සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හොදයි යාළුවනේ..... මෙන්න මේ ගීතයට පුංචි උත්සාහයක් දරමු අපි........
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    මට හිතෙන්නේ නම මෙහෙමයි,,
    තරුණියකගෙන් තරුණයක් කිහිප දෙනෙක්ම ආදරය පතනවා,නමුත් ඇය ආදරය කල ඇගේ පෙම්වතා ඈ සතු සියලුම දේ ඇගෙන් ලබාගෙන අවසන්,,තවත් කෙනෙකුට පෙම් කරන්න හෝ ඔහුට ලබා දීමට කිසිවක් ඈ සතුව නෑ(මේ පෙම්වතා ඇයට කිසි දිනක ලබා ගන්න බැරි කෙනෙක් ද කියලත් හිතෙනවා,හරියට කලින් විවාහ උන කෙනෙක් වගේ),,,
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    බොල් පිනි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ..

    මේ ගීතයේ විචාරය දෙන්නකො යාළුවනේ...
     
    jgdranga

    Member
    Apr 29, 2009
    9
    0
    0
    :P:P:P:D
    උඹේ මේ කතාව මම මෙන්න මේ විදියට ගීත දෙකකින් පැහැදිලි කරන්නම්...

    එදා- එන්නද මැණිකේ මමත් දියඹටා... නෙලන්න කෙකටිය මල්.....
    අද- සොදුරිය ප්‍රේමිය දයාවි පොඩ්ඩක් හිටපිය... තොට මතකද කියලා කියපන්කෝ අපෙ අතීතය...
     
    jgdranga

    Member
    Apr 29, 2009
    9
    0
    0
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ

    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.

    "දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා"

    පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
    එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.

    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"​

    මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.

    " නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
    "

    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

    කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ​
    ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...

    හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..

    godak watinawa niyamai.......Thanks 4 u..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න යාළුවනේ මම කලින් කියපු විදියට ගීතයක විචාරයක් අරගෙන නැවතත් ආව. කමෙනට්ස් නම් ගොඩාක් මදි... කෝ මෙච්චර දවසක් අපිත් එක්ක රැදිල හිටි යාළුවොටිකවත් නෑනේ දැන්.... වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති..... හොදයි ඉඩ තියෙන වෙලාවක් බලල අපිට අදහස් කියන්න.... මෙන්න එහෙනම් ගීතය....

    අපේ යාළුවො මගෙත් එක්ක තරහ වෙන්න එපා. මේ ගීතයෙන් කියන්නෙ අහිංසක කාන්තාවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන අපේ සල්ලාලයන් ගැන හා පොදුවේ මහ විකාරයක් බවට පත්වෙලා තියෙන වත්මන් ආදරය ගැන කියල තමා මට හිතෙන්නෙ (හැබැයි ඇත්තටම නම් මේක දෙපැත්තටම පොදුයි).... සැබෑ ප්‍රේමය වල් වැදිල, අවංක ආදරය කොහේදෝ ගිහිල්ල.... රාමා සීතා, රාධා ක්‍රිෂ්ණා ඉතිහාසයේම විතරයි.... අසම්මත ප්‍රේමයන් තමයි බලන බලන අත පේන්නෙ දැන්....................

    සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන නිකන් ආදරයක් කරන්නන් වාලෙ කරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක්‌ නොවේ. ආදරය... හරිම පුදුමාකාර වචනයක්‌... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා.

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    පුදුමාකාර අලාංකාර උපමා ගැබ්වෙලා තියෙන ගීතය... කොහොම මේ ගීතය සරලව පැහැදිලි කරන්නද කියල වෙලාවකට හිතෙනවා... තාපසයන්ගෙ දැහැන් බිදින මලක් කියලයි ලියතඹරා මල සාහිත්‍යයේ දැක්වෙන්නෙ.... ඉතින් මේ ලියතඹරා මලෙන් සෙනෙහස ඉල්ලාගෙන මී මැස්සන් හඩා වැටෙනවලු..... හරියට ලස්සන නොඉදුල් කාන්තාවකගෙ හිත දිනාගන්න ප්‍රේමවන්තයින් සෑහෙන්න උත්සාහ කරනව වගේ ...... නමුත් ලියතඹරා මල නිසා තාපසයන්ගෙ ශෘංගාර රසයයි උද්දීපනය උනේ....ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන මේ මල අසලට වෙලා මේ මී මැසි කැල හඩා වැටෙන්න ආදරයටමද....?

