හෝර්ටන් තැන්නේ ලෝකාන්තයෙන් පැන ජීවිතය නැති කරගත් ආදරවන්තයිනගේ....ආදරය හදවතට දැනීමෙන් සුනිල් ආරියරත්නයන් ලියූ ගීතයක් බලාපොරොත්තු වන්න..............ඕනිනම් කමෙන්ටස් ටිකක් තියමු බලන්න..........
Last edited:
හෝර්ටන් තැන්නේ ලෝකාන්තයෙන් පැන ජීවිතය නැති කරගත් ආදරවන්තයිනගේ....ආදරය හදවතට දැනීමෙන් සුනිල් ආරියරත්නයන් ලියූ ගීතයක් බලාපොරොත්තු වන්න..............ඕනිනම් කමෙන්ටස් ටිකක් තියමු බලන්න..........
ගනන් ගන්න එපා සහෝ....... ඔය ඒක එක්කෙනාගෙ හැටි. අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද.........
කෙනක් කියනකොට "හිත මිතුරු සුලග ලග ඒන වැහිවලාවට කියන්" කියල අනික් කෙනා කියනවා "මහරගමට වහිනැතුව වහින්න ඔනෑ තැනකට" කියල
ඔය හැටි, ගනන් ගන්න ඒපා............
හිත රිදුනානම් සමාවෙන්න...මම හිතුවේ ඔබ හිතා මතා ම 1970 කියලා දැම්මා කියලා...
menna lakbima paththare thibune
![]()
අනිවා දාන්නම්........ එක ගීතයක් නම් දැනටම දාල තියෙන්නෙ...."ඔබේ සිනා ලග" ගීතයෙ පොඩි කතවක් තියනවා.........මේ ගීතය දිහා ඒක පාරටම බැලුවාම පොඩි අඩුවක් වගේ පේනව නේද?.....
කතාව දාන්නම් හැබැයි තව ප්‍රතිචාර ඔනා..........ඒක ලග විචාර තියන කොටත් ඒකෙ අගයක් නැති වෙනවා
මෙකෙ 3 වෙනි verse එක නෑ. මම අහල තියෙන විදියට 3 වෙනි verse එක තිබිලා තියෙන්නෙ කොලේ අනිත් පැත්තෙ.recording කරද්දි ඒක දැකලා නෑ.
මට සන්තෝසයිබන් උඹල හින්ද.... දැන් මම හෙට මැරුනත් ... බොරු ප්‍රවෘත්ති පැත්තක දාල නිවැරදි තොරතුරු හොයන අය ඉන්නව... මේක ගැන මම දන්න දේවල් කිසි දෙයක් දාන්නෙ නෑ... උඹල දාපල්ල... තොරතුරු හොයන්න ඉගෙන ගනිල්ල.... ඔක්කොම තොරතුරුටික වැටුනම මම කියන්නම්.
උඹල මුල ඉදල මම පෝසට් දාපු ටයිම් එකත් එක්ක බලපන්... මහ රෑ.. උදේ පාන්දර මම ගීත විචාරයන් දාල ඇති chamal89 and vekee දන්නව මම එහෙම දැම්මෙ උබල හින්ද බව... දැන් මට පට්ට සන්තෝසයි... දැන් මම උඹලට පොවල උගන්නල රසේ පෙන්නපු පාරෙ යන්න ගොඩාක් අය ඉන්නව.... මෙන්න උදාහරණ... USER52, maheshsenadheera, dath kibula, wageesha87, gora, chamal89, *danushka* and so more i cant remember there so many PMs to me....
යාළුවනේ මම තවත් මෙතන විචාරය දැමීම පට්ට අපරාදයක් මොකද උඩින් සදහන් කරපු උන්ට(දත් කිඹුලා හැර) රසට දැන් හිතට වැදිලා.... මම, කිඹුල දන්න හැම සබ්බ සකලමනාවම දැම්මොතින් උන්ට හොයන්න දෙයක් නෑ.... තේරෙනව නේද.... මමත් කිඹුලත් අපි සුවිසේෂ වූ ගීත පමණක් මින් ඉදිරියට දාන්නම් ..... අනික්වා නොදා ඉන්නම්.....
(මගේ අදහසක් පමණයි මීට විචාර අවැසියි.... විශේෂයෙන්ම USER52, maheshsenadheera, dath kibula, wageesha87, gora, chamal89, *danushka* හා මගේ පට්ට බොක්කවල් තිදෙනා ක්ලබ්එල්කේ, අයිවි ස්ටයිල් හා මගේ හොදම යාළු තෝමියන් කියන දේ අසමි... මොනවා උවත් දත් කිඹුලා අයියාට ප්‍රමුකත්වය දෙමි.... ) ස්තූතියි........
මම ඉංග්‍රීසි ගීත ගැන විචාරය කරන්න කැමති නෑ......
ඒත් මම ඒව ගැන් අම්බානෙක නිධාන කතා දන්නවා... උඹලව අඩවන්න පුළුවන් ඒව.... මොකද කියන්නෙ දැම්මොතින් චාටර් වේවිදි.... අදහස් දෙන්නෝ........
ප.ලි.
ලංකාවේ සංගීතඥයන් පවසන පරිදි සංගීතය සැපයීම ලොකෙන්ම අපහසු ඉන්දියානු සංගීතය දෙවෙනි අපේ රටලු... ඉංග්‍රීසී ගීත ගේමක් නෑලු....
මෙකෙ 3 වෙනි verse එක නෑ. මම අහල තියෙන විදියට 3 වෙනි verse එක තිබිලා තියෙන්නෙ කොලේ අනිත් පැත්තෙ.recording කරද්දි ඒක දැකලා නෑ.
නැගෙනියගේ ප්‍රේමයට එරෙහිවන කිසිදා පෙම් සුව විද නොමැති සිය වැඩිමහල් සොයුරා වෙත කරන දුක්බර ආයාචනය අදාර්ශමත් ආයාචනය "පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා"
මෙයද මගෙ හදවතෙ ගැබුරුම තැන් ස්පර්ශ කල ගීතයක් කිවහොත් නිවැරදියි.නැගෙනියගෙ ප්‍රේම සම්භන්දයට සිය සොයුරා විරුද්ධ උවද නැගෙනිය ඔහු කෙරේ වෛරයක් නොබදියි මක් නිසාද යත් සිය සොයුරා කිසිම දිනක පෙම් කල කෙනෙක් නොවන බැවිනි. කිසි දින පෙම් නොකල ඔහු කෙසේ නම් ප්‍රේමයක ඇති සුවය කෙසේ නම් හදුනන්නද නමුත් යම් දිනෙක් ඔහුද ප්‍රේම කලහොත්
ඔහුටද ආදරයෙ සුව දැනෙවි අන්න එ දිනයෙ ඔහු මා විදී වේදනාව හදුනා ගනි එදාට ඔහු මට සමා දෙවි.අයියන්ඩියේ ඔබ මා ප්‍රේමයට කොතරම් මුරකාවල් වැටකඩොලු බැන්දද ඔබ කෙසේ නම් මා සිතට වැට බදින්නදඔබ කොතරම් මා ඔහුගෙන් වෙන් කලද මා හදවත් ඔහුගෙ දෙපතුල මත පුදදි හමාරය ඔබෙ රැකවල් කොතරම්
දැඩි වුවද මා සිත කෙදිනක වත් වෙනස් කල නොහැක මතු යම් දිනයක මෙ රැකවල් සියල්ල සිද බිද දමා මා
ඔහුගෙ විජිතයේ කිරුලු පලදින්නෙමි නමුත් මා අතිතයෙ චිත්‍රා කුමරියමෙන් ඔබ සිත රිදවා කිසිදින ඔහු වෙත නොයන්නෙමි
යමි දිනෙක ඔබගේ ආශිර්වාදය තුලින්ම මෙය ජය ගන්නෙමි මෙය ආදර්ශමත් ගියක් යැයි මා කියන්නට හේතුවද මෙයමයි
වර්තමාන පෙම්වතියක් නම් සොයුරගෙ තියා කිසිවකුගෙ අන නොතකා පෙම්වතා සමග පලා යැම අද සුලභ සිදුවිමකි
මෙවන් ගීතයකින් සමාජගත කරවන පණිවිඩය වන්නෙද ප්‍රේමය හමුවෙ ඉක්මන් තීරණ නොගෙන මනා අවබොදයකින් යුතුව
තින්දු තීරන ගත් යුතුය යන්නය.
පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
යාළුවනේ මම කලින් වගේම ඔන්න අදත් අරන් ආවෙ නිධාන කතාවක්... හැබයි ගැටළුවක්............ මේකෙ නම් ගම් එළි කරන්න බෑනේ මොකෝ කරන්නෙ... මෙහෙම්ම දාමුනේද.........
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ
අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද
අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද..
පද - අජන්තා රණසිංහ
ගායනය - දයාරත්න රණතුංග
මීට වඩා විචාරයක් මට කරගන්න බෑ යාළුවනේ... ඒ ගැන මට සමාවෙන්න.... මොකද මමත් පට්ට විදියට හැගීම්බර වෙන නිසා.... ඔබගේ අදහස් දෙන්න.... ඔබගේ ඉල්ලීම නිසයි දැම්මෙ හොදේ... අදහස්නම් ඕනිමයි...............
පට්ට ඈ...........ඔන්න මට පුලුවන් විදියට උදව්කරා........
මේක කරගෙන යන අයට හෙල්ප් 1ක් දීපල්ල.
මට මොකවත් ඕනි නෑ......
පහල තියෙන ලින්ක් එකේ ගීතය සහ තේරුමය් 2කම දාලා තියනව
(ගොඩක් ගීත වල, අනෙක් එව්වත් ටිකටික දාන්නම් ............. )
All songs & meaning can download ONE SHOT
…This is a help for Great thread......
Thanks 4 sasliit & other partners.
https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128
[FONT="]එළකිරියෙහි නිලනොලත් ගීත භාන්ඩාගාරය වූ [/FONT]Thilzz [FONT="]සොයුරිය, ඇගේ ප්‍රියතම ගීතය ලෙස දක්වා තිබූ මේ ගීතය, ඇය එළකිරි ගීත ලෝලීන් වෙත කරන මුදුනත් බැද පැසසිය යුත් සේවය නිසාම මෙසේ විචාරයට ලක් කරමි.....!!![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නොලද ප්‍රේමයේ විරහව සහ කදුළ..................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි............[/FONT]
[FONT="]පා......................ළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් ඉල්වන[/FONT]
[FONT="]බලාපොරොත්තුව පැතුම ඇයයි ඊ.....ඊ......[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
[FONT="]අසාර වූ මහ පොළොව මමයි[/FONT]
[FONT="]ගලා බසින දිය දහර ඇයයි//[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]
[FONT="]සදාකාලික වු සැපත ඇයයි........ඊ....ඊ......[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
[FONT="]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]
[FONT="]පිපී වැනෙන මල් පොකුර ඇයයි//[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]
[FONT="]අදුරු වේදනා කැටිය ඇයයි.......ඊ.....ඊ......[/FONT]
[FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
[FONT="]ඈත දිලෙන තනි තරුව[/FONT]
[FONT="]ඇයයි!![/FONT]
[FONT="]පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේව ගුරුදේවයාණන් විසින් සිය මුල් යුගය තුළ ගායනා කල, හෙළයේ පිනට පහල වූ කිවියාණන් වූ මහගම සේකරයානන් ගේය පද රචනා කළ අතිශය ම සිත් අලවන, සිත් නලවන, නිවා සනහන අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීයකි මෙය.[/FONT]
[FONT="]තරුණයෙකු සිය හද දිනූ යෞවනිය කෙතරම් අගය කරනවාද යන්න මෙතරම් හිත් කාවදින අන්දමින් හෙල සුභාවිත ගීත සාහිත්‍ය තුළ සනිටුහන් කල අන් අවස්ථාවෙක් සෙවීම පවා උගහට බව මා ගේ හැගීමය. ඔහු නිතොරවම ජීවිතයේ දුක, වේදනාව, රළු කරළු බව පෙන්වන සංකේතය ලෙස තමාවම තබා ගනී. තම සිත් පැහැරගත් ලලනාව දිවියෙහි සකල යහපත, සුඛය, දීප්තිය බව පෙන්වාදෙයි.[/FONT]
[FONT="]ඔහු පාලු අදුරු අහසකි. එවන් රාත්‍රියකට සහන් එළියක් දෙන එකම තරුව වන්නී මෙම යෞවනියයි. ගණදුරු රැයක තනි තරුවක් අප ගේ සිත් තුළ ඇති කරන ආලෝලනය අමරදේවයෝ ස්වකීය ගැඹුරු නාසික ස්වරයෙන් අපේ හදවත තුළ ඇති ගැඹුරුම තැන තැන්පත් කරති. ඇය මුළු ජීවිත කාලයම ඔහු ගේ ස්වර්ගීය අපේක්ෂාවය. ඔහු ගේ හදවත ඉල්වන බලාපොරොත්තුව-පැතුම ඇය ම පමණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අසාර වූ මහ පොළොව මමයි[/FONT]
[FONT="]ගලා බසින දිය දහර ඇයයි[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]
[FONT="]සදාකාලික වු සැපත ඇයයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අතිශය නිසරු වූ මහපොළවක් දිය දහරක් විසින් සරු කරන්නේ යම් සේ ද, තම නිසරු දිවිය සරු කරන සුනිල්වන් දිය දහර ඇයම බව ඔහු කියයි. පොළවෙන් පණක් උපදවන්නේ ද, සශ්‍රීක වන්නේ ද දිය ඇති විටෙක පමණි. ඇය දිය දහරකි. මහා ගංගාවක් නොවේ. ගංගාව සියළු දේ රැගෙන යන මුත්, මේ සුනිල්වන් දිය දහර ඔහු ගේ දිවියට මල් ද, ඵල ද එක්කරයි. මේ සැපත මුලු යුග ගණනක සිට ඔහු ගේ හදවත නලවන සදාකාලික වූ සැපතයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]
[FONT="]පිපී වැනෙන මල් පොකුර ඇයයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අදුරු වූ කැලයක් මැද ඇති කටු වලින් ගහන වියළි පදුරු ගොන්නක් මැද පිපී ඇති මල් කිනිත්තක් ඔබේ මනසෙහි මවා ගන්න. හාත් පස ඇති රළු, කර්කශ පරිසරය මැද අර මල් පොකුර ඔබට ලබා දෙන්නේ කිනම් නම අස්වැසිල්ලක් ද? එබදු ය මේ ලලනාව මේ තරුණයාටද. තමා දිවියෙහි විදින නේක දුක්ඛ-දෝමනස්සයන් මැද මේ ස්නේහනීය මල් පොකුර, ඔහු ගේ සියළු සරතැසයන් නිවන දිව සළකුණ වී පවතී[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නමුත්.............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]
[FONT="]අදුරු වේදනා කැටිය ඇයයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ සොදුරු මල් පොකුර කෙදිනකවත් තමා සතු කර ගත නොහැකි බව ඔහු අවසන දී සාක්ෂාත් කර ගනී. එනිසා ඇය ඔහු ගේ හදවත සදාකාලිකවම අදුරු වූ වේදනාවෙන් පුරවා ලන නොලද පෙම බවට පත්වේ..........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිතුරනි, සංගිත භාණ්ඩ ලෙස උඩැක්කියක්, සිතාරයක්, වස්දණ්ඩක් සහ බොක්ස් ගිතාරයක් පමණක් උපයෝගී කරගෙන මේ ගීතය අපේ හදෙහි සියුම් ම තැන කරා අමතන මේ අතිශය රමණිය, භාවාත්මක විලාශය බලන්න. මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් අප හදවත් තුල ඇතිවන මේ හැගීම් සමුදාය, ඇත්තෙන් ම වදන් වලට කෙසේ නම් පෙරලන්න ද? නූතනයෙහි කටහඩ මැඩ වැයෙන කර්ණ කඨෝර වාදය වෘන්ද හා සසදන කල, මේ නම් අප සවනෙහි ඕනා මී බිදු නොවේද? මහගම සේකරයන් සරල, සුගම වදන් කීපයකින් ජනිත කරවන මේ රසාස්වාදය, ජීවිතයේ විදි, නමුත් අපේ වදනින් අපට කියා ගත නොහැකි වූ අප සැම ගේ ම අත් දැකීම නොවේද? (මගේ පෞද්ගලික අදහස නම් සේකරයන් වදන් කීපයකින් ජනිත කරවන මේ අර්ථ සහ භාව රසය මතුකරලීමට අප නම් බුදුවනු පිනිස පෙරුම් පුරන තරම් කල්-සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් ම-පෙරුම් පිරිය යුත් බවය!!)අමරදේව ඇදුරුපානන් ගේ අතිශය භාවාත්මක, මධුර ස්වරය, කෙදිනකවත් මේ ගීතය අපේ මතකින් බැහැර නොවන දිව්‍යමය ගීතයක් නිර්මාණය කර ඇති බවය මාගේ මතය නම්............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ සංයමයකින් යුත්, හදවතෙහි ගැඹුරුම අස සොයා යන ප්‍රේම ගීත, අහෝ අද දින අසන්නට නොලැබෙන්නේ අප ගේ දෙසවන කළ කුමන නම් පාපකර්මයක් නිසාද???????????????????[/FONT]