'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous



    ! තමන්ට හිතෙන හිතෙන විදියට මොකුත්ම කරන්න බෑ!!! !!! එහෙම කරන්න ගියපු ගමන් තමන්ගේ හිත තමන්ට තොරණ් පෙන්වන්න ගන්නවා!!! !!! මේක handle එකක් නැති බයිසිකලයක් වගේ... steering එකක් නැති වාහනයක් වගේ... හැරිච්ච අතට ඔහේ යනවා!!!


    මේ තියෙන්නේ ඔබතුමාට වෙච්ච දේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    yako, tho "Sathya" wahanna dangalana dangalillata, thoge bella mirikuwe nathnam thamayi ehema apahasayak wenne!!!


    mewa one tharam kiyapan!! man rahath wela dan sahena kal... mata mewayi gaanak wath naa!!!
    hangila indan apahasa karanna / mada gahanna witharak danna, tho wage napunsakayanta kohomoath karanna puluwan ochcharama thamayi!!!
    ohomama karagena palayan. tho karana ewata thota results labeyi...

    ane hutto tho wage kariyek rahath unoth inthin ira anith patten paayai.

    poddak kalisama galawala balapan ube payya rahath wela de kiyala

    ube wife nam mata ehema kathaawak kivva.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    pako, mewa kiyanna kalin, tho danna bududahama gana kiyala hitapiya kiyala mama thota kalin kiwwa...

    tho onewata wada natanna epa!!!

    yako, tho "Sathya" wahanna dangalana dangalillata, thoge bella mirikuwe nathnam thamayi ehema apahasayak wenne!!!




    mewa one tharam kiyapan!! man rahath wela dan sahena kal... mata mewayi gaanak wath naa!!!
    hangila indan apahasa karanna / mada gahanna witharak danna, tho wage napunsakayanta kohomoath karanna puluwan ochcharama thamayi!!!
    ohomama karagena palayan. tho karana ewata thota results labeyi...

    මේ විදිහට තමා දමිත් වක්‍රාකාරයෙන් බුදුදහමට අපහාස කරන්නේ .
    බුදු දහමේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ තලේබාන් ත්‍රස්තවාදියෙක් වගේ කෙනෙක් කියලා තමයි දමිත් හිතාගෙන ඉන්නේ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ත්‍රස්තවාදියෙක් වගේ කෙනෙක් කියලා ඔප්පු කිරීමේ උවමනාවක් හරි දමිත් ට තියනවා
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ඌ හොද බෞද්ධයා, කල්‍යාණයෙක්, කිරිබත්ගොඩya, දකින්න බුදුදහම, දමිත් මාමා, දමිත් හොදයි, දමිත්ගේ වැදි බණ, බීලා නිවන් යැම., මම භෞතිකවාදී, මොංගල් දමිත්, යන්තං නිවන් ගියා, bhuddist kotiyek wage, damith කොට්යා, damith පිම්පියා, damith kariywasam kotiyek, damith=sanjeeme, joint damith, kariya wasam, love your neighbour, mahamewna sunamiya, moota mongal, pissan kotuwen awith, tag1, tag2, yanna onna menna


    Nice Tags.... :D
     
    • Like
    Reactions: pavithra_uk

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    mewa one tharam kiyapan!! man rahath wela dan sahena kal... mata mewayi gaanak wath naa!!!


    එහෙමද ? මමනම් හරියට දන්නේ නැති නිසා අහන්නේ , අපහාසයට අපහාසයෙන් පිළිතුරු දෙන්ඩ ඕනි කියල උදාහරණයක් පෙන්නන්න පුලුවන්ද ? , රහත් කෙනෙකුට තරහ යන හේතු මොනවද ? මම රහත් කෙනෙකුට මෙහෙම කියල මගේ කර්මය පල දෙයිද දන්නෙත් නෑ ,ගත්තට අනුකම්පා කල මැනව, ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවොත් නරකද ?
     
