දියඇලි thread

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    53. කටුබූල ඇල්ල (කඩියන්ලෙන ඇල්ල).

    උස 8m , අඩි 26. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ (B317) කඩියන්ලෙන නගරයේ කටුබූල වතුයායේ. කොටස් තුනකට කඩා හැලෙන මේ ඇල්ල ලංකාවේ ලස්සනම ඇලි වලින් එකක්.

    මේක බලන්න EK Travel team එක ගිහින් තිබුනා වගේ මතකයි. ත්‍රෙඩ් එකක් දාලා තිබිනෙ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    55. සැර ඇල්ල.

    උස 10m , අඩි 33. පිහිටලා තියෙන්නේ මාතලේ, රත්තොට, රිවර්ස්ටෝන් ප්‍රදේශයේ. නකල්ස් කදු මායිමේ තමයි මේ ඇල්ල පිහිටලා තියෙන්නේ. රිවර්ස්ටෝන් යන අය අනිවාර්යෙන් මේ ඇල්ල බලන්න යන්න.

    2116u4h.jpg

    5650253908_365c2d8801_b.jpg
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    56. අන්දාවල ඇල්ල

    උස 40m , අඩි 131 . පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ හඟුරන්කෙත අතර පිහිටි අන්දාවල ගම්මානයේ. ගම්මානය පිහිටලා තියෙන්නේ මහනුවර-රාගල මාර්ගයේ 31 වන සැතපුම් කනුව අසල. ඇල්ල කඩා හැලෙන්නේ නයාමැරුහින්න කන්දෙන්.

    sy42hi.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    57. හඳුන් ඇල්ල.

    උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කිතුල්ගල. මේ ඇල්ලට ප්‍රවේශ වීම පොඩ්ඩක් දුෂ්කරයි. නම ආරුඩ උනා කියන්නේ මේ ඇල්ල අවට තිබුනයි කියන හඳුන් ගස් නිසාලු. මේ ඇල්ල කිට්ටුව අයිතිහාසික "බෙලි ලෙනත්" පිහිටා තිබෙනවා.

    11ie72v.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    58. ඌරන් වැටුන ඇල්ල.

    උස 108m , අඩි 360. නම ආරුඩ උනේ මේ ඇල්ල අවට ඉන්න වල් ඌරන් මේ ඇල්ලෙන් වතුර බොන්න එනකොට ඇල්ලේ ජල පහරට ඌරන් ඇල්ලට වැටෙන නිසා කියලා කියනවා. පිහිටලා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කන්දකැටිය, පල්ලේකන්ද ග්‍රාමසේවක වසමේ. මේ ඇල්ලට ජලය සැපයෙන්නේ පෙට්ටියගල කඳු වල මිරිස්හේන වනාන්තරයේ සිට පටන්ගන්න දොළ පහරකින්. නියගකදී පවා මේ ඇල්ලේ ජලය නොහින්දේ. මේ ජලයෙන් කිරිබත්ගල වතු සහ ප්‍රාදේශීය රෝහලට ජලය සැපයෙනවා.

    5600187519_26495656ed_b.jpg
     
    • Like
    Reactions: pizzu puza

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    59. මරක්කල ඇල්ල. (කළුවල ඇල්ල)

    උස 8 m , අඩි 26. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල, නාරංගොඩ ගම්මානයේ. නම ආරුඩ උනේ මරක්කල ජාතික කොලු ගැටයෙක් බීලා මත් වෙලා මේ ඇල්ලට ආවලු මාළු බාන්න. නිදි මත නිසා බිලි පිත්ත කකුලේ ගැටගහගෙන පොඩ්ඩක් ඇල උනාලු. ඇමට අහුනුන ලොකු ආන්දෙක් මේ ඇම ඇදගෙනම යනකොට බිලි පිත්ත එක්කම කොල්ලත් ඇලට ගහගෙන ගියාලු. මේ ඇල්ල අඩියේ ලොකු දිය සුලියක් තියනවලු. අදටත් එකෙන් මිනිස් බිලි ගන්නවලු.

    ඇල්ල පෝෂණය වෙන්නේ හෙල්ටිකන්දේ පටන් ගන්න පොඩි දොළ පහරක් නරන්කන්දේ හා බුලත්වත්තේ කඳු මැදින් ගලාගෙන ඇවිත්. මේ ගලාගෙන එන ජලයෙන් නාරංගොඩ ගම්මානයේ වගාවන් වලට ජලය සපයනවා. පසුව මේ ජලය රන්කොත විහාරයේ නැගෙනහිර දෙසින් දේවක ඔයට එකතු වෙනවා.

