සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පුරා දින දෙකක් තිස්සේ ඉතා මත් අසාවෙන් හා නොඉවසිල්ලෙන් කාර්යාලයේ රාජකාරි මැද අද තමයි මේ හූය කියවා අවසන් උනේ.දේශපාලන ආගම් ජාති බේද ඇති කරගෙන එකිනෙක මරා ගන්නා අනෙක් හූයන්ට මේ හූය කදිම ආදර්ශයක්.2010 වර්ශයේ මම එලකිරියට සම්බන්ද වු දා සිට අද දක්වා මම දැකපු හොදම හූය මෙයයි.ප්‍රතමයෙන්ම මේය ආරම්භ කල අයටත් .එය සාර්තකව ඉදිරියට ගෙන යන හැම දෙනාටමත් මම හිස නමා ආචාර කරම්

    හුදෙක් ගීතයක් යනු හදවත සනසවනක් මිස හද වත විකාර සිතුවිලි වලින් පුරවන්නක් නොවේ.ගීතයක් රචනය,තනු නිර්මානය,ගායනය හා එය විචාරය තුලින් ම්නිස් සිත් සතන් දියුණු කිරිම,සැනසවිම හා නිවිම සිදු වේ නම් එය මහා පුණ්‍ය කර්මයකි.

    අපගේ අවාසනාවට බොහොමයක් වර්මාන ගීතය යනු පුහු ඝෝෂාවන් ගෙන් පිරිනු අතර මැදට කුණු හරප අයිසින් කරනු ලැබු පුහු වචන කිහිපයක් පමණි.කැමැත්තේන් හෝ අකමැත්තෙන් අපට එවා නිතරම බලෙන් ඇසෙන හෝ අස්වනු ලබයි.

    මේ හුය කියවන විට මා මානසිකව ලැබු අස්වැසිල්ල වචනයෙන් විස්තර කල නොහැකිය. මා මෙතුවක් කල් සොය සොයා සිටි රසවින්දය මේ තුලින් නැවත ලැබි ඇත.එ පිලිබදව මෙය සාර්තක කර ගැනිමට දායක වන සැමට අනේක වාරයක් පිං දෙම්.

    :):):)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සහෝ ඒක විකුණන්න ප්‍රකාශයට පත්කරන ග්‍රණ්ථ නොවෙයි.... එහි ලමයි සිය උපාධිය සදහා කරනු ලබණ පර්යේෂණ..... මා එහි සෝදුපත් බලාදුන් නිසයි දන්නේ:D

    කාලා වරෙන් කෝ.:baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාලා වරෙන් කෝ.:baffled::baffled:
    මොකද බන්.... (උඹ ආවම ත්රෙඩ් එක අප් වෙලා යනව.... ඔය තියෙන්නෙ වැඩ.... අපිටත් ආසයි බන් විචාර දාන්න... නැත්නම් වැඩේ හිමින් තමා.... හික්..)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ නූල මෙතෙක්දුරට කියවපු කෙනෙකුට තමාගෙම කියල පදරචනාවක් ලියන්න ආසාවක් හිතෙන එක වෙන්න පුලුවන් දෙයක් ඒ සදහා මුලින්ම හොදින් සිංහල භාශාව හොදින් දැන ගැනීම හා ඒ දැනගත් දෑ නියමාකාරයෙන් යෙදවීමට දැනගැනීම අවශ්‍ය වෙනවා. කරුමෙ කියන්නෙ අද සිංදු ලියන ගොඩක් එවුන්ට නැත්තෙත් ඔයදේම තමයි. මේ ගීතය ගැන අදහස් ලියන්නෙ කවුරු හරි කෙනකුට යම් මාර්ගොපදෙශයක් වෙයි කියන අරමුනින් මොකද සරල සිංහල භාශාව මේ ගීතයේදී රචකයා පුදුම කුසලතාවයකින් හසුරවනවා යැයි මගේ හැගීම...

