සුන්දර ගීයක ඇරබුම,..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Menna ape Ranga weerakkodi Yaaluwage thawa ekak

    malinmalatawl8.jpg

    :rolleyes:;););)
    thnx bro
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    oh man drink aran ennam..nathnam mama nathi wenawa ada!
    :(
    5 minute break!

    අහ් මචන් උබට හරියනම ෆට්ට ත්‍රෙඩ් එකක් සෙට් වෙලා වගෙ වෙලාවක් නැහැ බන් ඉස්සර වගෙ නැත්නම් මාත් සෙට් වෙනවා:)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අහල තියෙනවද මන්ද... එ ගීතය තමා ඔය දාල තියෙන්නෙ....
    ලක්ෂ්මන් විජේසේකර ගායනා කරනා

    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැදවා නොතැවෙන්

    මෙන්න ලින්ක් එක ----> දෑත දෙපාලන
    wow
    mama danne ne atthenma me geethayata mama me taram adaraya karanne ai kiyala?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අහ් මචන් උබට හරියනම ෆට්ට ත්‍රෙඩ් එකක් සෙට් වෙලා වගෙ වෙලාවක් නැහැ බන් ඉස්සර වගෙ නැත්නම් මාත් සෙට් වෙනවා:)
    gayan...kalaya tiyena welawata...mula idala thread eka kiyawahan...
    uba ganna windanaya me thread eke samournayenma tiyenawa..mama dannawa ubath hoda geetha rasikayek kiyala...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කියලා වැඩක් නෑ. මේ ත්‍රෙඩ් එක ගැන කියන්න වචන නෑ.. :yes:
    උදේ හොරෙන් හොරෙ ඔෆිස් එකේ ඉදන් පිටු 32ක් කියෙව්වා. වැඩ ඉවර වෙලා ආපු ගමන් ආයෙත් පටන් ගත්තා. දැන් තමයි ඉවර කලේ.. :D
    ත්‍රෙඩ් එක පටන් ගනිපු අපේ ධනුෂ්ක අය්යටත්, sasliit සහෝදරයටත්, කිඹුළා අයියටත් අනෙක් කට්ටියටත් ගොඩක් ස්තුතියි... දිගටම වැඩේ කරගෙන යමු.
    ජය වේවා !!!!!!!
    :):):)
    මම හිතන්නෙ ලොක්කට කියල මේක STICKY කලා නම් තවත් හොඳයි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    Weraliyadda08.gif




    දන්න ෙක ෙනක් ඉන්නවනම් ෙම් සිංදුව ගැන දාන්නෙකා, ජය ෙව්වා !

    :yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?

    ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ...

    බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපීරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා.......

    නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා.....

    e1841.png



    wachana nehe sahodaraya! wachana ne kiyanna!
    sthuthi karanna mata wachan ne!
    mama brainwashed wage kiyawagena kiyawagena yanawa..
    nikan pathalak haragena haragena yanawa wage...ahu wenne hambaunata wediya watina menik!
    apith ekka me danuma beda ganna sahodaraya!
    monawa nathath meka loku pinak!
    1.gif

    http://www.youtube.com/watch?v=ooonhIDTEY4
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    gayan...kalaya tiyena welawata...mula idala thread eka kiyawahan...
    uba ganna windanaya me thread eke samournayenma tiyenawa..mama dannawa ubath hoda geetha rasikayek kiyala...

    ආයෙත් අහලා ෆට්ට ත්‍රෙඩ් එක ටිකක් කියෙවුවා පස්සෙ කියවනවා වෙලාව ලැබුනාම :yes:;)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එළකිරි එකේ කාලෙකින් දැකපු හොදම thread එක තමයි මේක..මුලින්ම මේකට sasliit සහෝදරයටත්,එයාට සහය දුන් කිබුලටත් ඇතුලු සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි...
    අද අපට තිබෙන අත්දැකිමක් තමයි,tv or radio එකෙ සිංදු යන විට වැඩිහිටියෝ එය විවෙචනය කරනවා 'අපෝ මේවා සිංදුද?' කියලා.අපි ඕවා ගනන්න් ගන්නෙ නැනේ,අපේ පාඩුවෙ සිංදු අහනවා..ඒත් එයලා එහෙම අහන්නෙ මොකද එයලා දන්නවා එදා සහ අද තියෙන වෙනස අපේ කලාවෙ...

    මේ thread එක කියවගෙන අවා නම් දැන් අපිත් දන්නව මොකක්ද ඒ වෙනස කියලා..එම ගීතවල තිබෙන සුන්දරත්වය,කලකරුවන්ගෙ දක්ෂතාව..ඔවුන් නිරායාසයෙන් බිහි කරපු නිර්මාන..එහි ඇති ශබ්ද රසය,අර්ථ රසය,ගීතය අහන විට එය මනසෙ රූප ලෙස සබවින් දකින්නට හකියාවක් තිබුනා..
    ඒත් දැන් අපි දුරස් වෙලාද කලාවෙන්..අද අහන්න ආස හිතෙන සිංදුවක් හොයාගන්නත් නෑ...ඉස්සරහට කොහොම වෙයිද කියලා හිතනකොටත් බයයි වගෙම මාර දුකයි..

    මේ thread එක හරහා sasliit කරන වැඩෙ නම් සුපිරි..කරන සේවය නම් මිල කරන්න බෑ..මේක නිසා කීදෙනෙක් අයෙත් පරන ගීත හොයලා අහන්න ඇතිද?නියම විදියට රස විදින්න ඇතිද? දැන් යළුවන්ට තෙරෙනවා ඇති දැන් අපි කොතනද ඉන්නෙ කියලා..

    අපෙ සහෝදරයගේ විචාර,දැනුම ගැන අයෙත් කතා කරන්න දෙයක් නෑ..කිසිම සැකයක් නෑ..මට නම් විචාර ලියන්න තරම් දැනුමක් නැ..ඒත් thread එක නිසා ගීත,විචාර රසවින්දා..sasliit ගත්ත උත්සහය සාර්ථක වෙලා කියලා දැන් තෙරෙනවා ඇති...අවංකවම අපිට ගොඩක් අඩම්බරයි, මේ දේවල් කියලා දෙන්න හොද දැනුම තියෙන අය අප අතරෙත් සිටින එක ගැන...
    thanx for the post brother!
    mageth liweeme hekiyawa mama danna taramin,hoda ne..eth onema deka rasa windanaya,saha,wiwechanaya karanna puluwan thatwayak tiyenawa kiyala mata wishwashai!
    tika denk hari,ape perani,geetha wala,e geetha walin dena paniwidaya terun ganna pudgalayan innawa kiyana eka sathutui!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රෑ තාර කාවෝ දිලුනා රෑයේ ...
    කිමදෝ නුවන් ඔබගේ කදුලින් පිරි..
    ඊයේ දවාලෙත් අපගේ ලොවේදී..
    අශා ගගුල් යාවුනා....

    සිය පෙම්වතිය සමග පලමු වරට ලින්ගිකව එකතු වී, පෙම් වතිය තමාට නෑතිවුන කන්යා බාවය ප්ලිබද සිතමින් අඩමින් ඉන්නා විට ඈව සනසවන්නට පෙම්වතා විසින් ගන්නා උත්සහය පෙන්වන ලස්සන ගීයක්... මේය පිලිබදව විචාරයක් බලාපොරොත්තුවෙමි...

     

    tharangaral

    Member
    Mar 7, 2007
    63
    31
    0
    මේ කතාවට සම්බන්ධ දෙමල තරුණයා කවුරු කියලද ඔයාල හිතන්නෙ ? ඒ තමා එල්ට්ටී එකේ හිටපු පොලිස් ප්‍රධානියා නඩේසන් . . එක ඇත්තම කථාවක් . . :nerd:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තය.........
    සොදුරිය, කාලය කොතරම් නපුරුද?




    සොදුරිය කාලය කොතරම් නපුරුද?
    දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන - රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොදුරිය..........

    පෙරුම් පුරා දුක සේ ගලපා ගත් - කවිය ඔබම වී නැළවුන යුගයක
    හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය.....

    ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
    බෙදා හදා ගත් දුක වත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........


    ප්‍රේමයේ ආශ්වාදය විදිමින් හිද, විවාහයෙන් පසුව එකම යහනක වැද තම අධ්‍යාත්මයන් අතිපිහිත කරගන්නා යුවලක් මද කලකට පසුව මධුසමය අවසන් වී සිය පුරුදු ත්ත්තවයනට පැමිණෙත්. එවිට වැටහෙන්නේ මුලදී දුටු ආදරය, සෙනෙහස සහ අනුරාගය මිලින වී ඇති ආකාරයයි. මේ සිදුවන පුදුම රූප විපර්යාසයෙන් අන්ද මන්ද වන ස්වාමියා, තම බිරිදට ඇති සෙනෙහස කොතරම් ද යත්, මේ දොස් පවරන්නේ කාලයටය. සියල්ල වෙනස් කරවන කාලයටය. ඔහු ඇයට ඇති ප්‍රේමය නිසා ම තම බිරිද වෙනස් ඇති ආකාරය පිලිගැනීමට සූදානම් නැත. මේ සියල්ල කරන්නේ කාලයයි. වැරැද්ද කාලය අතය. ප්‍රේම කරන කාලය තුල විවිධ දුක් කම්කටොළු මැදින් පවත්වා ගත්, රැකගත් ආලය කාලය උදුරා ගෙන ඇති බවටය, ඔහු ගේ මේ චෝදනාව......

    පෙම් කරන සමයේ ප්‍රේමවන්තයන් ගේ කවිය සිය පෙම්වතියයි. එල්ල වූ විවිධ බාධා කෙතරම් ද යත් මේ පෙම්වතා ඔහු ගේ කවිය ගලපන්නේ පෙරුම් පුරා ඉතාමත් දඅකසේය. ඔහුට ඉහිළුම් නැති වන්නේ එසේ ගලපා ගත් කවියේ ඔහු දුටු පෙම්වතිය, ඇගේ ප්‍රේමය විවාහයෙන් පසුව දියව යාමය. ඒ කාලයේ හද රැදි ඇය ගේ රුව, ගුණ, සෙනෙහස දැන් ඇය සතුව නොමැති බවටය මේ ලතැවිල්ල......එදා ඒ දුටු ඇය ගේ ස්නේහය කොතරම් මිහිරි ද යන්න ඔහු මෙනෙහි කරන්නේ ලතැවිල්ලෙනි........

    ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
    බෙදා හදා ගත් දුක වත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........


    මේ ගීතයේ උභතෝකෝටික වන යෙදුම මෙයයි. ඔවුන් ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සද තුමක්ද? ඇයි එය දුකක් වූයේ.........
    පෙම් කරනා සමයේ ම කායික ආශ්වාදය සමහර පෙම්වත් හු විදිති. ඒය ලබා ගැනීමට වෙහෙසිය යුත්ය. සමාජ සම්මතයන්ට පිටුපානා බැවින් එය ලොවට හොරෙන් සිදුවන දෙයකි. එහි ඵලය දරු ගැබකි. ප්‍රේමයේ ප්‍රතිඵලය බොහෝ පෙම්වතුන් හට විනාශකිරීමට සිදුවන්නේ ලොවට හොරෙන්, සමාජ සම්මතයන් හට පිටින් සිදුවන මේ කරුණු නිසාය. තම කුළුදුල් ගැබ විනාශවනු දැකීම දෙදෙනාටම වේදනාවකි. එහෙත් ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන පෙම්වත්හු විකල්පයක් නොමැති සද ඒ වේදනාව නිහඩ වම විදිති. ඔහු ගේ ලසෝව වන්නේ එසේ එවැනි විටකදී බෙදා හදා ගත් "දුක" වත් දැන් තමාට බෙදා ගැනීමට තරම් නොලැබෙන නිසාය. සෙනෙහස විපරීතව ඇත. ඔහු වේදනාවෙන් සිහි කරන්නේ එවන් දුක වුවද දැන් විදින දුකට වඩා මිහිරි නොවෙද යන්නය.

    කාලයත් සමග වෙනස්ව යන ප්‍රේමයේ සන්තාපය, දුක්ඛ දෝමනස්සයන් මනා ලෙස කැටි කොට සමන්ත මේ ගීතය නිමවා ඇත. ඔහු ගේ බොහෝ ගීත වල ප්‍රස්තූතය වන්නේ විරහවය. ප්‍රේමයේ වේදනාවය. එයින් පුදුම මිහිරක් රසිකයා ගේ චිත්ත සන්තානයේ දල්වා ලීමට මේ පුගුලා සමත්යැ. කේමදාසයන් ගේ මනහර තනු සහ ඒකල වයලීන වාදනය කරන ඩී.ඩී. ඩැනී සහ කළණි පෙරේරා යන සුධිමත්හු ද මේ ගීතයේ ආලෝකය දල්වා ඇතිතාහ. අමරසිරි පීරිස් ඔහු ගේ අති මාධූර්යය, ගැඹුරු කටහඩින් මේ ගයන්නේ සිය බිරිද ගේ සෙනෙහස නොලැබ ජීවිතයේ වියලි නිරුදක කතර පමණක් දක්නා සකල විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තයයි......!!!
    wow man wow thank u so much!!!!!! mage reps tika okkoma denna puluwannam denawa ubala dennata!
    no words...
    mona taram..waitina geethayakda.........
    mama me thread ekama print karanawa!
    mage pawudgalika rasa windanaya sadaha!
    mage daruwantath kiyawanna puluwan wenna:D
    lankan kellek ma badinna wenawa ekata:nerd:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආයෙත් අහලා ෆට්ට ත්‍රෙඩ් එක ටිකක් කියෙවුවා පස්සෙ කියවනවා වෙලාව ලැබුනාම :yes:;)
    ok brother...time tiyena welawata aniwaren balanna!
    wagema oyageth watina comments denna.
    hamu wemu!:)