සුන්දර ගීයක ඇරබුම,..

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
අනිවා දත් කිඹුලවත් කොහොම හරි ඇදගෙන කොහොම හරි පැමිණෙමි.... අදහසට උඩින්ම කැමතිය...

උබලා නැති ගීත විචාරයක් අපිට කොයින්ද බන්.
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබලා නැති ගීත විචාරයක් අපිට කොයින්ද බන්.

    අනිවා අපි මේ වෑඩේ කරමු.... ඔය දෙන්නටම තමා පෙරමුන ගන්න වෙන්නෙ .... පුලුවන් උපරිම සහයෝගය අපිදෙනව.. වඩේ ලෑස්තිකර්මු
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අනිවා අපි මේ වෑඩේ කරමු.... ඔය දෙන්නටම තමා පෙරමුන ගන්න වෙන්නෙ .... පුලුවන් උපරිම සහයෝගය අපිදෙනව.. වඩේ ලෑස්තිකර්මු

    හරි අනෙත් අයගේ අදහස් බලලම අපි වැඩේ පටන් ගමු
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න

    දෙවන කොටසට මෙතනින් යන්න

    තෙවන කොටස

    මෙතනින් බාගන්න

    මාර පොරක්නෙ බන්.......... මේවැඩේ නම් සුපිරියි....... නිදි වරාගෙන කට්ට කාගෙන ටයිප් කරපුවට දුකනෑ මචන් මේව දකිද්දි...........
    මේ අදහස් කියවල අඩුගානේ කියෙව්ව කියල හරි ප්‍රතිචාර දුන්න අය නිසා තමයි මේ නූල ඉදිරියට යන්නේ............මගේ විතරක් නෙවෙයි හැමොගෙම අදහස් වලට ප්‍රතිචාර ලබා දුන්නු හැමූටම ස්තූතියි......... (නම් වලින් කියන්න බැරි උනාට සමාවෙන්න )
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    මම තෙරෙඩ් එක දැම්ම, ඔයාල ලස්සනට වැඩේ කරගෙන යනව..දැනෙන සතුට කියා ගන්න බෑ මචන්,,,:):)
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මම තෙරෙඩ් එක දැම්ම, ඔයාල ලස්සනට වැඩේ කරගෙන යනව..දැනෙන සතුට කියා ගන්න බෑ මචන්,,,:):)
    ඒක ඇත්ත මචන්. උබට පින්...............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................

    දෙවැනි බුදුන් ලෙස................

    අපේ මව් ගූණ ගී වල සැමදා ඇසෙන දසමසක් කිරි දීම, ලේ කිරි කර දීම, ඇකයේ හොවා ගෙන හිදීම ආදී සම්ප්‍රදායික වට්ටෝරුව නොමැතිවම අපේ සිත හඩවන්නට, ගීතය අසා හඩන්නට තරම් වූ බර සිතිවිලි සමුදායක් හදවත තුළ ජනිත කරවන ගීයකි, මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් විරචිත මේ ගීතය.
    මේ ගීතයේ උපත පිළිබද ව ගීතය ගයන ගදඹාණන් වූ සුනිල් එදිරිසිංහයන් වරක කතා කලා.
    "මගේ මව ගේ අභාවය සිදු වූ මොහොතේ පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මා මව් ගුණ ගීයක් ගයා නෑ නේදැයි විමසුවා. එතුමා මවු ගුන ගීය ලියා මා අතට පත් කරන විට මේ ගීවට සංගීතය රචනා කළ රෝහණ ගේත් මව් මිය ගිහින් ඉතා ටික කලක්. මේ ගීතයේ පටිගත කිරීම් තල පළමු දවසේ පටිගත කිරීම කරන්නට වුනේ නෑ. මා ශබ්දා ගාරයේ මේ පස සිටත්, රෝහන ශබ්දාගාරයේ අනෙක් පස සිටත් වැලපීම එයට හේතුවයි. ඉතින් අප දෙදෙනාම වෙන දිනකයි මේ ගීතය ගයා පටිගත කලේ."