    246nw2w.jpg
     
    • Like
    Reactions: wisal

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    5. බෝපත් ඇල්ල.

    හැමෝම දන්න දිය ඇල්ලක්. උසින් 30m අඩි 98. බෝපත් ඇල්ල කියන නම වැටුනේ ඇල්ල උඩින් තියන ගල් පර්වත වලින් වතුර බෝ කොලේක හැඩේට හැදිලා පහලට වැටෙන නිසා. පිහිටලා තියෙන්නේ අගලවත්ත කියන ගමේ. කුරුවිට නගරය කිට්ටුව රත්නපුර දිස්ත්‍රික්කයේ. මෙය හැදෙන්නේ කළු ගඟේ අතු ශාකාවක් වන කුරු ගගෙන්.

    මේ ඇල්ල හා පට බැඳුනු කතා ගොඩක් තියනවා. එකක් තමයි කොළඹ ඉන්දලා මේක බලන්න ආපු එක්කෙනෙක් මේ ගමේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයට ළමයෙක් හම්බු වෙන්න ඉන්නකොට එයාව බලන්න ආපු නැති නිසා මේ ඇල්ලෙන් පැනල දිවි නසා ගත්තලු. එයාගේ හොල්මන රෑට රෑට නිල් පට එළියකින් මේ ඇල්ල අවට සක්මන් කරනවලු.

    තව එකක් කියනවා මේකේ ලොකු නිදානයක් තියනවලු. එක ගොඩ ගන්න මිනිස් බිලි 1000 දෙන්න ඕනෙලු. කට්ටිය පරිසමෙන් හොඳේ?

    e katha wa mama adamai ahuwe bopatha alla gawa ape gedara thiyenne...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇලි ටික ගැනනම් අගනා විස්තර ටික බලන් ගියාම මචං මේවයින් 80%කටම නම් හැදිලා තියෙන්නේ කපල් ඇලි වලින් පහලට පැනලා හරි එක්කෝ හොමං ගෑනු නිසා.. කියහං ඔය ඇලි වල නමක් නැති චූටි හරි ඇලි කෑල්ලක් තියනවද කියලා මටත් ඒකෙන් පහලට පැනලා නම දාගන්න..:yes: පොඩි වෙන තරමට හොදා:eek:
    රෙප් හතරකුත් දුන්නා:shocked:
     
    ei machan ee kathawa boruwakda? :eek:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇලි ටික ගැනනම් අගනා විස්තර ටික බලන් ගියාම මචං මේවයින් 80%කටම නම් හැදිලා තියෙන්නේ කපල් ඇලි වලින් පහලට පැනලා හරි එක්කෝ හොමං ගෑනු නිසා.. කියහං ඔය ඇලි වල නමක් නැති චූටි හරි ඇලි කෑල්ලක් තියනවද කියලා මටත් ඒකෙන් පහලට පැනලා නම දාගන්න..:yes: පොඩි වෙන තරමට හොදා:eek:
    රෙප් හතරකුත් දුන්නා:shocked:

    අපෝ ඕනේ තරම් පොඩි ඒවා තියනවා මචන් කරණමක් ගහන්න. දාමු නමක්. රෙප් වලට ස්තුති මචන්
    ;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    60. පුළුන් ඇල්ල.

    උස 86m , අඩි 286 පළල 12m . පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල, දෙනවක ප්‍රදේශයේ. කොටස් දෙකකින් හැදෙන මේ ඇල්ලේ උඩ කොටසේ උස 9m වෙනවා. එතනින් කඩාහැලෙන වතුර වනාන්තරය මැදින් දෙවන ඇල්ල වෙත පැමිණෙනවා. දෙවන ඇල්ල ඉහල ඇල්ල මෙන් දෙගුණයක් උසින් වැඩි වේ. කඩාගෙන හැලෙන විදියට ජාල වාෂ්ප විහිදෙන ආකාරය පුළුන් වගේ නිසා මේ ඇල්ලට පුළුන් ඇල්ල නම වැටිලා තියනවා.

    34xgyfk.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    61. පියන්ගිරි ඇල්ල.

    උස 44m , අඩි 144. මේ ඇල්ල පාමුල වේල්ලක සැකිලි හම්බු වෙනවා. මේ ඇල්ලත්, දියවිනි ඇල්ලත් අතර ලොකු සම්බන්දයක් තියනවා. මේ ඇල්ල කාලගුණයත් එක්ක ඍජු සම්බන්දකමක් තියනවා. ගම්මු කියන විදියට දියවිනි ඇල්ල කලින් ගලුවොත් වැස්ස පමා වෙනවලු. වගාවන් වතුර නැතුව පාඩු වෙනවලු. වසංගත රෝග හැදෙනවලු. මේ ඇල්ල කලින් ගලුවොත් වගාවන් සරු වෙනවලු, ගැමියන්ට හොඳ හිතේ සතුටක් ඇති වෙනවලු. මේ ඇල්ල ළඟ ගම්මු කිරිමඩු කියන වත් පිළිවෙත් වල නිරත වෙනවලු හොඳ කාලයකට. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලන්ගොඩ - වැලිගෙපොල මාර්ගයේ.

    whfdkh.jpg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මාකෙලි ඇල්ල

    මම ගත්ත පොටෝ ටිකක්... :cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1290777

    405467_2547521801393_1054240662_32205950_1395442703_n.jpg

    377930_2544425043976_1054240662_32203715_355588960_n.jpg

    377930_2544425083977_1054240662_32203716_1504494906_n.jpg

    377930_2544424963974_1054240662_32203714_802077616_n.jpg

    374305_2547830449109_1054240662_32206164_571989254_n.jpg

    374305_2547830489110_1054240662_32206165_1173999644_n.jpg

    374305_2547830529111_1054240662_32206166_848418802_n.jpg

    374305_2547830569112_1054240662_32206167_164829828_n.jpg

    374305_2547830609113_1054240662_32206168_965404610_n.jpg

    ලස්සනම ඇල්ලක් තමයි මාකෙලි ඇල්ල කියන්නේ... නාන්නත් හොඳ තැනක් තියනවා ඇල්ල උඩ.. ඇල්ල ළගනම් නාන්න යන්න එපා.. මොකද එතන මිනිස්සු 38 දෙනෙක්ව බිලි අරගෙන තියනවා.. කාටහරි 39 වෙන්න ඕනෙනං ඇල්ල ළඟ නෑවට කමක් නෑලු...
    :D

    මතුගම ඉඳල යනවනම් මතුගම අගලවත්ත පාරෙන් ගිහින්.. අගලවත්ත නගරයෙන් ලත්පඳුර පැත්තට යන්න.. ලත්පඳුර හන්දියෙන් මෝල්කාව හන්දියට යන්න එතන තියනවා බෝඩ් එකක් ගහල ඇල්ලට යන්න ඕන පැත්ත.. මෝල්කාව හන්දිය ළඟ ඉඳල ඇල්ලට ටික දුරයි..

    thanks machan for the share ;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    62. දොඩන් ඇල්ල.

    උස 53m , අඩි 173. පිහිටලා තියෙන්නේ රත්නපුර කොළඹ මාර්ගයේ දෙවිපහල මාර්ගයේ. මේ ඇල්ල කොටස් දෙකකට හැදිලා තියනවා. මේ ඇල්ල අලියකුගේ හොඩවැලක හැඩේට හැදිලා තියනවා. ඇල්ල සැදී තිබෙන්නේ දෙවිපහල ඇල්ලෙන් දෙමලේ ගම මැදින් ගොස් විශාල පර්වතයකින් තමයි කඩාගෙන හැලෙන්නේ. මේ ඇල්ල අවට බටවිට හා බටලෙන ගුහා පිහිටලා තිබෙනවා. මේ ඇල්ල "ඉන්ස්පෙක්ටර් චම්පා" රූගත කිරීමට දායක උනා.

    5650225454_bebe145f12_b.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    63. ඇතා මල ඇල්ල.

    උස 52m , අඩි 170. නම වැටුනේ මේ ඇල්ලට වතුර බොන්න ආපු ඇතෙක් මේ ඇල්ලේ සැඩ පහරට අහුවෙලා මේ ඇල්ලේ වැටිලා ගිලිලා මැරුණ නිසා කියනවා. මේ දිය ඇල්ල ඉතාමත්ම සුන්දර පරිසරයක පිහිටලා තිබෙනවා. ඇල්ල පිහිටලා තිබෙන්නේ අකුරැස්ස, පිටබැද්දර, පවුරුතොට ග්‍රාමසේව වසමේ.

    6h81li.jpg