'මම' ඉන්නේ කොහෙද?

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    meditate-geek-style.jpg
     

    Revo_07

    Junior member
  • May 23, 2008
    185
    2
    18
    mama umbata danaganna one wena tika kelin kiyanawa!!!
    kathawata adaala deta uththara denawa misak, umbala ahana ahana kunuharupa walata uththara labeyi kiyala balaporoththu wenna epa!!!

    me... habayi, 'gonnu' ekka ekathuwenne nam gonnuma thamayi!!! umba mokedda kiyala heta anidda wenakota peneyi man hithanne.

    උබලගේ Thread වල comment දාපුවහම අපිත් උබල වගේ ගොන්නු වෙනවා කියලද උබ හිතාගෙන ඉන්නේ.අපි අහන ප්‍රශ්න වලට දෙන උත්තර වලින් උබ කව්වද කියල අපිට හොදට තේරෙනවා . කැමති ආතල් එකක් අරගෙන උබ සතුටු වෙයන් . අපේ කලේ නාස්ති කරන් අපි comment කරන්නේ මොකට ද ? පව් අප්පා අසරණයා. ඔක්කොම අනාගෙන වගේ...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    නවීණ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා, දැන් නම් මේ ඇඟවල් එක්ක ගොඩක් සෙල්ලම් දාන්න පුළුවන්!! කෑල්ලෙන් කෑල්ලට ගලව ගලවා ලෙඩ හදන්න... කෑලි මාරු කරන්න... තමන්ට ඕනේ විදියට කපල කොටලා වෙනස් කරගන්න... වගේ හුඟාක් දේවල් පුළුවන්!! ඒත් අදටත් මේ ජීවිත කතාව ගැන විද්‍යාවෙන් 'කූරුගාල' අල්ලගන්න පුළුවන් කෙහෙල්මල් මොකවත් නෑ!!! ඊටත් වඩා, එහෙම වැඩි වැඩ කරන්න ගියොත් සත්වයා මැරෙනවා!!! හැබැයි ඉතින් කොහොම හරි කෑල්ලෙන් කෑල්ලට කූරුගාල බැලුවම 'මොකුත් නෑ...' කියලත් පේනවා... ... ඒත්, 'මොකුත් නෑ' කියන්නත් බෑ!! හොඳටම දැනෙනවා මෙතන මොනවහරි තියනවා මයි කියල!!! ඉතින්... ලොකු පටලැවිල්ලක්!!! කරන්න පුළුවන් එකම දේ, නොදන්නා ඕනේ පුකක් 'X'යයි ගනිමු කියන්නැහේ, උපකල්පණය / assume කරලා, මේ 'මගේ ආත්මය'යි කියල හිතන එක තමයි!!! !!! !!!

    ඉස්සර ඉඳලම ඉපදුන ඉපදුන මිනිස්සුන්ට උනේ ඕකම තමයි... ඇත්ත නොදන්නා නිසා, දැනගන්නත් ක්‍රමයක් නැති නිසා, 'මම'ය / 'මගේ ආත්මය'ය කියල මේ හැදිච්ච ඇඟවල් වල ක්‍රියාකාරිත්වයට එහෙම්පිටින් රැවටුනා!!! !!!

    ඊළඟට ඉතින් මෙහෙම 'මම'ය / 'මගේ ආත්මය'ය කියල හිතාගත්තට, මේක පටන් ගත්තේ කොහොමද කියල දන්නේ නෑ නේ?? ඒපාර ඉතින්, ඒකට තව තව දේවල් උපකල්පණය කළා!!! මනුස්සයෝ කොහොමට වත් දැනගෙන උන්නේ නෑ, මේ ජීවිත කියන්නේ මැරි මැරී ඉපදි ඉපදී දිගින් දිගට පැවතගෙන එන, හිතාගන්නවත් බැරි දීර්ඝ ඉතිහාසයක් තියන කතන්දරයක් බව!!! ඒ නිසා හුඟ දෙනෙක් උපකල්පණය කලේ, අල්ලාගත්තේ, බලගතු දෙවි කෙනෙක් මේ 'ආත්ම' මවන්න ඇති... කියලයි!!!

    ඊළඟට ඉතින් මේ හැදිච්ච ඇඟවල් පවතින තාක් කල්, මේවාට නොයෙකුත් නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා... දුක් කරදර ඇති වෙනවා... ඒත්, මේ මනුස්සයෝ දන්නේ නෑ ඒක ලෝකස්වාභාවයක්, ඉපදුන සත්වයාගේ 'උරුමයක්' බව!!! සේරටම වඩා මේ සත්වයෝ දුකට කැමති නෑ... බයයි!!! එයාල හිතුවේ මේ තමන්ව මවපු 'දෙයිය කෝපවෙලා කරන දෙයක් වෙන්න ඇති' කියලයි!!! ඒ ගමන ඒ දෙයියව අදහන්න, පුද පූජා පවත්වන්න තියාගත්තා!!!