    දෙවැනි බුදුන් ලෙස - ලොව ම උවම් කළ

    ලොවක පිදුම් ලද - ලොවට උතුම් ළද...........
    අම්මා.........අම්මා....
    අම්මා..............

    දෙසවන් සනසා මා නැළවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට - මා සිප ගන්නට ඔබ මා ළග නැත...............
    අම්මා.........අම්මා....
    අම්මා..............

    ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ - ළතැවුල් නසනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා දින - මා සිප ගන්නට ඔබ මා ළග නැත...............
    අම්මා.........අම්මා....
    අම්මා..............

    ඇය දෙසවන් සනසා දරුවාව නළවන අතරම කියා දෙන්නේ ඒ මියුරු මියැසියේ අර්ථයයි. නමුත් අප ඒ මියැසිය ගයා ලොවම රසවත් කරන විටදී අපේ මව්වරුන් අප ළග නැති අරුමය, අපි බොහෝ දෙනා විදින, විදවන හැගීම් බරිත අත්දැකීමකි.
    මව ගේ සමහර කෝටු පහර වල් අපට වැදී ඇත්තේ සිරුරට නොව සිතටය. නමුත් ඒ කදුලැල්ල විද අපි ලොවට ම අභියෝග කරන තරම් දිරියක් ගොඩනගා ගනිමු. එසේ ලොවම දිනන දිරිය අප තුල මැවූ මෑණියන් අප ලොවම දිනන දිනය වන විට නොමැති වීමෙන් පුතකු සිත තුළ උපදින ළතැවිල්ලය මේ ගැයෙන්නේ.
    මා මේ ගීතය ගැන එතරම් තකා නොකරමි. අසන්න.......මේ ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ඔබේ හදවත පතුලටම ඇසෙන ඒ හැගීම් බර කටහඩ පමණක් අසන්න.........පසුව නිසංසලව හිදින මොහොතක ඔබේ හදවත පත්ලෙන් ඇසෙන මේ ගීතයේ දෝංකාරය ඔබේ හදවතට පවසන දේ මෙහි සදහන් කරන්න....................
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ලැබිල තියන ප්‍රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
    කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි.. පොඩි කතාවක් කියන්නම් මගේ යාලුවෙක් උගේ ගමේ ගිය වෙලාවක වනජීවී ඒකයි ගමේ මිනිස්සුයි ඒකතුවෙලා මිනීමරු අලියෙක් අල්ලලා තියනවා. ඉතින් මේ යාලුවත් පන්සලේ ලොකු හාමුදුරුවොයි මේ අලියව බලන්න ගිහිල්ල තියනවා. ටික වෙලාවකින් කලු කෙසග පුද්ගලයෙක් බොහොම දුක් මහන්සියෙන් පොල් අතු වගයක් ඇදගෙන ඇවිත් මේ අලියට දීල හාමුදුරුවන් ලගට ඇවිල්ල කිව්වලු "ගෙට බරවෙලා තිබ්බ පොල්ගහ කැපුවා හාමුදුරුවනේ" නැවත ටිකක්වෙලා කල්පනා කරපු ඔහු ඔලුව කසන ගමන් කිව්වලු "දරුවා මරපු එකා නම් තමයි හාමුදුරුවනේ....... දැන් මෙහෙන් ගෙනියන් ඒකේ ආපහු කොයිවෙලාවෙ කන්න හම්බවෙයිද දන්නෙ නෑනෙ"
    මේ අලිය ඔහුගේ වැඩිමහල් ගැහැනු දරුවව මරනකොට ඒ දරුවට අවුරුදු 7යි ලු.
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................

    දෙවැනි බුදුන් ලෙස................

    මා මේ ගීතය ගැන එතරම් තකා නොකරමි. අසන්න.......මේ ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ඔබේ හදවත පතුලටම ඇසෙන ඒ හැගීම් බර කටහඩ පමණක් අසන්න.........පසුව නිසංසලව හිදින මොහොතක ඔබේ හදවත පත්ලෙන් ඇසෙන මේ ගීතයේ දෝංකාරය ඔබේ හදවතට පවසන දේ මෙහි සදහන් කරන්න....................
    මම කොටන වෙලාවෙදි කිඹුල අයියගෙන් විචාරයක්...... ඇත්ත කිඹුල අය්යෙ සුනිල් එදිරිසිංහ "මහත්තයා ඔබ මා ළග නැත" හා "අම්මා" කියන වචන කියන කොට බොක්කටම වදිනවා........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලැබිල තියන ප්‍රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
    කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි..
    ඇත්තට ම මචං අපේ මිනිසුන් සංවේදියි........ඒක ගැන ආයෙ කතා දෙකක් නෑ....නමුත් දැන් තියන සමාජ,ආර්ථික,දේශපාලන ප්‍රවාහ මිනිසුන් අසංවේදී කරනවා. ඒ විතරක් නෙවෙයි, සංවේදී බව මිනිසුන් ගේ දුර්වලකමක් කියල මිනිස්සුන්ට හිතවනවා...........
    ඒ චින්තනයට විරුද්ධව තමා මගේ මේ වෑයම...........
    සංවේදිකම කියන්නේ දුර්වල කමක් නෙවෙයි........
    මනුස්සකමේ එක් ගුණාංගයක්.........!!!!!!!!!!
    මේවගේ ගීතයක් අහල ඇස්වල කදුළු පිරෙන්නේ නැත්නම් ඒ මනුස්සයෙක් නෙවෙයි....නරුමයෙක්...........!!!!!!!!!!!!!!!!!!
     
    මසුරං කතාව මචන්..මිනිස්සු මැෂින් වෙලා...:(:(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ලැබිල තියන ප්‍රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
    කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි.. පොඩි කතාවක් කියන්නම් මගේ යාලුවෙක් උගේ ගමේ ගිය වෙලාවක වනජීවී ඒකයි ගමේ මිනිස්සුයි ඒකතුවෙලා මිනීමරු අලියෙක් අල්ලලා තියනවා. ඉතින් මේ යාලුවත් පන්සලේ ලොකු හාමුදුරුවොයි මේ අලියව බලන්න ගිහිල්ල තියනවා. ටික වෙලාවකින් කලු කෙසග පුද්ගලයෙක් බොහොම දුක් මහන්සියෙන් පොල් අතු වගයක් ඇදගෙන ඇවිත් මේ අලියට දීල හාමුදුරුවන් ලගට ඇවිල්ල කිව්වලු "ගෙට බරවෙලා තිබ්බ පොල්ගහ කැපුවා හාමුදුරුවනේ" නැවත ටිකක්වෙලා කල්පනා කරපු ඔහු ඔලුව කසන ගමන් කිව්වලු "දරුවා මරපු එකා නම් තමයි හාමුදුරුවනේ....... දැන් මෙහෙන් ගෙනියන් ඒකේ ආපහු කොයිවෙලාවෙ කන්න හම්බවෙයිද දන්නෙ නෑනෙ"
    මේ අලිය ඔහුගේ වැඩිමහල් ගැහැනු දරුවව මරනකොට ඒ දරුවට අවුරුදු 7යි ලු.

    :(:(:(:(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................

    දෙවැනි බුදුන් ලෙස........
    ඈඩෙනව ....
    නියමයි කිබුලො.... ඈර ඈර් ඈරරරරරරර
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579

    දෙවන කොටසට මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040345&postcount=1584

    තෙවන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040727&postcount=1590

    පටුන සතර වන කොටස

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11924155&postcount=606

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11924963&postcount=641

    රිදි නිම්නය - කදුළු නිම්නය - ඔබය මගේ ජීවිතයේ
    නොදුටු නිම්නය - ඔබය මගෙ ජිවිතයේ............
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11924949&postcount=639

    මගේ පුංචි රෝස මලේ ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11925291&postcount=670

    මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11925732&postcount=693

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11926198&postcount=704

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11927370&postcount=734

    පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
    රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..
    තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
    රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11929397&postcount=766

    සොඬින් නෙළුම් මල ගෙනියන
    බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
    යදම් අමතක ද පා රැඳි විලංගුවේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11929728&postcount=779

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11929885&postcount=783

    පෙම් කල වරදට මට වද දෙන්නේ
    පෙම් කල හිතකින් නොවන නිසා
    අය්යන්ඩියේ මට සමාව දෙනු මැන
    ආදරයේ සුව දැනුනු දිනේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11929857&postcount=780

    මාලනියේ - ඉන්ද්‍රජාලය
    මා මනසේ - අන්ධකාරය
    මා දෑස සොයනා - ඔබ දෑස නැත
    රුව ඇදුනා.........
    මාලනියේ - නොරැවටෙන්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11930344&postcount=792

    ඇගෙ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට
    ඇය හමුවුණොතින්
    චර පුරුෂයො දැන් මා වටලා
    යන එන හැම තැන මුර දාලා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11931209&postcount=809

    පින්න මලේ සුද ඇන්න ගිහින් වද
    මුහුන පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑ කරේ
    දොර කන්ද කපා හද ගෙට එන්නා...//
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11931343&postcount=816

    මාලති නුබයි
    නුබටත් ආදරේ තමයි
    ජිවිතේ දුකයි
    ගලන්නේ කදුළු මල් දමයි
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11931503&postcount=821

    මලින් මලට ඉගිලුනාට
    සමනළයි නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට
    වන බබරුන් නොවේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11932882&postcount=855

    නිය පෙළ සිදලයි දෑත පාන්නේ
    තුරුලට ගන්නට ආදරයෙන්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11932929&postcount=856

    සැළලිහිනියෝ උබ දන්නේ නෑ
    පෙම් හිතක සුව අදුනන්නේ නෑ
    සාගරය බදු ආදරය දැනුනොත්
    උබ කුඩුවේ ඉන්නේ නෑ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11933650&postcount=877

    වැටෙන් එහා මල් පැදුරේ
    නුබ පිපි වැනේ ඇත නුදුරේ
    මිලින් වුනත් ගණ අදුරේ
    මල් නෙලන්න නම් තහනම්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11933676&postcount=878

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11937052&postcount=910

    සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද -මගෙ සරා සද
    තනිවෙලා මා තනි වෙලා............
    ආ...ආ...ආ....ආ....ආ..........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11937827&postcount=922

    හසරැල්ලක් නුහුරු මුවට.....
    සැනසිල්ලක් නොමැති සිතට.......
    පවනැල්ලක් වත් හමන්න..........
    ජීවිතයේ මද්දහනට........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11938197&postcount=934

    ලා දළු බෝපත්
    සෙමින් සෑලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
    පෙර සංසාරේ ඈසුර මතක් වී...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11938847&postcount=972

    මෙතනින් බාගන්න
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11938590&postcount=957"]http://www.elakiri.com/forum/showpost.php?p=11938590&postcount=957[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11938824&postcount=971"]http://www.elakiri.com/forum/showpost.php?p=11938824&postcount=971[/URL]
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලැබිල තියන ප්‍රතිචාර කියවනකොට මාර සතුටක් දැනෙනවා..........
    කිඹුලා අයියා කියනවා වගේ අපේ මිනිස්සු මාර සංවේදීයි.. පොඩි කතාවක් කියන්නම් මගේ යාලුවෙක් උගේ ගමේ ගිය වෙලාවක වනජීවී ඒකයි ගමේ මිනිස්සුයි ඒකතුවෙලා මිනීමරු අලියෙක් අල්ලලා තියනවා. ඉතින් මේ යාලුවත් පන්සලේ ලොකු හාමුදුරුවොයි මේ අලියව බලන්න ගිහිල්ල තියනවා. ටික වෙලාවකින් කලු කෙසග පුද්ගලයෙක් බොහොම දුක් මහන්සියෙන් පොල් අතු වගයක් ඇදගෙන ඇවිත් මේ අලියට දීල හාමුදුරුවන් ලගට ඇවිල්ල කිව්වලු "ගෙට බරවෙලා තිබ්බ පොල්ගහ කැපුවා හාමුදුරුවනේ" නැවත ටිකක්වෙලා කල්පනා කරපු ඔහු ඔලුව කසන ගමන් කිව්වලු "දරුවා මරපු එකා නම් තමයි හාමුදුරුවනේ....... දැන් මෙහෙන් ගෙනියන් ඒකේ ආපහු කොයිවෙලාවෙ කන්න හම්බවෙයිද දන්නෙ නෑනෙ"
    මේ අලිය ඔහුගේ වැඩිමහල් ගැහැනු දරුවව මරනකොට ඒ දරුවට අවුරුදු 7යි ලු.

    ඈත්ත.. ගමේ තාමත් ඔය ගතිය නියම ශ්‍රී ලාන්කික කම තියනව.. නගරය තුල මිනිසුන් මෑශින් වෙලා කොහේදෝ මන්ද දුවනව... ඒත් කවද හරි දවසක නෑවතිලා බලපුවහම ඈති දෙයක් නෑ ඔහේ දුවල විතර්යි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මාස ගනනක සිට අසා විදින අතිශයින් ම භාවාත්මක ගිතයක් මෙය. අපේ තරුණ ගදඹ පරපුර හරසුන් ගීත ගයතියි කියන මතයට කදිම අතුල් පහරක් මේ ගීතය. ගායනය කසුන් කල්හාර ගෙන්. ගේය පද අප අසා නැති පද රචකයෙකු ගෙන්-අචල සොලමන්ස්. ගී තනු ද අප අසා නැති තරුණයෙකු ගෙන්-රාහුල සමරනායක...............

    ඇය ගේ කදුළ දකින ඔහු ගේ ළතැවිල්ල............

    කදුළු............

    ඊයේ ඇස් වල තිබු කදුළු
    පිසලන්නට බෑ කිව් නිසා.........
    ඒ කදුලේ - ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා......
    සද අදුරට උරුම වෙලා.........

    ආදරයේ කදු බෑවුම් අතරේ......
    කදුළු වලින් මියැදී
    සිනහවෙන් ඉපදී
    ආ හැටි පෙරදී
    කදුලේ ඉපදි වියැකි
    ඒ සුරතල් සිනා......
    ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...............
    ඒ කදුළේ ආදරයේ පැහැයක්..............
    තිබුණා............................!!!!!

    ඇය හඩයි. ඒ හඩන්නේ ඔහු ගැන උපදනා සෙනෙහසිනි. නමුත් ඔහු ඒ කදුලේ ආදරයක් නොමැති බව ම කියයි. ඒ කදුළු පිසදැමීම, ඇය අස්වැසීම ප්‍රතික්ෂේප කරයි. ඒ ප්‍රත්සේප කිරීම ඇගේ සදවන් වුවණත අදුරට බිලිකරවයි...........ඇගේ මුව මැළවී අදුරින් පිරේ.............

    ආදරයේ කදු බෑවුම් අතරේ......
    කදුළු වලින් මියැදී
    සිනහවෙන් ඉපදී
    ආ හැටි පෙරදී
    කදුලේ ඉපදි වියැකි
    ඒ සුරතල් සිනා......

    ඇගේ සිනහව ඔහු ගේ සිත ආලෝලනය කරන ආකාරය වර්ණනා කරන මේ පද දෙස බලන්න. ඔහු අගය කරන ඒ සුරතල් සිනාව ඇරඹෙන්නේ ආදරයේ සදු බෑවුම් අතරය. ඒ සිනාව වරෙක කදුළු වලින් මියැදී තිබූ බව ඔහු දනී. නැවත ඒ සිනහවෙන් ඉපදී, කදුළින් ම ඉපදී, එයින් ම වියැකෙන ඒ සොදුරු සිනාව ඔහු ගේ හදවතේ ඇති කරන හැගීම වර්ණවත් කරන ආකාරය මොනවට විදහා දක්වා ඇති ආකාරය බලන්න.
    ඔහු කල ඒ වරදට, ඇගේ කදුලේ ආදරයක සේයාව නොමැති බව කීමෙන් ඔහු කල වරදට, ඔහු තැවෙන ‍ආකාරයද, ඔහු ගේ හෟදය සාක්ෂිය ඒ කදුලේ ආදරයක් ම පවතින බව අවසන දී පිලිගන්නා ආකාරයද බලන්න.

    ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...............
    ඒ කදුළේ ආදරයේ පැහැයක්..............
    තිබුණා............................!!!!!

    බොක්ස් ගිතාරක් පමණක් හඩවමින්, කසුන් ගේ වර්ණනාවිෂයක්‍රාන්ත වන සොදුරු කටහඩ සමග මේ ගීතය කරන මේ ගනුදෙනුව, මිතුරනි, මොන තරම් සොදුරුද? මේ ගීතයේ කසුන් භාවිතා කරන ගායන උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ හඩ උච්චිවචනය කරමින් කරන මේ ගායනය, දෙවැනි වන්නේ කුමකටද? මා මේ ගීය ගැන එතරම් දීර්ඝ විස්තරයකට නොඑළඹෙන්නේ, මෙය හුදෙක් විද දරා ගත යුතු ගීයක් ලෙස මා හගින බැවිනි.
    අවසන දී සොයුරනි, මේ ගයන්නේ අප අත්විදි අත්දැකීමක් ම නොවේද?????????????
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්තට ම මචං අපේ මිනිසුන් සංවේදියි........ඒක ගැන ආයෙ කතා දෙකක් නෑ....නමුත් දැන් තියන සමාජ,ආර්ථික,දේශපාලන ප්‍රවාහ මිනිසුන් අසංවේදී කරනවා. ඒ විතරක් නෙවෙයි, සංවේදී බව මිනිසුන් ගේ දුර්වලකමක් කියල මිනිස්සුන්ට හිතවනවා...........
    ඒ චින්තනයට විරුද්ධව තමා මගේ මේ වෑයම...........
    සංවේදිකම කියන්නේ දුර්වල කමක් නෙවෙයි........
    මනුස්සකමේ එක් ගුණාංගයක්.........!!!!!!!!!!
    මේවගේ ගීතයක් අහල ඇස්වල කදුළු පිරෙන්නේ නැත්නම් ඒ මනුස්සයෙක් නෙවෙයි....නරුමයෙක්...........!!!!!!!!!!!!!!!!!!

    ඈත්ත කතාව.. අපිට මුලු රටම වෙන්ස කරන්න බෑරි වේවි, සමජයම වෙනස් කරන්නත් බෑරිවේවි.. ඒත් අපිට අපිව වෙනස් කරන්න පුලුවන්.. හිතපල්ල අපි අපිවම වෙනස් කරගත්තොත් එකා එකා වෙනස් වෙලා සමජයම වෙනස් වෙයි. ස්මජය වෙනස් වෙනස් වෙලා රටම වෙනස් වෙයි,,....
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මාර පොරක්නෙ බන්.......... මේවැඩේ නම් සුපිරියි....... නිදි වරාගෙන කට්ට කාගෙන ටයිප් කරපුවට දුකනෑ මචන් මේව දකිද්දි...........
    මේ අදහස් කියවල අඩුගානේ කියෙව්ව කියල හරි ප්‍රතිචාර දුන්න අය නිසා තමයි මේ නූල ඉදිරියට යන්නේ............මගේ විතරක් නෙවෙයි හැමොගෙම අදහස් වලට ප්‍රතිචාර ලබා දුන්නු හැමූටම ස්තූතියි......... (නම් වලින් කියන්න බැරි උනාට සමාවෙන්න )
    [/QUOTE]

    ස්තුත්යි යාළුවා..;)ටිකක් පරක්කු වුනේ ගිය දවස් ටික නිවාඩු නේ..ඒකයි...සමාවෙන්න ඕනේ ඒකට...:rolleyes::rolleyes:
    මගේ සහයෝගය ඉදිරියටත් තියෙනවා ..
    ඉස්සරහට යමු;););)
    [/SIZE]