'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ කිව්වා, මේ සත්වයන්ගේ පැවැත්ම තනිකරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් මත දිගින් දිගට සිදුවෙන දෙයක් බව!!! ගෞතම බුදුරජාණන්වහන්සේ මේ බව අවබෝධ කරගෙන තියෙන්නේ, "විඥාණය පවතින්නේ නාමරූප සමගමයි... නාමරූප ඉක්මවන්නේ නෑ..." කියලයි!!! ඒවගේම උන්වහන්සේ කිව්වා, "විපස්සී බුදුරජාණන්වහන්සේ ඔය බව අවබෝධ කරගත්තේ, විඥාණය නාමරූප දෙසට නැවී පවතිනවා යනුවෙනුයි" කියලත්!!! උන්වහන්සේලා මේ පැහැදිලිකරලා තියෙන්නේ, මේ තාක්ෂණික යුගයේ උදවියට නම් බොහොම සමීප, හුරුපුරුදු කතන්දරයක් ගැන... ඒත් උන්වහන්සේලා ජීවමානව වැඩසිටි කාල වල, 'මේ ස්වභාවික සංසිද්ධිය මෙන්න මේකයි!!' කියල හරියටම පැහැදිලි කරන්න උදාහරණ තිබුන බවක් නම් කිසිම බුද්ධ දේශණාවකින් දනගන්න ලැබුණේ නෑ!!! ඉතින්, ගෞතම බුදුරජාණන්වහන්සේත්, විපස්සී බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේලා ජීවමානව වැඩසිටිය කාලවලදී දක්වන්න පුළුවන් වෙච්ච උදාහරණ වලින්, ඔය කියල තියෙන්නේ, 'විද්‍යුතයත් / විද්‍යුත් චුම්බකත්වයත්' කියන ස්වභාවික සංසිද්ධි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට පැවතීම කියන බව මං ඔය උදවියට තෝරලා දුන්න!!!

    ඊළඟට උන්වහන්සේ කිව්වා, හිත බැසගත්තොත්, විඥාණය පැළවෙන බව!!! දැන්, ඔය 'හිත' ගැන කට්ටියම දන්නවා නේ?? මේ ඉන්න ගමන් අවුරුදු ගණන් අතීතයට යනවා... අතීත සිදුවීම් මතක් වෙනවා! මේ ඉන්න ගමන් වෙන වෙන රටවල් වලට යනවා... ඒ රටවල් වල තියන දේවල් මතක් වෙනවා! හඳට / අභ්‍යවකාශයට යනවා කියන්නෙත් සුළු දෙයක්!! speed කියන්නේ... කියල වැඩක් නෑ!! හිතාගන්නවත් බැරි වේගයකින් වැඩ කරන දෙයක්!!! එතකොට, 'බැස ගන්නවා' කියන්නේ මොකද්ද? අපි ඔය 'බැහැල වැඩ!' 'වැඩේට බහිනවා!' කියන්නේ, වෙන වෙන දේවල් අතහැරලා එකකටම යොමුවෙනවා... දිගින් දිගටම එක දෙයක නිරත වෙනවා කියන එක නේ?? ඉතින්, බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන / අවබෝධ කරගෙන හිටියා, මේ සත්වයින් හිතනවා / චේතනා පහල කරනවා කියන ක්‍රියාව කරද්දී, එවුන්ගේ ඇඟවල් අස්සේ සිද්ධ වෙන්නේ, ඉතාමත් අධික වේගයකින්, 'අධිසංඛ්‍යාත' වලින්, සිදුවන විද්‍යුත් ශක්තියේ ක්‍රියාත්මක වීමක්, නැත්නම් 'අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග' මාර්ගයෙන් සිදුවන ක්‍රියාවලියක් බව!!! ඒ වගේම, එහෙම විද්‍යුත් තරංග ක්‍රියාත්මක වීමක් සිදුවෙනවා නම්, ඊට අනුරූප විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකුත් (electromagnetic field) අනිවාර්යයෙන්ම ගොඩනැගෙන බව!!! ඉතින්, මෙහෙම අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගුනොත්, ඒකෙ ස්වභාවය තමයි අවකාශය පුරාම පැතිර යාම!!! අන්න ඒ සිද්ධාන්තය තමයි අද කාලේ මේ TV / Radio / Mobile Phone / Satellite Communication හැම දෙයකටම යොදාගන තියෙන්නේ!!! හැබැයි, බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ නම් මේවා කිසි දෙයක් මේ විදියට කියල, තෝරලා දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ!!!

    ඒ උනාට මේ චුම්බක ක්ෂේත්‍ර (magnetic field) කතාව බොහොම පැහැදිලිව දැනගන්න හොඳ උදාහරණයක්, සුර / අසුර යුද්ධයක් ගැන කියපු දේශණාවකදී බුදුරජාණන්වහන්සේ කියල තියෙනවා!!! ඒ යුද්ධයේදී 'අසුරයෝ' පරදිනවලු. ඒ ගමන, 'සුරයන්' අසුර නායක 'වේපචිත්ති'ව බන්ධනයකින් බැඳලා, සුර ලෝකෙට අරගෙන යනවලු. හැබැයි මේ බන්ධනයට මොකුත්ම පාවිච්චි කරන්නෙත් නැතිලු!! ඒත් ඒ බන්ධනය නිසා, අසුර නායක වේපචිත්තිගේ ඔළුවයි / අත් දෙකයි / කකුල් දෙකයි සේරම එකට බැඳලා දැම්ම වගේ වෙනවලු!!! නිකම් 'පැණි මුලක්' ගැටගැහුව වගේ කියන්නකෝ. ඊළඟට වැඩේ තියෙන්නේ, වේපචිත්තිව සුර ලෝකෙට අරගෙන ගිහිල්ල, නිකම් ඔහේ පැත්තකින් දාල තියනකොට, වේපචිත්ති හිතනවලු, 'මේ සුරයෝ හරි හොඳයි නේ... අපි හිතුවට වඩා හොඳ පිරිසක් නේ... මට කරදරයක් කලෙත් නැහැ නේ...' එහෙම කියල. එයා ඒ විදියට හිතන කොට, එයා සුරයන් ගැන පැහැදෙනකොට, අර බන්ධනය නැතුව යනවලු!!! එහෙම නිදහස ලැබුණාම, මේකා එපාර හිතනවලු, 'මුන් මොක්කුද?' 'අපේ එවුන් තමයි හොඳ!!' 'ඉක්මනට මෙතනින් පැනගන්න ඕනේ!!!' කියල. එහෙම හිතපු ගමන්, ආයේ අර කලින්වගේම, පැණි මුල ගැටගැහුව වගේ බැඳිලා යනවලු!!! මොකද්ද ඔය කියල තියෙන්නේ?? කොහොමද එහෙම වෙන්නේ??

    දැන් මේ සුරයෝ / අසුරයෝ කිව්වේ ප්‍රතිවිරුද්ධ දෙපිරිසක් නේ?? හැබැයි ඒ අයගේ වෙනස්කම තියෙන්නේ දෙපැත්තේ අය හිතන විදියෙයි!!! ඉතින්, අසුර නායකයා උනාට අවුලක් නෑ... සුරයන් ගැන පැහැදීමෙන් හිතනකොට, එයත් සුරයන්ගේ කෙනෙක් වගේ වෙනවා!! ගැලපෙන ගැලපෙන අය එකතු වෙනවා!!! ඔය ගතිය බුදුරජාණන්වහන්සේ අඳුන්වල තියෙන්නේ 'ධාතු ස්වභාවයක්' කියලයි!!! (ධාතු නානත්වය / ධාතු සංයුක්තය කියල තියෙන්නේ... අන්න ඒවා!!) දැන් වතුරට, වතුර බින්දුවක්ම දැම්මොත් කවලම් වෙනවා නේ?? අන්න ඒවගේ. එතකොට බන්ධනය නැතුව යනවා... නිදහස්!!! ඒත් වේපචිත්ති, එයාලගේ අයගේ පැත්ත ගත්තු ගමන් 'වෙන එකෙක්'!! ගැලපෙන්නේ නෑ!! වෙන්වෙනවා!!! සුරයෝ හුඟ පිරිසක් ඉන්න තැන එයා තනියෙන්... වතුරට, තෙල් බින්දුවක් දැම්ම වගේ වෙනවා!! නිකම් බෝලයක් වගේ ගුලි ගැහිලා යනවා!! බන්ධනය වෙනවා!!! තේරුණාද?? ඒත්, කොහොමද මේ හිතින් හිතනකොට, ගුලිවෙන්නේ / දිගහැරෙන්නේ?? අන්න ඒක තමයි අර චුම්බක ක්ෂේත්‍රයේ කතන්දරය!!! සුරයෝ අතරේ, සුරයන්ගේ පැත්තට හිතනකොට, ඒ හැමෝගෙම චුම්බක ක්ෂේත්‍ර සමානයි. ඉතින් mix වෙනවා... අවුලක් නෑ!!! හැබැයි එයා එයාලගේ පැත්තට, අසුරයන්ගේ පැත්තට හිතපු ගමන්, චුම්බක ක්ෂේත්‍ර වෙනස්!! ඉතින්, වෙන් වෙනවා!! අනික් අයගේ පිරිස වැඩියි... ඒ හන්ද එයාලගේ ක්ෂේත්‍රයත් බලවත් වැඩියි... මෙයා ඇකිලිලා යනවා!!! අනික් එක, මේ අය බොහොම සියුම් ශරීර තියන පිරිසක්!! ඉතින් එහෙම්පිටින් ගුලිවෙලා යනවා!!! ඔන්න ඕකයි 'වේපචිත්ති බන්ධනය' කියන seen එක!!!

