සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මචන්z දැන් තමයි මම මේ පොස්ට් එක දැක්කෙ හරියටම,,,,7pm මගෙ PC එක ලගින් ඉඩගන කියවන්න පටන් ගත්ත,,,දැන් තමඉ නැගිටින්නේ,,,ඒ නැගිටින්නේත් පට්ටම මදුරුවො සෙට් එකක් මාව වට කරගන කන නිසා(ඩෙන්ගු හැදුනොත්)අනිව ඔක්කොම ටික කියවන එක කියවනවා එකෙන්ම.......කරගන යමු දිගටම,,අනිවා කියවනව,,කමෙන්ට්z කරනව..ජයෙන් ජය

ස්තුතියි යාළු තව එකක් ටයිප් කරමින් ඉන්නෙ... රැදෙන්න අප සමග...
 
paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    matanam aulak ne broo. ubata hena kattak kanna wenawa neda...? elakiriyen eliyata yana nisa puluwannam liyapu kenage nama dapan. moko meka elakiriyansla wenuwenne api karanne. (mage adahasak pamanai machoo)

    mama meka kohewaht daanna yanne ne ban. mewage wtinakama terena ekekta meke thiyena geetha okkoma balanna unoth pages 200 k withara balanna wenawa. meka ela wedak hinda mata denna puluwan support ekak dama denna heduwe.

    Hari machan elanga ewwa daanakota mama meka liyapu kenage namath daannam.

    meka anik unta aulakda danneth nee. mata hithuna mama keruwa.. aulak nethnam digatama mama meka karagena yannam..

    Reply ekak deepan.........

    thanks.........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න යාළුවනේ මම කලින් කිවුව වගේ නිදිමතේ ලියවුණු ගීතය තමා මම දැන් කියන්න හදන්නෙ...

    හිතවත් කෙනෙකුගෙ අවමගුල් උත්සවයකට ඔන්න යාළුවො දෙන්නෙක් බොරැල්ලෙ කනත්තට යනව. එක්කෙනෙක් ගී පද රචකයෙක්, අනිත් කෙනා තනු නිර්මාණ ශිල්පියෙක්... ඉතින් අවගුල් උත්සවයෙන් පස්සෙ අසල තියෙන ගහක් යට මේ දෙන්න පොඩි කතාවක් මෙන්න මෙහෙම....

    හරි හරි මම ලියල දෙන්නම්.... දවසක් දෙකක් දීපන්කො.....
    මේ උඹට දවස් ගණන් දෙන්න බෑ.... මේක ඉක්මනට ඕන... මම තාලෙ හදලත් ඉවරයි මෙන්න තාලෙ අහගනින්කො...
    කියපන්කො... මල කරදරේ... අහගෙන ඉන්නෙ කියපන්....
    මෙන්න තාලෙ... ලලලලා..ලල..ලා..... ලලල...ලලලලලා..... හරිද... මේකට සෙට් වෙන්න තමා ලියන්න ඕනි හරිද...
    හරි හරි බන්....

    හරි දවස් දෙක තුනක් ගියා කැසට් පටයට අදාල සින්දු සේරම පටිගත කරල ඉවරයි.... නමුත් එක ගීතයක්....අර පද රචකයාට කියල ලියව ගන්න හදන ගීතය තවම ඉවර නෑ.... දෙනව කියල කිවුවට තවමත් දුනනෙ නෑ... දැන් අපේ තනුව නිර්මාණය කරපු අනිත් යාළුවටත් මලේ මල... මර්වින් බෙන්ස් කියන මේ කැසට් පටය නිෂ්පාදනය කරන මහත්මයා කුරු කුරු ගානව.... ඒකෙන් අපේ තනු නිර්මානය කරන යාළුවට තරහ තව නගිනව පද රචකයත් එක්ක... තරහ යනඑක අහන්නත් දෙයක්යැ .... ඔක්කොම ගීතටික හරි, එක ගීතයක් ඇර.... ඒ ගීතයෙත් තනුව හරි, පද ටික තමා නැත්තෙ.... හැබැයි අපේ තනු නිර්මාණය කරන ශිල්පියටත් යාළුවත් එක්ක තියෙන ෆිට් එකට මල පැන්නත්, යාළුවට කියලමයි මේ පද ටික ලියවගන්න ඕන....

    ඉතින් කාගෙනුත් බැනුම් අහ අහ අපේ තනු නිර්මාණ ශිල්පිය එදින වැඩ නවත්වනව ගීතය නැති නිසා... නවත්වල කිහිප දෙනෙක් එක්ක යනව පද රචකය, ඒ කියන්නෙ අර යාළුව සොයාගෙන... රෑ 10ට 11ට විතර ඇති... පද රචකය මේ දිනවල ඉන්නෙත් ස්ටූඩියෝවට කිට්ටු නවාතැනක උඩතටුටවක කාමරයක.... යනව ඔන්න මේ යාළුවගෙ කාමරයට... හරි කාමරේ දොර ඇරල යාළුව ඇති.... බැලුව ඉන්නවද කියල... ඇදේ නෑ.... කෝ යාළුව... මෙන්න මේසෙයට හොදටම නිදි (පොඩ්ඩක් අනුමත වෙලාද දන්නෙත් නෑ).... ඉතින් කොහොම හරි දෙන්න තුන්දෙනා එකතුවෙලා පුටුවෙ වාඩි කරවනව... යාළුව ඒත් නිදි... අපේ සංගීතඥ යාළුව පොඩි ට්‍රයි එකක් දෙනව අවදි කරවන්න. එතකොට අර පද රචක යාළුව කියනව....

    මම නිදි උඹලට පේන්නෙ නැද්ද.... මට නිදාගන්න දීපන්කො බන්...
    නිදාගන්න... මේ අහපන්... (කියල කණට කරල සුද්ද සිංහලෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය කියනව)
    වද නොදී එහෙනම් තාලෙ කියපන්...
    මම උඹට තාලෙ කලින් කිවුවෙ බන්...
    උඹ තාලෙ කියනවද නැද්ද...
    හරි හරි ඉදපන්....

    තනු නිර්මාණ ශිල්පියා පහලට දුවල ගිහින් වාහනේ තියෙන බොක්ස් ගිටාර් එක ගෙනාව. දැන් ඒක වාදනය කර කර ආයෙත් ගීතයේ තාලය කියනව....

    ලලලලාලල ලාල ලාලේ.... ලලලාලේ...

    ඇස් පියාගෙන අහගෙන හිටපු අපේ පද රචකය මෙන්න ලියාගෙන ලියාගෙන යනව.... එක යාළුවෙක් තාලය දෙනව... ඒ තාලයට අනුව අපේ අනිත් යාළුව ලියාගෙන ලියාගෙන යනව... වැඩේ හරි විනාඩි 10යි... සින්දුව ලියල ඉවරයි... නිකන් ක්ෂණික නූඩ්ල්ස් එකක් හැදුව වගේ... යාළුවො දෙන්න ඇරෙන්න අනිත් අය කට ඇරගෙන බලන් ඉන්නව පුදුමෙන්.. සංගීතඥයට දැන් දුකයි....

    තරහ වෙන්න එපා බං... නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද... අනික මට උඹේ සින්දුවක් නැතිව බෑ...තේරෙනවනේ උඹට
    තේරෙනව තේරෙනව... දැන් හරිනෙ බං... නිදාගන්න දීපන්කො දැන්වත්....

    හරි ඔන්න ඔහොම තමා ගීතය නිර්මාණය උනේ.... මේ කතාවෙ තියෙන ලස්සන ඒක නෙමෙයි යාළුවනේ... අන්තිමට අර මුළු ඇල්බම් එකෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ මේ මහ රෑ අවදිකරවල, පෑනට අතට තියල, නිදිමතේ ලියවපු ගීතය... තව දෙයක් මේ ගීත රචකයත්, සංගීතඥයත් අපිට මේ ගීතය ලබා දෙන්න කතාකරගන්න මුලින්ම මුණ ගැහුනෙ කනත්තක... ඒවගේම තමා අපි ගීතය අහන, රස විදින මේ මොහොතෙදිත් ඒ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් වෙන්වෙලා ගිහින් සැතපෙනවා කනත්තක......

    පද රචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්
    තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
    ගායනය - ටී. එම්. ජයරත්න

    මේ ගීතයේ වචන මම දාන්නෙ නෑ... හේතුව තමා සමහර ගීත තියෙන්නෙ කියවන්න, විචාරය කරන්න නෙමෙයි හදවතින් විදින්න..... එහෙනම් ඒ අපූරු විදයට නිර්මාණය වූ ගීතය හදවතින්ම විදින්න යාළුවනේ...

    • Like
    Reactions: Sanathbh

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868

    නියමයි සහෝ....:yes::yes::yes::yes::yes::yes:
     
    gepa

    Well-known member
  • රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි

    මම මුලිනුත් මේ ත්රේරඩ් එකට මගෙ බ්ලොග් එකේ ගීපද වලට නිදාන කතා හතරක් ලියපු ඒව ලින්ක් කලා..ඒ වැඩේ කියවන අයට බාදාවක් කියලා හිතුනු නිසා අද හිතුවා මට හිතෙන විදියට ගීයකට මට දැනේන විදියට තේරුම ලියන්න.
    මම ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි කියන ගීතය..මේ ගීය රචනා කරල තියෙන්නේ සුනිල් ආරියරත්නයන්.

    මට හිතෙන විදියට මේ ගීතය ලියැවිලා තියෙන්නේ ඒ කාලයේ රට තුල තිබුනු වාතාවරනය මුල් කරගෙන.රුවල් නැවකට නායකත්වය දුන්නු නාවිකයෙක්ට තම ආදරනීය සාමාජිකයෙක් කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා ගොඩබිමකට යන්න කියලා.රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ පැවතුනු යම් කන්ඩායමකට මුහුන දෙන්න උනු තත්වයක් සහ එම සමාජය තුල නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ.

    ගීතයේ මුල් පද පේලි ගත්තොත්

    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
    නොගිලී දල රල පෙල අතරේ...
    මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ....

    ගීතයේ පලමු වැනි අන්තරා කොටස

    දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
    ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම
    මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින…
    දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම් හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස ‍රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්..

    "දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.."
    "ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.."

    කොහොම උනත් පද රචකයා කියන හදන්නේ කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ..

    ගීතයේ දෙවෙනි අන්තරා පේලියෙත් රචකයා කියන්න උත්සහ කරන්නේමුලින් කියන්න හදපු දේමයි.මේ කොටසේ රචකයා පද ගලපා තිබෙන හැටිනම් විශිශ්ටයි.පද පේලි වලින් ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැ‍ඟෙනවා..

    සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
    හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
    සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට
    ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

    ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ,මේ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා..

    කොහොම උනත් මේ ගීතයේ අර්තය ගැන මට හිතෙන විදියට පුංචි අදහසක් දෙන්න පුලුවන් උනා කියලා හිතෙනවා.ගීතය ඩවුන්ලෝඩ් කරනවා නම් මෙන්න ලින්ක් එක.. මම ටිකක් එලකිරිය්යට අලුත්..කොහොම උනත් මේ වැඩේට සුබපැතුම්...දිගටම කරගෙන යමු....හැමෝටම සුභ දවසක්..මම ගියා ජයශ්රී්...
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    බොහොම ස්තුතියි මචන් විචාරයට
    මෙ ගීතය ගැන මම හිතන විදිය පොඩ්ඩක් වෙනස් මම ඒක කිව්වට කමක් නැ කියලා හිතනවා මම මේක ලියන්නෙ උබෙ විචාරය වැරදි කියන්නවත් එකෙ අඩුපාඩු කියන්නවත් නෙවෙයි මට හිතෙන අදහස හොදෙ වරදවා වටහා ගන්න එපා:)

    මේ ගීතය අහන වාරයක් පාසා මගෙ මතකයට එන්නෙ සිදුහත් කුමරු සහ යශෝදරා දේවියයි.අපි කවුරුත් දන්න විදිඅය්ට මෙ දෙදෙන විවාහ වෙනවා මෙක සංසාරේ මුලින්ම් ඇතිඋන බැදීමක් නෙවෙයි මේ දෙදෙනා සංසාරේ ආත්ම ගනනාවක් එක්ව සිටි දෙදෙනෙක් මෙත්වක් සංසාරේ මෙන්ම සිදුහත් කුමරු බුද්දත්වයට පත්වන ආතම භවයෙදිත් මෙ දෙදෙනා විවාපත් වෙනවා
    නමුත් මෙ දෙදෙනාම පෘතගජන මිනිසුන් බැවින් කෙලෙස් මහ සයුර තරනය කරන්නට උත්සහ ගන්නෙ රුවල් ඉරී ගිය නෞකාවකින් එනම් යුග දිවිය ගතකරමින් දූ දරුවන් අනෙක විද සැප සම්පත් ලබමින් ජීවත් විම නමුත් මෙ දෙදනාටම මනාව වැටහෙනවා මෙ රුවල් ඉරුන නෞකාවෙන් කෙදිනකවත් කෙලෙස් මහසයුර තරණය කල හොහැකි බව නමුත් සිදුහත් කුමරුට සංසාරේ ආත්ම ගනනාවක් තමා සමහ එකට සිටි සැපේදීත් දුකෙදීත් තමා හැර නොගිය යශෝදරාව හැරයාමට නොහැකියි. මෙ කෙලෙස් මහ සයුර තරණය කරන කරන රුවල් ඉරී ගිය නෞකාවෙ නියමුවා වන සිදුහත් කුමරුට යශොදරා දෙවිය කියනවා

    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
    නොගිලී දල රල පෙල අතරේ...
    මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ....

    මෙ රුවල් ඉරීගිය නෞකාවෙන් කෙදිනකවත් අප දෙදෙනාට මෙ ගමන යා නොහැකියි

    දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
    ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම
    මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින…
    දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    නමුත් මොවුන් අතර තිබූ බැදීම සිදිහත් කුමරූ අනන්ත සංසාරේ යශෝදරා දෙවිය රැකගත් ආකාරය ඇයට උනුසුම ආරක්ශාව දුන් ආකාරය කෙසේ නම අමතක කරන්නද

    දැතට එක් කල වැහිදිය පොවමින් පවසට

    ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම
    නමුත් දේවිය හිතන්වා මා වෙනුවෙන් දුක් වින්ද කැප කිරීම කල ඔහුව අද දින මා රැක ගත් යුතුය මෙ කෙලෙස් සයුරේ මා සමග ගිලී මිය යාමට ඔහුට ඉඩ නොදිය යුතුය ඔහු නිවන නම් ගොඩ බිම කරා යැවිය යුතුමය මෙ කෙලෙස් සයුරේ ගිලි මා මියගියාට කම නැත මෙතුවක් සංසාරේ මා රැකගත් ඔහුව අද ම රැක ගත් යුතුය එනිසා මා රුවල් ඉරුනු නැවත් සමග දියබෙ තනිවෙන්නම්
    මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින…
    දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    ඔබ පිහිනා ගොස් නිවන නම් ගොඩ බිමට එතෙර වන්න හෙමිහිට මාව මෙහි තනිකර දමා කෙසේ හෝ ඔබ ගැලවි යන්න ඔබට මා ගැන දුකක් දැනෙවී නමුත් හිත දැඩි කරගන්න ඔබ ගොඩබිම කරා යා යුතුමය ඔබ වෙනුවෙන් මා මෙ රුවල් ඉරීගිය නෞකාවත් සමග කෙලෙස් සයුරට දියබත් වෙන්නම් නමුත් ඔබ මෙ කෙලෙස් සයුරේම ගිලි මිය යාමට මා ඉඩ නොතබමි
    සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
    හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
    සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට
    ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

    මෙ ගීතය ගැන තව දේවල් නම් කියන්න තියනවා නමුත් මීට වඩා මම කියන්න යන්නෙ නැ අනිත් අයගෙ අදහස් දාන්න බලන්න

    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙ ගීතය ගැන තව දේවල් නම් කියන්න තියනවා නමුත් මීට වඩා මම කියන්න යන්නෙ නැ අනිත් අයගෙ අදහස් දාන්න බලන්න
    :rolleyes::rolleyes::yes::yes::rolleyes::rolleyes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    gepa

    Well-known member
  • බොහොම ස්තුතියි මචන් විචාරයට

    ගීතයේ විචාරයට සංවාදයට විවුර්තයි...විවිද අයට විවිද කෝන වලින් බලන්න පුලුවන් නම් එතනයි ගීයේ සාර්තකත්වය මට හිතෙන විදියට.කොහොම උනත් මේ ගීතය ලියවුනු කාල වකවානුත් සලකලා තමයි මම මෙහෙම හිතුවෙ නම්...තවත් අය කියමු බලන්න අදහස්...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගීතයේ විචාරයට සංවාදයට විවුර්තයි...විවිද අයට විවිද කෝන වලින් බලන්න පුලුවන් නම් එතනයි ගීයේ සාර්තකත්වය මට හිතෙන විදියට.කොහොම උනත් මේ ගීතය ලියවුනු කාල වකවානුත් සලකලා තමයි මම මෙහෙම හිතුවෙ නම්...තවත් අය කියමු බලන්න අදහස්...

    බොහොම නිවැරදියි යාළු.... maheshsenadheera සහ ඔබගේ විචාරයන් දෙක මානයන් හා කෝණයන් දෙකකින් විචාරය වූවක්.... සංවාදයකට බාජනය වීමක් අවශ්‍ය නෑ යාළු... ඔබ දෙදෙනාම කියන කෝණ වලින් බැලූවිට විචාරයන් දෙකම සාධාරණීයකරනය වෙනවා.... මගේ අදහස නම් සාර්ථක විචාරයන් හා හොද උත්සාහයන් දෙකක්.... දිගටම මෙවැනි විචාරයන් කරන්න... හැකි තරම් ඔබගේ විචාර කියවන අය වෙනත් කෝණයන් වෙනත් මානයන් වෙත රැගෙනයාම වැලක්වෙන පරිදි (සැකතැන්, ගැටළු සහගත තැන් තියන්න එපා) විචාරය කරන්න උත්සාහ කරන්න... එය තමා විචාරයක තිබිය යුතු ප්‍රධානතම ලක්ෂණ.... ඔබ දෙදෙනාටම ජය...!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    dawas dekakata passe awe ada..pitu 143,e kiyanne sahenna pitu ganak maga arila..seraam balala comment karannam.me wadeta sahaya wana hamotama godak sthuthi..ohoma yan..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගීතයේ විචාරයට සංවාදයට විවුර්තයි...විවිද අයට විවිද කෝන වලින් බලන්න පුලුවන් නම් එතනයි ගීයේ සාර්තකත්වය මට හිතෙන විදියට.කොහොම උනත් මේ ගීතය ලියවුනු කාල වකවානුත් සලකලා තමයි මම මෙහෙම හිතුවෙ නම්...තවත් අය කියමු බලන්න අදහස්...
    එල එල මචන් මම මුලින්ම කීවනෙ මේ මම උබට ගේමට ලීව එකක් නෙවෙයි මට හිතුන දේ ලීවේ:P:P විචාරය සංවාදයට විවෘතයි:nerd:
     
    gepa

    Well-known member
  • එල එල මචන් මම මුලින්ම කීවනෙ මේ මම උබට ගේමට ලීව එකක් නෙවෙයි මට හිතුන දේ ලීවේ:P:P විචාරය සංවාදයට විවෘතයි:nerd:

    කිසිම ගේමක් නැ සහෝදරයා...ඔබේ විචාරය ආසාවෙන් කියෙව්වා එලකිරි
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ පෝස්ට් එක දෑක්කම මටත් හිතුන මේකට සපෝට් එකක් දෙන්න ඕනි කියල..... මම මෙහෙම වෑඩක් කරන්නම්. තේරුම බලන ගමන් සින්දුව අහන්න පුලුවන් විදියක්. (උබල කෑමති නෑතිනම් කියපල්ල.)

    …පල්ලෙහා තියෙන ලිගුව මිරිකපල්ල වෑඩේ බලා ගන්න ඕනෙනම් ...........

    https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128

    mekq nam patta wadak.habai vichara liyala aya kamathi nam vithark karanna..:D:D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඇගළුම් කම්හල් වල සේවය කරන සමාජය සැළකිල්ලක් නොදක්වන පිරිසක් ගැන ගේය පද රචකයකු දකින විදිය අපි විචාරය කරමු එහෙනම් යාළුවනේ.....

    පුංචිම පුංචි පඩියකට වහලුන්ටත් එහා ගිය රස්සාවක් කරමින් තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලය දියකරල හරිනව.... ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕනි තමා.... ඒත් නිදහසේ හුස්මක් ගන්නවත් ඉඩක් නැති රස්සාවක් කරන්නෙ හැගීම්, දැනීම්, ආසාවල් නැති නිසා නොවෙයි..... ජීවත් වෙන්න, තමන්ගෙ අය ජීවත් කරවන්න ඕන නිසා.... උඹලට හරියට අදින්න ඇදුමක් නැතිව, උඹල අනුන්ගෙ ඇදුම් මහනව.... එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී, යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ.

    බලන්න රචකයා මේ කාන්තාව දිහා බලන අපූර්වත්වය....
    රෑ වැඩ අවසන් කරල එන ඔබ කොච්චර නම් හෙම්බත් වෙලාද... කාන්තවකගෙ මුහුණ කොතරම් නම් එළියක් තියෙන දෙයක්ද.... ඒත් ඔයාගෙ මුහුණ හරියට පරවෙලා ගිය, මැලවෙලා ගිය මලක් වගේ...... රෑ තිස්සෙ වැඩකරල කරල මහන්සි වෙලා ඔබ එනව එළිය වැටෙන පාන්දර.... හිමිදිරියෙ අපි අවදිවෙනව... මහන්සිවෙලා එන ඔයා උදේ නිදන්න යනව... මේකනම් ඔබ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති...........

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    රෑ තිස්සෙ ඔය ඇගිලි වෙහෙසෙන එකේ සීමාවක් නෑ නේද... විදුලි එලිය යට ඉදගෙන දුක් විදින්නෙ කොතරම් නම් බලාපොරොත්තු තියාගෙනද....? ඔබ දන්නවද ඔබේ ඔය ජීවිතයේ හොදම කාලය දියවෙලා යන්නෙ.... මම දන්නව ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්ණ හමුවෙ මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා විලාප තියල අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසා තමයි ඔබ අඬන්නේ නැතුව මේ දුක විදගෙන ඉන්නේ..........

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    ඔබ නිහිඩව විදින දුක, ඔබ යටපත් කරගෙන ඉන්න වේදනාව, ඔබ ඔසවාගෙන ඉන්න ජීවන බර නැතිකරගන්න තමයි මේ ගාමන්ට්වල දුක් විදින්නෙ.... දුක් විද විද අනුන්ට ඇදුම් මහන්නෙ තමන්ගෙ ජීවිතේ, තමන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිතේ ලස්සනට අමුණගන්න... ඒත් ඒ ජීවිත ලස්සන කරන්න ඔබ දුක්විදිනකොට ඔබේම ජීවිතේ නිකම්ම ගෙවිලයනව.... කාත් කවුරුවත් නැතිව තට්ට තනියම ඔය විදින දුකට අපි හැමෝම ණය ගැතියි....

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

    ඉස්කෝලෙ ගිහින් අවසන් උන ගමන් රස්සාවක් නැත්නම් ඉතින් ආයෙ දෙකක් නෑ ... දුප්පත් පවුල්වල හිරිමල් තරුණියන්ට වෙන්නෙ ගාමන්ට් යන්නම තමයි. ඔවුන් කියල වෙන මොනව කරන්නද..? ගාමන්ට් පිහිටවත් තිබුනෙ නැත්නම් මේ කාන්තාවන්ට කාගෙ පිහිටක්ද... කෙහොම හරි ජීවත් වෙන්න ඕනෙ නිසා ඔවුන් එනව නගරයේ තියෙන මිහිපිට අපායේ දුක්විදින්න... දුක්විදල කොහොමහරි ජීවිතේ දිනනව කියල එන මේ අහිංසක මල් පොහොට්ටුවලට අන්තිමේට මුඩුක්කු වගේ බෝඩිම් වල, හරියට කෑමක් බීමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ජීවත් වෙන්න වෙනව. සමහරු කුඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාස කරගන්නව. ඒ විතරක්ද ජීවිතය විනාස උනායින් පස්සෙ ආයෙ වැඩක් තියෙනවද පටන් ගන්නව කීයකට හරි ඇග විකුණන්න... දෙවියනේ මේත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන ජීවිත නේද.....? (මේව ගැන කතාකරල වැඩක් නෑ යාළුවනේ.... ගීතය කතා කරනව, අපි කතා නොකර ඉමු.:no::no::no::no::no:)

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

    ගී පද - බන්දුල නානායක්කාරවසම්
    සංගීතය - රෝහණ වීරසිංහයන්ගේ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    මෙම විචාරය මා පල කරන 40වන විචාරයයි. මෙතෙක් දුර දිරිමත් කරමින් මා හා රැදි සියළුම යහළුවන්ටත් එළකිරියටත් විශේෂයෙන් අවශ්‍ය මග පෙන්වීම් ලබාදුන් දත් කිඹුලා සහෝදරයාටත් ගොඩාක් පින්...... තවත් ගීයකින් හමුවෙමු.....
    උපරිමයි මචන් ගීත 40 විචාරය කලා එහෙනම් ආ..මාර සතුටුයි මචන්..දිගටම අපිත් එක්ක ඉන්න.ඔබට ජය...:D:D