'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    rep3t.png

    rep2.png
    ganan ganna epa koluwo...
    menna mata labichcha ewa...

    reps.png


    lankawe inna silwath gunawath pirsage age!! ane ammapaa...

    me... eka neweyi koluwo. umba daapu eka mokadda ban? :P
     
    • Like
    Reactions: Snowl

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    කැරකෙන මෝටරයක් වගේ සත්වයාගේ ස්වභාවය, උන් සැපයට කැමතියි! දුකට අකමැතියි!! ඉතින් උන් හැම වෙලේම සැපම හොය හොයා, ආතල් එක / ජෝලියම හොය හොයා, enjoy කරන්නම සැදී පැහැදී ඉන්නකොට, මොටරේ කැරකෙන speed එක තව තවත් වැඩිවෙනවා!!! වැඩේ තවත් අවුල් වෙනවා!!! මේක කරකැවෙන එක නවත්තගන්න බැරුව දඟලන්න වෙලා තියන එකේ, තවත් speed කරගත්තොත් ලෝක ලෙඩක්! speed kills!! කියල දන්න හන්ද, බුදුහාමුදුරුවෝ සත්වයින්ට හැමවෙලේම කිව්වේ, 'සිතින් / කයින් / වචනයෙන් සංවර වෙන්න... ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ඉඳුරන් දමනය කරගන්න... අසුබ භාවනාව / පිළිකුල් භාවනාව / මරණානුස්සතිය වඩන්න...' එහෙම කියලයි!! ඒවායින් 'කැරකෙන ප්‍රශ්ණේ' විසඳගන්න බැරි උනත්, speed එක හරි අඩුකරගන්න පුළුවන් වෙනවා!!!

    බුදුහාමුදුරුවෝ හරිම අගය කළා තනියම ඉන්න එක!!! මොකද පිස්සෝ දෙන්නෙක් එකතු උනාම පිස්සු double වෙනවා!! පිස්සෝ තුන්දෙනෙක් එකතු උනොත් 'වණයක්' වෙනවා!! පේනවනේ දැනුත් ඒක ඒ විදියටම වෙන හැටි? ඉතින් බුදුහාමුදුරුවෝ කියල දුන්නු විදියටම කටයුතු කරගෙන යන ඕනෙම ප්‍රඥාව අඩු පුද්ගලයෙකුට උනත් සෑහෙන කාලෙකදී මොටරේ නවත්තගන්න පුළුවන් වෙනවා!! අවශ්‍ය ප්‍රඥාව ධර්මයෙන් වර්ධනය කෙරෙනවා!! ඉතින් එයා අරහත්වයට පත්වෙනවා!! මේ විදියට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්න උදවියට කියන්නේ 'උභතෝ භාග විමුක්ත රහතුන්වහන්සේලා' කියල. එයාලට භාවනාවෙන් ප්‍රයෝගිකව ලැබෙන පුහුණුව හන්ද, ඉර්දී බල ලබන්න වගේ දේවලුත් කරගන්න පුළුවන් වෙනවා... හැබැයි බුදුහාමුදුරුවෝ නම් ඒවා කොහෙත්ම අගය කලේ නෑ!!! අනික, මේ විදියට ණිවන් අවබෝධකරගන්න උදවියට අනික් අයට කියල දෙන්නත් හැකියාව අඩුයි, 'ඔන්න ඔහොම ඔහොම කරන් යන්න... සිල් රැකගෙන, භාවනා කරගෙන යන්න... එතකොට හරියයි!' කියල කිවොත් මිසක්. මොකද, 'ආ... දැන් නැවතිලා නේද?' කියල තමන්ම අවබෝධ කරගන්නවා මිසක්, තව කෙනෙකුට කියන්න තරම් වැඩි විස්තර දන්නේ නැති නිසා.

