සුන්දර ගීයක ඇරබුම,..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,479
    5,872
    113
    යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)

    සිංහල ගී වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය වීමේ වරම් ලද ගීය ලෙස මෙය වරම් ලබයි. මෙලෙස විරල නැකතකින් උපන් මේ ගීය ‘‘සඳකඩ පහණක කැටයම් ඔපලා’’ ගීයයි. මුල් පදය කිව් සැණින්ම අප කවුරුත් හඳුනා ගන්නා මෙම ගීය ගැයූ ශිල්පියා පිළිබඳවද සිහිපත් කිරීමට ආයාසයක් ගත යුතු නෑ. ‘‘සඳකඩ පහණින්’’ උපන් හැඩ කැටයම්කරුවා නම් ශිල්පී සුනිල් එදිරිසිංහයි. සිය මුල්ම අධ්‍යක්ෂණයය කරමින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

    චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි.

    මෙම ගීය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසන් පද රචනයද වූවා. තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කළා.

    සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....
    ‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’

    වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.

    ‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’

    ‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්‍රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’

    ‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ.

    සඳකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියා පානා එක් විශ්මිත නිර්මාණයක්. එවන් සියුම් කැටයමක් දේදුන්නක එළියෙන් ඔපවත් වූ කල කෙතරම් චමත්කාරදැයි සිතා ගත හැකිද? එලෙස ඔපලමින් අහසේ පාවී යන දේදුනු එක තැනක ලැගුම් ගනී. කැලතුන රස දහරකින් පැන නැගුණ බුබුලක්, අකුරු වැලක් සේ දෙහදක ලියැවෙන්නේය.

    එක්තරා යුගයක රජ දහනක් සේ ගෙවුණ ප්‍රේම අතීතයේ අත්තිවාරම් නටඹුන් සේ මතු වෙද්දී, ඇයව ඒ පරිසරයෙන් මුදවා ඈතක ගෙන යන්නේ සියුමැලි ළාබාල ඇය මැලවී යද්දීය. අතීත ආදර පුරාවත හෙළිවද්දී තරුණ ඇය ඔහුගෙන් ඉවත් කරනා බවකි කියැවෙන්නේ.

    දහසක් මල් පෙති මත කොඳුරමින් තුඩින් තුඩට ගෙන යන බින්දු නම් මල් රොන් බිඳු නොවන්නේද? ගව් ගණනක් ඉහළට එක්කර රැඳවූ පොපියන දෙතොලකින් කියැවෙන්නේ ආදරයක් අයැදීම නොවේද? තුඩක පහස පතන මල්පෙති සේය ඒ තොල්පෙති. අහස ගුගුරා වැහි වලාවකින් කලූවරව එයට මුහු වුණ වැහි බින්දු ඉහතින් කී ප්‍රේම නටබුන් අතරින් ඇය ගෙන යද්දී ඇයගෙන් ගිලිහුණ කඳුලූ බිඳු වැනිය. අඳුරු අහස කුරිරු වටපිටාවත්, අහසේ ගිගිරීම තර්ජන - ගර්ජනත් මවා පායි. ඒ අතරේ තවත් කෙනෙක් ඇය වෙත හද රන්දයි. ඇයව බලාපොරොත්තු වෙයි.

    හදවත නමැති විලෙහි ඉපැදුන මල් කැකුලක් අකාලයේ නටුවෙන් ගලවා දුරකට යැවීමෙන් නෙතක උපන් කඳුලක් පොලෝ තලය තෙත් කර සත් සමුදුරකට මුහු වී ගියේය. මල් කැකුලකින් නැවතත් හැඟවෙන්නේ සිතෙහි මෝදු වී ගෙන ආ ආදරයම නොවේද? ඒ ආදරය මුලිනුපුටා ඉවත් කිරීමෙන් ඇයට උරුම වූයේ රිදුණ, තැවුණ හදක් පමණකි. ඒ සිත එක් ටැම් මැදුරක සිරගත වී ඇත්තා සේය. සිරගතව සිටියද තවමත් පොපියන සිත එක්ටැම් මැදුරේ විවර වූ කවුලූව අරාගෙන බලා සිටින්නේය.

    නැවුම් මිහිරි කටහඩක් රසික මනැසේ නොමැකෙන සේ කැටයම් කරන්නට තරම් උපරිම රසයක් මැවූ අති විශිෂ්ඨ තනුවකි මේ පද පෙළ නලවන්නේ. එම තනුව රසෝතියක හොවන්නට පෙළ ගැසුනා වූ වයලීන, බටනලා, ගිටාර, තබ්ලා සහ සිතාර් සරයෙන් අලංකෘත මියැසි ලියකමින් හැඩ ගැන්වූයේ වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන්ම මිස අන් කවුරුන්ද? මේ සියලූ කැටයම් ඔපලන දේදුනු කිරණය නම් සුනිලූන්ගේ ගැඹුරු මියුරු කට හඩ හා ගායනා ලතාවම නොවන්නේ ද?

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

    දහසක් පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දු
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි රැුන්දු
    අහසක් ගුගුරා කලූවක් වපුරා
    ඒ හා මුහුවුණ වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටබුන් අතරක
    තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //

    ela kir..bohomaaaaaaaaaaaa sthuththi.. godak pin.. api nisa oya ge wada palu kara ganna epa.. puluwan welawaka awith danuma podak beda ganna.. eka bohoma pramanawath.. dawas 3 kin ehenam nawatha hamaba wemu sahodaraya..
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මචන්.. ඇත්තටම ඇයි නවලෝක මුදලාලි වගේ දුක නැතිවෙන්නම විඳපු, පහලම තැනින් පටන් ගත්ත මනුස්සයෙකුටත් ඒ පුහු මාන්නෙ ගැහුවෙ ඔළුවට??
    අර අසරණයට දුවව දෙන්න තිබුණ බැරිකම මොකද්ද? අනේ මන්දා, මේ කතාව ඇහුවෙ අද මචං, ඇහුවට පස්සෙ මොකක්ද වගේ,, ඒත් එක්කම මතක් වුණේ
    මිල්ටන් මහත්තයගෙ මේ සින්දුව..

    ජීවිත දෙකකට වේදනාව උරුම කලා අන්තිමට අර පුහු හැඟීම,
    උපතින්ම වලව්කාර පුස්සෙක් නම් එහෙම හිතුවත් කමක් නෑ කියන්න පුළුවන්,
    දුක තේරෙන, දුක විඳපු මිනිහම ගොඩ ආවට පස්සෙ තමන් හිටිය පන්තියෙම මනුස්‍සයෙක් ගැන
    මේ වගේ හිතපු එකට මට පට්ට අවුල් මචං..

    ********************

    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා...
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..

    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ... //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ..

    මුලදී වුනේ මුලාවයි
    වැරදිම මා අතේමයි... //
    නොසැලී බලා එදා මෙන්
    හිඳිමී ඔබේම නාමෙන්...
    ********************

    :(:(:(:(:(:(:(

    තනි ඇහැට ඇඩෙන සින්දු ටික :(
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)

    sasliit me dawas tike nethi paaduwa me thread ekata godak denewi
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මචන්.. ඇත්තටම ඇයි නවලෝක මුදලාලි වගේ දුක නැතිවෙන්නම විඳපු, පහලම තැනින් පටන් ගත්ත මනුස්සයෙකුටත් ඒ පුහු මාන්නෙ ගැහුවෙ ඔළුවට??
    අර අසරණයට දුවව දෙන්න තිබුණ බැරිකම මොකද්ද? අනේ මන්දා, මේ කතාව ඇහුවෙ අද මචං, ඇහුවට පස්සෙ මොකක්ද වගේ,, ඒත් එක්කම මතක් වුණේ
    මිල්ටන් මහත්තයගෙ මේ සින්දුව..

    ජීවිත දෙකකට වේදනාව උරුම කලා අන්තිමට අර පුහු හැඟීම,
    උපතින්ම වලව්කාර පුස්සෙක් නම් එහෙම හිතුවත් කමක් නෑ කියන්න පුළුවන්,
    දුක තේරෙන, දුක විඳපු මිනිහම ගොඩ ආවට පස්සෙ තමන් හිටිය පන්තියෙම මනුස්‍සයෙක් ගැන
    මේ වගේ හිතපු එකට මට පට්ට අවුල් මචං..

    ********************

    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා...
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..

    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ... //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ..

    මුලදී වුනේ මුලාවයි
    වැරදිම මා අතේමයි... //
    නොසැලී බලා එදා මෙන්
    හිඳිමී ඔබේම නාමෙන්...
    ********************

    :(:(:(:(:(:(:(

    :confused::confused::confused:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Originally Posted by sasliit
    මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    ඔව් ඔව් මම අහල තියෙනවා.......... :lol::lol::lol:

    වෙරළේ කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා - තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා....

    මුදූ පුත්තු මුදූ ගියහම මුදූ දුවරු කරන දඟ වැඩ......

    :yes::yes::yes:
    wow
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ වැඩේ මම පටන් ගත්තටම මොකද මේකට වැඩි වටිනාකමක් දුන්නේ sasliit සහෝදරයා..ඔහු හරියට පුංචි පුස්තකාලයක් වගේ,,ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියල දැන ගත්ත එක..:D:D
    ow atthenma e wagema oya me wage deyak patan gattha ekath sathutak atthenma
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)

    සිංහල ගී වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය වීමේ වරම් ලද ගීය ලෙස මෙය වරම් ලබයි. මෙලෙස විරල නැකතකින් උපන් මේ ගීය ‘‘සඳකඩ පහණක කැටයම් ඔපලා’’ ගීයයි. මුල් පදය කිව් සැණින්ම අප කවුරුත් හඳුනා ගන්නා මෙම ගීය ගැයූ ශිල්පියා පිළිබඳවද සිහිපත් කිරීමට ආයාසයක් ගත යුතු නෑ. ‘‘සඳකඩ පහණින්’’ උපන් හැඩ කැටයම්කරුවා නම් ශිල්පී සුනිල් එදිරිසිංහයි. සිය මුල්ම අධ්‍යක්ෂණයය කරමින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

    චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි.

    මෙම ගීය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසන් පද රචනයද වූවා. තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කළා.

    සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....
    ‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’

    වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.

    ‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’

    ‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්‍රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’

    ‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ.

    සඳකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියා පානා එක් විශ්මිත නිර්මාණයක්. එවන් සියුම් කැටයමක් දේදුන්නක එළියෙන් ඔපවත් වූ කල කෙතරම් චමත්කාරදැයි සිතා ගත හැකිද? එලෙස ඔපලමින් අහසේ පාවී යන දේදුනු එක තැනක ලැගුම් ගනී. කැලතුන රස දහරකින් පැන නැගුණ බුබුලක්, අකුරු වැලක් සේ දෙහදක ලියැවෙන්නේය.

    එක්තරා යුගයක රජ දහනක් සේ ගෙවුණ ප්‍රේම අතීතයේ අත්තිවාරම් නටඹුන් සේ මතු වෙද්දී, ඇයව ඒ පරිසරයෙන් මුදවා ඈතක ගෙන යන්නේ සියුමැලි ළාබාල ඇය මැලවී යද්දීය. අතීත ආදර පුරාවත හෙළිවද්දී තරුණ ඇය ඔහුගෙන් ඉවත් කරනා බවකි කියැවෙන්නේ.

    දහසක් මල් පෙති මත කොඳුරමින් තුඩින් තුඩට ගෙන යන බින්දු නම් මල් රොන් බිඳු නොවන්නේද? ගව් ගණනක් ඉහළට එක්කර රැඳවූ පොපියන දෙතොලකින් කියැවෙන්නේ ආදරයක් අයැදීම නොවේද? තුඩක පහස පතන මල්පෙති සේය ඒ තොල්පෙති. අහස ගුගුරා වැහි වලාවකින් කලූවරව එයට මුහු වුණ වැහි බින්දු ඉහතින් කී ප්‍රේම නටබුන් අතරින් ඇය ගෙන යද්දී ඇයගෙන් ගිලිහුණ කඳුලූ බිඳු වැනිය. අඳුරු අහස කුරිරු වටපිටාවත්, අහසේ ගිගිරීම තර්ජන - ගර්ජනත් මවා පායි. ඒ අතරේ තවත් කෙනෙක් ඇය වෙත හද රන්දයි. ඇයව බලාපොරොත්තු වෙයි.

    හදවත නමැති විලෙහි ඉපැදුන මල් කැකුලක් අකාලයේ නටුවෙන් ගලවා දුරකට යැවීමෙන් නෙතක උපන් කඳුලක් පොලෝ තලය තෙත් කර සත් සමුදුරකට මුහු වී ගියේය. මල් කැකුලකින් නැවතත් හැඟවෙන්නේ සිතෙහි මෝදු වී ගෙන ආ ආදරයම නොවේද? ඒ ආදරය මුලිනුපුටා ඉවත් කිරීමෙන් ඇයට උරුම වූයේ රිදුණ, තැවුණ හදක් පමණකි. ඒ සිත එක් ටැම් මැදුරක සිරගත වී ඇත්තා සේය. සිරගතව සිටියද තවමත් පොපියන සිත එක්ටැම් මැදුරේ විවර වූ කවුලූව අරාගෙන බලා සිටින්නේය.

    නැවුම් මිහිරි කටහඩක් රසික මනැසේ නොමැකෙන සේ කැටයම් කරන්නට තරම් උපරිම රසයක් මැවූ අති විශිෂ්ඨ තනුවකි මේ පද පෙළ නලවන්නේ. එම තනුව රසෝතියක හොවන්නට පෙළ ගැසුනා වූ වයලීන, බටනලා, ගිටාර, තබ්ලා සහ සිතාර් සරයෙන් අලංකෘත මියැසි ලියකමින් හැඩ ගැන්වූයේ වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන්ම මිස අන් කවුරුන්ද? මේ සියලූ කැටයම් ඔපලන දේදුනු කිරණය නම් සුනිලූන්ගේ ගැඹුරු මියුරු කට හඩ හා ගායනා ලතාවම නොවන්නේ ද?

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

    දහසක් පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දු
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි රැුන්දු
    අහසක් ගුගුරා කලූවක් වපුරා
    ඒ හා මුහුවුණ වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටබුන් අතරක
    තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //

    සෑහෙන්න ගැබුරු තේරුමක් වගේ..
    කොහොම උනත් බොහොම ස්තුතියි..ඉක්මනින් නැවත හමුවෙමු...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    හරි... දැන් මම තේරුම් කරන්න යන්නෙ අපේ යාළුවන්ට ඇයි මම එහෙම කිව්වෙ කියන එක....

    නා‍ට්‍යයය‍ - මූදු පුත්තු
    මුහුදු පතුල යට ඉඳලා
    (සෝමලතා සුබසිංහ)

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා///

    මේ සින්දුවේ ඉතාම වැදගත් කොටස තියෙන්නෙ අවසාන භාගයේ.... මම ඒක මේ විදියට පැහැදිල කරන්නම්....
    මුහුදු රස්සාව කරන මිනිහෙක්ව බැදගෙන එන කාන්තාව මිනිහා මුහුදු ගියාම තනිව ජීවත් වෙනවා. මේ දෙන්නට ළමයි නෑ. ඉතින් මේ කාන්තාව වද ගෑනියෙක් කියල සමාජයෙන් නොයෙකුත් නින්දා ගැරහිලි... නමුත් කාන්තාවට ලොකු විශ්වාසයක් තිබුනා ඇය ගැන.... ඇයට ඕන උන් මේ අහල පහල ගෑනුන්ගෙ කටවල් වහන්න.. ඒ සදහා ඇය ගත්ත විසදුව තමා තම සැමියගේ බාල සහෝදරය සමග එකතුවීම. කෙසේවෙතත් මේ රහස කිසිකෙනෙකුත් දන්නෑ.

    එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ ළමයව මේ ලෝකෙට එන්නෙ. අස්ම්ප්‍රදායිකව ආපුනිසාත්, ඒ පැමිණීම නිසා ඇතිවෙන සමාජ වෙනස්වීම හා ළමයා නිසා ඇයට හිමිවන තැන හා සන්තෝෂනිසා තමා මේ ගීය ගායනා කරන්නෙ.

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

    මුහුදු රස්සාවේ යන බැදපු මනුස්සය හිතන්නෙ මේ මගේ පුතා කියල ඉතින් මුහුදු ගිහින් එනකොට ඔහු පුතාට වෙරලෙන් කිරිකවඩි අහුලන් ගෙනල්ල මට දෙනව මෙන්න පුතාට කියල.
    ඒත් පුතාගෙ ඇත්ත තාත්ත ඒ කියන්නෙ මාම රහස හංගගෙන හිටියට මිනිහටත් දරු කැක්කුම තියෙනව මොකද ඇත්තටම ළමය එයාගෙ නිසා. ඉතින් පාට පාට පබළු කඩෙන් ගෙනත් එයත් දෙනව මට.

    දැන් මම මොකද කරන්නෙ .... කියල කල්පනා කරන කාන්තාව මේවගේ තීරණයකට එනව...
    මට අයිතිය කවුද නෙමෙයි වැදගත් වෙන්නෙ මාව සමාජයෙන් අවමාන වලින් බේරගත්ත මේ ළමයව. ඉතින් ඒ ළමයට මේ දෙන්නගෙම ආරක්ෂාව ලැබෙන්න ඕන. ඒක නිසා ඒ කවඩියි, මේ පබළුයි එකම නූලක අමුනල පුතාව රැකලදෙන්න කියල හිතාගෙන පුතුගෙ ගෙලේ මම පළදිනව.....

    මොකද කියන්නෙ අපේ යාළුවො..... කමෙන්ට්ස් තමා ඕනි අපිව දිරිමත් වෙන්න....
    තව එකක් තව ටිකකින්....
    atthenma niyamai ah..mama hithuwewath ne me deyak gena!
    eth e minihage malli ekka sambandayak tiyenawa kiyala kiyawenne kothaninda?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ විශ්වාස කරනවාද....? ඔබ මාගේ විචාරයන් මුල සිට කියවන්නාක් මෙන්... මා දැන් කරනුයේ.... ඔබ මාවෙත ලබාදුන් කමෙන්ට්ස් මුලසිට කියවා.... ආත්ම තෘප්තියක් ලබා සතුටු වීමයි.....:):):):)
     
    • Like
    Reactions: chami_84

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙන්න අපේ යාළුවො ගොඩාක් ඉල්ලීම් කරපු ගීතයක්.....

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා

    තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

    සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්රතශ්ණ.... අපි විශ්ව විද්යාකලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

    හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්යා.ත ශරා වක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

    ඔය ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.

    ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!

    අපිට දිරියක් වෙන්න රෙප් නැතත් කමක්නෑ.... කමෙන්ට් එකක් දෙන්න මචන්ස්ල....
    :)
    mage asama sinduwak..
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ඔබ විශ්වාස කරනවාද....? ඔබ මාගේ විචාරයන් මුල සිට කියවන්නාක් මෙන්... මා දැන් කරනුයේ.... ඔබ මාවෙත ලබාදුන් කමෙන්ට්ස් මුලසිට කියවා.... ආත්ම තෘප්තියක් ලබා සතුටු වීමයි.....:):):):)

    :yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    atthenma niyamai ah..mama hithuwewath ne me deyak gena!
    eth e minihage malli ekka sambandayak tiyenawa kiyala kiyawenne kothaninda?
    හොද ප්‍රශ්ණයක්...... ඊට හේතු දෙකක් කියන්න පුළුවන්...
    1) පැහැදිලිවම නාට්‍යෙය බැලුවනම් ඒ කාරණය සදහන් වෙනව
    2) අතීතයේ එකගෙයි කෑම කියල සම්ප්‍රදායක් තිබුන.... එහිදී ස්ත්‍රියක අයිය මලෝ එක්ක එකට ජීවත් වෙනව.... ඒ අවස්තාවන් වලදී කාන්තාවන් දෙදෙනාගේම හිත් නොරිදන්න කරන ඔයදේම කරනවා යැයි සාහිත්‍යෙය් සදහන් වෙනවා ඒ දේම තමා ඇය ළමයාටත් කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: sEE_dA_trUth

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Visirunu_Mal_Pethi_Athula_Adhikari.jpg

    ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්

    දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...

    ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....

    ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)

    ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...

    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

    අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

    සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....

    බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

    ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...

    බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

    බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

    තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......

    සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....

    o0

    Omg..
    brother thank u so much!
    kiyanna wachana ne ah...
    thanx thanx thanx thank u again!!!!!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හොද ප්‍රශ්ණයක්...... ඊට හේතු දෙකක් කියන්න පුළුවන්...
    1) පැහැදිලිවම නාට්‍යෙය බැලුවනම් ඒ කාරණය සදහන් වෙනව
    2) අතීතයේ එකගෙයි කෑම කියල සම්ප්‍රදායක් තිබුන.... එහිදී ස්ත්‍රියක අයිය මලෝ එක්ක එකට ජීවත් වෙනව.... ඒ අවස්තාවන් වලදී කාන්තාවන් දෙදෙනාගේම හිත් නොරිදන්න කරන ඔයදේම කරනවා යැයි සාහිත්‍යෙය් සදහන් වෙනවා ඒ දේම තමා ඇය ළමයාටත් කරල තියෙන්නෙ.
    wow
    bohoma sthuthiy sahodaraya..ubala wage aya! godak adui kolla!
    mewage watinakama kiyala nima karanna be..tawa post karanna!!!
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    දැන් තමයි මචං මුළු නූලම කියවලා ඉවරයක් කලේ...
    මාරයි මචං, උඹලා සෙට් එකම මාරම දෙයක් මේ කරන්නෙ..

    හොඳ විචාර හැකියාවක් නැති අපි වගේ උන්ට මචං රත්තරන් වගේ මේ වැඩේ..
    කොච්චර සල්ලි වියදම් කරලා වත් ගන්න බැරි මිහිරක් මචං මේකෙන් ලැබෙන්නෙ..
    දිගටම කරන් යන්න හැම හැකියාවක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මචංලා..!!!

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්.. ඇත්තටම ඇයි නවලෝක මුදලාලි වගේ දුක නැතිවෙන්නම විඳපු, පහලම තැනින් පටන් ගත්ත මනුස්සයෙකුටත් ඒ පුහු මාන්නෙ ගැහුවෙ ඔළුවට??
    අර අසරණයට දුවව දෙන්න තිබුණ බැරිකම මොකද්ද? අනේ මන්දා, මේ කතාව ඇහුවෙ අද මචං, ඇහුවට පස්සෙ මොකක්ද වගේ,, ඒත් එක්කම මතක් වුණේ
    මිල්ටන් මහත්තයගෙ මේ සින්දුව..

    ජීවිත දෙකකට වේදනාව උරුම කලා අන්තිමට අර පුහු හැඟීම,
    උපතින්ම වලව්කාර පුස්සෙක් නම් එහෙම හිතුවත් කමක් නෑ කියන්න පුළුවන්,
    දුක තේරෙන, දුක විඳපු මිනිහම ගොඩ ආවට පස්සෙ තමන් හිටිය පන්තියෙම මනුස්‍සයෙක් ගැන
    මේ වගේ හිතපු එකට මට පට්ට අවුල් මචං..

    ********************

    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා...
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..

    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ... //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ..

    මුලදී වුනේ මුලාවයි
    වැරදිම මා අතේමයි... //
    නොසැලී බලා එදා මෙන්
    හිඳිමී ඔබේම නාමෙන්...
    ********************

    :(
    :(:(:(:(:(:(

    ඔය ප්‍රශ්නෙ මටත් ඔය විදිහටම ආව.. ඒත් තාත්ත කෙනෙක් විදිහට බෑලුවහම ඒ පුද්ගලයගෙ අහින්සක ආසාවක් තියෙන්න ඈති තමන්ගෙ දුවව දොස්තර කෙනෙක් කරල... ඒ වගේ කෙනෙකුට බන්දල දෙන්න...

    හොදට අහපන් යාලු මිල්ටන් මහත්තයගෙ හෑම සින්දුවකම තියන හෑගීම.. වෙන කිසිම ගායකයෙකුට ගන්න බෑ විශේසයෙන්ම රනිල් මල්ලව-ආරච්චි මහත්තටවත් ඒ හෑගීමෙන් සින්දු කියන්න බෑ

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    MACHANNNNN
    PATTA PATA PATA..

    UBALA TAMAI MACHAN MEKE MINISSU , ANIT MEMBERSLAGE RASNE WITARAI , WADA NA ,
    MACAHAN ME THREAD 1 DIGATAMA KARAN YAMU BAN , MEKA WATUNOTIN ANIWA MAMA BUMP KARANAWADA ,
    DANATAMAT BOOK MARK KALA.

    SIRAWATA SAMAHARA KATA AHANAKOTA ADENAWA..:)
    aniwaryenma...
    mama meke post kiyawala iwara wenakam wena kisima thread ekak post danne ne:D
    e tharam rasawath...
    sinduwakuth ahagena..hemeeta ahanna, kiyawanna ona thread ekak...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් වටිනවා අද කාලේ සින්දුවල තියෙන්නෙ මොනාද කියලා කියල හිතෙනවා දැන් කලේ අය හිතන්නෙ කොහෙන් හරි වචන ටිකක් දාලා විඩියො එකක් කලාම එවා තමා සින්දු කියලා ,:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    දිගටම කරගෙන යන්න ජය වෙවා...
    :love:
    ow melo rahak ne sahodaraya..mage ballawath ahanne ne ewa nam.