Casino ගහමුද? 21+

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha
    උපරිමයි මචන් ඉදිරිපත්කිරීම...
    තව විස්තර ටිකක් දාන්න මචන්......
    රෙප්++++++

    මචන් මම post දෙක තුනක් වෙන වෙනම දැන්ම
    ඒ ටික මේකට copy කරල දාන්නම්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංගප්පුරුවේ නම් ඩොලර් 5 ටත් ප්ලේ කරන්න පුළුවන්. විදේශිකයන්ට ඇතුල් වීම නොමිලේ. කෑම බීම සියල්ල සමග. සිංගප්පුරු ජාතිකයන්ගෙන් ඩොලර් 100 ක් අය කරනව. කොහොමද වැඩේ.. තමන්ගෙ එවුන් බේරගෙන අනිත් එවුන්ගෙන් හැදෙන්නෙ :rofl:

    අනිත් හරිම ලේසි පහසු ගේම් තියෙනව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha
    Casino ගහමුද? 21+ තෙවන දිගහැරුම.

    girlsplayingroulette.jpg


    ගියපාර post එකට වැටුන comments, hits ගොඩක් අඩුයි. කස්ටියට casino එපා වෙලද නැත්නම් A/L ආස්වාදය නිසාද දන්නෙ නෑ. හැබැයි මේකටත් එහෙම උනොත් නම් මෙතනින් Casino Post නවත්තනව. අමාරුවෙන් නොවැ ලියන්නෙ. බලන්නෙ නැත්නම් comments නැත්නම් ලියල වැඩැක් නෑ නොවැ.

    හරි ගියපාර එකෙන් කියන්න බැරි වෙච්ච කොටසකුත් තියනවා ඕන්න මුලින්ම ඒක කියල ඉන්නම්කො. casino chips වර්ග ගැන දැන ගත්තනේ.

    දැන් තියෙන්නේ Rs.5000 න් casino chips ගන්න එකයි. එක රැයකට Rs.5000ක්.. අම්මෝ ඔච්චර වියදම් කරන්න සල්ලි කොයින්ද නේද?
    Trick එකක් නෙමේ හැබැයි ඔන්න එච්චර වියදම් නොකර ඉන්න පුලුවන් විදිහක් තියනව. ඒ මෙහෙමයි.
    ප්‍රධාන casino games වර්ග 4ක් ලංකාවෙ තියනව කිව්වනේ. හැබැයි Rs.5000 කින් සෙල්ලම් කරනව නම් ඔන්න Roulette තමයි play කරන්න වෙන්නේ. මොකද කියනව නම් Rs.5000 කින් වැඩි වෙලාවක් සෙල්ලම් කරන්න් පුලුවන් එකම game එක, මේ game එක විතරයි.

    Roulette Table එකකින් cash chips හරි color chips හරි ගන්න පුලුවන්. ඒව ගන්නකොට අනුගමනය කලයුතු දේවල් කිව්වනෙ කලින් post එකෙන්.

    1. Roulette Game

    gcv-1.jpg


    මේකට මහලොකු මොලයක් නම් ඕනෙ නෑ. ලංකාවෙ වැඩි දෙනෙක් ගහන්නෙත් මේක තමා. මේකෙන් සල්ලි පරදින්න හරිම පහසුයි. ඒ මොකද කියනවා නම් මේකේ 1:35 ක් ගෙවන bet එකක් තියනව. ඉතින් එක දකින හැමෝම හිතනව Rs.1000 දැන්මොත් Rs.35000 ක් නේ. ඒ හින්ද සෑහෙන්න bets දානව. ඒ වුනාට වැඩි හරියක් පරදිනව.

    හරි දැන් ඔයාල Rs.5000 ක් දාල Rs.5000ම play කරන්න අකමැති නම් ඔයාලට පුලුවන් Rs.3000 විතර color chips ගන්න. එතකොට ඔයාලට ඉතුරු දෙන්නෙ නෑ. ඒත් ඉතුරු වලට හරියන්න Rs.2000 ක cash chips දෙනව, ඒ කියන්නෙ Rs.1000 cash chips 2ක් දෙනව. මේ cash chips cashier එකෙන් ආයිත් සල්ලි බවට පත් කරගන්න පුලුවන්.

    අහ් තව දෙයක් මම කලින් post එකෙන් කියල තිබුනෙ එක color එකකින් color chips maximum 100 කියලනෙ. මට පොඩ්ඩක් වැරදිල නොවැ. එක color එකකින් color chips maximum 200 තියනව.

    හරි දැන් Rs.5000 දාල color chips or cash chips ගන්න. Available color වලින් කැමති color එකක් select කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් color chips පාට 10ක් විතර තියනව. හැබැයි මේ වර්ග 10 කෝක හරි තව කෙනෙක් play කරනව නම් ගන්න වෙන්නෙ නෑ. Roulette Table එකක cash chips වලටත් එහෙමයි.

    එක color chip එකක් Rs.50 නම් Rs.5000 chips කියක් හම්බෙනවද? ඕවට තමා පටගාල චක්කරෙ ඕන වෙන්නෙ. දැන් චක්කරෙ පාඩම් කරගත්තනේ. එහෙන්ම ගාන හාදා ගන්න. කීයක් ඕනෙද? color chips 100ක් ඕනෙ.

    දැන් Dealer ඔක්කොම chips මේසෙ උඩ හලාගෙන chips එකින් එක ගනින්නෙ නෑ. 10 secs වලින් වගෙ මේක දෙනව. හරි කොහොම හරි chips දුන්නයි කියමුකෝ. දැන් අපිට ප්‍රරශ්නෙනේ මෙතන chips 100ක්ම තියනවද කියල. දැන් ඔන්න අපි ඔය chips ඔක්කොම මේසෙ උඩ හලාගෙන ගනින්න යන්නෙත් නෑ. මොකද bet එකක් win කරල chips 178ක වගේ payment එකක් දුන්නොත් එහෙම මලා නේ. ගැන ගැන ඉන්න බෑ. ගාන හරි ඇති කියල නිකන් ඉන්නත් බෑ. එකට තමයි ඕන් ගනින හැටි කියල දෙන්නේ.

    Stack

    Stack.jpg


    මොනාද මේ Stack කියන්නෙ? Roulette Table එකක color chips තියෙන්නෙ 20-20 ගොඩවල් විදියට. Chips 20 එක කුට්ටියක් stack එකක් විදියට හදුන්නනව.ඉතිං ඔයාලට chips 100 ක් ඔනේ නම් මෙයාල chips ගෙඩවල් 5ක් අරන් දෙනව. ඒ කියන්නෙ stack 5ක්.

    ඒ වගේම මේ Stack එකින් එක අතට දෙන්නෙ නෑ. Stacks අවශ්‍ය ගනන අනුව අදාල ආවේණික විවිධ හැඩතල තියනව. මුලුන්ම Dealer Stacks 5ට අදාල හැඩතලයට අනුව stacks ටික හදනව. ඊට පස්සෙ ඔක්කොම ටික table එක දිගේ ඔබ ඉන්න තැනට ලස්සනට pass කරනව. Dealer Chips Pass කරල ඉවර වෙනකම් Chips අල්ලන්න බෑ. ඇල්ලුවොත් බැනුම් අහගන්න තමා වෙන්නෙ ඕන්.

    Chips 100 දෙන්නෙ මෙන්න මේ හැඩෙටයි.

    100stack.jpg


    හරි දැන් එතකොට ප්‍රශ්නයක් ඇතිනෙ එක Stack එකක හරියටම chips 20 ක් තියනවද කියල. Dealer Chips අපිට දෙන්න කලින් ඒ බව පෙන්නනව. ඒ මෙහෙමයි.

    මුලින්ම එක Stack එකක් මේසෙ මැදට අරගෙන Stack එක සමාන කෑලි 4කට කඩනව. ඕකට කියන්නෙ 5 cuts කියල. සමාන කෑලි 4ට කඩන ගමන්ම ඒව එකිනෙකට සමානයි කියලත් පෙන්නනව. එතකොට එකක 5යි නෙ.
    5 * 4 =20
    ඒත් ඔන්න අපිට sure නෑ එකක 5ක් තියනවද කියල. හරි අව්ලක් නෑ. එකක් 5ක් තියනව කියලත් dealer පෙන්නනව. ඒ සමාන කෑලි 4 ට කඩල අන්තිමට එන Chip 5හේ කුට්ටිය open කරල පෙන්නනව. ඊට පස්සෙ කඩපු Stack එක එකතු කරනව. ඊලගට තව Stacks 4ක් අරගෙන Open කරල පෙන්නපු Stack එකට මේ Stacks 4ම සමානයි කියල පෙන්නනව. ඔන්න ඔහොමයි 100ක් දෙන්නෙ. දැන් අපිට ගනින්නදෙකුත් නෑනෙ.

    හරි දැන් එතකොට ප්‍රශ්නයක් ඇතිනෙ Dealer Chips යටිමඩි ගහත්තොත් කියල.. බයවෙන්න දෙයක් නෑ. Dealer Chips ටික අපි ලගට Pass කරල ඉවර උනට පස්සෙ හොදට අත් දෙක Open කරල පෙන්නනව Chips නැති බව.

    Dealer chips හැම අවස්තාවකදිම දෙන්න ඔය විදියට තමා. අපිට තියන Chips ගනන එකතුකරල වැඩිකරල හදා ගන්න වෙනව.

    Ex - chips 178
    එක Stack එකක් Open කරල පෙන්නනව. ඊලගට තව Stacks 8ක් අරගෙන Open කරල පෙන්නපු Stack එකට මේ Stacks 8ම සමානයි කියල පෙන්නනව. දැන් ඔක්කොම Stacks 9යි. ඒකියන්නෙ Chips 180යි. අන්තිමට Chips 2ක් ඉවත් කරනව. ඉවත් කරේ Chips 2ක් බව අපිට පැහැදිලිව පෙන්නනව.

    Ex - chips 68
    එක Stack එකක් Open කරල පෙන්නනව. ඊලගට තව Stacks 2ක් අරගෙන Open කරල පෙන්නපු Stack එකට මේ Stacks 2ම සමානයි කියල පෙන්නනව. දැන් ඔක්කොම Stacks 3යි. ඒකියන්නෙ Chips 60යි. තව Chips 8ක් අරන් Chips 5ක් හා Chips 3ක් වෙනවෙනම Open කරල පෙන්නනව. හැම විටම 20 හෝ 5 ගොඩවල් ඇසුරෙන් තමයි Chips ගනන පෙන්වන්නේ.

    Casino-1.jpg


    1.Spin Wheel
    මේක අංක 0 සිට 36 දක්වා අංක 37ක් තියනව. 0 අංකය කොල පාට වන අතර එතැන් සිට මාරුවෙන් මාරුවට රතු අංක 18කුත් කලු අංක 18කුත් ඇත.

    Table එක start කරපු අවස්තාවේ සිට අවසන් වනතුරුම එක දිගටම නොනැවත්වී කැරකෙන අතර සුදු පාට ජිල් බෝලයක් වැනි බෝලයක් විරුද්ධ අතට දාරය වටේ කරකැවීම මගින් අංකයක් තෝරා ගනු ලැබේ. සුදු බෝලය Dealer විසින් කරකවනු ලබයි.
    මෙහිදී වලංගු කරකැවීමක් වීමට නම් සුදු බෝලය දාරය වටේ අවම වශයෙන් වට 4ක් වත් කැරකැවිය යුතුය. සාමාන්‍යයෙන් වට 25ක් 30ක් කැරකෙනු ලබයි.

    ඕනෑම Customer කෙනුකට wheel එක ඇල්ලීම හෝ අත තැබීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.


    2.Notice Board
    ඔට්ටු තැබිය හැකි උපරිම හා අවම අගයන් සදහන් කොට ඇත. එමෙන්ම Color chips price එකද සදහන් කර ඇත.

    3.Stacks
    මා පෙර සදහන් කර ඇත.

    4.Money Pusher
    ඔබ ලබා දෙන සියලුම මුදල් මෙතනින් පහල ඇති පෙට්ටියකට දමයි.
    දුන් මුදල් නැවත ලබාගත නොහැක.

    5.Marker
    Win කරන ලද අංකය උඩින් තබයි. මෙය Table එකේ යම් අංකයක් මත තිබෙනවා යනු Round එක අවසන් වී නොමැති බවයි.

    6.Score Board
    පෙර වට වලදී win කරපු numbers පෙන්වනු ලැබේ.

    හරි දැන් Color chips 100ක් තියනවනේ දැන් බලමු මේ chips වලින් කොහොද Roulette Play කරන්නෙ කියල.

    දැන ගන්න විතරක් කියවන්න. දියුනු වෙන්න, අතේ තියන ගාන double කරගන්න play කරන්න නම් යන්න එපෝ. කෙලවෙනවා දන්නෙම නැතුව. විනාසයි. සල්ලි වැඩි උන දවසක පොඩ්ඩක් play කරල අත්දැකීමක් අරගන්නයි දාන්නෙ. නැතුව Casino වලට හුරු කරන්න නෙමේ. Tips and Tricks නම් මෙකෙන් බලාපොරොත්තු වෙන්න එපෝ. මම ඒව දන්නෙ නැහැ

    අයියෝ දිග වැඩිඋනානෙ. වෙන එකකින් තුරුටික දාන්නම්. කලින් posts බලපු අයටත් බලාගන්න එක්ක Bump එකක් වත් දාගෙන යන්ඩෝ.