පුරා දින දෙකක් තිස්සේ ඉතා මත් අසාවෙන් හා නොඉවසිල්ලෙන් කාර්යාලයේ රාජකාරි මැද අද තමයි මේ හූය කියවා අවසන් උනේ.දේශපාලන ආගම් ජාති බේද ඇති කරගෙන එකිනෙක මරා ගන්නා අනෙක් හූයන්ට මේ හූය කදිම ආදර්ශයක්.2010 වර්ශයේ මම එලකිරියට සම්බන්ද වු දා සිට අද දක්වා මම දැකපු හොදම හූය මෙයයි.ප්‍රතමයෙන්ම මේය ආරම්භ කල අයටත් .එය සාර්තකව ඉදිරියට ගෙන යන හැම දෙනාටමත් මම හිස නමා ආචාර කරම්
හුදෙක් ගීතයක් යනු හදවත සනසවනක් මිස හද වත විකාර සිතුවිලි වලින් පුරවන්නක් නොවේ.ගීතයක් රචනය,තනු නිර්මානය,ගායනය හා එය විචාරය තුලින් ම්නිස් සිත් සතන් දියුණු කිරිම,සැනසවිම හා නිවිම සිදු වේ නම් එය මහා පුණ්‍ය කර්මයකි.
අපගේ අවාසනාවට බොහොමයක් වර්මාන ගීතය යනු පුහු ඝෝෂාවන් ගෙන් පිරිනු අතර මැදට කුණු හරප අයිසින් කරනු ලැබු පුහු වචන කිහිපයක් පමණි.කැමැත්තේන් හෝ අකමැත්තෙන් අපට එවා නිතරම බලෙන් ඇසෙන හෝ අස්වනු ලබයි.
මේ හුය කියවන විට මා මානසිකව ලැබු අස්වැසිල්ල වචනයෙන් විස්තර කල නොහැකිය. මා මෙතුවක් කල් සොය සොයා සිටි රසවින්දය මේ තුලින් නැවත ලැබි ඇත.එ පිලිබදව මෙය සාර්තක කර ගැනිමට දායක වන සැමට අනේක වාරයක් පිං දෙම්.







