ගව ඝාතනය තුරන් කරන්න මර්වින්ගෙන් වැඩපිළි
ගව ඝාතනය තුරන් කරන්න මර්වින්ගෙන් වැඩපිළිවෙළක්
ශ්රී ලංකාවේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමේ වැඩසටහනක් ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ආරම්භ කොට ඇත. එහි එක් පියවරක් වශයෙන් වැල්ලවාය ගව ඝාතක ටෙන්ඩරය රුපියල් ලක්ෂ 13 ක් ගෙවා තමා මිලට ගත් බව ඇමැති, ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඒ අනුව මින් ඉදිරියට වැල්ලවායේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර වන බව මාතර, රන් දූපතේ උපෝසථාගාරයේදී පැවැති බෝධි පූජා පිංකමකදී හෙතෙම පැවැසීය.
මාළු අනුභවයට විරුද්ධ නැතත් මස් අනුභවයට තමා දැඩි සේ විරුද්ධ බව පැවැසූ ඇමැතිවරයා මස් සඳහා සතුන් මැරීම මෙරටින් තුරන් කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද පැවැසීය.