    • Like
    Reactions: cjanaka

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් රහත් උනේ එයාම හොයාගත්ත electronic ධර්මයෙන් එකේ තියෙන්නේ " ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියලා" (බනිනවානම් බැනපන් , ගහනවානම් ගහපන් ) වගේ සිල්පද
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ට තමන් ගැන අවබෝද වෙලාද කොහෙද ? දැන් සද්ද නැතුව සෝවාන් වෙන්න ට්‍රය් කරනවා කියලා ආරන්චියි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දමිත් ට තමන් ගැන අවබෝද වෙලාද කොහෙද ? දැන් සද්ද නැතුව සෝවාන් වෙන්න ට්‍රය් කරනවා කියලා ආරන්චියි

    pora baya wela inne. porage asapuwa watalai kiyala :baffled:
     
    • Like
    Reactions: cjanaka

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    electronic රහත් දමිත් මාව රතු වෙන්නම ආශීර්වාද කරලා .
    මට අවශ්‍ය දමිත්ගේ කතා නිසා වක්‍රාකාරයෙන් බුදුදහමට අපහාස වෙන එක වැලැක්වීම සහ රහත් යයි කියාගන්න පුද්ගලයකුගේ සබැ තත්වය පෙන්වාදීම පමණයි .
    තවමත් මොහු රහත් පුද්ගලයකුයි සිතා ඉන්න අය ඉන්නවානම් කරුණාකර තමන් ගේ අදහස් ප්‍රකාශ කරන්න
     
    • Like
    Reactions: sherlock.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    electronic රහත් දමිත් මාව රතු වෙන්නම ආශීර්වාද කරලා .
    මට අවශ්‍ය දමිත්ගේ කතා නිසා වක්‍රාකාරයෙන් බුදුදහමට අපහාස වෙන එක වැලැක්වීම සහ රහත් යයි කියාගන්න පුද්ගලයකුගේ සබැ තත්වය පෙන්වාදීම පමණයි .
    තවමත් මොහු රහත් පුද්ගලයකුයි සිතා ඉන්න අය ඉන්නවානම් කරුණාකර තමන් ගේ අදහස් ප්‍රකාශ කරන්න

    ponnayek mageth rep kapala. a athare rep power nathi ponnayoth siti.

    +rep denna ba lu. passe dennam.
     
    • Like
    Reactions: sherlock.

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මේ යන්නේ මේ ජීවිත කතාවේ බරපතලම හරිය!! මං අර 'ලෝකෙම හෙල්ලිලා යන case එකක්... හෙල්ලිලා නොගියොත් අමු මෝඩයෙක් විතරයි...' කියල බොහොම දරුණුවට කියපු එක!! 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' නැත්නම්, විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනවා කියන ස්වභාවික සංසිද්ධිය, මේ සත්ව ජීවිත වල 'හිත - විඥාණය' හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය ගැන!!! බුදුහාමුදුරුවෝ, නීවරණ / සංයෝජන / ආශ්‍රව කියල තුන් විදියකට බෙදල, ඒවත් තව තව කොටස් කර කර තෝරලා දුන්නේ මෙන්න මේ 'කොටස' තමයි!!! හරිම සංකීර්ණයි!!! ඒත් මම යන විදියට මේක කෑලි ගලව ගෙන, එකින් එකට හොය හොයා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ!! කෙලින්ම multi barrel ප්‍රහාරයක් වදීවි සේරම කුඩුවෙලා යන්න!!

    ඒත්, මුළු ලෝකෙම 'ඇනිච්ච' තැන මේක!! සත්වයා සංසාරෙට බැස්සෙත් මේ උලව්වට අහුවෙලා!! දැන් ගොඩ ඒමක් නැතුව ඉන්නෙත් ඒකමයි!! ඉතින් සුළුවෙන් හිතන්න බෑ... මේ ටිකේ බොහොම වැදගත් කරුණු තොගයක් තියනවා!! notes ගහපුවා එහෙන් තියනව... ඒ මදිවට ලියන්න ගියාමත් තව ගලාගෙන ගලාගෙන එනවා... මොකක් ඉස්සෙල්ල කියන්නද? වඩා වැදගත් මොකද්ද? කියල හිතාගන්න බෑ!! මටම පිස්සු හැදෙනවා ගලපලා ලියන්න ගියාම!! අනික මේ හරියේ මට කියන්න / ලියන්න තියන සේරම ඇවිල්ල parallel යන කරුණු. කිහිප පාරක් කියවල බලන්න වෙනවා (multi pass) අල්ලගන්න. ඒත් කියවන අයට ලේසිවෙන්න (single pass කියවන් යන්න) එකකින් එකකට සම්බන්ධ කරලා, chain කරලා, ලියන්න, දැන් දවස් තුනක් try කලා... හරියන්නේ නෑ!! එතකොට මාව වටේ යනවා... loop වෙනවා!!