    හරි! දැන් මේ සත්වයන්ට (අපිට) හිතින් බැහැගෙන කරන්න තියෙන්නේ, කරන්න පුළුවන්, මොනවද?? අපි මුලින් දැක්ක, ඕනෙම සත්වයෙකුට කරන්න පුළුවන් වෙන්නේ, මතකය ආවර්ජනය කරන එක, ඒ මතකය ඇසුරෙන් තව තව දේවල් හිතන එක, බලාපොරොත්තු ඇතිකරගන්න එක, නොයෙකුත් දේවල් ප්‍රර්ථනා කරන එක, වගේ දේවල්ය කියන බව!!! ඒ කියන්නේ, දැකපු දෙයක් ගැන, 'අරක ශෝක්! ආයි පාරක් බලන්න තිබුණ නම්...' 'ඒක හොඳයි! මටත් එයින් එකක් ගන්න ඕනේ...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, අහපු දෙයක් ගැන, 'අරූ මට බැන්න! ඌට හොඳ වැඩක් කරන්න ඕනේ...' 'අර සින්දුව ශෝක්! ආයි අහන්න තිබුණ නම්...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, කාපු / බීපු දේවල් ගැන, 'ෂා... ඒවා මරු! කොහෙන්ද දන්නේ නෑ ගෙනාවේ... තව ටිකක් ගෙන්න ගන්න ඕනේ!' 'තව සැරයක් අරව කන්න තිබ්බ නම්...' වගේ දේවල් හිත හිතා ඉන්න එක, විඳපු දෙයක් ගැන, 'ආයි පාරක් ඒ සැප ගන්න තිබුණා නම්... ආයි වෙලාවක එහෙ ගිහිල්ල එන්න ඕනේ!' වගේ දේවල් දිගින් දිගට හිත හිතා ඉන්න එක, එහෙම නේ?? ඉතින්, සත්වයා මෙන්න මෙහෙම කරගෙන කරගෙන යනකොට, එවුන්ගේ (අපේ) ඇඟවල් හැදිලා තියන විදිය නිසා, එවුන් දන්නෙවත් නැතුව, තව 'කතන්දර' ගොඩාක් සිද්ධවෙලා!!! මේ දැනුත්, සිද්ධවෙමින් පවතිනවා!!! සත්වයෝ, උඹල කවුරු කවුරුත් හිතන්නේ මොනවද? උඹලගේ හිත්වල තියෙන්නේ මොනවද? අන්න ඒ සේරම අවකාශය පුරාම පැතිරෙනවා!!! transmit වෙනවා!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඔය තමුන්ගේ හිතේ තියන ඒවා දන්නේ තමුන් නේ?? ඒත් ඒවා දිගින් දිගට හිත හිතා ඉන්න තියාගත්තොත්, කාට හරි 'ගේමක් දෙන්න' හිතන් / plan කරන් ඉන්න ඒවා, මොන 'නූල් සූත්තරයක්' හරි දාල කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න plan කරන් ඉන්න ඒවා, මොකක් හරි වැඩපිළිවෙලක් කඩාකප්පල් කරලා දාන්න හිතන ඒවා, ඔක්කොමල කපාගෙන ගිහින් 'මුදුණ වෙන්න' හිතන් ඉන්න ඒවා, ඔය 'හොර කොටු පනින්න' එහෙම හිතන් ඉන්න ඒවා, සල්ලි බාගේ - යාන වාහන සේරම සැපසම්පත් තියන මහා ලොකු පෝසතෙක් වෙන්න ලැබේවා! ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ලැබේවා! කියල ප්‍රාර්ථනා කරන ඒවා, ලොකු පෝසත් පවුලක ඉපදෙන්න, මහා බලගතු දෙවියෙක් වෙලා උපදින්න ලැබේවා කියල හිතාගෙන, පතාගෙන ඉන්න ඒවා, ආයේ තව ඔය කාට හරි හිතින් ආදරේ උනාට කියාගන්න බැරුව ලතවෙන ඒවා වගේ හැම මගුලක්ම, මේ ඇඟවල් හැදිලා තියන ස්වභාවය නිසා, තමුන් මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල කියනවා වගේ වෙනවා!!! !!! !!! මේ ඕනෙම සත්වයෙක් කොච්චර 'හැංගිහොරා වැඩවලට' අතිදක්ෂයෙක් උනත්, උන් සේරමලා, ලෝකයා ඉදිරියේ 'හෙළුවෙන් ඉන්න' එවුන් ගානයි!!! අනික, ඔය හැම කෙනෙක්ම දන්නවා නේ, මේ TV / Satellite Communication කතන්දර වලදී, කටහඬවල් ඇතුළු සියලුම ආකාරයේ ශබ්ද වර්ග / සෑම ආකාරයකම රූප / අකුරු - ප්‍රස්ථාර වගේ දත්ත සේරම, ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් විශ්වයේ ඕනෙම දුරකට විසුරුවා හරින්න පුළුවන් බව?? අන්න ඒ විදියටම, සෑම සත්වයෙකුගේම හිත්වල තියන දේවල් සියල්ල, 'මුළු පංච උපාදානස්කන්ධයම', මේ ස්වභාවධර්මයෙන් හැදුනු ශරීරවල ක්‍රියාකාරිත්වය නිසා, ඉබේම අවකාශය පුරා පැතිරෙනවා!!! හිත බැසගන්නා ප්‍රමාණය අනුව, තමන් 'මතකය බදාගෙන නැහෙන්න හදන ප්‍රමාණය' අනුව, මේ විකාශනයේ ප්‍රභලතාවය (transmission power) එකත් වැඩිවෙනවා!!!

    බුදුහාමුදුරුවෝ දැක්කා, මේක මහා ලෝක ලෙඩක් බව!!! උන්වහන්සේ අවබෝධ කරගත්තා, මේක තමයි මේ දුක්ඛිත සංසාර ගමනේ පදනම, foundation එක කියන බව!!! !!! !!! සත්වයා මේ පංච උපාදානස්කන්ධයට නොරවටුනා නම්, මේ 'මගේ' දෙයක්... මේ 'මට අයිති' දෙයක්... මේ 'මට වෙච්ච' දේවල්... මේ අනික් එවුන් 'මට කරපු' / 'මට කියපු' දේවල්... කියල නොහිතුවා නම්, නොපිලිගත්තා නම්, මෙහෙම කරදරයක වැටෙන්නේ නැති බව!!! උන්වහන්සේ කිව්වා, "අක්කොච්ඡි මං, අවධි මං, අජිනි මං, අහාසි මේ" (අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා, මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා) වගේ දේවල් දිගින් දිගට හිතන්න තියාගන්න එපා කියල!!! මොකද මේ හැම දෙයක්ම 'හතරමහා ධාතුත්, ඒවායින් සැදුනු දේවලුත්, ඒ සැදුනු දේවල් නිසා ඇතිවුණු තව තවත් අතුරුඵලත්' අහල / දැකල / විඳලා ඇතිවෙච්ච මතකයක් පමණයි!!! ඒ 'රූප' වලින් විඳපු දේවල්, 'රස / ගඳ-සුවඳ / පහස' වගේ ඒවා, ගැන මතකයක් විතරයි!!! ඒ විඳපු දේවල් හඳුනාගෙන, 'සින්දුවක් / කවියක් / අම්ම / තාත්ත / පැණිරස / කොළපාට / සීතල' කියල හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක් විතරයි!!! ඒ හඳුනාගත් දේට අනුව චේතනා පහල කරලා කරපු / කියපු / හිතපු දේවල් ගැන, 'ආයි අහන්න හිතුන, ලස්සනයි කියල හිතුන, ආදරේ හිතුන, තව කන්න හිතුන' වගේ දේවල් ගැන මතකයක් විතරයි!!! ඊළඟට එහෙම හිතිච්ච දේවල් කරලා දැනගන්න ලැබුණු දේවල්, 'ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා / නරක්වෙච්ච දෙයක් කෑවොත් බඩ රිදෙනවා' වගේ අත්දැකීම් ලබපුව පිලිබඳ මතකයක් විතරයි!!!

    බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, සත්වයන්ට තියෙන්නේ මේ දේවල් ගැන, 'පංච උපාදානස්කන්ධය ගැන' තියන මහා ලොකු රැවටීමක් / මුලාවක් විතරයි කියල!!! ඒ මුලාව තමයි උන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියල හඳුවලා දුන්නේ!!! මේක එසේ මෙසේ එකකුත් නෙවෙයි... සත්වයෝ හැම එකෙක්ම මේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වපු, 'රූප' නැත්නම් හතරමහා ධාතු සම්බන්ධ හැම එකකටම / ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්, 'වේදනා' හැම එකකටම / ඒ විඳපු දේවල් හඳුනා ගත්තු ඒවා, 'සංඥා' හැම එකකටම / ඒ හඳුනා ගත්තු දේවල් වලට අනුව කරපු-කියපු-හිතපු දේවල්, 'සංස්ඛාර' හැම එකකටම / ඒ හිතිච්ච දේවල් කරලා දැනගත්තු, 'විඥාණ' හැම එකකටම අම්බානට රැවටිලා!!! ඔය එකින් එකට, 1- ඒ මං / මගේ ආත්මය වෙන්න ඇති!!, 2- මං / මගේ ආත්මය හැදිලා තියෙන්නේ ඒවායින් වෙන්න ඇති!!, 3- ඒවා තියෙන්නේ මගේ ආත්මයේ වෙන්න ඇති!!, 4- මගේ ආත්මය තියෙන්නේ ඒවයි වෙන්න ඇති!! කිය කියා, උපාදාන ස්කන්ධ 5 ටම එකකට 4 ආකාරයකින් රැවටිලා!!! 20 ආකාර සක්ඛායදිට්ඨියට අහුවෙලා!!! මේ ඇඟවල් වල record වෙච්ච කෙහෙල්මල් වලට හොඳටෝම රැවටිලා!!! ඉතීන් මේ සත්වයා මතකය බදාගෙන හප හපා, ඒකත් එක්කම හුරතල් වෙවී, ඒකම කූරු ගගා, ඉන්නවා!!! ඉවරයක් නැතුව හිතනවා!!! මතක නේ... 'පංච උපාදානස්කන්ධය / විඥාණය' කිව්වේ ස්වරූප දෙකකින් පවතින එකම දෙයක් බව?? ඉතින්, ඒකා දන්නෙම නැතුව, ඒ හිතේ තියන කුණු කන්දල් සේරම, 'මුළු පංච උපාදානස්කන්ධයම' අවකාශය පුරාම පැතිරෙනවා!!! !!! !!!

    ** මේ සත්වයෝ හරියට Tape නැත්නම් CD දාන setups වගේ ජාතියක්!!! වෙනසකට තියෙන්නේ මුන්ට චේතනා පහල කර කර (හිතල) තව තව දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන්... ටිකක් දඟලන්න පුළුවන්!!! ඊළඟට මුන්ගේ record වෙලා තියන ඒවා මදිවට අලුතෙන් එකතුවෙන හැම මගුලක් මත් record වෙනවා!!! මතක හිටිනවා!!! ඒ මතකයට සීමාවකුත් නෑ!!! !!! !!! ඉවරවෙලා නතරවීමකුත් නෑ!!! !!! !!! හැබැයි setups වගේමයි. දැන් ඔය set එකක්, කණ පැලෙන්න සද්දෙන් වැඩකර කර තියනවා කියමු! කොහොමද ඒකෙ Tape එක නැත්නම් CD එක ගලවල පැත්තකට දැම්මොත්?? සද්ද බද්ද ඔක්කොම ඉවරයි නේ??? ඕනේ නම් පොඩි 'සූවක් / ස්... සද්දයක්' ඇහෙයි. එච්චරයි!!! මේ සත්තුන්ටත් ඕකම වෙනවා නේ... දැකල නැද්ද, ඔලුවට පොල් ගෙඩියක් එහෙම වැටිච්ච එකෙක්ව? ඔලුවට ලොකු පහරක් වැදිච්ච, accident වෙච්ච එකෙක්ව එහෙම?? උන්ගේ 'මතකය' upset වෙච්ච ගමන් නිකම්ම නිකම් පඹයෝ වගේ වෙනවා!!! 'ගල් බමුණෝ' වගේ වෙනවා!!! කවුරුවත් හිනා උනාට උන් හිනාවෙන්නෙත් නෑ!!! 'හිනාවෙනවා' දන්නෙත් නෑ, 'හිනාවෙන්න' දන්නෙත් නෑ... 'හිනාව' මතක නෑ!!! කිසි කෙනෙක් අඳුනන්නේ නෑ!!! මොකද සේරම තිබ්බේ 'මතකයේ', ඒක lost !!! memory lost !!! ඉතින් setup එකක් වගේම තමයි!!! හැබැයි මුන්ගේ Tape / CD මාරු කරලා වෙන ඒවා දාන්න, තියන ඒවා ගලවල අරන් තියාගන්න, upset උනොත් හදන්න, වගේ කිසිම දෙයක් කරන්න බෑ!!!

    හරි! දැන් මේ අවකාශයේ පැතිරෙන තරමක් / විකාශණය වෙන තරමක්, radio / TV channels (transmissions) එකකට එකක් කවලම් වෙනවද?? නෑ!!! අවකාශයේ තියෙන්න පුළුවන් මෙච්චරයි කියල ප්‍රමාණයක් තියනවද?? ඒත් නෑ!!! ඊළඟට ඔය තියන හැම radio එකකින්ම ඔය විකාශණය වෙන radio channels සේරම ඇහෙනවද?? අහන්න පුලුවන්ද?? බෑ!!! එහෙම ඇහෙනෙත් නෑ!!! අහන්නත් බෑ!!! අපි radio එක tune කරනවා, 'සුසර කරනවා' කියන්නේ... අන්න එහෙම කරලා, අපිට අහන්න අවශ්‍ය channel එක විකාශණය කෙරෙන සංඛ්‍යාතය තෝරලා, අන්න ඒ channel එකේ යන දේවල් විතරක් radio එකෙන් අහන්න පුළුවන්!!! හැබැයි කොච්චර කලත් අපිට අහන්න පුළුවන් වෙන්නේ, ඒ radio එක සුසර කරන්න පුළුවන් පරාසයේ (tuning range) එකේ තියන සේවාවන් විතරයි!!! පැහැදිලියි නේ?? ඒ වගේම TV සම්බන්ධයෙනුත්, mobile phones / satellite communication ආදී සියල්ල සම්බන්ධයෙනුත් මේ කතාන්දරය මේ විදියම තමයි!!!

    ඊළඟට අපිට තියනවා බොහොම වැදගත් තවත් ස්වභාවික සංසිද්ධියක්!!! ඒ තමයි, 'අනු නාදය' නැත්නම් resonance කියල හඳුන්වන, මොකක් හරි 'කම්පණයක්' සිදුවෙන තැනක, ඊට සමාන කම්පණ සංඛ්‍යාත තියන, පරිසරයේ තියන අනෙකුත් දේවලුත් ඒ කම්පණය අනුව ඉබේම කම්පණය වීමට පටන් ගැනීම!!! ගොරවනකොට ගෙවල් ඇතුලේ ජනෙල් වීදුරු / බඩු මුට්ටු දෙදරන්න ගන්නේ... බෙර / drums සද්ද අනුව නැත්නම් ඔය බර වාහන / කෝච්චි වගේ ඒවා ලඟින් යනකොට ඇඟ ඇතුලෙත් දෙදරනවා දැනෙන්නේ... උච්ච සංඛ්‍යාත (high pitch) සංගීත භාණ්ඩ වාදනය කිරීමේදී සියුම් වීදුරු භාණ්ඩ බිඳෙන්නේ... අන්න ඒ සේරම ඔය අනුනාද නැත්නම් resonance සංසිද්ධිය නිසයි!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින්, දැන් මේ සත්වයිනුත් පොඩි පොඩි 'ගුවන්විදුලි සේවා' පවත්වගෙන යනවනේ... උන් දන්නේ නෑ, එහෙම කෙහෙල්මලක් සිද්ධවෙමින් පවතින බව!! හැබැයි වැඩේ වෙනවා!!! !!! !!! ඒවයෙදීත් වෙන්නේ ඔය කලින් කියපු කතන්දරම තමයි!!! අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ විකාශන කටයුතු කරගෙන යනවා... ඒත් ඒවා පවතින්නේ තනි තනිවම!! කවලම් වෙන්නේ නෑ!!! ඒවගේම, ඒවා කොච්චර දුරකට විකාශණය වෙනවද කියන එකත් මහා 'පුක මුට්ටුවෙන' seen එකක් තමයි!!! හිතාගන්නවත් බැරි තරම් දුර යනවා!!! බුදුහාමුදුරුවෝ, "දූරන් ගමං... ඒක චරං..." (බොහෝ දුර ගමං යනවා... තනිවම තමයි යන්නේ...) කියල කියපු ගාථාවක් එහෙම අහල ඇති නේ?? ඒ කියල තියෙන්නේ මේ seen එක ගැන තමයි!!! ඒක පස්සෙ බලමු. හැබැයි මේවා, radio වලින් / TV වලින්, නැත්නම් දැනට හදල තියන මොනම අධිතාක්ෂණික උපකරණයකින්වත් අහන්න 'අල්ලන්න' බෑ!!! මේ 'විකාශණ' නැත්නම් 'transmissions' හරියන්නේ, ස්වභාවධර්මයෙන්ම හදන 'සත්ව ශරීර' කියන 'උපකරණ' නැත්නම් 'මැෂින්' වලටම විතරයි!!!

    ඊළඟට තියන ප්‍රශ්ණය තමයි, මෙහෙම සිදුවෙන 'විකාශණයක්' receive කරන්න, 'ග්‍රහණය කරගන්න' ඇඟවල් සුසර / tune කරන්නේ කොහොමද?? කියන එක!!! ඒකට උත්තරය තමයි, මේ සත්ව ශරීර නැත්නම් ඇඟවල් සම්බන්ධයෙන් සුසර / tune කරන කතාවක් නෑ!!! සුසර වෙච්ච / tune වෙච්ච, 'වඩාත්ම ගැලපෙන' ඇඟක්, මේ පැතිරෙන චුම්බක ක්ෂේත්‍රයට අනුව කම්පණය වීමට පටන් ගන්නවා විතරයි!!! ඒක තමයි බුදුරජාණන්වහන්සේ, මේ සත්වයින් 'කර්මානුරූපව උපදිනවා' කියල පෙන්වල දෙන්න හේතුව!!! !!! !!! පවතින සිතේ ස්වභාවයට අනුරූප කයක් තමයි මේ විඥාණයට අනුව resonate වීමට, අනුනාද වීමට පටන් ගන්නේ!!! හැබැයි සත්වයෙකුගේ 'හිතක' තියෙන්නේ එක දෙයක් නෙවෙයි!!! මේ ඇවිල්ල හිතාගන්නවත් බැරිතරම්, අනන්ත ප්‍රමාණයක් විද්‍යුත් තරංග වල සම්මිශ්‍රණයක්!!! තරංග කදම්බයක්!!! හැම සත්වයෙකුටම ආවේනික ගුණාංග හැම එකක්ම, එක එක ආකාරවලින් මේ මිශ්‍රණයේ අඩංගු වෙලා තියනවා!!! ඒ අතරේ මූලික වශයෙන්ම කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැසෙමින් පැවත එන මතකය, ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා තීරණය වීමට බලපාන පින් / පව් සම්බන්ධ දේවල්, මනුස්සයෙක් නම්, දාන / සීල / භාවනා වල යෙදිලා දියුණු කරගත් / ප්‍රහාණය කරගත් දේවල්, සීල / සමාධි / ප්‍රඥා හැටියට දියුණු කරගත් / ප්‍රහාණය කරගත් දේවල්, හෑම එකක්ම තියනවා!!! බුදුරජාණන්වහන්සේ මෙන්න මේ තරංග කදම්බය තමයි, 'භවය' කියල හඳුන්වලා දුන්නේ!!! !!! !!! උන්වහන්සේ කිව්වා, 'භව පච්චයා ජාති' කියල!!! මොකද උන්වහන්සේ පැහැදිලිවම අවබෝධ කරගෙන හිටියා, මේ විදිය විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක පැතිරීමක් සිදු උනොත්, කොහේ කොයි දීපංකරේක හරි ඒකට අනුරූප කයක් resonate වෙලා, කම්පණය වෙලා, තවත් සත්වයෙකුගේ උපතක් සිද්ධවෙන බව!!! !!! !!!

    ඔන්න දැන් තියනවා ටිකක් එකපාරට හිතාගන්න අමාරු දෙයක්!! රූප සටහනකුත් හැදුව ඒක තේරුම් ගන්න පහසු වෙන්න... දැන් මේ සත්වයා කියන 'එකා' හැදිලා තියෙන්නේ 'පංච උපාදානස්කන්ධ' විසුරුවාහරින්න, transmit කරන්න නෙවෙයි නේ?? ඒක ඉබේ සිද්ධවෙන දෙයක් මිසක්, කිසිම සත්වයෙකුට එහෙම දෙයක් වෙනවා කියල හැඟීමක් වත් නෑ!!! කිසිම සත්වයෙකුට එහෙම කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ!!! සත්වයාට ඕනේ වෙන මොකක් නැති උනත්, ඒකගෙ පැවැත්ම තියාගන්න විතරයි!! ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලානේ තියෙන්නේ... ඉතින් අවුලක් නෑ!! ආයුෂ තියන තාක්, 'කය' පවතින තාක්, ඒ 'කය' පදනම් කරගෙන විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං... කතන්දරයත් අඩුපාඩු නැතුව ක්‍රියාත්මක වෙමින් තියනව!! දුර්වල විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තමයි අවකාශයේ පැතිර පවතින්නේ!! ඉර්ධිමත් රහතුන්වහන්සේලාට නම් මේ ක්ෂේත්‍රය බලවත් කරගෙන නොයෙකුත් නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. එක්කෙනා දහස් ගණනින් පෙනී සිටින්න... පොළවෙන් කිමිදිලා මතුවෙන්න... වතුරේ ඇවිදින්න... ඈත දිව්‍ය / බ්‍රහ්ම ලෝක වලට ගමන් කරන්න... ඕනේ සෙල්ලමක් දාත හැකියි!!! සාමාන්‍ය අයට ඒ මොකවත් බෑ!! ඉර්ධිමත් අයට වගේම හැකියාව දියුණුකරගත් අයටත් වෙන අයගේ fields පාවිච්චිකරලා, එවුන්ව එහෙමපිටින් read කරන්න / message දෙන්න පුළුවන්... telepathy විදියට විස්තර දැනගන්න / පණිවුඩ දෙන්න පුළුවන්!! ඊළඟට බලවත් field එකකින් දුර්වල එකක් යටපත් කරන් ඉන්න (override කරන්න) පුළුවන්!! යක්කු / භූතයෝ / පෙරේතයෝ වැහෙන්නේ අන්න ඒ විදියට තමයි. හැබැයි ඒවා මේ කතාවට වැඩක් නෑ.

    අපේ මාතෘකාවට වැදගත් වෙන්නේ, මෙන්න මේ කතාන්දරයයි!! බුදුරජාණන්වහන්සේ කිව්වා, "උපාදාන පච්චයා භවෝ" කියල!! ඒ කියන්නේ මෙන්න මේකයි... දැන්, කෙනෙක් මරණයට පත්වෙන්න ගතවෙන කාලය තත්පර 5-10ක් කියමු. නමුත් 'හිත' කියන එකට ඕක සුමාන එකහමාරක විතර කාලයක්!!! මරණයට පත්වෙනවා කියල වෙන්නේ, ටිකෙන් ටික ඇඟ දුර්වල වෙලා, අන්තිමේ කැඩිලා / බිඳිලා යන එක!!! එහෙම වෙනකොට රහතුන්වහන්සේ කෙනෙකුගේ උනා නම්, කය දුර්වල වෙන්න වෙන්න හිතේ ක්‍රියාකාරිත්වයත් දුර්වල වෙලා වෙලා අන්තිමේ එහෙම්පිටින් නතර වෙනවා!!! නිරුද්ධවෙනවා... ඉවර වෙනවා... "නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ" වෙනවා!!! පහණ 'නිවුනා' වගේ නිවිලා යනවා!!! රහතුන්වහන්සේ පිරිණිවන් පනවා!!! ඒත්, අනික් උදවියගේ වෙන්නේ, ඇඟ දුර්වල වෙන්න වෙන්න හිතේ ක්‍රියාකාරීත්වයත් අනුරූපව අඩුවෙලා යන්න වෙන්නේ නෑ... අනිත්‍ය තාවය අවබෝධකරගෙන, සේරම අතහැරලා හිටිය කෙනෙක්ගේ උනත්, 'ආශ්‍රව' ක්‍රියාත්මක වෙලා, හිතේ ක්‍රියාකාරිත්වය දිගටම තියාගන්නටම, පවත්වන්නටම උත්සාහ කරනවා!!! මොකද පැවැත්ම නැතිවෙනවට බයයි!!! !!! !!! 'තවත්නම් බැරියෝ...' වෙනකම්ම අල්ලාගෙන ඉන්න, 'උපාදානය කරගෙන' ඉන්න, try කරනවා!!! 'හිත බැහැගන්නවා' කිව්වේ... අන්න ඒක!!! ඒත් ඇඟ කොහොමත් දුර්වලවේගන වේගන යනවා!!! අන්න එතකොට, ඇඟට ඔරොත්තු නොදෙන චුම්බක ක්ෂේත්‍රය (core එක saturate උනාම වැඩිපුර තියන field එක වගේ කොටස) 'භවය' අනිවාර්යයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්නවා!!!

    transferb.png


    ඉතින්, අනිවාර්යයෙන් තව කොහේ කොයි දීපන්කරේක හරි, ඒ field එකට කිට්ටුවෙන්ම match වෙච්ච කයක් resonate වෙන්න ගන්නවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "විඥාණයක් බැසගන්නවා!!" කියල... අන්න ඒක වෙනවා!!! ඒ ගමන, ඒ අලුත් කයේ මේ field එක හන්ද current flow එකක් ඇතිවෙනවා... ඒත් එක්කම ඊට අනුරූප විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් ගොඩ නැගෙනවා... විඥාණය හටගන්නවා!!! අන්න, විඥාණය පැලවෙලා!!! !!! !!! කලින් තිබුණේ නෑ!!! අලුතෙන් තමයි ඇතිවුනේ!!! ඉතින් එහෙම වෙච්ච ගමන්, ඒ අලුත් කයේ 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේ පටන්ගන්නවා!!! 'උපතක්' සිද්ධවෙනවා!!! ආයි ඒගැන කතාකරන්න දෙයක් නෑ. පරණ 'කය' කොහොමත් දුර්වලවෙලා වෙලා අන්තිමේ බිඳිලා යනවා!!! ඒ කියන්නේ, මුලින් හිටිය සත්වයා මැරෙනවා!!! අලුත් 'කයේ' පටන්ගත්තු 'වැඩේ' ඒකෙ ආයුෂ තියනකම් දිගටම යනවා... ඒ කියන්නේ අලුත් සත්වයා හැදෙන්න ගන්නවා!!! ඕපපාතික මොකෙක්හරි නම්, එවෙලේ ඉඳල ඒ ඉපදුනු සත්වයා ජීවිතයට මුහුණදෙනවා!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි! දැන් මතකද, බුදුහාමුදුරුවෝ කිව්වා, 'ලොකුවට පේන්න තිබුණට මේවයේ මොකවත් නෑ!' කියල?? අන්න ඒ 'මොකවත් නෑ' කිව්වේ, මේ ඇඟකට 'පිටින් අරගෙන එන දෙයක්' වත්, මේවයින් 'එලියට අරගෙන යන දෙයක්වත්' නෑ!! කියන එකයි!!! ඒත් ජීවත්වෙන කාලය තුල බැලුවොත්, ක්‍රියාත්මකව තියෙද්දී බැලුවොත්, මේ හැම ඇඟක් ඇතුලෙම, ඒකෙන්ම හැදිච්ච විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් අන්‍යෝන්‍ය උපකාරයෙන් ලොකු වැඩක් සිද්ධවෙනවා!!! අර motor ගැන මතකයි නේ?? නැත්නම්, පොඩ්ඩක් මතක් කරගන්න... ඒවා හදල ඉවරකරලා, පැත්තකින් තියල තිබ්බ කියල, කැරකෙන්න ගන්නේ නෑ නේ?? මොකද, මෝටරය කරකැවීමට විදුලිය ඕනේ!! ඒත්, අපි විදුලිය පිටින් දෙන්නේ නෑ!! අපි ඒ විදුලි අවශ්‍යතාවය සපුරාගන්නේ, මෝටරේ ඇතුළෙන්ම හැදෙන විදුලියෙනුයි!! හැබැයි, ඒ මෝටරෙන් විදුලිය හැදෙන්න නම්, මුලින් පොඩි 'තල්ලු ස්ටාර්ට්' එකක් දෙන්න, පොඩ්ඩක් අතින් කරකවන්න ඕනේ!!! අන්න ඒ ටික කරලා දුන්නොත්, මෝටරය ඇතුලෙම විදුලිය නිපදවෙනවා... ඊට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් ගොඩ නැගෙනවා!!! ඉතින්, එතන ඉඳලා, ස්වාභාවිකවම නැත්නම් මොකක් හරි ආබාධයකින් කැඩිලා බිඳිලා යනකම්ම, දිගින් දිගට කරකැවි කැවී තියනවා!!! කැඩිලා බිඳිලා ගියපු ගමන්, විද්‍යුතයත් නෑ... චුම්බකත්වයත් නෑ... මොකුත් නෑ!!! !!! !!! ඔක්කොම vanish වෙනවා!!! මොකක්වත් නැතුව යනවා!!! මේ ඇඟවල් වලත් එහෙම්මමයි!!! මේ සේරම හැඟීම් / දැනීම් / විඳීම් මේ ජීවිතය පවතින තාක් විතරයි!!! මැරෙනකොට මේ සේරම නැතුව යනවා!!! තව එකකට අරන් යන්න මොකවත්ම ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!!

    දැන් එතකොට අලුත් සත්වයාගේ උපත සිදුවීමට හේතු වුනේ, ඒ මෝටරේට 'තල්ලු ස්ටාර්ට්' එක දෙන්න කියලා ආවේ, 'පරණ පොරගේ', ඒ කියන්නේ කලින් සත්වයාගේ 'හිතේ' තිබිච්ච කුණුකන්දල් ටික නේ?? මතකයි නේ, 'පංච උපාදානස්කන්ධය / විඥාණය' දෙක, ස්වරූප දෙකකින් පැවතුනාට එකම දෙයක් බව??? සත්ව ශරීර ඇතුලේ, 'පංච උපාදානස්කන්ධය' හා ආශ්‍රිත ක්‍රියාවලිය 'සිත' හැටියට, විද්‍යුතය ක්‍රියාත්මක වෙනවා!!! විඥාණය හැටියට, ඊට අනුරූප විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා!!! මතකයි නේ??? ඉතින් මේ අලුත් 'පැටියා' නැත්නම් සත්වයා හැදෙනකොටම, ඒ ඇඟේ තියන record වෙන ගතිය නිසා, ඒකාව හදන්න හේතු වුන 'පංච උපාදානස්කන්ධය', මරණයට පත්වේගන යන සත්වයාගේ සම්පූර්ණ මතකය, අච්චු ගැහුවා වගේ, එහෙම්පිටින්ම copy වෙනවා!!! record වෙනවා!!! 'අලුත් සත්වයෙක්' උනාට, ඒකාට හද්ද පරණ 'මතකයක්' උරුම වෙනවා!!! බලන්න දැන් ජෝතිපාල උන්නැහැ මැරිලා. ඒත් එයා කියපු සින්දුවක් setup එකකට දැම්මම එයා කියනවා වගේම ඇහෙනවා!! ඒත් ඒ ජෝතිපාල උන්නැහැ නෙවෙයි නේ?? ආයි, ඒ දාල තිබිච්ච set එකත් කැඩුනා කියමු... Tape එක නැත්නම් CD එක අරන් වෙන එකකට දැම්මම, ඒ ගමන ඒ set එකෙනුත් කලින් වගේම ජෝතිපාල උන්නැහැ කියනවා වගේ ඇහෙනවා!! ඒත් ඒ ජෝතිපාල උන්නැහැ වත් කලින් තිබිච්ච set එකවත් නෙවෙයි නේ?? එක set එකක් කැඩිච්ච ගමන් ඒක ඉවරයි!!! සත්වයොත් ඒ වගෙයි... එක සත්වයෙක් මළාම ඌ ඉවරයි!!! හැබැයි ඕක දන්නේ නැති කෙනා එහෙම්පිටින් රැවටෙනවා!!! ඉතින් අර 'පොඩි එකා'ගෙත් හිත ක්‍රියාකාරී වෙන්න ගත්තම, එයා දකින්නේ ඔය record වෙච්ච කුණුගොඩ තමන් කරපු ඒවා / තමන්ට වෙච්ච ඒවා / තමන්ගේ ඒවා හැටියට!!! !!! !!! ඉතින් පොඩි කාලෙම වැඩේ අනාගන්නවා!!! !!! !!! කොයි සත්වයාටත් මෙච්චරම තමයි... ඒ හැම සත්වයෙක්ම ඉපදිච්ච ගමන්ම සක්ඛාය දිට්ඨියට අහුවෙනවා!!! !!! !!! තමන්ට අදාළ නැති පංච උපාදන්ස්කන්ධයකට, 'මගේ වෙන්න ඇති!!' 'මං වෙන්න ඇති!!' කියල රැවටෙනවා!!!

    ඉපදිලා සෑහෙන කලක් යනකම්, දරුවෝ නින්දෙන් බය වෙනවා... ගැස්සෙනවා... මරවිලාප දීල අඬනවා... හිනාවෙනවා... ඇයි ඒ??? අර ලැබිච්ච 'මතකය' පොඩි එකාගේ හිත ඇතුලේ එකසිය ගාණට වැඩ!!! කවුරුහරි පොල්ලක් අරන් ගහන්න පන්නන් එන එකක් මතක් උනොත් බයවෙනවා... (පොඩි බලු පැටව් එහෙමනම් නින්දෙන් එකසිය ගාණට දුවනවා!! දැකල නැද්ද?? කතන්දරේ දැනගෙන ඕව බලන් ඉන්නකොට full ආතල්) හොඳට යාලුවෝ එක්ක එකතුවෙලා ජොලියක් දාපු එකක් මතක් උනොත් හිනා යනවා... අන්න එහෙමයි වෙන්නේ!!! ඒත් අලුත ඉපදුන දරුවෙක් ඒ ලැබිච්ච 'කයට / ඇඟට' හුරු නෑ... අලුත් පරිසරයට හුරු නෑ... අලුත් සාමාජිකයෝ එක්ක interact කරන්න දන්නේ නෑ... ඉතින් 'බබා' තමයි!!! ඒත් 'ඇතුලෙන්' එහෙමපිටින් ඇනිලා ඉන්නේ... ඒ කියන්නේ, 'කලින් හිටියෙත් මං වෙන්න ඇති!!' කියල ඇඳගෙන ඉවරයි. ඒ වගේම මේ අලුත් උපත සඳහා කයක් / ඇඟක් තීරණය උනෙත්, තනිකරම, 'තල්ලු ස්ටාර්ට්' එක දීපු විඥාණයේ ස්වභාවය 'කර්ම ශක්තිය' අනුවයි!!! අලුත් සත්වයාට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ!!! ඉපදිලා බලන කොට අතපය කොර වෙච්ච, ඇස් පොට්ට, කන් ඇහෙන්නේ නැති, ඇඟක් ලැබිල තිබුනා නම් sorry.com තමයි... විඳවන්න විතරයි තියෙන්නේ!!!

