ලස්සනයි සහෝදරය... නියමයි.... මටත් ගීතයක් මතක් උනා මේ වෙලාවෙ...ඊයෙ අපේ ගෙදරට අසල්වාසියෙක් ගොඩවැදුනා. ඔහු තාමත් අවිවාහක උනත් විවාහ විය යුතු වයස පසුකර ටික කාලක් ගියපු කෙනක්.. මම හේතුව නොදන්නව උනාට මේ දවස් වල ඔහුට වැඩිපුරම ඇහෙන වචනය "කසාද බැදපන්" කියන ඒක කියල නම් දන්නවා. බදින නොබදින ඒක එයාගෙ තීරනයක් උනත් අපේ සමාජයේ හැට් එහෙම තමයි...........
ඔහු ගෙට ගොඩවුනු ගමන්ම කලේ අපේ පූසව අල්ලගෙන හුරතල් කරන ඒක. "අයියට පූස් පැටියෙක් ගෙනත් දෙන්නද?....... " "එපා මල්ලී හිටපු එකා කොහේ ගියාද දන්නැ.. දැන් මාස 2 විතර වෙනවා උ ආවෙනෑ. ඊට පස්සෙ සත්තු හදන්න එපා උනා මල්ලී......"ඒ කලකිරුනු මුහුනෙන් යුතු ඔහුගේ පිලිතුරයි...... මේ පිලිතුර මාව ඒ විගසින්ම මාව මේ නූල වෙත ගෙන ආවා.. ඒ අපේ යාලුවෙක් ගීතයක් ගැන අදහසක් ඉල්ලලා කරල තිබුනු ඉල්ලීමක් වෙත..... මේ ගීතය මට පේන්නෙ ඔහුගෙ ඇසින් ඒක කොතරම් දුරට සාධාරනද කියන ඒක ඔයගොල්ලො තීරනය කරන්න.....
සියල්ල ඉදිරී ගරා වැටුනු දා
ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
දැන හදුනාගත් තනිකම නුඹටත්
මා හැරයන්නට සිදුවෙයි නැවතත්
තමන් මුලු ලොකයටම වැඩිය ආදරෙ කරන කෙනා තමන්ව දාල ගියාම තමන්ගෙ මුලු ලෝකයම කඩාවැටෙනව... මුලින්ම ඉදිරිලා වැටෙනවා. ඒක තමයි ආදරේ හැටි........ මම එයාට ඇත්තටම ආදරය කලා. ඒක නිසා මගේ කෙල්ලට හැරෙන්න වෙන කිසි කෙනෙකුට ඒ හදවතේ ඉඩනෑ.. ඒ මගෙ මනුස්සකම වෙන්න ඇති. ඒ මනුස්සකම හින්දම වෙන්න ඇති මම මෙතක් කාලක් තනිවම හිටියේ. නමුත් ලගදිම ඒ තනිකමට මගෙන ඇත් වෙන්න සිද්දවෙනවා. බොහොම ලගදීම........
ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ලඳක‍් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙළෙසේ
මතකයක් එක්ක ජීව්තේ හැමදාම තනිවෙන්න බෑ. මේ සමාජයේ පවතින්න නම් කසාද බදින්න ඔනා. දරුවො හද්න්නත් ඔනා. ඒක නිසා හෙට මගේ ජීවිතයට ලදක් ඒවී. නමුත් මට ඇයට මල් යහනාවක පහස දෙන්න බැරි වේවි. ඒ, ඇය මට මේ ලොකයේ තවත් ඒක් කාන්තාවක් පමනක් වීම නිසා. මොකද මගේ මුලු ලෝකයම වුනු මගේ රත්තරන් කෙල්ල මා ලග නෑ......... ඒ නිසා ඇත්තටම මම හිතින් තනිවෙලා. කොහොම නම් ඒ තනිකම අමතක කරන්නද?...........
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා
මම මුලු ලෝකයම දෙවෙනි කරල ආදරය කරපු මේ මුලු ලෝකයටම වඩා විශ්වාස කරපු මගේ මුලු ජීවිතයම වුනු ඇය මාව දාලා ගියානම් මම කොහොමද මේ කාන්තාවක් විශ්වාස කරන්නෙ...... මොකද මැය මගේ ආදරිය නෙවෙයි.... ඒ නිසා මම හොදින් විදවපු පාලුව තනිකම මගෙන් ඇතට යාවිද? නෑ ඒහෙම වෙන්න නෑ........ කමක්නෑ මට නැති වෙන්න දෙයක් නෑ.. මම සමාජයේ පවතින්න ඔනා.. ඒ නිසා සමාජය මගෙන් බලාපොරොත්තු වෙන දේ වේවි....... මගේ කැමැත්ත මොකක් උනත්.................
දීගෙක ගියදා නුඹට හැගේවී.... තනිකඩ කම කොච්චරද අගේ........
Last edited:




කියලා ?? 