    කපුරු මලක් කියන්නෙ ඉතාම සුවදවත් මලක්.... මීමැස්සන් මේ මලවෙත ඇදී ගොස් එහි සුවදට මත් වෙලා විනාසවෙලා යනවලු... ඒතරමටම මේ මගේ සුවදට මත්වෙනවලු..... එහෙම මත්වෙන්න, රස විදින්න තියෙන ස්වභාවධර්මයා නිර්මාණය කල කපුරු මලේ පෙතිටික බඹරෙක් ඇවිත් සිදල විනාශකරල දානව... මල විනාෂ කරල දානව..... කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ විස තුඩට මී මැස්සන් මත් කරන කපුරු මලත් මැරේ නම් අනෙක් මල් ගැන මොනව කියන්නද......ගීත රචකයා අපිට පවසන්න හදන්නෙ ආදරයේ කුරිරු බව නේද?

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරු මල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

    ඒත් හැම ආදරයක්ම මේ වගේ කුරිරු නෑ.... හැම කෙනාම අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.... ලෝකය නරක පැත්තටම ඇදුනත් පුංචි ආලෝකයක් අපිට තියෙනවා හොද අවංක ප්‍රේමවන්තයින් නිසා.... වැහිකළුවරෙන් සැන්දෑ අහස වැහීගෙන ආවත් තැනින් තැන තාරුකාවන් පුංචි ආලෝකයන් විහිදනව වගේ .... සාමාජය වැරදි ආදර්ශ ඔස්සේ... නරක දිහාවකට ගමන් කලත් ඒ අතරත් හොද මිනිසුන් නැත්තෙම නෑ...ඒත් එහොද මිනිසුන්ට බෑ දැන් සමාජයේ තියෙන නරක නැතිකරන්න... හරියට පුන්චි තරුවලට වැහි කළුවර නැති කරන්න බෑ වගේ.....

    හිටියොත් හොදට හැදී.... දෙවියොත් නමට වඳී..... හොද මිනිස්සුන්ට දෙවියො වදිනවලු ගෞරව කරනවලු.... ඒත් මේ ප්‍රේමය නිසා විනාසවෙන අහිංසක ජීවිත දිහා දැකල, මේ රමණීය, සුන්දර ප්‍රේමය වර්තමානයේ ගලාගෙන යන දිශාව දැකල.... පිවිතුරු බවේ සංකේතය වන දේවදූතයන් වදිනව නෙමෙයි, අඩනවත් නෙමෙයි.... අඩාවැටෙනව..... ආදරයේ පිවිතුරු පවිත්‍රබව විනාසවෙලා... වෙන මොනවදෝ රිංගල....

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළි යුගයේ ඇත පහළ වෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

    ඉස්සරවගේ නෙමෙයි දැන් ආදරයක් නෙමෙයි තියෙන්නෙ.. විකාරයක්, අපබ්‍රන්සයක්... මේ විකාරය දැන් යෞවන යෞවනියන්ගෙ හිත් දූෂණය කරල.... කොහේද දෙවියනේ මේ වැරැද්ද වුනේ... ඇයි මෙහෙම දෙයක් ලෝකෙට උනේ... මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඉතින් අවංක ආදරයක් සොයාගන්නෙ කොහොමද මේ සිත් තුලින්.... බලං ඉදල ඉදල... අවංක ආදරයක් තියෙන සිතක් සොයාගන්න බැරුව නිකම්ම පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌ බවට පත්වෙලා.... අසම්මත ක්‍රමයට කරන ආදෙර් සම්මතයක් වෙලා....

    අපේ ගීපද රචකයා පැවසූ කාරනාවක් සටහන් කල යුතුමයි,
    මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක්‌ ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක්‌ දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා.

    ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්‌ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක්‌ එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා... මට ලොකු විශ්වාසයක්‌ තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්‌ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක්‌ අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක්‌ නැහැ.

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළියුගයේ ඇත පහළවෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

    පද මාලාව - අශෝක කෝවිලගේ
    ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
    තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන

    තවත් ගීතයකින් පසුව හමුවෙමු......
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....

    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණී
    තනි තරුවේ...

    මහද අරණ ළතැවි ළතැවි
    රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ....

    ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
    සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක

    ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....

    මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....

    තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

    තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......

    මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......

    ”නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණි
    තනි තරුවේ.....

    මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....

    ”මහද අරණෙ ළතැවි ළතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ”

    මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....

    එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....

    thanx macho ;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න යාළුවනේ මම කලින් කියපු විදියට ගීතයක විචාරයක් අරගෙන නැවතත් ආව. කමෙනට්ස් නම් ගොඩාක් මදි... කෝ මෙච්චර දවසක් අපිත් එක්ක රැදිල හිටි යාළුවොටිකවත් නෑනේ දැන්.... වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති..... හොදයි ඉඩ තියෙන වෙලාවක් බලල අපිට අදහස් කියන්න.... මෙන්න එහෙනම් ගීතය....

    තවත් ගීතයකින් පසුව හමුවෙමු......

    අපි නම් ඉන්නව.. මාසෙ අන්තිම නිසා ටිකක් විතර වෑඩ.. ඒත් පුලුවන් හෑම වෙලාවෙදිම මේක බලනව.. සිතූතී දිගටම විචාර දාමු... එදා වෑඩේ සාර්තක වෙන්න ඈති කියල හිතනව...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි නම් ඉන්නව.. මාසෙ අන්තිම නිසා ටිකක් විතර වෑඩ.. ඒත් පුලුවන් හෑම වෙලාවෙදිම මේක බලනව.. සිතූතී දිගටම විචාර දාමු... එදා වෑඩේ සාර්තක වෙන්න ඈති කියල හිතනව...

    :):):)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇසිදිසි මානය
    ලසෝ ලැව් ගිනි ඇවිලූනා සිත
    ඔබ මගෙන් වෙන් වූ දිනේ

    කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතය ඇසෙන හැම විටෙකම මම මහත් දුකින් ඊට සවන් දෙමි.

    ලසෝ ලැව් ගිනි

    ඇවිලුනා සිත

    ඔබ මගෙන්

    වෙන් වූ දිනේ...........

    දරාගත නොහැකි ගී ඛණ්‌ඩය එයයි.

    මෙයින් වසර ගණනාවකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ එක්‌ ශෝචනීය ප්‍රේම කතාවක ෙ€දනීය අවසානය මේ මොහොතේ සිහිපත් වෙයි.

    සරසවියේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බොහෝ දෙනෙක්‌ එකිනෙකා සමඟ ප්‍රේම සබඳතා ඇති කර ගැනීම සාමාන්‍ය දෙයකි.

    එක්‌ ශිෂ්‍යාවක්‌ දකුණෙන් පැමිණි ශිෂ්‍යයකු හා පෙමින් බැඳුණි. නමුත් ඇයට යෝජිත විවාහයක්‌ තිබුණි. එම යෝජිත තැනැත්තා සිටියේ පිටරටක රැකියාවකය.

    ඇයට වඩාත් ළං වූයේ පිට රටක සිටින යෝජිත තැනැත්තා නොව එදිනෙදා සරසවියේදී මුණගැසෙන පෙම්වතාය.

    වසර 4 ක්‌ අවසානයේ සරසවියෙන් නික්‌ම යැමට කාලය එළැඹුණි. ශිෂ්‍යයාව තම පෙම්වතාට ඇත්තම කීවාය.

    පෙම් කළ බව ඇත්තයි. නමුත් ඔබට පෙර මා විවාහ විය යුතුයි යෝජිත කෙනෙක්‌ ඉන්නවා. මට සමාවෙන්නැයි ඇය ඉල්ලා සිටියාය.

    සරසවි පෙම්වතාට ඉහිලුම් නැති විය. ඊට පසුවදා ඔහු විශ්වවිද්‍යාල භූමියට ආවේ පිහියක්‌ද රැගෙනය. ඔහු ඇයට ඇන මරා දැමුවේය. අනතුරුව වස බීවේය. නමුත් ඔහු මිය ගියේ නැත.

    මේ සිද්ධිය පුවත්පත්වලට කදිම මාතෘකාවක්‌ විය. ඒ දිනවල ප්‍රධාන කතාව වූයේ එයයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මම එකල උනන්දු වීමි.

    සිද්ධිය පසුපස හඹා ගිය අපගේ වාර්තාකරුවෙක්‌ මිනීමරු ශිෂ්‍යයාගේ දිනපොත ස්‌වල්ප වේලාවකට මට ගෙනැවිත් දුන්නේය.

    එහි එක්‌ පිටුවක ඔහු මෙසේ ලියා තිබුණි.

    ලසෝ ලැව් ගිනි

    ඇවිලුනා සිත

    ඔබ මගෙන්

    වෙන් වූ දිනේ

    ඔහු පෙම්වතිය මරා දැමුවේ මේ සටහනින් පසුව දිනකය.

    ඇය ඝාතනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මේ තත්ත්වය තුළම සිsටි සුගත් දම්මි මරා දැමුවේ නැත. පියල් නන්දා මරා දැමුවේ නැත.

    එහෙත් අප පිළිගත යුතු දෙයක්‌ තිබේ. තම පෙම්වතා හෝ පෙම්වතිය තමා ප්‍රතික්‍ෂේප කළ කල්හි, නැතහොත් තමා අතහැර ගිය කල්හි දැනෙන වේදනාව ඉතාම දරුණු සිත් වේදනාවක්‌ය යන්නය.

    එම වේදනාවේ තරම එවැනි වේදනාවක්‌ විඳි තැනැත්තෙක්‌ම මිස අන් කිසිවකුට නොදැනේ.

    එය විරහව නොවේ. විරහව යනු රාමාට සීතා පැහැරගෙන යැමක්‌ වැන්න. මේඝදූතයෙහි එන පරිදි සිර දඬුවමකට ලක්‌වූ යක්‍ෂයාට ස්‌වල්ප කාලයකට තම අලුත් බිරිඳ අහිමි වීමකි.

    මේ විරහව තාවකාලිකය. නමුත් ආලයෙන් වෙලී බැඳී කාලයක්‌ ඇවෑමෙන් ඔබ මට නොගැලපෙතැයි හෝ වෙන යම් හේතුවක්‌ කියා කෙනකු ඔබ අතහැර ගිය විට දැනෙන්නේ සිඟිරි කා මියයන තරමට ඇතිවන තද දුකකි.

    පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අත්හැර දැමුවාය යනු ප්‍රතික්‍ෂේප කිරීමකි. ඒ ප්‍රතික්‍ෂේපය ගෙල වැලලාගෙන මියෙන තරමට හිත් වේදනා දෙන්නකි.

    පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අත්හැර ගිය කල්හි දැනෙන දුක සිත පමණක්‌ නොව ඇඟේ මස්‌ ලේ නහර පවා වේදනාවෙන් දවන්නකි. පරාජිත සිතකට ලොව සියලු සුන්දර දේවල් පෙනෙන්නේ දුක්‌මුසු දේ විදියටය.

    ජීවිතය යනු තව බොහෝ දුර යා හැකි ගමනකැයි නොසිතන, අහිමි ප්‍රේමයේ වේදනාවෙන්ම සිය දිවි හානි කර ගන්නා අය සිටිත්.

    මේ සටහන ලියන මා පඬිවරයෙක්‌ යෑයි සිතූ තරුණ ගැහැනු ළමයෙක්‌ නොබෝදා ටෙලිෆෝනයෙන් කතා කොට මහත් දුක්‌ගැනවිල්ලක්‌ කීවාය.

    ඕ දුප්පත් යුවතියකි. පොහොසත් එමෙන්ම උසස්‌ රැකියාවක්‌ කරන අයෙක්‌ ඇය සමග යහළු විය. වසර දෙකක්‌ ගතවීමෙන් පසු ඔහු ඇය දුප්පත් නිසා විවාහ කරගත නොහැකි යෑයි කියා ඇගෙන් වෙන් විය.

    ඇය දුක්‌ වූයේ පොහොසත් පෙම්වතා අහිමි වීම නිසා නොවේ. වසර දෙකකට පසු ඇගේ දුප්පත්කම නිසා ඔහු ඇය අතහැර දැමීම නිසාය.

    සැබෑ ප්‍රේමය නම් සීමා මායිම් කිසිවකටත් යටත් නොවේ. සැබෑ ප්‍රේමය වූ කලී මුහුදම සොයා යන ගංගාවක්‌ වැන්න. අතරමඟ ගල්කුළු කඳුවැටි තිබුණා යෑයි කියා ගලන ගඟක්‌ නවතින්නේ නැත.

    ඉහත කී යුවතිය ප්‍රේම චෞරයකුට හසු විය. දැන් ඇය දිවි නසා ගන්නා තරම් දුකින් සිටී.

    කොළ පාට මිදිවලින් වයින් ඉල්ලීම අසාධාරණ යෑයි කියමනක්‌ ඇත. අධර්මිෂ්ට පෙම්වතෙකුගෙන්a පිරිසිදු ප්‍රේමයක්‌ පැතීමත් එවැනිමය.

    අන්ධකාරය වනාහී පෙරුම් පුරන අරුණලු ම වන්නේ ය. කිසිවෙකුටත් රාත්‍රියේ මාවතේ ගමන් නොකොට අරුණලු කරා ළඟා විය නොහැක්‌කේය.

    මේ කියමන් දෙකම ඛලීල් පිබ්රාන් නම් දාර්ශනික කවියාගේය.

    අහිමි වූ ප්‍රේමය දුකකි. මා ආලය කළ තරුණිය ඊට පසුවදා වෙනත් පෙම්වතකුගේ අතෙහි එල්ලී යනු මම මගේ දෑසින්ම දුටුවෙමි.

    ලසෝ ලැව් ගිනි

    ඇවිලුනා සිත

    ඔබ මගෙන්

    වෙන්වූ දිනේ

    මේ ගීතය ඒ දවස්‌වල තිබුණේ නැත.

    ප්‍රේමා ලෝකය නිවී ගියා

    ඔබෙ රූපය මා හද තියා ගියා

    පිපුණු මලක්‌ එම අත්තෙහි නාවෙද

    ආලය ඒ ලෙස මැකී ගියා

    ප්‍රේමයෙන් පැරැදී සිටි අයට ඒ දිනවල මේ ගීතය අසා සිටින්නට බැරි තරම් දුක්‌ දෙන ගීතයක්‌ විය.

    ඔහු හෝ ඇය ඔබ අත්හැර ගිය කල්හි සිඟිරි කා මිය යන්නට ඔබට සිතේ නම් එය පුදුමයක්‌ නොවේ. ඒ පරාජයේ වේදනාව අති මහත්ය. එහි දුක දන්නේ පරාජය ලද හදවත්මය.

    නමුත් සිය දිවි නහ නොගෙන ජීවත් වීමෙන් ඔබට ලැබෙන්නේ ජයග්‍රහණයමය.

    අරුණලු උදාවන්නේ අන්ධකාරයෙන් පසුවය.

    ඔබ මතක තබා ගත යුතු දෙයත් එයයි

    ප්‍රේමයෙන් ලද පරාජයේ අන්ධකාරය දිගේ ගමන් කරන්න. ඉතා හොඳ උදෑසනක්‌ ඔබට මුණ ගැසෙනු ඇත.

    දිවි නසා ගැනීම යනු පස්‌ ගොඩකට යට වීම පමණි. නමුත් ජීවත් වීම යනු දිගුකාලීන ජයග්‍රහණයන් රාශියක්‌ ඉතිරි කර ගැනීමකි.

    චන්ද්‍රසිරි දොඩන්ගොඩ
    http://www.divaina.com/2011/03/13/nimna03.html

    http://www.mediafire.com/?fikam7vqxlpdx8b

    http://www.elakiri.com/forum/showthread.php?t=1083277

    ඔන්න ඔතෙන තමා යාලු අද සමාජය පරුහානියද මොකද්ද එක හොදට පේන්නෙ .. එදා තමන්ගේ ආදරනීය බිරිද වෙනත් පිරිමිය්‍රකුග්‍රි අත අල්ලන් එන දසුන ඈස් දෙකෙන්ම දෑකපු ප්‍රේම කීර්ති මහත්තය... කරේ සද කෑන් වෑටිලා කියන ගීතය ලියපු එකලු ඒත් අද තත්වය????
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,873
    113
    ඔන්න යාළුවනේ මම කලින් කියපු විදියට ගීතයක විචාරයක් අරගෙන නැවතත් ආව. කමෙනට්ස් නම් ගොඩාක් මදි... කෝ මෙච්චර දවසක් අපිත් එක්ක රැදිල හිටි යාළුවොටිකවත් නෑනේ දැන්.... වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති..... හොදයි ඉඩ තියෙන වෙලාවක් බලල අපිට අදහස් කියන්න.... මෙන්න එහෙනම් ගීතය....

    අපේ යාළුවො මගෙත් එක්ක තරහ වෙන්න එපා. මේ ගීතයෙන් කියන්නෙ අහිංසක කාන්තාවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන අපේ සල්ලාලයන් ගැන හා පොදුවේ මහ විකාරයක් බවට පත්වෙලා තියෙන වත්මන් ආදරය ගැන කියල තමා මට හිතෙන්නෙ (හැබැයි ඇත්තටම නම් මේක දෙපැත්තටම පොදුයි).... සැබෑ ප්‍රේමය වල් වැදිල, අවංක ආදරය කොහේදෝ ගිහිල්ල.... රාමා සීතා, රාධා ක්‍රිෂ්ණා ඉතිහාසයේම විතරයි.... අසම්මත ප්‍රේමයන් තමයි බලන බලන අත පේන්නෙ දැන්....................

    සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන නිකන් ආදරයක් කරන්නන් වාලෙ කරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක්‌ නොවේ. ආදරය... හරිම පුදුමාකාර වචනයක්‌... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා.

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    පුදුමාකාර අලාංකාර උපමා ගැබ්වෙලා තියෙන ගීතය... කොහොම මේ ගීතය සරලව පැහැදිලි කරන්නද කියල වෙලාවකට හිතෙනවා... තාපසයන්ගෙ දැහැන් බිදින මලක් කියලයි ලියතඹරා මල සාහිත්‍යයේ දැක්වෙන්නෙ.... ඉතින් මේ ලියතඹරා මලෙන් සෙනෙහස ඉල්ලාගෙන මී මැස්සන් හඩා වැටෙනවලු..... හරියට ලස්සන නොඉදුල් කාන්තාවකගෙ හිත දිනාගන්න ප්‍රේමවන්තයින් සෑහෙන්න උත්සාහ කරනව වගේ ...... නමුත් ලියතඹරා මල නිසා තාපසයන්ගෙ ශෘංගාර රසයයි උද්දීපනය උනේ....ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන මේ මල අසලට වෙලා මේ මී මැසි කැල හඩා වැටෙන්න ආදරයටමද....?

    කපුරු මලක් කියන්නෙ ඉතාම සුවදවත් මලක්.... මීමැස්සන් මේ මලවෙත ඇදී ගොස් එහි සුවදට මත් වෙලා විනාසවෙලා යනවලු... ඒතරමටම මේ මගේ සුවදට මත්වෙනවලු..... එහෙම මත්වෙන්න, රස විදින්න තියෙන ස්වභාවධර්මයා නිර්මාණය කල කපුරු මලේ පෙතිටික බඹරෙක් ඇවිත් සිදල විනාශකරල දානව... මල විනාෂ කරල දානව..... කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ විස තුඩට මී මැස්සන් මත් කරන කපුරු මලත් මැරේ නම් අනෙක් මල් ගැන මොනව කියන්නද......ගීත රචකයා අපිට පවසන්න හදන්නෙ ආදරයේ කුරිරු බව නේද?

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරු මල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

    ඒත් හැම ආදරයක්ම මේ වගේ කුරිරු නෑ.... හැම කෙනාම අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.... ලෝකය නරක පැත්තටම ඇදුනත් පුංචි ආලෝකයක් අපිට තියෙනවා හොද අවංක ප්‍රේමවන්තයින් නිසා.... වැහිකළුවරෙන් සැන්දෑ අහස වැහීගෙන ආවත් තැනින් තැන තාරුකාවන් පුංචි ආලෝකයන් විහිදනව වගේ .... සාමාජය වැරදි ආදර්ශ ඔස්සේ... නරක දිහාවකට ගමන් කලත් ඒ අතරත් හොද මිනිසුන් නැත්තෙම නෑ...ඒත් එහොද මිනිසුන්ට බෑ දැන් සමාජයේ තියෙන නරක නැතිකරන්න... හරියට පුන්චි තරුවලට වැහි කළුවර නැති කරන්න බෑ වගේ.....

    හිටියොත් හොදට හැදී.... දෙවියොත් නමට වඳී..... හොද මිනිස්සුන්ට දෙවියො වදිනවලු ගෞරව කරනවලු.... ඒත් මේ ප්‍රේමය නිසා විනාසවෙන අහිංසක ජීවිත දිහා දැකල, මේ රමණීය, සුන්දර ප්‍රේමය වර්තමානයේ ගලාගෙන යන දිශාව දැකල.... පිවිතුරු බවේ සංකේතය වන දේවදූතයන් වදිනව නෙමෙයි, අඩනවත් නෙමෙයි.... අඩාවැටෙනව..... ආදරයේ පිවිතුරු පවිත්‍රබව විනාසවෙලා... වෙන මොනවදෝ රිංගල....

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළි යුගයේ ඇත පහළ වෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

    ඉස්සරවගේ නෙමෙයි දැන් ආදරයක් නෙමෙයි තියෙන්නෙ.. විකාරයක්, අපබ්‍රන්සයක්... මේ විකාරය දැන් යෞවන යෞවනියන්ගෙ හිත් දූෂණය කරල.... කොහේද දෙවියනේ මේ වැරැද්ද වුනේ... ඇයි මෙහෙම දෙයක් ලෝකෙට උනේ... මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඉතින් අවංක ආදරයක් සොයාගන්නෙ කොහොමද මේ සිත් තුලින්.... බලං ඉදල ඉදල... අවංක ආදරයක් තියෙන සිතක් සොයාගන්න බැරුව නිකම්ම පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌ බවට පත්වෙලා.... අසම්මත ක්‍රමයට කරන ආදෙර් සම්මතයක් වෙලා....

    අපේ ගීපද රචකයා පැවසූ කාරනාවක් සටහන් කල යුතුමයි,
    මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක්‌ ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක්‌ දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා.

    ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්‌ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක්‌ එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා... මට ලොකු විශ්වාසයක්‌ තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්‌ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක්‌ අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක්‌ නැහැ.

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළියුගයේ ඇත පහළවෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

    පද මාලාව - අශෝක කෝවිලගේ
    ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
    තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන

    තවත් ගීතයකින් පසුව හමුවෙමු......

    නියමයි යලුවා ලස්සනට පැහැදිලි කරලා ලියලා තියනවා :yes::yes:...දිගටම ලියන්න ...අපි ඉන්නවා..
    :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝ පුලුවන්නම් මගේ පුන්චි කුමාරි එකෙඔ නිදාන කතාව සහ විචාරය දන්න..
    එකේ මොකක්දෝ යටි අරුතක් තියනව කියල මට හිතෙනව..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    නියමයි මචො:yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මීලගට බලාපොරොත්තු වන්න.... බන්දුල විජේවීර ශිල්පියා විසින් ගායනා කරන ......

    සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්
    හිනැහෙන්න පෙරදා වගේ..
    මුමුණන්න වදනක් පෙර සේම ලංවී
    මියඇදෙන මතකය වගේ...

    තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..
    මද සුලගෙ පාවී ගියේ..
    සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න
    ඇයි ආදරෙන් හමුවුනේ..
    ඇයි ආදරෙන් හමුවුනේ...

    අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
    සතපන්න ලය මත මගේ..
    දිවි මං තලාවේ මා පරදවාලන්න..
    ඔබ කිමද මට පෙම් කලේ....

    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔන්න යාළුවනේ මම කලින් කියපු විදියට ගීතයක විචාරයක් අරගෙන නැවතත් ආව. කමෙනට්ස් නම් ගොඩාක් මදි... කෝ මෙච්චර දවසක් අපිත් එක්ක රැදිල හිටි යාළුවොටිකවත් නෑනේ දැන්.... වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති..... හොදයි ඉඩ තියෙන වෙලාවක් බලල අපිට අදහස් කියන්න.... මෙන්න එහෙනම් ගීතය....

    අපේ යාළුවො මගෙත් එක්ක තරහ වෙන්න එපා. මේ ගීතයෙන් කියන්නෙ අහිංසක කාන්තාවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන අපේ සල්ලාලයන් ගැන හා පොදුවේ මහ විකාරයක් බවට පත්වෙලා තියෙන වත්මන් ආදරය ගැන කියල තමා මට හිතෙන්නෙ (හැබැයි ඇත්තටම නම් මේක දෙපැත්තටම පොදුයි).... සැබෑ ප්‍රේමය වල් වැදිල, අවංක ආදරය කොහේදෝ ගිහිල්ල.... රාමා සීතා, රාධා ක්‍රිෂ්ණා ඉතිහාසයේම විතරයි.... අසම්මත ප්‍රේමයන් තමයි බලන බලන අත පේන්නෙ දැන්....................

    සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන නිකන් ආදරයක් කරන්නන් වාලෙ කරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක්‌ නොවේ. ආදරය... හරිම පුදුමාකාර වචනයක්‌... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා.

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    පුදුමාකාර අලාංකාර උපමා ගැබ්වෙලා තියෙන ගීතය... කොහොම මේ ගීතය සරලව පැහැදිලි කරන්නද කියල වෙලාවකට හිතෙනවා... තාපසයන්ගෙ දැහැන් බිදින මලක් කියලයි ලියතඹරා මල සාහිත්‍යයේ දැක්වෙන්නෙ.... ඉතින් මේ ලියතඹරා මලෙන් සෙනෙහස ඉල්ලාගෙන මී මැස්සන් හඩා වැටෙනවලු..... හරියට ලස්සන නොඉදුල් කාන්තාවකගෙ හිත දිනාගන්න ප්‍රේමවන්තයින් සෑහෙන්න උත්සාහ කරනව වගේ ...... නමුත් ලියතඹරා මල නිසා තාපසයන්ගෙ ශෘංගාර රසයයි උද්දීපනය උනේ....ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන මේ මල අසලට වෙලා මේ මී මැසි කැල හඩා වැටෙන්න ආදරයටමද....?

    කපුරු මලක් කියන්නෙ ඉතාම සුවදවත් මලක්.... මීමැස්සන් මේ මලවෙත ඇදී ගොස් එහි සුවදට මත් වෙලා විනාසවෙලා යනවලු... ඒතරමටම මේ මගේ සුවදට මත්වෙනවලු..... එහෙම මත්වෙන්න, රස විදින්න තියෙන ස්වභාවධර්මයා නිර්මාණය කල කපුරු මලේ පෙතිටික බඹරෙක් ඇවිත් සිදල විනාශකරල දානව... මල විනාෂ කරල දානව..... කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ විස තුඩට මී මැස්සන් මත් කරන කපුරු මලත් මැරේ නම් අනෙක් මල් ගැන මොනව කියන්නද......ගීත රචකයා අපිට පවසන්න හදන්නෙ ආදරයේ කුරිරු බව නේද?

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරු මල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

    ඒත් හැම ආදරයක්ම මේ වගේ කුරිරු නෑ.... හැම කෙනාම අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.... ලෝකය නරක පැත්තටම ඇදුනත් පුංචි ආලෝකයක් අපිට තියෙනවා හොද අවංක ප්‍රේමවන්තයින් නිසා.... වැහිකළුවරෙන් සැන්දෑ අහස වැහීගෙන ආවත් තැනින් තැන තාරුකාවන් පුංචි ආලෝකයන් විහිදනව වගේ .... සාමාජය වැරදි ආදර්ශ ඔස්සේ... නරක දිහාවකට ගමන් කලත් ඒ අතරත් හොද මිනිසුන් නැත්තෙම නෑ...ඒත් එහොද මිනිසුන්ට බෑ දැන් සමාජයේ තියෙන නරක නැතිකරන්න... හරියට පුන්චි තරුවලට වැහි කළුවර නැති කරන්න බෑ වගේ.....

    හිටියොත් හොදට හැදී.... දෙවියොත් නමට වඳී..... හොද මිනිස්සුන්ට දෙවියො වදිනවලු ගෞරව කරනවලු.... ඒත් මේ ප්‍රේමය නිසා විනාසවෙන අහිංසක ජීවිත දිහා දැකල, මේ රමණීය, සුන්දර ප්‍රේමය වර්තමානයේ ගලාගෙන යන දිශාව දැකල.... පිවිතුරු බවේ සංකේතය වන දේවදූතයන් වදිනව නෙමෙයි, අඩනවත් නෙමෙයි.... අඩාවැටෙනව..... ආදරයේ පිවිතුරු පවිත්‍රබව විනාසවෙලා... වෙන මොනවදෝ රිංගල....

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළි යුගයේ ඇත පහළ වෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

    ඉස්සරවගේ නෙමෙයි දැන් ආදරයක් නෙමෙයි තියෙන්නෙ.. විකාරයක්, අපබ්‍රන්සයක්... මේ විකාරය දැන් යෞවන යෞවනියන්ගෙ හිත් දූෂණය කරල.... කොහේද දෙවියනේ මේ වැරැද්ද වුනේ... ඇයි මෙහෙම දෙයක් ලෝකෙට උනේ... මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඉතින් අවංක ආදරයක් සොයාගන්නෙ කොහොමද මේ සිත් තුලින්.... බලං ඉදල ඉදල... අවංක ආදරයක් තියෙන සිතක් සොයාගන්න බැරුව නිකම්ම පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌ බවට පත්වෙලා.... අසම්මත ක්‍රමයට කරන ආදෙර් සම්මතයක් වෙලා....

    අපේ ගීපද රචකයා පැවසූ කාරනාවක් සටහන් කල යුතුමයි,
    මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක්‌ ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක්‌ දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා.

    ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්‌ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක්‌ එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා... මට ලොකු විශ්වාසයක්‌ තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්‌ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක්‌ අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක්‌ නැහැ.

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌

    වැහි කළුවර ඇති සැන්දෑ සමයක
    තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම්මල් ඉහිරුණු පාර දිගේ

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කළියුගයේ ඇත පහළවෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

    පද මාලාව - අශෝක කෝවිලගේ
    ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
    තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන

    තවත් ගීතයකින් පසුව හමුවෙමු......
    මචන් වැඩේ සාර්ථකවම කරලා තියෙනවා..ගොඩක් ස්තුතියි....:D:D