    අන්තිමේ ඉතින් මේ මොන සෙල්ලම් දාගෙන ජීවත් උනත්, ඉපදිච්ච හැම එකෙක්ම වයසට ගිහිල්ල ගිහිල්ල මැරෙනවා නේ?? ඒක වලක්වගන්න මොන try එකක් දැම්මත් හරියන්නේ නෑ!!! දුකේ බෑ... ඒත් කරන්න දේකුත් නෑ!!! මේ සත්වයා කොහොමටවත් කැමති නෑ තමන්ව නැති වෙනවට... අන්න ඒක නිසා, කරන්න පුළුවන් අන්තිම උපකල්පණයත් කළා, මරුණයින් පස්සේ මේ 'ආත්මය' ඒ මවපු දෙවියා ළඟටම යනවා ඇති... එහෙම නැත්නම් වෙන 'safe place' එකකට යනවා ඇති... ගිහින් කිසිම කරදරයක් නැතුව සදහටම ඉන්න පුළුවන් ඇති... කියල!!!

    ඒ උදවිය කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ, මෙහෙම උපකල්පණ කරන්න ගියාම තමන්ට වෙන්නේ මොකද්ද කියල!!! ඒත්, ඇත්ත කියල දෙන්න කෙනෙක් හිටියෙත් නෑ... එහෙම මුලාවේ වැටුණු පිරිසයි, එයාලගේ අනුගාමිකයෝ සේරමයි, රොතු බුරුතු පිටින් අනාත වෙලා ගියා!!! ඒ කාටවත්, බොහොම දුර්ලභව ලැබුණු වාසනාවන්ත මනුස්ස ජීවිතයෙන් ගන්න තියන උපරිම ප්‍රයෝජනය, මේ සංසාර කතන්දරය ඉවරයක් කරලා දාන එක, කරගන්න උනේ නෑ!!! !!! !!! ස්වර්ගෙට යනවා... සමාදානයෙන් සැතපෙනවා... කියල හිතුවට එහෙම එකක් උනෙත් නෑ!!! එහෙමපිටින් නැති නාස්තිවෙලා, අන්තිමේ නිරය / පෙරේත / තිරිසන් උපත් කරාම ගියා!!!

    මේක පොඩි අනතුරක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ කල්ප 91 තරමේ දීර්ඝ කාලයක් ආපස්සට බලලා කිව්වේ, "මෙච්චර කාලෙකට අන්‍යාගමික කෙනෙක් දිව්‍ය ලෝකයක උපතක් කරා ගිහින් තියෙන්නේ එකම එක වතාවක් පමණයි!! එයත් මිත්‍යා දෘෂ්ඨියෙන් හිටියට කර්ම හා කර්ම ඵල විශ්වාස කල යහපත් ජීවිතයක් ගතකල කෙනෙක්!!" කියලයි!!! ඉතින්, 'සත්තු මවල තියෙන්නේ අපට කන්න...' කියල හිතන style එකේ කට්ටියට, බිලි පූජා වලට දායක වෙන කට්ටියට, address නෑ!!! කාටවත් මොකවත් කරන්නත් බෑ!!! sorry ම තමයි!!! තම තමන් හිතන / කියන / කරන දේවල් අනුව තමන්ගේ ඉරණම තීරණය වෙනවා මිසක්, කාටවත් උවමනා විදියට සිද්ධ වෙන, ඉබේ සිද්ධ වෙන, කතා මොකවත් මේ ජීවිත කතාවේ නෑ!!! !!! !!! මොකද්ද වෙන්නේ... මොනවද වෙන්නේ... කොහොමද වෙන්නේ... කියන සේරම මේකෙන් දැනගන්න ලැබෙයි!!! මම ඔක්කොම කියනවා!!!

    ඉතින්, ඒ මීට අවුරුදු million / billion ගණන් ඈත අතීතයේ හිටපු මනුස්සයෝ අනාගත්තු කතන්දර තමයි මේ අද / වර්තමානය වෙනකම්ම දිගින් දිගට ඇවිල්ල තියෙන්නේ!!! එහෙම දීර්ඝ කාලයක් තිස්සේ එද්දී, කාලෙන් කාලෙට ලෝකේ ඉපදිලා, ඔය කතා අහල මුලාවෙච්ච, බයවෙච්ච කට්ටිය, තව තවත් තොරන් බල බලා හොඳට 'ලුණු ඇඹුල්' එකතු කරලා හදපු 'අච්චාරුවක්' තමයි දැන් උඹලට අහන්න ලැබිල තියෙන්නේ!!! ඉතින් පිරිසුදු බුද්ධ දේශණා අහන්න නොලබිච්ච, මේ ජීවිත කතාව ගැන 'පරම සත්‍ය' දැනගන්න අවස්ථාවක් නොලබිච්ච, ඕනෙම මනුස්සයෙක් අදටත් ඕවට රැවටෙන එකේ සීමාවක් නෑ!!! මොකුත් නොදන්න එකෙකුට මේ වගේ කුණුහරුප කතන්දර අහන්න ලැබුණු ගමන් ඌත් එහෙම්පිටින්ම නනත්තාර වෙනවා!!! ජීවිතේ ගැන දන්නෙත් නෑ... දෙයිය පේන්නෙත් නෑ... ඔක්කොටම වඩා තමන්ට 'මොකුත් වෙයි' කියල පරාණ බයයි... ඉතින් ඌ ඉවරෙටම ඉවරයි!!! ඕනෙම හතර රියන් රාජකීය 'පොරක්' උනත් කොන්ද / අත-පය සේරම කඩල, මුල්ලකින් තිබ්බ වගේ වෙනවා!!! අර, 'හාවා හරි හාවා...' නැත්නම් 'කොප්පර කොප්පර පිපිඥ්ඥ...' වගේ එකක් කියල හූනියමක් කලාට වඩා අන්තයි!!! එහෙම්පිටින්ම බොරුවක්!!! ඒත් මොන කරුමෙකට හරි ඔය කුණුහරුප ඔලු ගෙඩිය අස්සට වැටුනොත් 'සදා සොත්ති' තමයි!!! මොකද ඔය ප්‍රශ්ණේ බාහිර කාගෙවත්, බාහිර කොහෙවත්, තියන එකක් නෙවෙයි... තම තමන්ගේ ඔළුගෙඩි අස්සෙම හැදිලා තියන එකක්!!! ලේසියෙන් ගැලවෙන්න බැරි මරාලයක්!!!

    ලෙඩක් හැදිලා දෙයියන්ට කිය කියා ඉන්නකොට ලෙඩේ ඇඟේ ප්‍රතිශක්තිකරණයෙන් ඉබේම හොඳ වෙනවා... මුලාවෙන් ඉන්න එකා හිතන්නේ 'දෙයිය හොඳ කළා!' කියල. ආයි, මෙහෙම මුලාවෙන් ඉන්න එකෙක් මොකක් හරි කරදරේක වැටිලා අනාත වෙලා ඉන්නකොට, සුපුරුදු පරිදි වැඩ ඇරිලා ගෙදර යන කෙනෙක් ඒක දැකල උදව්වට ආවත්, 'පොර' හිතන්නේ 'දෙයිය මට උදව්වට කෙනෙක් එවලා!' කියල. ඇත්තටම එහෙම එකක් නෑ. අර මනුස්සය හැමදාම වැඩ ඇරිලා ගෙදර යන වෙලාව... ඒත් මුලා වෙච්ච එකා හිතන්නේ ඌට ඕනේ විදියට!! 'මට උදව්වට දෙයියමයි එව්වේ!!!' කියල. ඉතින් ඒකා ස්තුති කරන්නේ දෙයියන්ට!! ඌට 'මොලේ කොලොප්පන්' වෙලා!!! ආයේ, අතේ පිච්චිය නැතුව, වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක, පහුගිය ආත්ම වල සිද්ධවෙච්ච පිනක විපාක හැටියට ස්වීප් එකක් ඇදෙනවා කියල හිතමු... මුලාවෙන් ඉන්න එකා හිතන්නේ උගේ දුක දැකල දෙයියෝ දුන්න කියල!!

    දැන් ඔය වගේ මුලාවෙන් ඉන්න කෙනෙකුට 'මෙහෙම දෙයක්' අහන්න / කියවන්න ලැබුන කියමු... ඒත් ඒ මනුස්සයට ඇත්ත දකින්න / ගොඩයන්න අවස්ථාව ලැබෙනවා හරි අඩුයි!!! 'මම මේවා බලල දෙයිය කෝප වෙයිද? මට මොනවහරි කරයිද?' කියල බයෙන් සැකෙන් හිතෙන කොට, හිත return එක දෙනවා, 'ඕවා බලන්න එපා යකෝ! දෙයියා තෝව කාවි!!' කියල... ආයි, තමන්ගේ ආගමෙන් උගන්නල තියන දේට පිටින් මොනවා හරි හිතන්න ගියොත්, හිත කියනවා... 'ඕව කරන්න එපා යකෝ! දෙයිය තොට අරී!!!' කියල. බයෙන් බයෙන් හිතුවොත්, 'මම දෙයියට විරුද්ධ උනොත්?' කියල, හිතෙන් return එක එනවා, 'යකෝ, කෑගහන්න එපා!! දෙයියට ඇහුනොත් විනාසයි!!' කියල. ඉතින් ඌ අම්බානට බය වෙනවා!!! හැබැයි මේ තනියම නටන පිස්සුවක්... කිසි කෙනෙකුට කියන්නත් බයයි. ඊළඟට මේ 'දෙයියන්නාන්සේ ඇවිල්ල ඉන්නේ එලිය හැටියට...' කියල අහපු එකා උදේ නැගිටලා එලිය දැක්ක ගමන්, 'ආ... ඇවිල්ල!' කියල දවස පටන්ගත්තාම දවසම ඉන්න වෙන්නේ බයෙන්!! ඉතින් මතක් වෙන මතක් වෙන සැරේට ලකුණ ගගහ, වැඳ වැඳ පුද පුද ඉන්නවා හැරෙන්න වෙන මොකුත් කෙරෙන්නේ නෑ!! ඊළඟට ඉතින් රෑට... කළුවරයි! එලිය නෑ! 'දෙයිය' නෑ!! දෙයිය නැත්නම් ඉතින් 'යකා' නේ?? ඒ ගමන 'යකා ගහයි' කියල බයයි!!! ඉතින්... 'අනේ මාව බේරගන්න, බලාගන්න' කියල දෙයියන්ටම කිය කියා, ගූ බයේ වැඳ වැඳ පුද පුද ඉන්න වෙනවා!! ගොඩ යාමක් ඇත්තෙම නෑ!!!

    හැබැයි මේ වෙන කවුරුහරි කරන දෙයක්, බාහිර කෙනෙකුගේ බලපෑමක්, මොකුත් නෙවෙයි!!! !!! !!! තමන්ගේ හිතයි මේ තමන්ගේම බෙල්ල මිරිකන්නේ!!! !!! තමන්ගේම හිතයි මේ තමන්ව මරන් කන්න හදන්නේ!!! !!! ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ ඔය හිත නම් කීයටවත් පිළිගන්න එපා කිව්වේ!!! !!! !!! තමුන්ව අමාරුවේ දාන්නේ, තමුන්ව කාල දාන්නේ වෙන කවුරුවත්ම නෙවෙයි... තමන්ගේම හිතයි තමුන්ව කාල, කාබාසිනියා කරලා, විනාස කරලම දාන්නේ!!! !!! !!!

    ඊළඟට ඉතින් මෙහෙම මුලාවෙච්ච කෙනෙකුට තියන එකම ගැලවීම, සැනසීම දෙයියව ඉහලටම උස්සල, පුම්බල, පුප්පලා තියන් ඉන්න එක විතරයි!!! මොකද එහෙම කරනකොට නම් හිත කියනවා... 'ආ... උඹ නියම අනුගාමිකයෙක්!!! දැන් ඉතින් උඹ කිසි දේකට බයවෙන්න ඕනේ නෑ!!! දෙයිය උඹට හොඳට සලකාවි... උඹව හොඳට බලාගනීවි...' කියල!!! මේ මුලාවට අහුවෙච්ච පිස්සු මිනිස්සු ඉතින්, 'දෙයියන්නාන්සේ ඔක්කොම දන්නවා!! බුදුන් වහන්සේ ලෝකේ ගැන හොයන්න එපා කිව්වේ එයා දන්නේ නැති නිසයි... දෙයියන්නාන්සේ අහවල් අහවල් දේවල් කරලා තියනවා... මෙව්වා මෙව්වා කියල තියනව...' කියල කතන්දර හද හදා, ගොත ගොතා කියනවා!!! තොරන් බල බල, පරණ මෝඩ කතන්දරේට තව ලුණු ඇඹුල් එකතු කරනවා!! නොදන්න දෙයියෙක් බදාගෙන පිස්සු කෙලලා ජීවිතේම කාගන්නවා!!! ආයුෂ ඉවරවෙද්දි කරගත්තු දෙයක් නෑ!!! ඉතින් හතර අපායට ඇදන් වැටෙනවා!!! ආ... කලබල නැතුව ඉන්න. එහෙම වැටෙන හැටිත් කියනවා...
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    akurak adui ne sir.:eek::eek: mona akurada othanata danna one:confused:


    ඉස්සර නම් ඔහොම අකුරු අඩුකලේ නැ, අපි නොන්ඩි කලාට පස්සේ තමා ඔහොම දාන්න පුරුදු උනේ