    දුන්හිද ඇල්ල බලන්න මෙතන ගොඩක් කට්ටිය ගිහිල්ල ඇති. ඒ සදහා වැටී ඇති මාර්ගය යම් තාක් දුරට දුශිකර වූවකි. ඉතින් ඒ මග දෙපස සිට බෙලිමල් වතුර හා යම් ආහාර වර්ග විකුනන පුද්ගලයින් ඔබ දැක ඇතුවාට සැක නැත ඉතින් මේ ඉතා අහිංසක ආයාචනය ඔබට කරන්නේ එවන් අහින්සකයකු විසිනි...........

    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
    ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
    මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
    කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

    ආ මගෙහි ඇති කටුකත්වය නිසාම මේ පැමිනෙන සංචාරකයාට වෙහෙසක් දැනේ බෙලිමල් ඒ වෙහෙස නියන ඔසුවක් මය.. බිදක් බිව්වොත් නැවත ඔබව ප්‍රානවත් වේවි. ඔබ නැවත සිනාසේවි...... ඒ වගේම ඒ බෙලිමල් පොද බදුලු ඔය නිසා ජීවත්වන අපගේ හෙට දවස ජීවත් කරවන කිරි කදුලක් වේවි... ඒ නිසා කාසි ඇතොත් විතරක් අපි දුක් මහන්සියෙන් හදන මේ බෙලිමල් ටිකක් බීල යන්න.........
    "බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න" බදුලු ඔයෙන් බිහිවන මේ ඇල්ල මේ වෙලෙන්දන්ගෙ ජීවිතයයි. ඔවුන් ජීවත් වෙන්නෙ මේ ඇල්ල නිසාමයි. නමුත් මේ බෙලිමල් වෙලදාමෙන් ලබන්නෙ බොහොම සුලු ආදායමක් ඒය කදුලක ප්‍රමානය තරම්....... "මේ බෙලිමල් කඳුළු වතුර" මේ බෙලිමල් වතුර කදුලු වතුර වෙන්නෙ ඇයි?........ඒ තමයි මේ බෙලිමල් වතුර හදන්න මේ මිනිසුන් විදින අප්‍රමාන දුක..........බලන්න........ මෙහිදී රචකයා සැමට තේරුම්ගත හැකිපරිදි බොහෝ සරල උපමා වලින් මෙකී වෙලෙන්දන්ගේ ඉතා කටුක වූ ජීවිතය විචිත්‍රනය කරන අයුරු.......

    කැලේ ගිහින් නිදි වැරුවා කැකුණ සඳුන් දණ්ඩ දනී
    ඒ සඳුනෙන් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී
    අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු තැනට වඩී
    අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

    ගුනවත් බෙලිමල් මෙන්ම මොවුන් අලෙවිකරන සුවදවත් සදුන් දඩුද සංචාරකයන්ට අලෙවියට තබා ඇත. නමුත් මේ පිටිපස ඇති දුක.................
    මුලු රාත්‍රී කාලයම නිදි වර්ජිතව කැලෑව තුල සදුන් දඩු කැපීමට මොවුන් විදින දුක කොතරම්දයත් ඒ සදුන් දඩු වල සුවද පවා ඔවුනට සිහිනයක් වැනිය............රාත්‍රී කාලයේ දුක්විදිමින් නිදිවර්ජිතව මේ දරන උත්සාහය හෙට දහවලේදී අලෙවිකර ගතයුතුය... එනිසා බදුලු ඔයට මෙන් නොව අප විදිනා දුකට රැයක් දවාලක් නැත......මොවුන්ට උදෑසන යනු සුන්දර නැවුම් අත්දැකීමක් නොවේ.......

    රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සතුනි වනේ
    නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
    කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
    පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය උනේ

    දරුවන්ගේ යහපත් අනාගතයක් දැකීම සෑම දෙමව්පියන්ගේම පරම ආශාව වන්නා සේම වනගත සතුන් විදින්නාක් වැනි අනන්ත දුක් විදින මේ මිනිසුන්ගේද ආශාවයි...... හීනයයි........මොවුන් මේ හීනය දකින්නේ මේ ලස්සන දුන්හිද ඇල්ල තුලින්. ඒනම් අපට තත් එක් දිය ඇල්ලක් වූ මේ දුන්හිද ඇල්ල මේ මිනිසුන්ගේ දරුවන්ගේ යහපත් අනාගතයයි........