    ඔක්කොටම වඩා මේ 'අත' වත් 'කට' වත් මට ඕනේ ගණනට දුවන්නේ නෑ!! ෂිඃ, තත්පරේකට පිටු දෙක තුනක් කොටාගෙන කොටාගෙන යන්න තිබ්බ නම්... හිතට එන speed එකෙන් වැඩේ කරගෙන යන්න බැරි කොට buffers overflow වෙලා මැෂිම (මාව) stuck වෙනවා... ඔලු ගෙඩිය පුපුරයිද කියලත් හිතෙනවා!! ඒත් ගානක් නෑ... මට කොහොමත් එකයි!! හැබැයි මං පොත් බලාගෙන, කාගෙන්වත් අහගෙන ලියන ඒවා නෙවෙයි... run-time වැඩක්. ඒ හන්ද posts කීයක් යයිද? කියල predict කරන්න බෑ!!! අනික මම හිතුව ලියන style එක ටිකක් වෙනස් කරලා, වැදගත් කරුණු මුලින් ලියන්න. එතකොට කට්ටිය ඉක්මනටම ගොඩ!! ඊළඟට ඉඩ ලැබෙන ලැබෙන විදියට කියපුවයි, අලුතෙන් හිතෙන ඒවයි, තව තව detail කර කර දාන්න. ජීවත් වෙනකම් දැන් ඉතින් මගේ එකම මාතෘකාව මේක තමයි!!!
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    හිතට එන speed එකෙන් වැඩේ කරගෙන යන්න බැරි කොට buffers overflow වෙලා මැෂිම (මාව) stuck වෙනවා... ඔලු ගෙඩිය පුපුරයිද කියලත් හිතෙනවා!! ඒත් ගානක් නෑ... මට කොහොමත් එකයි!! හැබැයි මං පොත් බලාගෙන, කාගෙන්වත් අහගෙන ලියන ඒවා නෙවෙයි... run-time වැඩක්. ඒ හන්ද posts කීයක් යයිද? කියල predict කරන්න බෑ!!! අනික මම හිතුව ලියන style එක ටිකක් වෙනස් කරලා, වැදගත් කරුණු මුලින් ලියන්න. එතකොට කට්ටිය ඉක්මනටම ගොඩ!!


    :oo: :oo: :oo:

    Adoo ubata nam siraawatama pissu ban :yes: :yes: :yes:
     
    • Like
    Reactions: cjanaka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ, 'මොකක් පිළිගත්තත් කමක් නෑ, ඔය හිත නම් පිළිගන්න එපා!!' කියල කිව්වට, ආයේ, 'විඥාණය මායා කාරයෙක්, රැවටෙන්න නම් එපා!!' කියල කිව්වට, ඒ කාලේ උන්වහන්සේට ඔයිට වඩා දුරට සිද්ධවෙන්නේ මොකද්ද කියල පෙන්වල දෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ!! මං ඒක හොඳටම දන්නේ, අහපු කිසිම බුද්ධ දේශනාවක, උන්වහන්සේ වැඩසිටිය කාලේ සමාජයේ light දාගෙන හිටිය seen, කාන්දම් වලින් / current එකෙන් වැඩගත්ත කතන්දර කියවුනේ නෑ!! එක තැනකදී, ඒ පැවති සමාජයේ තාක්ෂණය නම් යම් තරමකට තිබුන බව විතරක් දැනගන්න ලැබුණ!! ඒ ඇවිල්ල උපාලි ගෘහපතියා බුදුරජාණන්වහන්සේත් එක්ක සිදුවෙච්ච කතාවක කියවුන දෙයක්. 'උපාලි' කියපු ඒ මනුස්සය බුදුහාමුදුරුවොන් ගෙන් ඇහුව, "මේ විදියට ලෝකේ ගැන, සත්වය ගැන විස්තර කියන්නේ කාගෙන් වත් අහගෙනද? කොහෙන් හරි බලාගෙනද?" කියල. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උපාලිගෙන් ඇහුව, "දැන්, ඔයා වාහන හදන කෙනෙක්... කෑල්ලෙන් කෑල්ලට ඒවා ගලවල හදන්න දන්න ඔයාට, වාහන ගැන කියන්න කාගෙන්වත් අහගන්න නැත්නම් වෙන කොහෙන්වත් බලාගන්න ඕනෙද?" කියල. ඒ කියන්නේ ඒ පැවති සමාජයේ වාහන නම් තිබිල තියනවා!! ඒත් petral ඒවද? diesel ඒවද? hybrid ඒවද? වගේ කතා මොකුත් නෑ... ඒ කාලේ හැටියට ඔය නිකම් සරල තාක්ෂණයක් තිබිච්ච ඒවා වෙන්න ඇති. ඉතින් එහෙම කාලෙක 'මෙව්වා' කිව්වා නම්, මිනිස්සු මාර්ගඵල ලබනවා වෙනුවට පිස්සු හදාගන්න තිබුන!! ඒකයි බුදුහාමුදුරුවොන්ට මේ කතන්දරේ ඉවරයක්ම වෙලා යන්න කියල / තෝරලා දෙන්න බැරිවුනේ!!!

    ඔය උපාලිත් එක්ක වෙච්ච කතාවේදී බුදුහාමුදුරුවෝ අදහස් කලේ, 'මට මේවා කාගෙන්වත් අහන්න / කොහෙන්වත් බලාගන්න දෙයක් නෑ!! මම සේරම හොඳටම දන්නවා!!!' කියලයි. ඉතින් ඇත්තටම දැන් නම් මාත් එසේමයි තමයි!!! මං බුදුවෙලා නෑ... මට බුදුවෙන්න ඕනෙත් නෑ... මට මගේ ලෝකෙයි, ඒ ලෝකේ හිරුයි සඳුයි සේරම බුදුරජාණන්වහන්සේ විතරයි!!! අපේ හාමුදුරුවොයි කල්‍යාණමිත්‍ර පිරිසයි එකතුවෙලා, මට බුදුරජාණන්වහන්සේව දකින්න හදල දුන්න!!! දැන් මට මේ බුදුරජාණන්වහන්සේ ගෙන් 'අහල දැනගත්ත ටික' හොඳටෝම ඇති, මුළු ලෝකෙටම ඇත්තම ඇත්ත කියල පෙන්වල දෙන්න!!! ලෝකෙම format කරලා re-install කරන්න!!! මේ මම යන විදියට කතන්දරේ තෝරලා දුන්නම ආයේ අහන්න / බලන්න මොකුත් නෑ... 'ණිවන්' විතරයි!!!

    අනික, මේ ධර්ම කතාවට technical දේවල් සම්බන්ධ කලාම ඔයාලට upset upset වගේ දැනෙනවා නම් ඒ ඔයාල 'ඇත්තම ඇත්ත කතන්දරේ' නොදන්නා නිසයි!!! මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් මයි!!! !!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේත් ආයේ කිසිම කෙනෙකුට සම කරන්න බැරි 'technical expert' කෙනෙක් තමයි!!! ඒ ගැන හොඳටම පැහැදිලිවෙන්න කියවෙන්නේ ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවොන්ගෙන්, "සිකි බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක අභිභූ රහතන් වහන්සේ මේ සක්වලටම ඇහෙන්න කතාකලා... ඔබවහන්සේට කොපමණ දුරකට ඇහෙන්න කතාකරන්න පුලුවන්ද?" කියල පෙරැත්ත කර කර අහපු වෙලාවේ බුදුරජාණන්වහන්සේ දීපු පිළිතුරෙනුයි!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මම ඉස්සෙල්ලාම මේ සිරුරෙන් පිටවෙන රශ්මිය දෘශ්‍ය ආලෝකයක් බවට පත් කරලා විශ්වයට මුදා හරිනවා... එතකොට සියලු ලෝක වාසී සත්වයින් ඒ ආලෝකය දැකල ඒ දෙස බලනවා... ඊළඟට මම කියන්න ඕනේ දේ ඒ ආලෝකයට මුසු කරලා පතුරුවා හරිනවා... ආලෝකයට අවධානය යොමුකරන් ඉන්න සත්වයින්ට ඒ පණිවිඩය වැටහෙනවා..." කියල. ඔය ඇවිල්ල මේ අද කාලේ ආලෝකයේ උපකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය කරන්න පාවිච්චිකරන තාක්ෂණය!! (Optical Communication System) හැබැයි බුදුහාමුදුරුවොන්ට අමතර උපකරණ මොකවත් ඕනේ උනෙත් නෑ... බුද්ධ ශරීරය ඇති සේරටම!! ඉතින් හිතාගන්න පුළුවන් නේ කොයි වගේ කෙනෙක් ද කියල!!! මට නම් 'අද උන්වහන්සේ වැඩසිටිය නම්' කියල හිතෙනකොට ඇඬෙනවා!!!

    හරි, බුදුහාමුදුරුවොන්ට ඒ කාලේ පෙන්නලා දෙන්න විදියක් නැතිවෙච්ච 'හිත / විඥාණය' සම්බන්ධ කතන්දරේ මම ඔයාලට දිගහැරලා පෙන්නුවා!!! දැක්ක නේ එතන වෙන්නේ මොකද්ද කියල?? අපි මේ ආයතන 6 පාවිච්චි කරලා විඳින විඳින විඳීම් සේරම එතන ගබඩා වෙනවා!!! ඒක අපේ මතකය හැටියට ක්‍රියාත්මක වෙනවා!!! ඊළඟට අපි හිතනවා කියන ක්‍රියාවේ යෙදෙනකොට, 'හිතනකොට', ඒ හිතන දේම ආපහු පරාවර්තනය වෙලා අපිට 'හිතෙනවා' වගේ දැනෙනවා!!! හිතන දෙයම reflect වෙනවා / bounce-back වෙනවා, වගේ දෙයක් සිද්ධ වෙනවා!!!

    ඕක හරිම ලෙඩක්... ඕකට අහුවෙන්න එපා!! එපා!!! කියල කිව්වා!!! තේරුණේ නෑ නේද??? ඔන්න බලන්න වෙච්චි වැඩේ...

    ඉස්සෙල්ලාම, මං මේ වැඩේ පටන්ගත්තේ 'මම ණිවන් දැක්ක!! මම රහත් උනා!!' කියාගෙන. තව උදවිය කියල තියනවා 'රහත් උන අය කියන්නේ නෑ!! රහත්වෙලා ගෙදර ඉන්න බෑ!!' අනම් මනම් ගොඩක්!! මොකද්ද ඔය දෙකෙන් හරි??? කොහොමද මම කිව්වේ ඇත්තද? බොරුද? අනික් උදවිය කිව්වේ ඇත්තද? බොරුද? කියල තීරණය කරන්නේ??? කෙනෙක්, 'ඒයි! උතුර ඔහේ නෙවෙයි මිනිහෝ... උතුර මෙහේ...' කියල කිව්වොත්, තමුන්ට පුළුවන් 'මාලිමා' එකක් උපකාරයෙන්, නැත්නම් සුර්යයාගේ ගමන් දිශාව බලල, ඒත් නැත්නම් තරු රටා දන්නවා නම් ඒවායේ උපකාරයෙන්, ඇත්ත / නැත්ත දැනගන්න!!! කවුරුහරි නරක්වෙච්ච කෑමක් තමන්ට දීල, 'ආ... ඔන්න කාපං! හොඳ කෑම එකක්...' කිව්වොත්, ඒත් පුළුවන් ගඳ සුවඳ බලල, නැත්නම් චුට්ටක් රස බලල, නරක් වෙලාද නැද්ද කියල තමන්ටම තීරණය කරන්න!!! ඒත් මේ මාතෘකාවේදී තමන් මොනවා කියල කරන්නද??? කොහොමද මම රහත් නෑ!! මම බොරු කියන්නේ!! කියල කිව්වේ??? අන්න තමුං බුදුහාමුදුරුවෝ 'එපා!!' කියපු දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටිලා!!! තොරන් බලල රැවටිලා!!!