    බුදුහාමුදුරුවෝ කිව්වේ, "නායං භික්ඛවේ කායෝ තුම්වාහකං" මහණෙනි, මේ කය ඔබේ නොවේ!! "නාපි අඤ්ඤේසං" වෙන කෙනෙකුගේද නොවේ!! "අභි සන්කතන්" විශේෂයෙන් සකස්වූ දෙයක්!! "අභිසන් චේතයිතන්" විශේෂයෙන් පහල කල චේතනාවක ප්‍රතිඵලයක්!! "වේදනීයන් දට්ඪබ්බං" විඳෝ විඳෝ දකින්න තියන දෙයක්!! "පුරාණ මිදං භික්ඛවේ කම්මං" මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!! කියලයි. ඒයි... ඔය 'උඹගේ ඇඟ' උඹගේ නෙවෙයි ලු!!! හැබැයි, වෙන එකෙක්ගෙත් නෙවෙයි ලු!!! ඕක නිකම්ම නිකම් පොළවෙන් ගත්තු දේවල්, හතරමහා ධාතු වලින් හැදිච්ච කෙහෙල්මලක් විතරයි!!! ඕක, කලින් කරපු කරුමයක්... කලින් චේතනාවක් පහල කරපු එකක ප්‍රතිඵලයක්... ඒත් ඒ කරුමේ කරපු එකාවත්, චේතනාව පහල කරපු එකාවත් දැන් නෑ!!! ඌ මැරිලා!!! !!! !!! උඹට තියෙන්නේ විඳවන්න විතරයි!!!

    ඒයි... 'මේක' උඹේ නොවුනට, වෙන එකෙක් කෙලපු පිස්සුවක ප්‍රතිඵලයක් උනාට, දැන් උඹට දැනෙන විදිය කොහොමද??? අතක් පයක් කැඩුවොත්, 'මේ මගේ එකක් නෙවෙයි... ගානක් නෑ!!' කියල ඉන්න පුලුවන්ද??? ඇදගෙන ගිහින් කිඹුලන්ට කන්න දැම්මොත්, 'ආ... අවුලක් නෑ!! මං නෙවෙයි නේ...' කියල ඉන්න පුලුවන්ද??? ඔන්න ඕකයි seen එක!!! ලාබයක්, කීර්තියක්, ප්‍රසිද්ධියක්, ප්‍රසංසාවක් ලැබුණම ඉදිමෙන්න / උඩපනින්න යනවා... දුකක් / කරදරයක් උනාම විලාප ගහනවා... මොකෙක් හරි බැන්නොත් කලොත් ඌව කන්න හදනවා... මිසක්, උඹට තේරෙනවද මේ වෙන එකෙක් කරපු දෙයක ප්‍රතිඵලයක් බව?? කලින් සිද්ධවෙච්ච දෙයක ප්‍රතිඵලයක් බව?? උඹට දැනෙන්නේ මේ ඔක්කොම උඹටම වෙන දේවල් විදියට නේද??? ඔන්න ඔතනයි case එක!!! දැන් තෝ ඇත්ත නොදැන, එක්කෝ පිලි නොගෙන, පිස්සු කෙලියොත්, තෝ වෙලාව ඉවරවෙනකොට කොහොමත් මැරෙණවා!!! !!! !!! ඒත් ඒ මැරෙණකොටම තව සත්වයෙක් උපදිනවා!!! එතකොට ඌට වෙන්නෙත් මේ විදියටමයි!!! ඌත් විඳින්න වෙන හැම දේම ඌටම වෙන දේවල් කියල පිළිඅරන් විඳවනවා මිසක්, වෙන එකෙක් හන්ද (තෝ හන්ද) කන්න වෙච්ච පරිප්පුවක් කියල දැනගන්නේ නෑ!!! අනික, ඌටත් ඔය තොගේ කුණු කන්දල් ටික පැටෙව්වහම, 'මං අරහේ හිටියා...' 'මං මෙව්වා මෙව්වා කලා...' 'මට මෙව්වා මෙව්වා තිබුනා...' 'දැන් මොකුත් නැතෝ!!!' කිය කියා විලාප තියන්න වෙනවා!!! වැඩිය ඕනේ නෑ... 'දමිය' අපිට හොම්බට ඇන ඇන කිව්වා... අපි ඇහුවේ නෑ නේ?? කියල විඳවන්න වෙනවා!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට, විශේෂයෙන් අද කාලේ එවුන්ට ගොඩාක්ම වැදගත්වෙන නිසා, දැන් ඔය 'නවීණ විද්‍යාවට' අනුව කතාවෙන සත්වයන්ගේ 'ජාන' නැත්නම් DNA හුචු හුචුවට මේ විඥාණය බැසගැනීම සම්බන්ධ වෙන ආකාරය චුට්ටක් කියනවා නම්, මේ 'භවය' හැටියට බුදුරජාණන්වහන්සේ දක්වල තියන විද්‍යුත්චුම්බක කදම්බය, සත්වයෙකුගෙන් සත්වයෙකුට එහෙම්පිටින්ම වෙනස්, ත්‍රිමාණ තලයේ '3D space' පවතින හැඩයක් ගන්න එකක්!!! ඉතින්, උපතක් සිදුවීමේදී, negative එකක image එකක් expose වෙනවා වගේ, සම්බන්ධ වෙන / resonate වෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට අනුව DNA structure එක modify වෙනවා!!! තියන branches නැති වෙනවා... නැති branches හැදෙනවා... ඒ branches වල දිග අඩු වැඩි වෙනවා... අන්න එහෙම වෙලා තමයි ඔය කර්මානුරූපව අත/පය නැති, කොරවෙච්ච, ඇස්/කන් නැති අංජබජල් පොරවල් එහෙම උපදින්නේ!!! එකම පවුලේ ඉපදෙන එවුන් පවා අහසට පොලව වගේ වෙන්නෙත් මෙන්න මේ නිසාම තමයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ කිව්වේ, සත්වයා, 'කම්ම යෝනි... කම්ම බන්ධු... කම්ම පටිසරණා...' (කර්මයම උප්පත්ති ස්ථානය කරගෙන, කර්මයම ඥාතියා කරගෙන, කර්මයම දායාද කරගෙන) ඉන්නවා කියලා!!!

    කතාව සම්පූර්ණ වෙන්න, කෙනෙකුට මේ ජීවිතය අවසානයේදී මුහුණ දෙන්න වෙන 'සීන්කෝන්' ගැනත් චුට්ටක් බලමු නේද?? අරහත්වයට පත්වෙච්ච කෙනෙකුට නම් අමුතුවෙන් බලන්න මොකවත් නෑ!!! එයාලා අවසානය මොකද්ද කියල බලාගන්නේ ජීවත්ව ඉන්දැද්දී මයි!!! !!! !!! 'ණිවන් දකිනවා' කියන්නේ... අන්න ඒක!!! ඒත් අරහත්වයට පත්වෙන්න බැරිවෙච්ච කෙනෙකුට ඊළඟට සකස්වෙන උපත අනුව, කිහිප ආකාරයකට 'ආතල්' ලැබෙණවා!!! ඇත්තටම මේ වෙන්නේ රේල් පාරේ පීලි මාරුවෙනවා වගේ වැඩක්!!! පීලි මාරු උනාට, කෝච්චි පෙට්ටිය ඇතුලේ ඉන්න කෙනාට වෙනසක් දැනෙන්නේ එහාට මෙහාට හැරුනම විතරයි නේ?? එළියෙන් ඉඳන් බලන් උන්නම නම් පේනවා, ඔන්න දැන් මේ පීල්ල තියෙන්නේ තව ටිකයි... ඊළඟ එකට වැටෙන්න තව චුට්ටයි... ඒක තියෙන්නේ අහවල් දිහාවට... එහෙම කියල. දැන් 'හොඳම ආතල් එක' තියෙන්නේ, මේ මැරෙණ මැරෙණ මිනිස්සු, 99.999999999% විතරම, යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට!!! ඒකෙන් නිරය / පෙරේත ලෝක වෙනස්!! තිරිසන් ලෝක වෙනස්!! අර ඇඳපු graph එකේ බලන්න, පුනරුප්පත්තියක් වෙනකොට සිද්ධවෙන්නේ cross-fade එකක්!!! කලින් එක විනාශවේගන යනකොට අලුත් එක ආරම්භ වෙලා...