    පද රචනය :- රුචිර පරණවිතාන
    සංගීතය :- රෝහන වීරසිංහ
    ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්


    මේ ගීතය පුරාවටම රුචිර පරනවිතාන නම් පදරචකයා ඔනැම කෙනෙකුට වටහාගත හැකි අයුරින් මහා ලොකුවට නොවූවත් ගැලපෙන උපමා රසවත් ලෙස භාවිතාකොට අසන්නාගේ හදවතට දැනෙන්නට මේ පද මාලය අමුනා ඇති අන්දම ප්‍රශංසනීය වේ..............
    මම පෞද්ගලිකව මේ ගීතය දිහා බලන කෝනය අනූව ගීත පද රචනා කලාවට මුලින්ම පිවිසෙන කෙනෙකු අනිවාර්යයෙන් ඇසුරු කලයුතු ගීයක් මේ ගීතය... මක්නිසාදයත් මේ රචකයා සාමාන්‍ය බෙලිමල් වෙලෙන්දෙකු විනිවිද දුටු ආකාරයත් ඒ සදහා ඔහු භාවිත කල සරල බස් වහරත් ඒමෙන්ම වචන භාවිතයේදී ඔහුගේ රටාවත් ආදුනිකයකුට දිගු ගමනකට මග පෙන්වන්නාක් වැනිය.................


    රුචිර පරනවිතාන කියන්නේ බදුල්ලේ කෙනෙක් ද මචන්.මත් එහෙ නිසයි ඇහුවේ..:D:D
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔන්න යාළුවනේ මම කලින් කිවුව වගේ නිදිමතේ ලියවුණු ගීතය තමා මම දැන් කියන්න හදන්නෙ...

    හිතවත් කෙනෙකුගෙ අවමගුල් උත්සවයකට ඔන්න යාළුවො දෙන්නෙක් බොරැල්ලෙ කනත්තට යනව. එක්කෙනෙක් ගී පද රචකයෙක්, අනිත් කෙනා තනු නිර්මාණ ශිල්පියෙක්... ඉතින් අවගුල් උත්සවයෙන් පස්සෙ අසල තියෙන ගහක් යට මේ දෙන්න පොඩි කතාවක් මෙන්න මෙහෙම....

    හරි හරි මම ලියල දෙන්නම්.... දවසක් දෙකක් දීපන්කො.....
    මේ උඹට දවස් ගණන් දෙන්න බෑ.... මේක ඉක්මනට ඕන... මම තාලෙ හදලත් ඉවරයි මෙන්න තාලෙ අහගනින්කො...
    කියපන්කො... මල කරදරේ... අහගෙන ඉන්නෙ කියපන්....
    මෙන්න තාලෙ... ලලලලා..ලල..ලා..... ලලල...ලලලලලා..... හරිද... මේකට සෙට් වෙන්න තමා ලියන්න ඕනි හරිද...
    හරි හරි බන්....

    හරි දවස් දෙක තුනක් ගියා කැසට් පටයට අදාල සින්දු සේරම පටිගත කරල ඉවරයි.... නමුත් එක ගීතයක්....අර පද රචකයාට කියල ලියව ගන්න හදන ගීතය තවම ඉවර නෑ.... දෙනව කියල කිවුවට තවමත් දුනනෙ නෑ... දැන් අපේ තනුව නිර්මාණය කරපු අනිත් යාළුවටත් මලේ මල... මර්වින් බෙන්ස් කියන මේ කැසට් පටය නිෂ්පාදනය කරන මහත්මයා කුරු කුරු ගානව.... ඒකෙන් අපේ තනු නිර්මානය කරන යාළුවට තරහ තව නගිනව පද රචකයත් එක්ක... තරහ යනඑක අහන්නත් දෙයක්යැ .... ඔක්කොම ගීතටික හරි, එක ගීතයක් ඇර.... ඒ ගීතයෙත් තනුව හරි, පද ටික තමා නැත්තෙ.... හැබැයි අපේ තනු නිර්මාණය කරන ශිල්පියටත් යාළුවත් එක්ක තියෙන ෆිට් එකට මල පැන්නත්, යාළුවට කියලමයි මේ පද ටික ලියවගන්න ඕන....