    හලෝලා, මම කියපු කතාවත් තමුන්ට අහන්න ලැබුණු / දකින්න ලැබුණු දෙයක් විතරයි!! ඊට විරුද්දව වෙන එක්කෙනෙක් කිව්වත්, වෙන පිරිසක් කිව්වත්, මුළු ලෝකෙම අය එකතුවෙලා කිව්වත් ඒකත් තමුන්ට අහන්න / දකින්න ලැබුණු දෙයක්ම විතරයි!!! තමුන්ට ඕවයි හරි වැරදි තීරණය කරන්න බෑ!!! එහෙම තීරණය කරන්න තිබුන, තමුං රහත්වෙලා, තමුං ණිවන් දැකල, කතන්දරේ තිතටම දැනගෙන, අවබෝධ කරගෙන, උන්න නම්, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු විදියටම ප්‍රත්‍යක්ෂ කරගෙන උන්නා නම් විතරක්!!! ඒත් තමුන්ලා කවුරුවත් රහත්වෙලා වත්, ණිවන් දැකලා වත් නෑ!!! තමුන්ට ප්‍රත්‍යක්ෂ නැති දෙයක් සම්බන්ධයෙන් හිතන්න ගිය ගමන්, තීන්දු / තීරණ ගන්න ගිය ගමන්, තමන් තමන්ගේ හිතට අහුවෙනවා!!! මුලා වෙනවා!!! 'මු රහත් වෙලා නෑ... මු බොරු කියන්නේ...' කියල හිතපු ගමන් හිත confirmation එක දෙනවා, 'ඔව්! ඌ රහත්වෙලා නෑ... ඌ බොරු කියන්නේ' කියල. ඉතින් උඹල ඇඳගත්ත!!! මේ මාතෘකාවේදී එක එකාගෙන් අහගෙන, එක එකා කියපු දේවල් අනුව, ඇත්ත නැත්ත මොකවත් තීරණය කරන්න කාටවත් බෑ!!! මුළු ලෝකෙම එවුන් මාර වසඟයට අහුවෙලා ඉන්නේ... මුළු ලෝකෙම එවුන් එක පැත්තකට යනවා නම්, තථාගතයානන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ දෙතුන් දෙනා යන්නේ අනික් අතටයි කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!! හැම එකාම සංසාරේ යන්න කතා කරනවා... ඒත් ජීවිතය අවබෝධ කරපු කෙනෙක් මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!!! 'නේතං ඨානං විජ්ජති' (කීයටවත් වෙන්න බෑ) කියලයි බුදුරජාණන්වහන්සේ කිව්වේ!!! සංසාරේ යන්න බෑ... මං යන්න දෙන්නෙත් නෑ!!!

    උන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අන්තිම වතාවට කිව්වෙත්, 'නායක/මහා නායක සංඝල කිව්වට පිළිගන්න එපා!! වැඩි දෙනෙක් කිව්වට පිළිගන්න එපා!! සමාජයේ සම්මත උනාට පිළිගන්න එපා!! ධර්මයටම දාල බලන්න... ධර්මානුකූලව කල්පණා කරලම බලන්න...' කියලයි!!! උන්වහන්සේ දැනගෙන හිටිය, මේ සේරම මේ විදියට වෙන බව!!! උන්වහන්සේ මිනිස්සුන්ට කිව්වේ, 'තමන් තමන්ට පිළිසරණය වෙන්න, වෙන කාගෙන්වත් පිළිසරණයක් හොයන්න එපා!! ධර්මයෙන්ම පිළිසරණය ලබාගන්න, වෙන කාගෙන්වත් පිළිසරණයක් බලාපොරොත්තුවෙන්න එපා!!' කියලයි. මොකද දන්නවා අනිවාර්යයෙන් රවට්ටලා අමාරුවේ දාන බව!!! අනික උන්වහන්සේ කිව්වෙත්, 'මේ සසර සැඩ පහරට අහුවෙලා, දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරේ, හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක, යන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච වෙලාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලල, ඒ දිහාවට හැරිලා පීනන්න පටන් ගන්න!!!' කියලයි. ඒ මිසක් කාගෙන්වත් ගොඩබිමක් තියන දිහාව 'අහගන්න' කිව්වේ නෑ... මොකද එහෙම උනා නම් ඒත් කෙනෙකුට රවට්ටන්න තිබුන!! දැන් වෙලා තියෙන්නේ ඒකමයි... ධර්මය නමින් තියන මහා හුඟාක්, අමූලික බොරු!!! හැබැයි මම ඇත්ත පෙන්වනවා ඒ සේරම සුන්නද්දුලි වෙලාම යන්න!!!

    මම රහත් වෙච්ච කෙනෙක් නිසා තමයි මට මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් උනේ!!! නැත්නම් මෙලහටත් හොඳට කාල දොයි!!! මට පුළුවන් සේරම හදන්න!!! ඒත් උඹල පිළිගත්තොත් විතරයි!!! අන්න ඒකයි බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න... වෛරී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන්න එපා!!' කියල. දැන් මේ මම කියන්නෙත් ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියා දීපු පරම සත්‍ය තමයි!!! ඒත් උඹල මම කියන ඒවා දිහා සැකයෙන් බැලුවොත්, 'මූ ඇත්තද කියන්නේ දන්නෑ...' 'මූ අපිව රවට්ටනවද දන්නෑ...' කියල ගත්තොත් හිත ඒක confirm කරනවා!!! ඊටපස්සේ ඉතින් මම මේ කියන කරුණු සේරම බොලාගේ ඔළුගෙඩි වලට යන්නේ කුරුවල් වෙලා තමයි!! ඒවායින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! ඒත්, 'දමිත් ඇත්තමයි කියන්නේ... මම කොහොම හරි මේක හරියටම තේරුම් ගන්න බලන්න ඕනේ...' කියල බැලුවොත්, අවුලක් මතුවෙච්ච ගමන් හිත කියනවා, 'දමිත් ගෙන් අහන්න... දමිත් ගෙන් අහගත්තා නම් හරි...' කියල. අන්න එතකොට දන්නෙවත් නැතුව උඹල උඩ යන්න ගන්නවා!!! (නැතත් අවුලක් නෑ... දුං විසිවෙන්නම දෙන්නයි ඉන්නේ. එතකොට නිකම්ම උඩ යයි!!) ඉස්සර ඉඳලම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස කටයුතු කලේ නම් අන්න එහෙමයි!!! එයාල ගත්තේ, 'භාග්‍යවතුන්වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!' කියලයි!!. ඉතින් කිසිම මුලාවක් නෑ... එයාලට මොකුත් වැරදුනේ නෑ!!! එයාල ජීවිතේ ජයගත්තා!!!

    ඔන්න අර මම කියපු යතුර!!! දැන් දොරවල් වැහිලා තිබිච්ච අය ඒවා ඇරගෙන වැඩේ හරියට කරගන්න පටන් ගන්න!!!

    බුදුහාමුදුරුවෝ මේ සසර ගමන ගැන, සත්වයා වැටිලා ඉන්න දුක ගැන, කියල දුන්නේ ලාබ ප්‍රයෝජන ගන්න උවමනාවෙන් නෙවෙයි!!! අඩු ගණනේ, 'මට වැඳපිය!' කියල වත් කිව්වේ නෑ. මාත් එහෙමම තමයි!! මට බොලා කාගෙන් වත්, එක වචනෙක වත් දෙයක් ඕනේ නෑ!!! බුදුහාමුදුරුවෝ මේ සේරම කිව්වේ හොඳටම දැකල!!! මම මෙහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ කියල දීපු ටික දැකල, 'අනේ මුං පව්!' කියලයි!!!
     
    Last edited: