දැන් මේ යන්නේ මේ ජීවිත කතාවේ බරපතලම හරිය!! මං අර 'ලෝකෙම හෙල්ලිලා යන case එකක්... හෙල්ලිලා නොගියොත් අමු මෝඩයෙක් විතරයි...' කියල බොහොම දරුණුවට කියපු එක!! 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' නැත්නම්, විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනවා කියන ස්වභාවික සංසිද්ධිය, මේ සත්ව ජීවිත වල 'හිත - විඥාණය' හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය ගැන!!! බුදුහාමුදුරුවෝ, නීවරණ / සංයෝජන / ආශ්‍රව කියල තුන් විදියකට බෙදල, ඒවත් තව තව කොටස් කර කර තෝරලා දුන්නේ මෙන්න මේ 'කොටස' තමයි!!! හරිම සංකීර්ණයි!!! ඒත් මම යන විදියට මේක කෑලි ගලව ගෙන, එකින් එකට හොය හොයා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ!! කෙලින්ම multi barrel ප්‍රහාරයක් වදීවි සේරම කුඩුවෙලා යන්න!!
ඒත්, මුළු ලෝකෙම 'ඇනිච්ච' තැන මේක!! සත්වයා සංසාරෙට බැස්සෙත් මේ උලව්වට අහුවෙලා!! දැන් ගොඩ ඒමක් නැතුව ඉන්නෙත් ඒකමයි!! ඉතින් සුළුවෙන් හිතන්න බෑ... මේ ටිකේ බොහොම වැදගත් කරුණු තොගයක් තියනවා!! notes ගහපුවා එහෙන් තියනව... ඒ මදිවට ලියන්න ගියාමත් තව ගලාගෙන ගලාගෙන එනවා... මොකක් ඉස්සෙල්ල කියන්නද? වඩා වැදගත් මොකද්ද? කියල හිතාගන්න බෑ!! මටම පිස්සු හැදෙනවා ගලපලා ලියන්න ගියාම!! අනික මේ හරියේ මට කියන්න / ලියන්න තියන සේරම ඇවිල්ල parallel යන කරුණු. කිහිප පාරක් කියවල බලන්න වෙනවා (multi pass) අල්ලගන්න. ඒත් කියවන අයට ලේසිවෙන්න (single pass කියවන් යන්න) එකකින් එකකට සම්බන්ධ කරලා, chain කරලා, ලියන්න, දැන් දවස් තුනක් try කලා... හරියන්නේ නෑ!! එතකොට මාව වටේ යනවා... loop වෙනවා!!
ඔක්කොටම වඩා මේ 'අත' වත් 'කට' වත් මට ඕනේ ගණනට දුවන්නේ නෑ!! ෂිඃ, තත්පරේකට පිටු දෙක තුනක් කොටාගෙන කොටාගෙන යන්න තිබ්බ නම්... හිතට එන speed එකෙන් වැඩේ කරගෙන යන්න බැරි කොට buffers overflow වෙලා මැෂිම (මාව) stuck වෙනවා... ඔලු ගෙඩිය පුපුරයිද කියලත් හිතෙනවා!! ඒත් ගානක් නෑ... මට කොහොමත් එකයි!! හැබැයි මං පොත් බලාගෙන, කාගෙන්වත් අහගෙන ලියන ඒවා නෙවෙයි... run-time වැඩක්. ඒ හන්ද posts කීයක් යයිද? කියල predict කරන්න බෑ!!! අනික මම හිතුව ලියන style එක ටිකක් වෙනස් කරලා, වැදගත් කරුණු මුලින් ලියන්න. එතකොට කට්ටිය ඉක්මනටම ගොඩ!! ඊළඟට ඉඩ ලැබෙන ලැබෙන විදියට කියපුවයි, අලුතෙන් හිතෙන ඒවයි, තව තව detail කර කර දාන්න. ජීවත් වෙනකම් දැන් ඉතින් මගේ එකම මාතෘකාව මේක තමයි!!!