    ඉතින් කාගෙනුත් බැනුම් අහ අහ අපේ තනු නිර්මාණ ශිල්පිය එදින වැඩ නවත්වනව ගීතය නැති නිසා... නවත්වල කිහිප දෙනෙක් එක්ක යනව පද රචකය, ඒ කියන්නෙ අර යාළුව සොයාගෙන... රෑ 10ට 11ට විතර ඇති... පද රචකය මේ දිනවල ඉන්නෙත් ස්ටූඩියෝවට කිට්ටු නවාතැනක උඩතටුටවක කාමරයක.... යනව ඔන්න මේ යාළුවගෙ කාමරයට... හරි කාමරේ දොර ඇරල යාළුව ඇති.... බැලුව ඉන්නවද කියල... ඇදේ නෑ.... කෝ යාළුව... මෙන්න මේසෙයට හොදටම නිදි (පොඩ්ඩක් අනුමත වෙලාද දන්නෙත් නෑ).... ඉතින් කොහොම හරි දෙන්න තුන්දෙනා එකතුවෙලා පුටුවෙ වාඩි කරවනව... යාළුව ඒත් නිදි... අපේ සංගීතඥ යාළුව පොඩි ට්‍රයි එකක් දෙනව අවදි කරවන්න. එතකොට අර පද රචක යාළුව කියනව....

    මම නිදි උඹලට පේන්නෙ නැද්ද.... මට නිදාගන්න දීපන්කො බන්...
    නිදාගන්න... මේ අහපන්... (කියල කණට කරල සුද්ද සිංහලෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය කියනව)
    වද නොදී එහෙනම් තාලෙ කියපන්...
    මම උඹට තාලෙ කලින් කිවුවෙ බන්...
    උඹ තාලෙ කියනවද නැද්ද...
    හරි හරි ඉදපන්....

    තනු නිර්මාණ ශිල්පියා පහලට දුවල ගිහින් වාහනේ තියෙන බොක්ස් ගිටාර් එක ගෙනාව. දැන් ඒක වාදනය කර කර ආයෙත් ගීතයේ තාලය කියනව....

    ලලලලාලල ලාල ලාලේ.... ලලලාලේ...

    ඇස් පියාගෙන අහගෙන හිටපු අපේ පද රචකය මෙන්න ලියාගෙන ලියාගෙන යනව.... එක යාළුවෙක් තාලය දෙනව... ඒ තාලයට අනුව අපේ අනිත් යාළුව ලියාගෙන ලියාගෙන යනව... වැඩේ හරි විනාඩි 10යි... සින්දුව ලියල ඉවරයි... නිකන් ක්ෂණික නූඩ්ල්ස් එකක් හැදුව වගේ... යාළුවො දෙන්න ඇරෙන්න අනිත් අය කට ඇරගෙන බලන් ඉන්නව පුදුමෙන්.. සංගීතඥයට දැන් දුකයි....

    තරහ වෙන්න එපා බං... නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද... අනික මට උඹේ සින්දුවක් නැතිව බෑ...තේරෙනවනේ උඹට
    තේරෙනව තේරෙනව... දැන් හරිනෙ බං... නිදාගන්න දීපන්කො දැන්වත්....

    හරි ඔන්න ඔහොම තමා ගීතය නිර්මාණය උනේ.... මේ කතාවෙ තියෙන ලස්සන ඒක නෙමෙයි යාළුවනේ... අන්තිමට අර මුළු ඇල්බම් එකෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ මේ මහ රෑ අවදිකරවල, පෑනට අතට තියල, නිදිමතේ ලියවපු ගීතය... තව දෙයක් මේ ගීත රචකයත්, සංගීතඥයත් අපිට මේ ගීතය ලබා දෙන්න කතාකරගන්න මුලින්ම මුණ ගැහුනෙ කනත්තක... ඒවගේම තමා අපි ගීතය අහන, රස විදින මේ මොහොතෙදිත් ඒ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් වෙන්වෙලා ගිහින් සැතපෙනවා කනත්තක......