    නිරය / පෙරේත ලෝක කියන්නේ ඕපපාතික උපත්. හැදි හැදී ඉන්න දෙයක් නෑ... පහලවෙච්ච ගමන් සත්වයා!! එයාලට cross-fade එක අතරතුර කාලයේ, කයවල් දෙකෙන්, දැන් ඉන්න පරිසරයේත්, ඊළඟට set වෙන පරිසරයෙත් දෙකේම තියන දේවල් අහන්න / දකින්න / විඳින්න ලැබෙණවා!!! ඇස් දෙකෙන් දෙපැත්ත දකිනවා... කන් දෙකෙන් දෙපැත්තේ ඒවා ඇහෙනවා වගෙයි... අනික් ගඳ-සුවඳ / පහස සේරම එහෙමයි!! එතකොට 'සත්වයාට' දැනෙන්නේ ඒ දෙකේම ඒවා එකතුවෙලා තමයි!!! අපේ හාමුදුරුවෝ කියපු කතාවක කිව්වා, ඉන්නකම් හොඳට සද්දේ දාගෙන, අනික් එවුන්ව පාගාගෙන රජා වගේ හිටිය කෙල්ලෙක් මැරෙන්න වැටිලා, 'අම්මේ ගේ ගිනිගන්නවෝ...' 'අනේ අම්මේ මාව බේරගන්න... හතර දෙනෙක් ඇවිත් මාව ඇදගෙන යන්න හදනවා...' කියල විලාප ගහපු seen එකක්!! එයා set වෙලා තියෙන්නේ නිරයට!!! එක පැත්තකින් ගෙදරයි, අනික් පැත්තෙන් ගිනි ජාලාවලුයි දැක්කම පේන්නේ ගේ ගිනිගන්නවා වගේ තමයි!!! අනික අපායට වැටිච්ච ගමන් යමපල්ලෝ හතර දෙනෙක් ඇවිල්ල අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලගන්න කතාව බුදුහාමුදුරුවෝ කියල දීල තියෙනවා!!! ඒ ටික තමයි 'අරය' දැකල තියෙන්නේ. එතනින් එහාට වෙච්ච දේ කියන්න විදියක් නෑ.. 'එයා' මේ ලෝකෙත් එක්ක තිබ්බ සම්බන්ධකම් ඉවරයි!!! ඊළඟට තියන රස වෑහෙන කතාව බුදුහාමුදුරුවෝ නම් කියල දීල තියෙනවා!!! ප්‍රශ්ණ 5කට උත්තර සපයන්න තියනවලු... ඊළඟට පොතු අරිනවලු... අර, වෑයෙන් පොල් ලී රහින්නේ... අන්න එහෙම කරලා අරන්, ඊළඟට 'කොත්තු තැටියක්' වගේ මහා විසාල රත්වෙච්ච යකඩ පොළවක දොයි කරලා, අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි ඇණ ගහනවලු... එහෙම කෝටි ප්‍රකෝටි ගණන් නිරිසත්තු දොයි කරලා ඉන්නවලු. ඊළඟට ඉතින් ගොයම් පාගනවා වගේ යකඩ රෝද තියන කරත්ත වලින් පාගනවලු. අවුරුදු දහස් ගණන්, සමහරුන්ට ලක්ෂ, කල්ප ගණන් ඒ course එක හම්බවෙනවලු!!! ඕව sure නැති අය කලබල වෙන්න එපා! ගිහිල්ලම බලාගන්න පුළුවන් නෙ...

    තව කතාවක හාමුදුරුවෝ කිව්වා මේ වයසක පහේ උන්ද කෙනෙක්, 'මොකද මේ හැම තැනම ගූ ගොඩවල්?' කියල අහපු seen එකක්. ඒවගේ එව්වා නම් ඇති පදම් අහන්න ලැබුණා!!! ඒ සේරමලා පෙරේත ලෝකෙට set වෙච්ච උදවිය!!! එවුන් නම් නැති තැනක් නෑ!!! උන්ට ඉතින් මොකුත් කන්න / බොන්න බෑ... ඇල්ලුවට අහුවෙන්නේ නෑ... කතාකලාට කාටවත් ඇහෙන්නේ නෑ... ගූ / කෙල තැඹි / හොටු තැඹි වගේ ඒවා තමයි කන්න තියෙන්නේ!!! කක්කුස්සි වලවල්, කුණු කාණු වගේ තැන්වල තමයි ඉන්න තියෙන්නේ!!! ඇඳුම් නෑ, හොරි හැදිලා, වණ වෙලා, ගඳ ගගහ තමයි ඉන්න තියෙන්නේ!!! අවුරුදු දාස් ගණන් එහෙමයි!!! ආතල් maxa!!!

    අනික් ඔය තිරිසන් ලෝක වලට set වෙන එවුන්ට නම්, එකපාරට ඇදගෙන ගිහිල්ල තිත්ත කළුවර පෙට්ටියකට දාල වැහුවා වගේ වෙනවා!!! ඇහෙන්නේ / පේන්නේ / දැනෙන්නේ නෑ... හිතෙන ඒවා සේරම නම්, මේ දැන් වගේම වැඩ!!! අන්න ඉතින් සනීපෙට විඳවන්න ලැබෙණවා!!! විලාප ගහන්න තමයි තියෙන්නේ!!! ඊළඟට, දඟලන්න එහෙම වෙන්නේ කාලයක් ගියාම තමයි. ඒත් උණ්ඩි කරලා උණ්ඩි කරලා හිරේ දැම්ම වගේ තමයි එලියට එනකම් ඉන්න වෙන්නේ!!! එලියට එනකොට අම්ම ඥාව් ඥාව් ගාල ලෙව කනවා... නැත්නම් උම්බෑ උම්බෑ කිය කියා ලෙව කනවා... එක්කෝ එලියට ආව ගමන් හොට කපල, අඹරන්න දානවා... ඔන්න ඔහොම තමයි වෙන්නේ!!!

    මනුස්ස / දිව්‍ය උපත් ගැන නම් කතා කරලත් වැඩක් නැති ගණනයි!!! මොකද දැන් ඉන්න ගොඩාක් එවුන්ට ඒවාට යන්න ලැබෙන්නේ නෑ!!! බොහොම සුළු පිරිසකට, 0.000000001% වගේ පිරිසකට විතරයි chance එක තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ තථාගතයි නේ!!! ඔන්න ඕකයි, 'සංසාරෝඝං මහබ්භයං කියල, කියල තියෙන්නේ!!! හිතාගෙන ඉන්න ඒවා, හීන දකින ඒවා වෙන්නේ නෑ... time pass උනොත්, රෙවෙනවා මයි!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි ඉතින් මෙච්චර භයානක සංසාර ගමනක් ආවේ, මේතරම් දුක් කන්දරාවක් විඳින්න උනේ, පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල ගත්තු හන්ද කියල බුදුහාමුදුරුවෝ කිව්වා නේ?? මතක නේ... අර 30 නමක් භාවනානුයෝගීව වැඩසිටිය භික්ෂුන්වහන්සේලා උන්වහන්සේව මුණගැහෙන්න ආව වෙලාවේ, 'රහත්වෙන්නම දුන්නේ'??? ඉතින් ඒකම තමයි case එක!!! මොකද, කවුරු උනත් ඔය හිතේ තියන තියන දේවල් බදාගෙන හිත හිතා ඉන්නේ නැත්නම්, ඒ ඇඟවල් වලින් තව සත්වයෙක්ව උපද්දවන්න 'භවයක්', electromagnetic field එකක් හැදෙන්නේ නෑ!!! භවයක් තිබ්බොත්, ඒ කියන්නේ පැතිරෙන්න electromagnetic field එකක් තිබුනොත් විතරයි තවත් සත්වයෙක් උපදින්න පුළුවන්!!! නැත්නම් මොකුත් නෑ... මේ ජීවිතයෙන්ම ඉවරයි!!! පිරිණිවන් පානවා!!! අනික් එක, පංච උපාදානස්කන්ධය මගේය, මට වෙච්ච දේවල්ය, මං කියපු / කරපු දේවල්ය, කියල නොගත්ත නම් කොහොමත් ඕක ගැන එච්චර හිතෙන්නේ නෑ!!! අපි වෙන එකෙකුට වෙච්ච දෙයක් ගැන, වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන, පැල් බැඳගෙන හිත හිතා ඉන්නේ නෑ නේ කොහොමත්?? අන්න ඒ වගේ, පංච උපාදානස්කන්ධය මගේය කියල රැවටුනේ නැත්නම්, කොහොමත් හිත හිතා ඉන්න දෙයක් හිටින්නෙත් නෑ!!!

    ඕකම තමයි බුදුරජාණන්වහන්සේ බාහිය දාරුචීරිය උත්තමයට කිව්වෙත්. "දැක්කොත් දැකීම් මාත්‍රයකට සීමා කරන්න!!" දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... දැක්ක... කිය කියා පිස්සු කෙලින්න නෙවෙයි!!! රූපය, ඇහැ සීමාවේ තියනකම් පෙනිච්චාවේ... ඈත්වෙච්ච ගමන් ඒගැන අමතක කරලා දාන්න!!! "ඇහුනොත් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න!!" ඇහුන... ඇහුන... පිස්සුව කෙලින්න නෙවෙයි... සද්දේ ඇහෙනකම් අහං හිටපිය!! හැබැයි, අහං ඉන්නවා විතරයි... මොකුත්ම හිතන්න වැඩක් නෑ!! සද්දේ නැවතුනාම අමතක කරලා දාන්න!!! "රසක් / ගඳක් සුවඳක් / පහසක් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න!!" කනකම්, බොනකම්, විඳිනකම් ඒ ගැන සිහියෙන් ඉන්න... ඉවර උනාම අමතක කරලා දාන්න!!! "යමක් හිතුවොත්, පැතුවොත් ඒවත් එතැනින්ම නවත්තන්න!!" එක එක ඒවා හිතෙයි. ගනන්ගන්න එපා!!! හිතට ආපු සැනින් අමතක කරලා දාන්න!!! "ඔබ හික්මෙන්නේ එහෙම නම්, එතන 'සකස්වෙන' දෙයක් නෑ!! 'සකස්වෙච්ච' දෙයක් නැත්නම්, 'ඔබ' එතන නෑ!! 'ඔබ' එතන නැත්නම් වෙන තැනකත් නෑ!! ඒ අතරවාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!!" මේ කියන්නේ, කිසිම දෙයක් හිතන්නේ නැතුව, කන්නෙ / බොන්නෙ / නිදාගන්නේ නැතුව, පුක විකාගෙන හිටපිය කියල නෙවෙයි!!! නිකම් setup එකක් වගේ උඹට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච පලියට, 'මම දිගටම ඉන්නවා ඇති... මෙතන ඉන්න බැරි වෙනකොට වෙන එකකට යනවා ඇති... පින් කරලා මීට වඩා හොඳ එකකට යන්න ඕනේ... දෙයියෙක් ඇති...' වගේ ලෝකේ නැති කුණුහරුප හිතන්නේ නැතුව, උඹල / අපි සේරමලා මේ පොඩි කාලයක් ඉඳල විනාසවෙලා යන්න හැදිච්ච සත්තු ටිකක් විතරයි බව තේරුම් අරගෙන, ඉන්න ටිකේ කාටවත් 'ඇණයක්' නොවී පාඩුවේ හිටපන් කියන එකයි!!! එතකොට කර්ම රැස්වීමක් නෑ... ඒ කියන්නෙත් භවයක් (electromagnetic field එකක්) නෑ කියන එකමයි!!! මොකද බුදුරජාණන්වහන්සේ භවය තෝරලා දුන්නේ, 'විපාක දීම පිණිස කර්ම රැස්වීමක්' හැටියට!!! ඒකට අනුව නේ, ඇඟක් set වෙන්නෙ. අන්න ඒකයි!!!

