලෝකෙට පරකාසේ ගහපු එක විතරයි!!! ඒත් තමුන් තාමත් වලේමයි!!! කරන්න ඕනේ දේ කරලා නෑ!!! මාත් එහෙම වෙලා වෙලා, අන්තිමේ අපේ හාමුදුරුවොයි, කල්‍යාණමිත්‍ර පිරිසයි නිසා යන්තම් ගැලවුණා...

    * රහත්වෙච්ච අය අනික් අයට කියන්නේ නෑ! මාර්ග ඵල ලබපු උදවිය අනික් අයට කියන්නේ නෑ! (කිව්වොත් ඵල රහිත වෙනවා... රහත්වෙලා ගිහිගෙයි ඉන්න බෑ... ගිහියන්ට ඕව බෑ...) කියල කතන්දර ගොඩක් තියනවා නේද?? මේ... මම අනික් අය ගැන දන්නේ නෑ!! හැබැයි මං නම් අඬබෙර ගහලම කියනවා!!! අවශ්‍ය උනොත් හොම්බට ඇනලත් කියනවා!!! මොකද නැත්නම් හුඟාක් මෝඩ, ඔලමොට්ටල මිනිස්සුන්ගේ ඇස් අරවන්න / මොලේ පාදන්න බෑ!!! හුඟ දෙනෙකුට, එකෙකුට දෙන්නෙකුට හරි මෙහෙම ගොඩයන්න ලැබිච්ච එකේ වාසනාව තේරෙන්නේ නෑ!!! තමන් වැටිලා ඉන්න අනතුර පේන්නේ නෑ!!! කරන්න හදන්නේ තමන්ට උපකාරයක් නේද? කියන එකවත් තේරෙන්නේ නෑ!!! මෝඩ මී හරක්!!

    ඇත්තටම නම් රහත්වෙච්ච / මාර්ගඵල ලබපු අය අනික් අයට කියන්නේ නෑ නෙවෙයි, එහෙම කියල තියන උදවිය, අනික් අයට කියන්න තමන් මාර්ගඵල ලබල නෑ!! නම්බුව තානාන්තරේ පරිස්සම් කරගන්න උවමනාවට, කාටවත් නොතේරෙන මහප්පරාන වචන වලින් ධර්ම කෑලි කියව කියව හිටියට, 'මුං මොකෙක්වත් කතන්දරේ අල්ලගෙන නෑ නේද?' කියල අපිට දැන් අහනකොටම තේරෙනවා!!! ඇහැට පෙනි පෙනී බොරුව රජකරන්න ඉඩ දෙන්න බෑ... ඒකයි මෙහෙම ඒවාට ඉබේටම යොමු උනේ. අනික නොදන්න කමට බයිලා ගහ ගහ හිටියත්, මහන්තත්ත කමට අති පණ්ඩිතකම් කියව කියව හිටියත්, ඔය හැම දෙනාටම තියන සංසාර අනතුර එහෙම්ම මයි!!! බුදුරජාණන්වහන්සේට උවමනා උනේ ඒ හැම කෙනෙක්ම දුකෙන් නිදහස් කරන්න... මටත් ඕනේ උන්වහන්සේගේ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටුවීම තමයි!!!

    රහත්වෙච්ච කෙනෙක් තමන්ට ප්‍රසිද්ධිය ලබාගන්න, තමන් කැපී පේන්න හිතාගෙන නම්, කාගෙවත් එක්ක තමන්ගේ තත්වේ ගැන කියවන්න යන්නේ නෑ!!! අනික් අතට රහත්වෙච්ච කෙනෙකුට වෙන කෙනෙක් 'මං රහත්' කියල කිව්වත් නැතත් ඒකෙ ඇති අවුලකුත් නෑ!!! හැබැයි තමන් රහත්වෙලා නැති, රහත්වෙලා එහෙම නැත්නම් මාර්ගඵල ලබල කියල පෙන්නගෙන, අඩියක් දෙකක් උඩින් ඉන්න අය නම්, මේවා ඇහෙනකොට නලියන්න ගන්නවා හොඳටෝම!!! ඒ... බොරුව එලි උනොත් පට්ටම් සේරම විරෝපට්ටම් වෙන බව දන්නා නිසයි!! අනික් හුඟාක් මහ සද්දෙන් පෙරලි කරන්නේ කිසිම දෙයක් හරියට නොදන්න මෝඩ උදවිය තමයි!!

    අරහත්ඵලය සාක්ෂාත් කල උදවිය, කෙනෙක් කතා බහ කරනකොටම අඳුන ගන්නවා කතාකරන්නේ කොයිවගේ කෙනෙක්ද කියල!! 'ගහ දන්නකෙනාට කොළ කඩා පාන්න ඕනේ නෑ' කියල තියෙන්නේ... අන්න ඒ වගේ. එතකොට බොරුවකට රැවටිලා ඉන්න කෙනෙක් උනොත් shape එකේ ඇත්ත කියල, තෝරලා දෙන්න බලනවා!! බැරි උනත් මඩ ගහන්න / අපහාස කරන්න යන්නේ නෑ නිහඬ වෙනවා මිසක්!!! ඒ වගේම අරහත්වයට පත්වෙච්ච දෙන්නෙක්ම set වෙච්ච වෙලාවට මාතෘකාව බුදුරජාණන්වහන්සේ, ශ්‍රී සද්ධර්මය, සාරිපුත්ත/මොග්ගල්ලාන/ආනන්ද වගේ මහරහතුන් වහන්සේලා ගැන තමයි!! එකම බුදුරජාණන්වහන්සේ නමකගේ දරුවෝ... ඒ අය අතරේ මත ගැටුම් වගේ කෙහෙල්මල් මොකවත් නෑ!!! ශාස්තෘන්වහන්සේටම ආදර ගෞරව දැක්වීම, ධර්මය ගැනම කතා බහ කිරීම පමණයි!!!

    මම නම් ඇත්තටම මේ මාතෘකාවට බැස්සේ මේ බුදුරජාණන්වහන්සේ කියල පෙන්වල දීපු අපේ ජීවිතවල කතාව එහෙම්පිටින්ම technical කතන්දරයක් කියල දැක්ක හන්දයි!!! technical නම් ඒක මගේ subject එකක්!!! කිසිම හාමුදුරු නමකට මගේ level එකට එන්න බැරිවෙයි!!! ඒත් එකම බුදුහාමුදුරුවොන්ගේ දරුවෝ අතරේ කිසිම ගැටුමක් නෑ... ලොකු කම් මොකවත් නෑ... බලන්නකෝ මම කරපු වැඩේ!!! මම සංසාරේ අනුභව කළා!!! දැන් ආයේ සෑහෙන කාලෙකට ලෝකේ උපදින දෙවි මිනිසුන්ට සංසාරේ යාමක් නෑ!!! ඔය උදවිය හැම දෙනාමත් එක්ක, ඒ මතු උපදින උදවියත් සසර දුකින් සදහටම එතෙර වේවි!!! මම ධර්ම මාර්ගය 'බටයක්' වගේ කළා... මේ කෙලවරින් ඔබන නිකම්ම නිකම් හිස් පුද්ගලයත් අනික් කෙලවරින් මාර්ගඵල ලාභියෙක් හැටියට ණිවනට යොමුවෙනවා මිසක්, ආයේ මැද්දෙන් පැනල, වැඩ වරද්දගෙන, කැලේ පනින්න දැන් කිසිම ඉඩක් නෑ!!! ආයේ කාලෙකට කිසිම කෙනෙකුට කවුරුවත් රවට්ටන්න, මුලා කරන්න ඉඩක් ඇත්තෙත් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච විදියටම සේරම සිද්ධ වෙනවා මිසක්, අප්පතිවත්තියන් සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තමයි!!!