    අපි යන්නේ ඒ ක්‍රමේට නෙවෙයි... මේ ඇවිල්ල ප්‍රඥාවෙන් අවබෝධය කරා යන පැත්ත... කෙලින්ම මෝටරය මස්කරනවා! (disassemble කරනවා) කරලා බලනවා, මේකේ මොනවද තියෙන්නේ?? ඇයි මේක මෙහෙම කැරකෙන්නේ?? මේක නවත්තන්න මොනවද කරන්න ඕනෙ?? කියන සේරම. පස්සේ ඉතින් තියන upset ටික හදල දානවා!! එතකොට මොටරේ නතරවෙනවා!!! ඒ නිසා, මේ දෙවිදියෙන්ම අවශ්‍ය කාරණාව ඉටුවෙනවා!!! මේ ක්‍රමයේදී වැඩි කාලයක් යන්නෙත් නෑ... සිල් රැක රැක ඉන්න කතාවකුත් නෑ... හැබැයි 'අම්බානට කැරකෙන' මෝටර් උනොත්, ඒ කියන්නේ පිස්සු dial උනොත්, මේවා 'මීටර්' වෙන්නේ නෑ... තේරෙන්නේ නෑ... අන්න ඒකටයි, මොලේ කඳුලක් හරි තියන එවුන් වෙන්න ඕනෙ... කිව්වේ!! හැබැයි, මේ ක්‍රමයට අවබෝධය ලැබුවත්, සමාධිය දියුණු කරගන්නා තෙක්, පරිපූර්ණත්වයට පත්වෙන්න ලැබෙන්නෙත් නෑ!!! හොඳ වෙලාවට, හාස්කම් පෙන්නන්න, ඉර්දී ප්‍රාතිහාර්ය වගේ දේවල් වලට හැකියාවක් ලැබෙන්නෙත් නෑ!! ඒ කෙහෙල්මල් මොකක්වත් සසර දුකින් එතෙර වීමට අදාලත් නෑ!!! මේ ප්‍රඥාව මූලික කරගෙන ණිවන් අවබෝධයට යන පැත්තෙන් අරහත්වයට පත්වෙන උදවියට කියන්නේ ප්‍රඥා විමුක්ත රහතුන්වහන්සේලා කියලයි. මේ විදියට මුළු කතන්දරේම දැකල, අවබෝධ කරගන්න කෙනෙකුට තව සැහෙන පිරිසකට ජීවිතේ දකින්න උපකාර කරන්නත් පුළුවන් වෙනවා!!!

    අනික් එක, මේ වැඩෙන් වෙන්නේ අර තැන් තැන්වල දාල තියන, පෑගුනොත් බෙල්ලකඩලයන, කෙහෙල් ලෙලි ටික නැත්නම්, සංසාර ගමනට හේතුවන සංස්ඛාර ටික නැතිවීම විතරයි... එතකොට වෙන්නේ සංසාර ගමන නවතින එක, සංසාර දුක ඉවරවෙන එක, සංසාරෙන් එතෙරවන එක විතරයි. වෙන මොන කෙහෙල්මලක් වත් වෙන්නේ නෑ!!! පිටින් බැලුවට පේන්න මොකුත් වෙනසක් වෙන්නෙත් නෑ!!! හොඳට කාල ඇඳලා ඉන්නත් පුළුවන්!!! ඇස් වලින් දකින්න වෙන දේවල් වලින්, කන් වලින් අහන්න වෙන දේවල් වලින්, ගඳ / සුවඳ / රස / පහස මොකකින්වත් කුලප්පු වෙන්නේ නැති, පව් වැඩ මොකකටවත් සම්බන්ධ වෙන්නේ නැති, කාටවත් ඇණයක් නොවී තමන්ගේ පාඩුවේ බොහොම නිස්සද්දෙන් ඉන්න, කාටත් හිතවත්, හොඳ quality සත්තු ටිකක් හැදෙයි... එච්චරයි!!! ඉතින්, fit නැද්ද?? ණිවන් දකින්න බයවෙන්න ඕනෙද??
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    , බුදුහාමුදුරුවෝ සත්වයින්ට හැමවෙලේම කිව්වේ, 'සිතින් / කයින් / වචනයෙන් සංවර වෙන්න... ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ඉඳුරන් දමනය කරගන්න... අසුබ භාවනාව / පිළිකුල් භාවනාව / මරණානුස්සතිය වඩන්න...' එහෙම කියලයි!! ඒවායින් 'කැරකෙන ප්‍රශ්ණේ' විසඳගන්න බැරි උනත්, speed එක හරි අඩුකරගන්න පුළුවන් වෙනවා!!!
    me tika obathuma pilipadinne neththe ayi?
     
    • Like
    Reactions: Snowl

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous



    අපි යන්නේ ඒ ක්‍රමේට නෙවෙයි... මේ ඇවිල්ල ප්‍රඥාවෙන් අවබෝධය කරා යන පැත්ත... කෙලින්ම මෝටරය මස්කරනවා! (disassemble කරනවා)
    kerakena motor ekak nawaththanne nethiwa galawana eka.
    loke katawath karanna beri wedak. hebayi mehe puluwan ayath innawa..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    කෙලින්ම මෝටරය මස්කරනවා! (disassemble කරනවා)


    ayeth thibba widihata hai karaganna puluwan wei de machan ?

    kali ithuru wei de ?

    motor ya niwan yai de ?