    මේ, ඒක නෙවෙයි... දැන් උඹලට සංසාරේ යන්න පුලුවන්ද??? ??? ??? බුදුහාමුදුරුවෝ, පංච උපාදානස්කන්ධය මගෙයි කියල ගත්ත ඒක නේ upset එක කිව්වේ... දැන් උඹලට කොහොමත් එහෙම ගන්න බෑ නේ?? උඹ දැක්ක නේ, ඒකෙ වැඩිහරියක්, වැඩිහරියක් කියන්නේ එහෙම්පිටින්ම වගේ, තියෙන්නේ කලින් හිටපු හිටපු එවුන්ගේ කුණුකන්දල් මිසක්, උඹගේම එව්වා නෙවෙයි බව?? හරි! කමක් නෑ. උඹ මට තර්ජනයක් එහෙම දාල, 'පංච උපාදානස්කන්ධය මගේ තමයි යකෝ!' කියල බලෙන්ම ගන්නවා කියමු!! ඒත් උඹ දැක්ක නේ, උඹට මෙතනින් එහාට යන්න බැරි බව?? 'මං' යනවයි කියල හිතන් හිටියට, ගියොත් යන්නේ 'වෙන එකෙක්' බව?? තෝ මැරුණම එතනින් තෝව ඉවරනේ?? උඹට කොහෙවත් යන්න වෙන්නේ නෑ නේ?? අන්න ඒක තමයි වැඩේ... සත්වයාට සංසාරේ යන්නවත්, දෙයියෙක් ගාවට යන්නවත්, ස්වර්ගෙට යන්නවත්, වෙන දිහාවකට යන්නවත් බෑ!! බොල!!! එකෙක් මැරුණම ඌ ඉවරයි!!! උඹල සේරමලට එච්චරයි!!! උඹල ඔක්කොම කොච්චර පින් කර කර, කොච්චර දාන මාන දීගෙන හිටියත්, කොච්චර පෙරුම් පුර පුර, ලොකු ලොකු හොඳ HiFi ජීවිත ලබන්න බලාගෙන හිටියත්, තොපිට ඒ මොකවත්ම ලැබෙන්නේ නෑ!!! තොපි සේරමලා මැරිලා කතන්දරේ ඉවර වෙනවා!!!

    ඒයි, උඹල වැඩි වැඩියෙන් ලබන්න හිතාගෙන, පුක ඉරාගෙන පින් කරපුව, මහා දාන දීගෙන ලොකු ලොකු ඒවායින් ලබන්න පෙරුම් පුරපුව, සේරම අපරාදේ නේද බං?? සමහරු ලොකු ලොකු ඒවායින් ලබන්න හිතාගෙන, හොඳ හොඳ උසස් ඒවායින් ලබන්න හිතාගෙන, කෝටි ගණන් වියදම් කරගෙන මහා විසාල පිළිම හදනවා... චයිත්‍ය හදනවා... හොඳ ලොකුවට නම ගහනවා... අයියෝ සල්ලි!!! බුදුහාමුදුරුවෝ පින් කරන්නයි කිව්වේ ලොකු ලොකු ඒවායින් ලබන්න නෙවෙයි බොල!!! මේ මහා චාටර් වැඩ පිලිවෙලින් ගැලවෙන්නයි!!! !!! !!! දැන් ඉතින් දැක්ක නේ, තොපිලගේ බලාපොරොත්තු, ප්‍රර්ථනා, පින් කර කර ඉල්ලපුවා ඔක්කොම හබක්!!! ඒවායින් ප්‍රයෝජනය ගන්න හිටියේ වෙන එකෙක්!!! තොපි නිකම් petrol පුච්චගත්තට තොපිට මොකුත් නෑ... තේරුණාද??? ඉතින් ආයේ තා ඇඟක් ඉල්ලලා, තව ජීවිතයක් ඉල්ලලා වැඩක් ඇත්තෙම නෑ.. හම්බවෙන්නේ නෑ!!!

    දුකයි තමයි... කරන්න දෙයක් නෑ.. බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා!!! 'සංකිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා' කිව්වේ ඒකනේ!!! හැබැයි 'ක්ෂණ සම්පත්තියක්' ලබලත් ප්‍රයෝජනයක් ගන්න බැරුව ඒක ගිලිහිලා ගියොත්, ඊට වඩා දුකක්!!! !!! !!! මේ ලැබිල තියන අවස්ථාව සත්වයෙකුට හම්බවෙන්නේ කල්ප කල්ප බර ගණනකට සැරයක් විතරයි!!! !!! !!! හරීම දුර්ලභයි!!! දැන් miss කරගත්තොත් ආයේ කල්ප කල්ප ගණන් විඳවන්න වෙනවා... ගොඩ යන්න වෙන්නේ නෑ!!! හරිම භයානක ගමනක්!!! මේක කඩාගන්න පුළුවන් කමක් ලැබිච්ච වෙලාවේ කඩල ඉවරයක් කරන්න ඕනේ!!! බුදුහාමුදුරුවොන්ට මෙහෙම 'කන් පාත්වෙන්නම නෙලන්න' ඒ කාලේ හැකියාවක් තිබ්බේ නැතුවට, කොච්චර දේවල් කිව්වද?? "මේක කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ වැඩක්... තේරුමක් නෑ!!" කිව්වා... "මට බැන්න... මට ගැහුවා... වගේ ඒවා හිත හිත ඉන්න එපා!!" කිව්වා... "පිළිකුල් හැටියට බලන්න / දකින්න... අනිත්‍ය හැටියට බලන්න / දකින්න... අසුභ හැටියට බලන්න / දකින්න... කිය කියා කිව්වා..." ඇහුවේ නෑ නේ?? දැන් ඉතින් උඹල කතන්දරේ දැක්ක නේ??? කොච්ච්ච්ර පින් කරලා, පෙරුම් පුර පුරා හිටියත් වැඩක් නෑ... තොට කොහෙවත් යන්න වෙන්නේ නෑ!!! තෝ මැරුණම ඔක්කොම ඉවරයි!!! !!! !!!

    ඉතින්, ඔන්න ඕකයි මේ ජීවිත කතන්දරේ. මේක මේ 'හේතුව' තියනකම් 'ඵල' හටගන්නා ස්වභාවයක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! ඔය 'යන ඒවා' අදාළ, මෙලෝ මගුලක් නොදන්න 'කෝච්චි පෙට්ටි ඇතුලේ ඉන්න', අවිද්‍යාවෙන් ඉන්න, එවුන්ට විතරයි!!! !!! !!! උඹල කෝච්චියේ ගිහිල්ල ඉවරයි... උඹලව කෝච්චියෙන් බස්සවල තියෙන්නේ!!! බුදුහාමුදුරුවෝ මට කිව්වේ, තොපිට යන්න දෙන්න එපා කියලයි!!! උඹල දැන් ඉන්නේ එළියේ නේ?? උඹලට ඔය සංසාර කතා අදාළ නෑ!!! මං කිව්වා නේ, උඹලට යන්න වෙන්නේ මං යන්න දුන්නොත් විතරයි කියලා!!! උඹලට බයවෙන්න දෙයක් නෑ... උඹලව එක්කරන් යන්නේ, 'බටර් පාන් කාල... සනීපෙට නිදාගත්තා...' වගේ වෙන තැනට!!! නිවණට!!! දැන් උඹල කොහෙන් කොහොම යන්න හැදුවත් ණිවන් විතරයි!!! මොකා කොයි ජාතියෙන් කොහොම ආවත්, ඒත් ණිවන් විතරමයි!!! කල්‍යාණමිත්‍රයෝ මාව හදල තියෙන්නේ fail වෙන්න නෙවෙයි!!! දැන් controll එක මගේ අතේ!!! මං ගෞතම බුදුරජාණන්වහන්සේගේ!!!


    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි !!! !!! !!!​
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ! බුදුහාමුදුරුවොන්ට මෙහෙම 'කන් පාත්වෙන්නම නෙලන්න' ඒ කාලේ හැකියාවක් තිබ්බේ නැතුවට, කොච්චර දේවල් කිව්වද??

    දමිත් නම් බුදුහාමුදුරුවන්ටත් වඩා හැකියාවක් තියන කෙනෙක් කවුරුවත් බනින්න එපා .