    * දැන්, මම මෙච්චර සැරට සද්දේ දාන්නේ කොහොමද? මේකා මොකෙද්ද? කියල එහෙම හිතුනොත්?? කෙනෙකුට ප්‍රඥාවෙන් මුළු ලෝකයම අභිබවා යන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමයි යෝනිසෝමනසිකාරයයි තමයි. මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම අමුතුයි... අයිනක් අල්ලගෙන මනෝ පාරම දාගෙන හිටපු කෙනෙක්... ශ්‍රද්ධාව maxa!!! පස්සේ තමයි දන්නේ හුඟක් වෙලාවල ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල බව!! ඔයාල හුඟ දෙනෙකුට මහ වෙහෙසක් දරල කරන්න වෙන ඒවා මට ඉබේටම ලැබිල... මේ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හන්දම ලැබිච්ච දේවල්!!! විදර්ශණා භාවනාව තමයි මගේ hobby එක!! ඒත් මුලදී ධර්මය දැනගෙන උන්නේ නෑ... කරපු technical වැඩ වලදී දැක්ක capacity එක කොහොමද කියල!! පස්සේ කාලෙක කිරිබත්ගොඩ ඥාණානන්ද, අපේ හාමුදුරුවෝ, ඇවිල්ල පිරිසුදු බුද්ධ දේශනා හොඳටම තේරෙන්න තෝරලා කියල දුන්න. බුදුහාමුදුරුවෝ හා සම කරන්න පුළුවන් කවුරුවත් නෑ!!! ඒත් උන්වහන්සේ අපිට කියල දුන්නේ චුට්ටයි!!! හැබැයි ඒ චුට්ටේ ජීවිතය අවබෝධ කරගන්න, ණිවන් දකින්න අවශ්‍ය සේරම එහෙම්පිටින්ම තියනවා. ඉතින් තිබිච්ච ශ්‍රද්ධාවේ හැටියට, හැකියාවල් වල හැටියට, ජීවිතාවබෝධයට අවශ්‍ය ඔක්කොම දැනගන්න ලැබුණ කියන්නේ, කොහේ නවතීවිද නේද?? අන්න ඒකයි case එක!! දැන් ඉතින් මේ මතෘකාවේදී හැරෙන්න පුළුවන් කවුරුවත් නෑ නේද කියල තේරෙනවා!! ඉතින් ටිකක් සද්දේ දැම්මට මොකෝ... නැද්ද? මට මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මේ ගෞතම බුද්ධරාජ්‍යය බබලන වෙලාවේ හුඟ දෙනෙකුගේ සංසාර දුක එහෙම්පිටින්ම ඉවර වෙන්න ඕනේ!!! අන්න ඒකයි උවමනාව.
     
    • Like
    Reactions: banned guy

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    96 වෙනි පිටුවට වෙනකම්ම කියෙව්වා ! ඉතුරු ටික දානකම් බලන් ඉන්නවා :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    96 වෙනි පිටුවට වෙනකම්ම කියෙව්වා ! ඉතුරු ටික දානකම් බලන් ඉන්නවා :)

    ithuru tika liyapu gaman hungak kathandara wenas weyi!!! eth mata me wadeta set wenna thaa tika dawasak one. karana wade iwarayak dakinakam meka hold eke thiyenne.

    methana danata daala thiyana karunu tika Buduhamuduruwo kiyapuwahama ahala awabodha karagaththu udawiya laksha gananak niwan dakka!!! Buduhamuduruwoma kiyapu karunu hama daatama ehemayi... eth dan kaale e karunu awabodha karan niwan dakinna bari, me inna ekek wath hariyata wade karanne nathi nisayi!!!

    oyaa karunu hondata dharanaya karagena vidarshanaawe yedenna uthsaaha karanna!!! hariyata wade karanna!!! ethakota adatath Dharmaya sanditthikayi... akaalikayi bawa peneyi!!!


    meka continue karanna gaththama, honda deke deke pollak aran niwan dakkanna gaththa wage weyi... balannako mokada wenne kiyala...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩි break එකක් ගත්ත වෙලාවක ලියපු එකක් post කරන්න බලනකොට EK එක හබක් වෙලා තිබුන... ඉතින් ඒක දාන්න උනේ නෑ. අද පොඩි ඉඩක් ලැබුණ වෙලේ, ඒක පොඩ්ඩක් හදල post කළා නම් හොඳයි කියල හිතුන. 'මං' කියන එකා ගොඩාක් පම්පෝරි ගහල ගහල, shape එකේ මාරු උනා වෙන්න ඇති කියල හිතන අයත් ඇති නේ... නේද?? වැරදියි!!! 'ඌ' සැහෙන busy උනා!! 'වත බර නැති' පොරක්... සැලකිය යුතු මිලක් හම්බකරගන්න පුළුවන් වැඩක් ලැබුණ... වැඩේ බාරදුන්න කෙනත් බලාපොරොත්තු උනේ උදව්වක්... ඒ හන්ද කරලා දෙන්න බර ගත්ත.

    හැබැයි මට හොඳටම තේරෙනවා, මං මොකෙද්ද? ආවේ මොකටද? ආවේ කාගේ උදව්වෙන්ද? කියන සේරම!!! අනිවාර්යයෙන් ලොකු කල්‍යාණමිත්‍ර පිරිසකගේ උදව්වෙන් තමයි මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම ආවේ... අපේ හාමුදුරුවෝ ඇවිල්ල 'උපරිමයටම යන්නත්' හදල දුන්න... දැන් ඉතින් සේරම හරි! කල්පණා කරලා බැලුවම තේරෙනවා විශ්වයම අල්ලලා ඉවරයි නේද!! කියල... දැන් මට තේරෙනවා / දැනෙනවා මගේ මූලික යුතුකම / වගකීම සංසාර කතන්දරේ ඉවරයක් කරන එක කියල!!! ඉතින්, මගහරින්නම බැරි කමට කරන්න ගත්ත වැඩෙන් මේක තරමක් ප්‍රමාද උනාට, ඒකෙන් කාටවත් ලොකු අඩුවක් නොවෙන්න වග බලාගන්න කියල කල්‍යාණමිත්‍ර පිරිසගෙනුත් ඉල්ලලා, මේක ටිකක් නතර කරලා ඒ වැඩේ කරන්න ගත්ත... එච්චරයි! දැන් ඒ වැඩේ ගොඩක් ඉවරයි... තා ටික දවසකින් මේක දිගටම කරගෙන යන්න, සංසාරේ ඉවරයක් කරලා දාන්න, පුළුවන් වෙයි!

    කෝ දන්නේ නෑ මේ, RaneNat / 121221 / කිඹුලා බනිස් / mensoft2003 / mahasoana / hukp1 / ග්‍රාමසේවක / the dark lich වගේ දන්න දන්න නෝනා මහත්තුරු ටික??:) දැන් තමයි ඉන්නම ඕනේ කාලේ!!!:yes: කවුරුවත් 'ඇනේ වෙන්න' එන්නෙත් නැති කොට, මටත් නිකම් හරියට කෑවේ නෑ වගේ...:D කොහොමත් හැමෝම එකතුවෙනවා නම් තමයි හොඳ!! මොකද, හුඟාක් කතන්දර වෙනස් වෙයි!!! ඊළඟට ලියන ඒවා blog sites දෙකකටත් දාල, තා ටිකක් 'හයියෙන් කෑගහන්න'යි හදන්නෙත්!! (කලින් post එක හැදුවේ ඒවාට දාන්නමයි) දැන් නම් මම ඕනෙම කෙනෙකුට කියන්නේ, "මනුස්සයෙක් වෙලා, විශේෂයෙන්ම 'බුද්ධ රාජ්‍යයක' ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! වෙන මොන කෙහෙල්මලක් වත් දැකල ඇති වැඩක් නෑ!!!"

    මෙච්චර කාලෙකට එකම එක්කෙනෙක් කිව්වා 'ඔයාගේ logic එකක් තියනවා...' කියල. ඔව්!!! අනිවාර්යයෙන් තියනව!!! හැබැයි මගේ එකක් නෙවෙයි... ඒ මගේ ශාස්තෘන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ, logic එක!!! !!! සංසාර ගමනේ එක මිලිමීටරයක් වත් 'යනවා' කියන එක බුදුහාමුදුරුවෝ කොහොමට වත් අනුමත කලේ නෑ!!! අප්‍රමාදීව කටයුතු කරන්න, මෙතැනින්ම අනාගාමී / අරහත් ඵල සාක්ෂාත් කරන්න, කියල විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! risk එක ඒතරම් serious!!!

    'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!' කිව්වම, ගෙවාගෙන ආව සංසාර ගමනේදී ලක්ෂ ගණන් බුදුවරුන්ගෙන් මේ පටිච්චසමුප්පාදයම අහලත් තාමත් සන්සාරෙමයි කිව්වම, මේ හැමෝම වගේ මහණවෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම සංවර වෙලත් ඉඳලා තියන එවුන් කිව්වම, සක්විතිරජ උනත් ඒ සක්විති රජකමෙන් පස්සේ දිව්‍යලෝකේ උපත ලබල ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කිව්වම, මැරෙන මැරෙන එකා යන්නේ නිරය/පෙරේත/තිරිසන් ලෝකවලට කිව්වම, තේරෙන්නේ නැද්ද මේ සංසාර ගමනේ අනතුර??? අපිට වෙන යන්න තැනක් නෑ!!! මෙතනම, මේ ජීවිතයේදීම ඉවරයක්ම කරන්න ඕනේ!!! ඒක අනිවාර්යයි!!! ඒක එච්චරම තමයි!!! වෙන alternatives, විකල්ප, මොකුත්ම නෑ!!! !!!

    එකම විසඳුම, 'නිවණ' තියෙන්නේ හරි කෙලින් තමන්ට ඉහලින්... ඔලුගෙඩියට හැතැම්ම දහයක් විතර උඩින්... කියල හිතාගන්න!! නිවණට යන්න එහෙමෙහෙ ඇවිද ඇවිද ඉඳලා බෑ!!! දන් දිදී, සිල් රැක රැක, තව චුට්ටක් වත් ඉස්සරහට ඉස්සරහට ගිහිල්ල නම් වැඩක් වෙන්නේ නෑ!!! එහෙම වෙනවා නම් අපි මේ ගෞතම බුද්ධරාජ්‍යයට වත් එවෙන්නේ නෑ නේ?? මීට කලින් බුදුවරු කොච්චර පහල වෙලා මේ චතුරාර්ය සත්‍යයම තෝර තෝරා කියල දුන්නද??? පින් කොරාම ණිවන් යනවා නම්, මෙලහට එකෙක් දෙතුන් පාරක් ණිවන් දැකල තියෙන්න ඕනේ!!! මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!! තේරෙනවද?? දැන් හරි නම්, ඉන්න තැනම ඉඳගෙන, නොකා නොබී හරි කමක් නෑ, මොලේ උලුක් වෙනකම් හරි කලපනා කරලා කරලා, 'rocket එක වගේ' ඉහලටම යන්න ඕනේ!!! වෙන වෙන එව්වා කරලා වැඩක් නෑ!!!


    හැබැයි ඉතින් බූරු මිනිස්සු කෙලින්නෙම පිස්සු!! කොච්චර කිව්වත් වැඩක් නෑ, සංසාරේ තිබුනොත් උං යනවාම තමයි!!! ඒ හන්ද හොඳම විසඳුම සංසාරේ කුඩුකරලා දාන එක!! මං ඒක කරනවා!!! හිටහල්ල, තව ඒ හැටි දවසක් යන එකක් නෑ...
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)


    sahathika aththa :)