    පද රචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්
    තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
    ගායනය - ටී. එම්. ජයරත්න


    මේ ගීතයේ වචන මම දාන්නෙ නෑ... හේතුව තමා සමහර ගීත තියෙන්නෙ කියවන්න, විචාරය කරන්න නෙමෙයි හදවතින් විදින්න..... එහෙනම් ඒ අපූරු විදයට නිර්මාණය වූ ගීතය හදවතින්ම විදින්න යාළුවනේ...


    මේ මිනිස්සු ගැන මොනවා කියන්නද මන්ද මචන්..:D:D
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    418728_247914585282829_100001928676837_579300_1997117171_n.jpg
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    රුචිර පරනවිතාන කියන්නේ බදුල්ලේ කෙනෙක් ද මචන්.මත් එහෙ නිසයි ඇහුවේ..:D:D


    එහෙම නම් හරියටම දන්නෙ නෑ මචන්........
    :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මම ත්‍රෙඩ් එකේ ඔක්කොම පෝස්ට් කියවල පෝස්ට් කරන්න හිටියොත් මේක දාන්න වෙන්නෙ නෑ....
    ඒ නිසා මම මෙහෙම මේ සිංදුවයි නිධාන කථාවයි කියන්නම්.....

    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ

    අපටම වෙන් වුණු අපගේ ලෝකය
    යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
    දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
    කවදා හමුවේදෝ

    සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
    ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද
    පමන් හැඟුම් මැද අප හමුවන දින
    කවදා ළං වේදෝ.........................




    එක තරුණයෙක් තරුණයෙක් තරුණියක් එක්ක පෙම් සම්බන්ධතාවයක් පටන් ගන්නවා...
    තරුණයා ටිකක් පෝසත්, තරුණිය දුප්පත්.....
    ටික කාලයක් යනකොට තරුණයගෙ දෙමව්පියන් මේ සම්බන්දෙ දැනගෙන මේකට විරුද්ධ වෙනවා..... තරුණිය දුප්පත් නිසා.....
    අවසානෙදි මේ තරුණයට සිද්ධවෙනවා තරුණිය ගෙන් වෙන්වෙන්න....
    ඒ විතරක් නෙමෙයි ගෙදරින් ගෙනාව යෝජනාවක් අනුව මෙයා වෙන කෙල්ලෙක්ව කසාද බඳිනව...
    ටික කාලෙකට පස්සෙ මේ දෙන්න යාළුවො කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යනව, ඒ යන ගමනෙදි කන්දක් මුදුනෙ තියෙන එක දේවස්ථානයකටත් කට්ටිය යනවා.....
    හුටා!!!
    එතනදි තරුණයා දකිනවා කලින් එයාගෙ පෙම්වතිය කන්‍යා සොයුරියක් විදිහට ඒ දේවස්ථානයේ ඉන්නවා........

    ඉතින් මෙන්න මේ කථාව අල්ලලා තමයි මේ සිංදුව ලියල තියෙන්නෙ (කියලයි මම මේ සිංදුව ගැන අහල තියෙන්නෙ)
    ඇත්තටම ගොඩක් ප්‍රේම කථා ඔය විදිහටඅවසන් වෙනවා...


    තවත් එක දෙයක්...
    අපි පංසලකට,දේවාලෙකට ගියාම අනිත් හැම දේකටම වඩා අපි ප්‍රාර්ථනා කරන්න ඕනි හිතේ දුක් නැතිවෙන්න කියල....

    මේ සිංදුවෙත් තියෙනව..
    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ.........
    කියල

    ඔන්න ඔහොමයි කථාව...
    කලින් කවුරු හරි දාල තියෙනවනම් සමාවෙන්න!
    දැන් තියෙන සිංදු වල මෙලෝ රහක් නැති නිසා
    හොඳ රසවින්දනයක් ,අර්ථයක් තියෙන සිංදු ගැන විස්තර තියෙන ත්‍රෙඩ් එකට මමත් දන්න දෙයක් දැම්මා ඔන්න....
     
    Last edited:
    • Like
    Reactions: Chinthaka_tc

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ත්‍රෙඩ් එකේ ඔක්කොම පෝස්ට් කියවල පෝස්ට් කරන්න හිටියොත් මේක දාන්න වෙන්නෙ නෑ....
    ඒ නිසා මම මෙහෙම මේ සිංදුවයි නිධාන කථාවයි කියන්නම්.....

    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ

    අපටම වෙන් වුණු අපගේ ලෝකය
    යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
    දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
    කවදා හමුවේදෝ

    සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
    ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද
    පමන් හැඟුම් මැද අප හමුවන දින
    කවදා ළං වේදෝ.........................




    එක තරුණයෙක් තරුණයෙක් තරුණියක් එක්ක පෙම් සම්බන්ධතාවයක් පටන් ගන්නවා...
    තරුණයා ටිකක් පෝසත්, තරුණිය දුප්පත්.....
    ටික කාලයක් යනකොට තරුණයගෙ දෙමව්පියන් මේ සම්බන්දෙ දැනගෙන මේකට විරුද්ධ වෙනවා..... තරුණිය දුප්පත් නිසා.....
    අවසානෙදි මේ තරුණයට සිද්ධවෙනවා තරුණිය ගෙන් වෙන්වෙන්න....
    ඒ විතරක් නෙමෙයි ගෙදරින් ගෙනාව යෝජනාවක් අනුව මෙයා වෙන කෙල්ලෙක්ව කසාද බඳිනව...
    ටික කාලෙකට පස්සෙ මේ දෙන්න යාළුවො කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යනව, ඒ යන ගමනෙදි කන්දක් මුදුනෙ තියෙන එක දේවස්ථානයකටත් කට්ටිය යනවා.....
    හුටා!!!
    එතනදි තරුණයා දකිනවා කලින් එයාගෙ පෙම්වතිය කන්‍යා සොයුරියක් විදිහට ඒ දේවස්ථානයේ ඉන්නවා........

    ඉතින් මෙන්න මේ කථාව අල්ලලා තමයි මේ සිංදුව ලියල තියෙන්නෙ (කියලයි මම මේ සිංදුව ගැන අහල තියෙන්නෙ)
    ඇත්තටම ගොඩක් ප්‍රේම කථා ඔය විදිහටඅවසන් වෙනවා...


    තවත් එක දෙයක්...
    අපි පංසලකට,දේවාලෙකට ගියාම අනිත් හැම දේකටම වඩා අපි ප්‍රාර්ථනා කරන්න ඕනි හිතේ දුක් නැතිවෙන්න කියල....

    මේ සිංදුවෙත් තියෙනව..
    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ.........
    කියල

    ඔන්න ඔහොමයි කථාව...
    කලින් කවුරු හරි දාල තියෙනවනම් සමාවෙන්න!
    දැන් තියෙන සිංදු වල මෙලෝ රහක් නැති නිසා
    හොඳ රසවින්දනයක් ,අර්ථයක් තියෙන සිංදු ගැන විස්තර තියෙන ත්‍රෙඩ් එකට මමත් දන්න දෙයක් දැම්මා ඔන්න....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

    :nerd:

    දිගටම ලියන්න :D
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මම ත්‍රෙඩ් එකේ ඔක්කොම පෝස්ට් කියවල පෝස්ට් කරන්න හිටියොත් මේක දාන්න වෙන්නෙ නෑ....
    ඒ නිසා මම මෙහෙම මේ සිංදුවයි නිධාන කථාවයි කියන්නම්.....

    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ

    අපටම වෙන් වුණු අපගේ ලෝකය
    යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
    දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
    කවදා හමුවේදෝ

    සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
    ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද
    පමන් හැඟුම් මැද අප හමුවන දින
    කවදා ළං වේදෝ.........................



    නියමයි සහෝ.............. බොහොම ස්තූතියි අපිත් එක්ක දන්න දේ බෙදාගත්තට..........
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

    අපි බලනවෝ...එහෙම කරන්න එපෝ...:no::no::no::no::no::no: