සුන්දර ගීයක ඇරබුම,..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ලියන දේ ගැන මේ හුයේ රසිකයන් කොතරම් අවධානයෙන් සිටී ද යන්න පැහැදිළි වන්නේ ලැබෙන පී එම් වලිනි. පද නැවත ලිවීමේ දී වරදක් වූවත්, ඒ ගැන ද පී එම් ගණනකින් දැනුම් දෙන්නට තරම් අපේ සොයුරන් අවධානාත්මකයි.
    නුඹලාට පින් සකියෙනි.
    කොතරම් කාර්ය බහුල වුවත් ඉඩ ලද හැම මොහොතකම ගීත විචාරයක් පළකරන්නම්......!!!!!
     
    • Like
    Reactions: nisha500

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපි ලියන දේ ගැන මේ හුයේ රසිකයන් කොතරම් අවධානයෙන් සිටී ද යන්න පැහැදිළි වන්නේ ලැබෙන පී එම් වලිනි. පද නැවත ලිවීමේ දී වරදක් වූවත්, ඒ ගැන ද පී එම් ගණනකින් දැනුම් දෙන්නට තරම් අපේ සොයුරන් අවධානාත්මකයි.
    නුඹලාට පින් සකියෙනි.
    කොතරම් කාර්ය බහුල වුවත් ඉඩ ලද හැම මොහොතකම ගීත විචාරයක් පළකරන්නම්......!!!!!
    ඇර කිබුලෝ ඇර
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    http://www.youtube.com/watch?v=26_wbSHE2ugමේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා //

    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා //

    මේ තරම්...

    ඔය post එක දැක්කහම මටත් මම රස විදපු ගීතයක් ඔයාලට කියල දෙන්න හිතුනා...
    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා // ඔය කියන විදිහට ඉස්සර අපේ ආදී මුතුන් මිත්තන් බුදුදහමට කොඉ තරම් ආත්ම බක්තියකින් හිටියද කියල තමා මේ ගිතහ හරහා අපට කියල දෙන්නේ...අද තාක්ෂණයක් එක්ක කරන්න බැරි දෙයක් නැති ටරම් මොකද කියනවනම් ගැනියෙක් මිනිහෙක් කරන්න පුළුවන් ටරමටම තාක්ෂණය දියුනු වෙලානේ කොයි තරම් තාක්ෂණය දියුනු උනත් අපේ අනුරාද පුරයේ තියන අව්කන බුදු පිළිමය වගේ නිර්මාණයක් අද වෙනකන් බිහිවෙලා තියනවද .. ඇත්තටම අද සහිට්ඨයයේ දියුනුවට රජය මොනවද කරලා දීල තියෙන්නේ පාරවල් කාපට් කරන එකද .. ගුවන් පාලම් හදන එකද ඔව් ඉතින් අද ඉන්න තරමක් ඉන්නේ එක එක ජාතියේ පාලම්කොක්කුනේ .. හිතට එකගව මේ ගැන මට කතා කරන්න හිතෙන්නම නැ බන් ..... එදා අපට කියල නිම කරන්න බැරි තරමේ අග්‍රගන්‍ය
    සහිට්ඨයක් තිබුනා..අද ඒ සහිට්ඨය මොට වෙලා ගන්න දෙයක් ඇත්තෙම නැ ..
    වර්තමානයේ ඉදන් ඒ අතීතයේ සුන්දර සහිට්ඨය වෙත පියමන් කරන පුද්ගලයෙක් විදිහට මේ ගීතය මම දකින්නේ ... ඇත්තටම මේ රළු පරළු ගලකින් මේ වගේ නිර්මාණයක් කරන්න පුලුවන්ද ..අන්තිමට මේ විසිස්ටය නිර්මාණයට
    පන පොවපු පුද්ගලයා හම්බුනා ..දෙවියනේ ඒ වෙන කාඋරුත් නෙමේ කල වැව ලග පුංචි මැටි පැල්පතක් අටවාගෙන ඉන්න ගල් වඩුවෙක් ..... ඔහු මේ
    මේ විසිස්ටය නිර්මාණය කරලා තියෙන්නේ ගල් කටුවකින් හා මිටියකින් ඔහුලගට යන විට ඔහු ගල් තැලුම් හා රිදුම් පිරිමදිමින් මේ නිර්මාණයට ඔහු හිත හදාගෙන තියෙන්නේ බන බාවනා එත් එක්කම කල වැවේ එවරක් නැතුව එහාට මෙහාට
    මෙහාට පෙරලෙන රළ දිහා බල බල කොඉ තරම් අපුරු මිනිසෙක්ද මොහු අන්තිමට ඇහුව කෝ ඔබගේ බිරිද කියල ..ඔහු බොහොම අහිංසක ලෙස හිනැහිලා කිව තාම තනිකඩඉ කියා .බිරිදක් නැතුව බිරිදකගේ අදරක්වත් නැතුව මේ
    ඉසුරුමුණියේ පෙම් යුවලක් ඇත්තටම නිර්මාණ කරන්නේ කොහොමද . ඔන්න අපේ සහිට්ඨයයේ තනිකඩ කතාව අවසානයට ඔහු අනාගත පරපුරක්වත් බිහි නොකරම තමාගේ රජ කාරිය වෙනුවෙන් අත්මයම පුජ කල අයෙක්
    .....අවසානයේ අපට නටබුන් විතරක් ඉතිරි කරමින් ඔහු සමු ගන්නවා මේ තරම් සියුමැලිද කළු ගල්....
     
    • Like
    Reactions: Yastysan
    2hezlhs.gif
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    හොදයි අපේ යාළුවනේ... මේ මගේ 50වන ගීතයයි.... ගීත පනහක තොරතුරු හා නිදාන කතා මෙහි දමන්නට මට අවස්ථාව ලබාදුන් මෙම නූල ඇරඹූ *ධනුෂ්ක* සොයුරාටත්... මාව දිරිමත් කල සියළුම යහළු යෙහෙළියන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔබ හැම ලබා දුන් ධෛර්යය නිසයි මෙතෙක් දුරක් පැමිණියේ... ඔබ සියළු දෙනාටම පින්....

    හරි එහෙනම් අපි යමු ගීතයට.. පනස්වන ගීතය ටිකක් විශේෂ වන්නත් එක්ක වෙනස් ආකාරයේ ගීතයක් ඔබවෙත ලබාදෙන්නයි මගේ උත්සාහය. මේ ගීතය මීට පෙර ඔබ කොහෙදිවත් අහල තියෙන්න විදියක් නෑ මම හිතන්නෙ... ඊට හේතුව මේ කතාව කියවා අවසන් උනාම ඔබට වැටහේවි. මේ ගීතයේ විචාරයත් නිදාන කතාවත් දෙකම එකක්... ඒ නිසා මම ඔබට කතාව කියන්නම්...

    මේ සිද්ධියට සම්බන්ධ තාත්ත ලංකාවේ අධ්‍යාපනට සම්බන්ධ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්. ඉතින් ඔහුගෙ පුතා ගැන කියන්න දෙයක් නෑ නේ... ඔහු උසස් පෙල විභාගයෙන් ලංකාවේ ගණිත අංශයෙන් දෙවෙනිය. පස්සෙ තාත්ත ඔහුව ඕස්ට්‍රේලියවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයට යවනව වැඩිදුර අධ්‍යාපනයට... එහිදී ඔහු ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයේ පළවෙනිය වෙනව. පශ්චාත් උපාධිය සදහා ඔහු පියාබනවා එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියට.

    මේ අතරෙදී මහාචාර්ය තාත්තට හදිසි හර්දයාබාධයක් හැදෙනව. මේ නිසා සෑහෙන්න කාලෙකට පස්සෙ තාත්තව බලන්න පුතා ලංකාවට එනව. එවෙලෙදි මේ තාත්තට හිතෙනව ඉගෙන ගන්න කියල මම මගේ එකම පුතා රට යවපු එක බුද්ධියට අනුව නිවැරදි උවත් හැගීම්වලට අනුව අපරාධයක්නේ කියල. මහාචාර්ය කෙනෙක් නිසා තාත්තට පුළුවනිද හැගීම් වලට වහල් වෙන්න. ඒත් තාත්ත දන්නව පුතා ආයෙත් යනව.... ගියායින් පස්සෙ කොච්චර කාලෙකින්ද ආයෙත් එන්නෙ... සමහර විට මම එතකොට ජීවත්වෙලා ඉදීද දන්නෙත් නෑ කියල.... තාත්තගෙ හිතට හරිම දුකයි.... ඒත් දුක යටපත් කරගන්නව පුතාගෙ අනාගතේ ගැන හිතල.

    ඒ අතර පුතා හිතනව මම කොච්චර ඉංජිනේරු පට්ටම් ගැහුවත් තාත්තට බෙහෙත් කරන්න බැරි උනානේ.... ඉතින් මේ උපාධියේ ඇති වැඩේ මොකද්ද... මම කොහොම හරි කරනව වෛද්‍ය උපාධිය.. එතකොට මට තාත්ත ගැන බලන්නත් පුළුවන් කියල. ආයෙත් එංගලන්තයට යන මේ පුතා පටන් ගන්නව වෛද්‍ය උපාධියත් කරන්න. පුදුමත් හිතෙනව අවුරුදු 25දි ඉංජිනේරු උපාධිය ගන්න මේ පුතා මෙන්න අවුරුදු 29දි වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍යවරයෙක් වෙනව.... උපාධි දෙකක්....

    ඉතිං එංගලන්තයේ නොටිංහැම් රෝහලේ හොද ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙන මේ පුතාට තාත්තව බලන්න නිතරම එන්න වෙන්නෙ නෑ.. තාත්ත ලග ඉන්න වෙන්නෙ නෑ. කාර්ය බහුලයි... තාත්ත එන්න කියන්නෙත් නෑ... මහාචාර්ය කෙනෙකුට බොළද වෙන්න බෑනේ... ඒත් හැම තාත්ත කෙනෙක් වගේම සමහරවිට ඊටත් වඩා බොලද විදියට මේ මහාචාර්ය තාත්ත දුක්වෙනව එකම පුතා ලග නැති එක ගැන.

    දුක දරාගෙන ඉන්න බැරිම තැන කවදාවත් කවි ලියල නැති මේ මහාචාර්ය තාත්ත... පුංචි කවි පන්තියක් ලියනව දුක නිවෙන්න. හැමෝටම හොරා අඩනව. හැමෝටම හොරා දුක්වෙනව. ඒත් දුක නිවෙන්නෙ නෑ... එන්න එන්න වැඩි වෙනව.. මේක දරාගෙන ඉන්න බැරි තැන තම ළගම මිතුරු කායික විද්‍යා මහාචාර්ය වරයෙකුට ඔහු මේ කවි පන්තිය පෙන්නල තමන්ගෙ දුක කියනව. ඒ මහාචාර්යවරය නම් සංගීතය හා ලැදි මහාචාර්යවරයෙක්. ඔහු මේ කවි පන්තියෙන් ගීතයක හැඩතල දකිනව.. පස්සෙ ඔහු මේ කවි පන්තියට තනුවක් දාල ගීතයක් බවට පත්කරනව.... දෙන්න එක්ක ගිහින් රෝහණ වීරසිංහයන් මුණ ගැහිල සංගීතය හා හඩ මුසු කරල ගීතය නිර්මාණය කරගන්නව. කෙටියෙන් හා සරලව ඔය විදියට තමා යාළුවනේ මේ ගීතය නිර්මාණය වෙන්නෙ.....

    හරි... එහෙමනම් ඇයි මේක ඔබට ගුවන් විදුලියේ අහන්න ලැබුනෙ නැත්තෙ....? ඒක තමා මේ ගීතයේ තිබෙන වටිනාම කතාව යාළුවනේ... තම පුතා වෙනුවෙන් තැනූ මේ ගීතය අපේ මහාචාර්ය පියා තනිවම අසමින් හිටිය මිසක් මාධ්‍යයට දෙන්න උනන්දු උනේ නෑ.... වැඩිපුරම මාධ්‍යයට නොදුන්නෙ ඔහුගේ බොළද බව එළිවෙන නිසයි... හැබැයි අන්තිමේදි ඔහු තීරණය කලා හැම පියෙකුටම හැම පුතෙකුටම දැනෙන්න මේ ගීතය එකවරක් හෝ ප්‍රචාරය කලයුතුයි කියල....

    තව දෙයක් මෙම කතාවට සම්බන්ධ මහාචාර්ය පියා - මහාචාර්ය කුලරත්න, ඔහුගේ හිතවත් සගයා - මහාචාර්ය කාලෝෆොන්සේකා බව මතක්කල යුතුමයි... මොකද එවිටදියි ඒ පුද්ගලයන් ගැන තවතවත් අපේ හිතේ ගෞරවයක් උපදින්නෙ....... මෙන්න මේක තමා මෙතුවක් කල් අපට අහන්න නොලැබුණු ගීතය.... රසවිදල බලන්නකො අපේ එළකිරි යාළුවො.....

    ඈත දුරු රටේ සීතල දැනෙනවද....
    රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....
    පුතේ...
    දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද
    දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....

    ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද
    ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද
    ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...
    ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...

    පුංචිම කාලෙදි පෑ දස්කම් මතකයි පුතුනි..
    දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ
    ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ
    ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...//

    එහෙනම් මෙතනින් ගිහින් ගීතය අහල බලන්නකො යාළුවනේ...
    http://soundcloud.com/sasliit/from-sasliit/s-z48Y2
    මෙතෙනින් බාගත කරගන්න....
    http://www.mediafire.com/?kuycup1flqg6esl
    (ගුවන් විදුලියේ විකාශය වූ වැඩ සටහනකින් තමා මම පටිගත කරගත්තේ.)

    මොකද හිතෙන්නෙ ඔයාලට.... කලින් අහල තිබුනද.... අදහස් ටිකක් දාමුද.......... ඔන්න එහෙනම් මගේ 50වන ගීතයත් මේ විදියට අවසන් කරනවා.... ස්තූතියි ඔබ සැමට මෙතෙක් ලබා දුන් සහායට.....

    හරිම හැගුම්බර ගීතයක් සහෝ
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    මේ ගීතය ලිවුවෙ ලක්මාලි කාරියවසම්.... මේ ගීතයේ තියෙන විශේෂත්වයත් ඒකම තමා... අපි පද රචකයන් විසින් කාන්තාවන් සිතන පතන අයුරින් ලියපු ගීත දැකල තියෙනවා... මේ නූලෙ මම ඒ වගේ ගීත කිහිපයක් ඔබට දීල ඇති... නමුත් මෙම ගීතයේ තියෙන වෙනස තමා කාන්තාවක් ඒ කියන්නෙ පද රචිකාවක් පිරිමියෙකු සිතන විදියට හිතල තමා මේ ගීතය ලියල තියෙන්නෙ.... ගීතය ගැන කතා කරන්න කලින් ඒ හා බැදුනු සිදුවීම් කිහිපයක් අපේ යාළුවන්ට පැහැදිලි කරන්න ඕන....

    මම හැම තිස්සෙම කියන දෙයක් තමයි යාළුවනේ පද රචකයෙක් සිය හැගීම් තමයි මේ ගීතවල පොවල අපට දෙන්නේ කියන එක.... ඒ වගේ සන්වේදී හැගීමක් ප්‍රකාශ කලාම ඔවුන්ට මාකට් වෙන්න අවශ්‍ය නෑ... ඔවුන්ට අවැසි ගීතය රසවිදීම පමණයි... අන්න ඒ වගේ හරිම නිහතමානී සංවේදී පදරචිකාවක් තමයි මේ ලක්‌මාලි කාරියවසම් කියන්නෙත්.... ඒ දේ ඔබට පැහැදිලි කරන්නයි මම මේ ගීතය ගෙන ආවේ....

    මේ ගීතය ලියපු රචිකාව මේ ගීතය රචනා කරල තියෙන්නෙ තම පෙම්වතා ඇයට කියන ආදරණීය වදන් නිසා ඇතිවූ අදහසක් අනුව... ඇය වෙළද දැන්වීම් ආයතනය වැඩ කරන කාලෙ මේ ගීතය ලියල එම ආයතනයේ දැන්වීම් වලට සංගීතය සැපයූ සුරේෂ් ද සිල්වා කියන සංගීතඥයට දීල තියෙනවා... වැඩේ තියෙන්නෙ ඒ ගීතය දුන්නා පමණයි ආයෙ ඒ ගීතයට මොකද උනේ කියලවත් ඇය හොයල නෑ....

    ඉතින් මේ සුරේෂ් කියන්නෙ කීර්ති පැස්‌කුවෙල් මහතාගේ හොද යාළුවෙක්. ඔහු මේ ගීතයට තනුවක් දාල එහෙම ගීතය කීර්ති පැස්‌කුවෙල් මහතාට දීල තියෙනවා ගායනා කරන්න කියල... නමුත් ඒ වෙනකොට(1998) විදේශගත වෙන්න සූදානම් වෙලා හිටි නිසා කීර්ති පැස්කුවෙල් මහතාට ගායනා කරන්න බැරි උනා... පස්සෙ ඔහු 2000 වසරේදී ලංකාවට පැමිණිය... ඇවිත් ඔය ගීතයට හඩ එකතු කලා... එතනින් තමයි ගීතය අපිට අහන්න ලැබුනෙ....

    නමුත් හොදම දේ ඒක නෙමෙයි අපේ පද රචිකාව... ලක්‌මාලි කාරියවසම් මේ ගැන නිහඩයි... ඇය නිකම්වත් මේ මගේ ගීතයක් කියල නෑ... ඒ විතරක් නෙමෙයි කීර්ති පැස්‌කුවෙල් මහත්මා ඇය දැකලවත් ඇය සමග වචනයක් වත් කතා කරල නෑ... ඇයට උවමනාවක් තිබිලත් නෑ. ඉතින් වසර ගානක් මේ ගීතය කොච්චර ජනප්‍රිය උනත් ඉන් දශමයකවත් ප්‍රයෝජනයක් ඇය ගත්තෙ නෑ.... පුදුමයි නේද..... සැබෑ කලා කරුවො එහෙම වෙන්න ඇති.

    ඉතින් මෑතකදි කීර්ති පැස්‌කුවෙල් මහත්මා පැවත්වූවා සිය ගීත ප්‍රසංගයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදි... සිය ගායන ජීවිතයේ ගැයූ ගීත එකතුවක්... මට මතක විදියට ප්‍රදර්ශණයේ නමත් කදුල ඉතින් සමාවෙයන්... කොහොම හරි ඔහු මේ ප්‍රදර්ශණයේ ගීත ගායනා කරමින් සිටින අතරතුර මේ ගීතය හදපු සංගීතඥය දුවගෙන ආවලු කීර්ති මුණගැහෙන්න... ඇවිත් කිවුවලු කීර්ති කදුල ඉතින් සමාවෙයන් ගීතය ලියපු ලක්‌මාලි කාරියවසම් ඉන්ව වගේ මම දැක්ක... මට වරදින්න විදියක් නෑ ඇය මේ කොහේ හරි ඉන්නව කියල.... කීර්තිටත් හරි ආස හිතුනලු මේ නිහඩ රචිකාව දකින්න.. ඉතින් ඔහු කදුල ඉතින් සමාවෙයන් ගීතය ගායනා කරන්න සූදානම් වෙලා කිවුවලු ලක්මාලි ඔයා මෙතන ඉන්නවනම් නිහඩව ඉන්න එපා... ලොකෙටම පේන්න එන්න... ඔබේ ගීතයයි ගායනා කරන්න හදන්නෙ නැගිටල එන්න කියල... ටික වෙලාවක් ගියාම මෙන්න ඈත ඉදල ඇය එනවපු.... කීර්තිට ඇඩෙන්න වගේලු.... බලන්න ඇය හොරෙන් ඇවිත් ඈ ලියූ ගීතය රසවිදින්න සූදානම් වෙලා හිටපු හැටි.... නම්බුනාම නෙමෙයි වැදගත් වෙන්නෙ ඇයට ඒව ඕනෙ නෑ... ඇයට ආස හිතෙන්න ඇති ඇගේ ගීතය හැබැහින් රසවිදින්න... ඔබ දන්නවද ඇයගේ ඒ වෙනකොට පදිංචිය ඕස්ට්‍රේලියාවේ.... ඇය එදා මෙම ගීතය අහන්නමලු ලංකාවට ඇවිත් තියෙන්නෙ... ඒ ඇවිත් නිහඩවම ඒ ගීතය අහල රසවිදල යන්නයි ඇය සූදානම් වෙලා තියෙන්නෙ....

    තවත් දෙයක් යාළුවනේ මේ ගීතය අපට ඇසුණු කාලය මතකද.... මල් ගී රැල්ලත්, පන්සල් ගැන ලියූ ගී රැල්ලත් තිබුන කාලයක්.... ඒත් එම රැලි දෙකම කදුලක් විසින් පරාජය කලා කියලයි ඒ කාලයේදී බොහෝ විචාරකයින් මේ ගීතය හැදිනවූයේ.....

    කදුල තවත් මම දුක විදින්නෙ නෑ... තනි වෙන්නෙත් නෑ... මම යුවතියක් සමග අතිනත ගන්නව හෙට දිනයේ... දැන් ඉතින් ඇය මගේ ලග ඉදියි... මට දුකක් නොදී ඇය මා හා ඉදීවි... අපි ලස්සන ජීවිතයක් ගෙවනව... ඉතින් මට හරිම සතුටුයි... අපි මැවූ සිහින එකින් එක ජයගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා.....

    කඳුළ ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඈ එනවා
    සිරියහනේ තනි රකින්න

    කළුවළාව නැගෙන්නෙපා
    ගඟට උඩින් හැන්දැවට
    මුදුන් ලීය යටින් පොළොවේ
    ගොම හේදෙයි අලුත් පිටම

    කන්ද කපා සඳ පායා
    සඳරැස්‌ යහනට වඩින්න
    සඳ එළියෙන් ඇගේ ගතේ
    පෙති ගෝමර මල් දකින්න

    මල් දෙවැටේ වතුසුදු මල්
    පිපේවි ඈ පිළිගන්නට
    කොපුල් තලා ඔමරි සිනා
    මතුවෙයි මල් පරදන්නට

    බිළිඳු ගෙනා කිරි සුවඳක්‌
    ගෙපැල දොරින් හමා එන්න
    ඉඩදීයන් වළාකුළේ
    මගෙ සිහිනයෙ මල් පිපෙන්න

    ගී පද - ලක්‌මාලි කාරියවසම්
    සංගීතය - සුරේෂ් ද සිල්වා
    ගායනය - කීර්ති පැස්‌කුවෙල්
    කතාව ගොඩාක් දිගට ඇදුනා... ඒ නිසා විචාරයක් කලේ නෑ... ඒ ගැන සමාවෙන්න....තවත් ගීතයකින් හමුවෙමු.... ඔබගේ අදහසුත් දෙන්න...

    උබට ගොඩාක් පිං sasliit
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,169
    1,014
    113
    www.youtube.com
    යම් සොයුරෙක් මේ අලහාදජනක ගිතය විචාරණ ලෙසට ඉල්ලා තිබුනා. මේ ගිතයෙන් මතුවන භාවයන් පිලිබදවත් සමහර සොයුරන් ඉගි පළකර තිබුණා.

    සුමුදු ඇතිරිල්ලෙන් පලා එන අසම්මත ප්‍රේමයේ අලහාදය.......

    හෙමින් සැරේ පියා විදා

    හෙමින් සැරේ පියා විදා..//
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

    මලක් නම් එය මලක් උව මැන
    සිනිදු සුකුමල....රුවෙන් සරසන
    විලක් නම් එය විලක් උව මැන
    නීල ඉදුවර ......දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
    සිනු හඩකින් මහද අමතයි
    මුදා හැරදා...කවුලු සිරියහනේ

    අසම්මත ප්‍රෙමයක අලහාදය මොනවට පෙන්වන ගිත රචනයකි. සුමුසු සයනයක සිනිදු ඇතිරිල්ලෙන් පලා එන මේ සිතුම් කුරුල්ලන් පෙන්වන්නේ රාගයෙන් ලබන, ලැබෙන අලහාදයේ සීමා මායිම් නොපෙනෙන බවය.

    මලක් නම් එය මලක් උව මැන
    සිනිදු සුකුමල....රුවෙන් සරසන
    විලක් නම් එය විලක් උව මැන
    නීල ඉදුවර ......දියෙන් උපදින

    කාන්තාවක ගේ සුකුමාර සිරුරේ ඇති ලාලිත්‍ය ඉතාමත් රාග නිශ්‍රිත වර්ණනාවක් සේ ගෙන එන මේ පද පෙළ බලන්න. ගැහැණිය මලකි. එය මලක් ම විය යුතුය. සිනිදු විය යුතුය. රැවෙන් සපිරුනු එකක් විය යුතුය. ගැහැණිය විලකි. නීල දියෙන් උපදින, නෙලුම් මල් පිපිණු, දුටුවන් මන බදින එකකි. මලකින් සුවද ලබනවා සේ මැ, විලක ජලයෙන් සිසිල ලබනවා සේම පුරුෂයා මේ ගැහැනිය ගේ ලාලිතයවත් සිරුරේ ආශ්වාදය විද ගනී.

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
    සිනු හඩකින් මහද අමතයි
    මුදා හැරදා...කවුලු සිරියහනේ

    ගැහැනියක ගේ සිරුරින් හමන වත්සුනු සුවද සමහර පිරිමින් ගේ රාගාන්විත හැගිම් උද්දිපනය කරන්නකි. එම වත්සුනු සුවදම ඔහු ගේ සිහිනය අවදි කරයි. ඒ සිහිනය නම් ඇය හා යහන්ගත විමය. එම වත්සුනු සුවද ම ඔහුට සිනු හඩකින් අමතයි.ඒ ආමන්ත්‍රනය අතිශය ප්‍රේමාන්විත, රාගික එකකි. ඒ හඩ ඔහුට අමතන්නේ ඔහු පතන දේ සමගය, ඇගේ සිරි යහනේ කවුලු හැරපියමිනි.

    භාෂාව කෙතරම් මටසිලිටි ලෙස රාගාන්විත ප්‍රේමයක මහිමය සේම, ලිංගික එක්විමක ඇති අලහාදය පෙන්විමට යොදා ගත හැකිද යන්නට හොදම උදාහරණයක් ලෙස මේ ගිතය හුවා දක්වනු රිසියෙමි. දැන් රචකයෝ මෙතරම් බුහුටි ලෙස බස හැසිරනොවීම, අහෝ අපේ සවන් කල කවර කර්මයක් පඩිසන් දීමක් දැයි වරක පශ්චත්තාපයක් ද මෙම ගිතය අසන ම සිත තුල ජනිත වේ. ආචාරිය ප්‍රේමසිරි කේමදාසයන් මේ ගිතයට යොදන සංගීතය සහ ආචාර්ය සුනිලා අබේසේකර ගේ උච්ච හඩ මේ ගීයට ගෙන එන ආලෝකය මෙය හෙල ගීත සාහිත්‍ය තුළ සදා දිලෙන එකක් බවට පත්කරයි..........!!

    සහෝ මම මේ සින්දුව අහල තිබුනට හරියටම මීටර් එකෙන් අහල තිබ්බේ නැහ,,,එත් ටී.ම් ජයරත්න මහත්මයගෙ සජිවී ප්‍රසන්ගයකදි මේ සින්දුව කියන්න කලින් පොඩ්ඩක් වගේ මේ සින්දුවේ තෙරුම කිවුවා,,ඒ වෙලවෙ හරියට සින්දුවයි තෙරුමයි අහපුවහම මගෙ ඇගේ මයිල් කෙලින් උනා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මේ සින්දුවෙන් කියන දේ ගැන......අපහු ඒ මතකය මතක් කරාට ස්තුතී සහෝ ............:yes::yes::yes::yes::yes::yes:
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,169
    1,014
    113
    www.youtube.com
    ඔන්න යාළුවනේ මම මගේ තවත් විචාරයක් අරගෙන ආවෙ ඔයාලට.... කියවල රසවින්දොතින් බම්ප් එකක්වත් තියන්න.... මොකද යාළුවනේ බලන්න නිතරම මේ නූල තියෙන්නෙ ගොඩාක් යට..... දෙවන තුන්වන පිටුවල.... ඉතින් ගොඩක් අයට මේක කියවන්න ලැබෙන්නෙ නෑ.... අපි විදන රසය අනිත් අයටත් දෙන වගකීම මෙය කියවන අය අතේ තමා තියෙන්නෙ හොදේ..... හරි අපි යමු ගීතයට....

    ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.

    ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.

    සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්‍රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්‍රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්‍රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....

    සැමියා -
    ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?

    බිරිද -
    මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    ඕනම ප්‍රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... ඒ මොහොතේදි ඔහුට ඇතිවුන ප්‍රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්‍රශ්ණයක්මයි...

    සැමියා -
    ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?

    බිරිද -
    ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්‍රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්‍රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්‍රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේ ලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ ‍රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා අඹු සැමියන් වශයෙන් ලිංගිකව එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්‍රශ්ණ මම මේ විදියට දක්වන්නම්....

    සැමියා -
    මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?

    බිරිද -
    මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්‍රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද- මහින්ද දිසානායක
    තනුව - ගුණදාස කපුගේ
    ගායනය - දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ

    තවත් ගීයකින් හමුවෙමු..... ඔබගේ අදහස් ඕන....

    මම වලට ගිය සි0හල පන්තියෙ සර් ඔය සින්දුවේ තෙරුම කියල දුන්නා,,,දිගටම කරගන යමු,,,ජය
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,169
    1,014
    113
    www.youtube.com
    ඔන්න යාළුවනේ මම කලින් කිවුව වගේ නිදිමතේ ලියවුණු ගීතය තමා මම දැන් කියන්න හදන්නෙ...

    හිතවත් කෙනෙකුගෙ අවමගුල් උත්සවයකට ඔන්න යාළුවො දෙන්නෙක් බොරැල්ලෙ කනත්තට යනව. එක්කෙනෙක් ගී පද රචකයෙක්, අනිත් කෙනා තනු නිර්මාණ ශිල්පියෙක්... ඉතින් අවගුල් උත්සවයෙන් පස්සෙ අසල තියෙන ගහක් යට මේ දෙන්න පොඩි කතාවක් මෙන්න මෙහෙම....

    හරි හරි මම ලියල දෙන්නම්.... දවසක් දෙකක් දීපන්කො.....
    මේ උඹට දවස් ගණන් දෙන්න බෑ.... මේක ඉක්මනට ඕන... මම තාලෙ හදලත් ඉවරයි මෙන්න තාලෙ අහගනින්කො...
    කියපන්කො... මල කරදරේ... අහගෙන ඉන්නෙ කියපන්....
    මෙන්න තාලෙ... ලලලලා..ලල..ලා..... ලලල...ලලලලලා..... හරිද... මේකට සෙට් වෙන්න තමා ලියන්න ඕනි හරිද...
    හරි හරි බන්....

    හරි දවස් දෙක තුනක් ගියා කැසට් පටයට අදාල සින්දු සේරම පටිගත කරල ඉවරයි.... නමුත් එක ගීතයක්....අර පද රචකයාට කියල ලියව ගන්න හදන ගීතය තවම ඉවර නෑ.... දෙනව කියල කිවුවට තවමත් දුනනෙ නෑ... දැන් අපේ තනුව නිර්මාණය කරපු අනිත් යාළුවටත් මලේ මල... මර්වින් බෙන්ස් කියන මේ කැසට් පටය නිෂ්පාදනය කරන මහත්මයා කුරු කුරු ගානව.... ඒකෙන් අපේ තනු නිර්මානය කරන යාළුවට තරහ තව නගිනව පද රචකයත් එක්ක... තරහ යනඑක අහන්නත් දෙයක්යැ .... ඔක්කොම ගීතටික හරි, එක ගීතයක් ඇර.... ඒ ගීතයෙත් තනුව හරි, පද ටික තමා නැත්තෙ.... හැබැයි අපේ තනු නිර්මාණය කරන ශිල්පියටත් යාළුවත් එක්ක තියෙන ෆිට් එකට මල පැන්නත්, යාළුවට කියලමයි මේ පද ටික ලියවගන්න ඕන....

    ඉතින් කාගෙනුත් බැනුම් අහ අහ අපේ තනු නිර්මාණ ශිල්පිය එදින වැඩ නවත්වනව ගීතය නැති නිසා... නවත්වල කිහිප දෙනෙක් එක්ක යනව පද රචකය, ඒ කියන්නෙ අර යාළුව සොයාගෙන... රෑ 10ට 11ට විතර ඇති... පද රචකය මේ දිනවල ඉන්නෙත් ස්ටූඩියෝවට කිට්ටු නවාතැනක උඩතටුටවක කාමරයක.... යනව ඔන්න මේ යාළුවගෙ කාමරයට... හරි කාමරේ දොර ඇරල යාළුව ඇති.... බැලුව ඉන්නවද කියල... ඇදේ නෑ.... කෝ යාළුව... මෙන්න මේසෙයට හොදටම නිදි (පොඩ්ඩක් අනුමත වෙලාද දන්නෙත් නෑ).... ඉතින් කොහොම හරි දෙන්න තුන්දෙනා එකතුවෙලා පුටුවෙ වාඩි කරවනව... යාළුව ඒත් නිදි... අපේ සංගීතඥ යාළුව පොඩි ට්‍රයි එකක් දෙනව අවදි කරවන්න. එතකොට අර පද රචක යාළුව කියනව....

    මම නිදි උඹලට පේන්නෙ නැද්ද.... මට නිදාගන්න දීපන්කො බන්...
    නිදාගන්න... මේ අහපන්... (කියල කණට කරල සුද්ද සිංහලෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය කියනව)
    වද නොදී එහෙනම් තාලෙ කියපන්...
    මම උඹට තාලෙ කලින් කිවුවෙ බන්...
    උඹ තාලෙ කියනවද නැද්ද...
    හරි හරි ඉදපන්....

    තනු නිර්මාණ ශිල්පියා පහලට දුවල ගිහින් වාහනේ තියෙන බොක්ස් ගිටාර් එක ගෙනාව. දැන් ඒක වාදනය කර කර ආයෙත් ගීතයේ තාලය කියනව....

    ලලලලාලල ලාල ලාලේ.... ලලලාලේ...

    ඇස් පියාගෙන අහගෙන හිටපු අපේ පද රචකය මෙන්න ලියාගෙන ලියාගෙන යනව.... එක යාළුවෙක් තාලය දෙනව... ඒ තාලයට අනුව අපේ අනිත් යාළුව ලියාගෙන ලියාගෙන යනව... වැඩේ හරි විනාඩි 10යි... සින්දුව ලියල ඉවරයි... නිකන් ක්ෂණික නූඩ්ල්ස් එකක් හැදුව වගේ... යාළුවො දෙන්න ඇරෙන්න අනිත් අය කට ඇරගෙන බලන් ඉන්නව පුදුමෙන්.. සංගීතඥයට දැන් දුකයි....

    තරහ වෙන්න එපා බං... නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද... අනික මට උඹේ සින්දුවක් නැතිව බෑ...තේරෙනවනේ උඹට
    තේරෙනව තේරෙනව... දැන් හරිනෙ බං... නිදාගන්න දීපන්කො දැන්වත්....

    හරි ඔන්න ඔහොම තමා ගීතය නිර්මාණය උනේ.... මේ කතාවෙ තියෙන ලස්සන ඒක නෙමෙයි යාළුවනේ... අන්තිමට අර මුළු ඇල්බම් එකෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ මේ මහ රෑ අවදිකරවල, පෑනට අතට තියල, නිදිමතේ ලියවපු ගීතය... තව දෙයක් මේ ගීත රචකයත්, සංගීතඥයත් අපිට මේ ගීතය ලබා දෙන්න කතාකරගන්න මුලින්ම මුණ ගැහුනෙ කනත්තක... ඒවගේම තමා අපි ගීතය අහන, රස විදින මේ මොහොතෙදිත් ඒ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් වෙන්වෙලා ගිහින් සැතපෙනවා කනත්තක......

    පද රචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්
    තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
    ගායනය - ටී. එම්. ජයරත්න

    මේ ගීතයේ වචන මම දාන්නෙ නෑ... හේතුව තමා සමහර ගීත තියෙන්නෙ කියවන්න, විචාරය කරන්න නෙමෙයි හදවතින් විදින්න..... එහෙනම් ඒ අපූරු විදයට නිර්මාණය වූ ගීතය හදවතින්ම විදින්න යාළුවනේ...

    mamath maarama kamathi sinduvak meeka...thnx sahoooooooooo
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,169
    1,014
    113
    www.youtube.com
    HTML:
    ඔක්කෝම කියෙව්වා.... මටත් හිතුනා මමත් දන්න මම ආසම කරන සින්දුවක ඇතුල විස්තර කරන්න ..මේ කතාව කිව්වේ අපි සෙට් වෙලා බොන වෙලාවකමය් ... ඇත්තටම කිව්වොත් බේ බද්දෝ ටිකක්...කතාවක් නම් නෙමී පොඩි දැනිච්ච දෙයක් මිනිහට..

    රෝමේන් ගේ තමය් මේ කතාව සින්දුව නම් හෙට අලුත් අලුයමක් ....

    http://www.metacafe.com/watch/2762795/heta_aluth_aluyamak_kasun_kalhara/

    පොර ගේ ෆස්ට් ලව් එක ... ඉතින් කෙල්ල දිහා බලන් හිටියට ඉස්සරහට ගිහින් කතා කරන්න බයය් ලු... එක පාරක් දැක්කාම අපහු මූනවත් මතකයේ හිටින් නෑ ලු....ඒ තරම් මිනිහාට පිස්සු වැටිලා ඉදලා තියෙන්නේ....ඉතින් මිනිහාගේ හොදම යාලුවා තමය් කසුන්.... දෙන්නා එක්ක තමය් ගිහිල්ලා තියෙන්නේ කෙල්ලව බලන්න... පහුවදා රෑ මූට නින්ද ගිහින් නෑ . මූ ඉතින් එහාට හැරි හැරි මෙහෙට හැරි හැරි කල්පනා කර කර ඉන්නවා ලු... ඉන්නකොට ඇදෙන් නැගිටලා ගිහින් මූ කොල කෑල්ලක වචන ටිකක් කුරුටු ගාලා...ඒ තමය් හෙට අලුත් අලුයමක් වෙන කවර දාකටත් වඩා කියන වචන ටික .... මේ කේ පොඩි විශේශත්වයක් තියෙනවා..මිනිහට ගිටර් ගහන්න බෑ ... පියානෝ තමය් කෝඩ්ස් දාන්නේ ..ඉතින් ගෙදර පියානො නෑ ....පල්ලීයේ එක තමය් මිනිහා ගහන්නේ ... ඉතින් මිනිහා එදා මිනිහට දැනෙන කෝඩ්ස් ටික නිකන් ඔහේ ලියලා... :rolleyes::rolleyes::rolleyes: කොහොම හරි පහුව දා උදේ මූ කසුන් එක්කමය් ගිහින් තියෙන්නේ ...ගියාම රොමාට එන්න කියලා තියෙන්නේ මේක නවත්තන්න මිසක් පටන් ගන්න නෙමි.. ;);) ඉතින් එහා පැත්තේ ඉන්න සගයා ගැන අහන්න දෙයක් නෑ නේ ...ඒ තමය් කසුන් !! කසුන් එක්ක ම රාජගිරියේ තැනක් සෙට් වෙලා බොන ගමන් කොලේ දිග ඇරියාම කසුන් කිව්වාලු.....

    කොහොමද ඔඊඊ මේක කියන්න්නේ...??? මේකේ මැද හරියේ කඩාගෙන උඩ ගිහින් නේ .. :rofl: කියලා ??

    අන්තිමට එදා ගිටර් එක ගහලා සින්දුව කියලා ...අර කිව්වත් වගේ ... ඒ සින්දුවේ '''අප හමුවීම කරන්න ආ..හා ලොකමත් ;; කියන තැන රෝමා දාපු කෝඩ්ස් වෙනස් කරලා නෑ ...ඒවා ඒ විදිහටම තමය් කසුන් සින්ග් කරේ අමාරුවෙන් හරි.... එදා නිදි නැති රෑ ආපු ආවේගට තමය් ...අප හමුවීම කෑල්ල එහෙම වෙලා ඇත්තේ ..එතන ප්‍රර්තනාවක් තියෙන නිසා (ඌ නම් එහෙම කිව්වේ නෑ.. )

    ඉතින් එදා ගොඩක් සුන්දර දවසක් මටත්...මම ආසම ආර්ටිස්ට් එක්ක එදා තමය් එකට දුම් බටයක් ගැහුවේ...එදා අමතක වෙන් නෑ .... මේ කතාව කිව්වේ එදා කර්පර්ට් වෙච්ච වෙලාවේ කස්ටියටම :dull::dull::dull: කෙල්ලෝ ගැන කතා කරන ගමන් ....

    ඉතින් මේකත් නිකන් ම නිකන් සින්දුවක් නෙමි...හිතට එකගව විදගනිමින් කරපු නිර්මාණයක් :yes:

    මම මාරම ආස කරන ගායකයෙක් තමයි කසුන් කියන්නේ,,ඇත්තටම ල0කාවේ දැනට ඉන්න පොලවේ පයගහල වැඩ කරන හොදම වැඩ්ඩේක්...මට හොදට මතකයි කසුන්ගෙ Romantic Opera Album eka ආපු ගමන් මම සල්ලි එකතු කරල මාර ගේමක් දීල ගත්ත හැටි,,,,නියමයි සහෝ වැඩේ..ජය
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා අර මුතු කුඩ ඉහලන මල් වරුෂාවේ කියන සින්දුවටත් ඔහොම ලස්සන true story එකක් පදනම් වෙලා තියෙන වග අහල තියෙනවා
    එකත් පොඩ්ඩක් දාමුද
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මචන්ලා අර මුතු කුඩ ඉහලන මල් වරුෂාවේ කියන සින්දුවටත් ඔහොම ලස්සන true story එකක් පදනම් වෙලා තියෙන වග අහල තියෙනවා
    එකත් පොඩ්ඩක් දාමුද

    ඕක මාත් මුලින් ඉල්ලුවා නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැත.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඔන්න යාළුවනේ මම මගේ තවත් විචාරයක් අරගෙන ආවෙ ඔයාලට.... කියවල රසවින්දොතින් බම්ප් එකක්වත් තියන්න.... මොකද යාළුවනේ බලන්න නිතරම මේ නූල තියෙන්නෙ ගොඩාක් යට..... දෙවන තුන්වන පිටුවල.... ඉතින් ගොඩක් අයට මේක කියවන්න ලැබෙන්නෙ නෑ.... අපි විදන රසය අනිත් අයටත් දෙන වගකීම මෙය කියවන අය අතේ තමා තියෙන්නෙ හොදේ..... හරි අපි යමු ගීතයට....

    ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.

    ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.

    සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්‍රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්‍රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්‍රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්‍රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....

    සැමියා -
    ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?

    බිරිද -
    මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    ඕනම ප්‍රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... ඒ මොහොතේදි ඔහුට ඇතිවුන ප්‍රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්‍රශ්ණයක්මයි...

    සැමියා -
    ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?

    බිරිද -
    ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්‍රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්‍රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්‍රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේ ලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ ‍රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා අඹු සැමියන් වශයෙන් ලිංගිකව එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්‍රශ්ණ මම මේ විදියට දක්වන්නම්....

    සැමියා -
    මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?

    බිරිද -
    මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්‍රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........

    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...

    පද- මහින්ද දිසානායක
    තනුව - ගුණදාස කපුගේ
    ගායනය - දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ

    තවත් ගීයකින් හමුවෙමු..... ඔබගේ අදහස් ඕන....

    You must spread some Reputation around before giving it to sasliit again
    :(

    Anyway keep it up....
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මචන්ලා අර මුතු කුඩ ඉහලන මල් වරුෂාවේ කියන සින්දුවටත් ඔහොම ලස්සන true story එකක් පදනම් වෙලා තියෙන වග අහල තියෙනවා
    එකත් පොඩ්ඩක් දාමුද
    ඕක මාත් මුලින් ඉල්ලුවා නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

    සමාවෙන්න සහෝ... මට හිතුවේ ඔය ගීතය ගැන අදහසක් තිබුන කියල........ හැකි ඉක්මනින් ලියන්නම්.......
     
    • Like
    Reactions: nisha500

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ...........ඔබලාගේ උත්සාහය සඳහා මාගේ උපහාරය ................

    …මාගේ මේ උත්සාහය හුදෙක් අනාගත පරපුර වෙනුවෙනි .......... …

    …ගීතයේ තේරුම බලන ගමන් ගීතය රසවිඳින්න ......පහත ලිඟුව ඔබන්න..

    https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ...........ඔබලාගේ උත්සාහය සඳහා මාගේ උපහාරය ................

    …මාගේ මේ උත්සාහය හුදෙක් අනාගත පරපුර වෙනුවෙනි .......... …

    …ගීතයේ තේරුම බලන ගමන් ගීතය රසවිඳින්න ......පහත ලිඟුව ඔබන්න..

    https://skydrive.live.com/redir.aspx?cid=1cded086472a0795&resid=1CDED086472A0795!373&parid=1CDED086472A0795!128

    ස්තූතියි සහෝ.....
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හොදයි අපේ යාළුවනේ... මේ මගේ 50වන ගීතයයි.... ගීත පනහක තොරතුරු හා නිදාන කතා මෙහි දමන්නට මට අවස්ථාව ලබාදුන් මෙම නූල ඇරඹූ *ධනුෂ්ක* සොයුරාටත්... මාව දිරිමත් කල සියළුම යහළු යෙහෙළියන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔබ හැම ලබා දුන් ධෛර්යය නිසයි මෙතෙක් දුරක් පැමිණියේ... ඔබ සියළු දෙනාටම පින්....

    හරි එහෙනම් අපි යමු ගීතයට.. පනස්වන ගීතය ටිකක් විශේෂ වන්නත් එක්ක වෙනස් ආකාරයේ ගීතයක් ඔබවෙත ලබාදෙන්නයි මගේ උත්සාහය. මේ ගීතය මීට පෙර ඔබ කොහෙදිවත් අහල තියෙන්න විදියක් නෑ මම හිතන්නෙ... ඊට හේතුව මේ කතාව කියවා අවසන් උනාම ඔබට වැටහේවි. මේ ගීතයේ විචාරයත් නිදාන කතාවත් දෙකම එකක්... ඒ නිසා මම ඔබට කතාව කියන්නම්...

    මේ සිද්ධියට සම්බන්ධ තාත්ත ලංකාවේ අධ්‍යාපනට සම්බන්ධ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්. ඉතින් ඔහුගෙ පුතා ගැන කියන්න දෙයක් නෑ නේ... ඔහු උසස් පෙල විභාගයෙන් ලංකාවේ ගණිත අංශයෙන් දෙවෙනිය. පස්සෙ තාත්ත ඔහුව ඕස්ට්‍රේලියවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයට යවනව වැඩිදුර අධ්‍යාපනයට... එහිදී ඔහු ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයේ පළවෙනිය වෙනව. පශ්චාත් උපාධිය සදහා ඔහු පියාබනවා එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියට.

    මේ අතරෙදී මහාචාර්ය තාත්තට හදිසි හර්දයාබාධයක් හැදෙනව. මේ නිසා සෑහෙන්න කාලෙකට පස්සෙ තාත්තව බලන්න පුතා ලංකාවට එනව. එවෙලෙදි මේ තාත්තට හිතෙනව ඉගෙන ගන්න කියල මම මගේ එකම පුතා රට යවපු එක බුද්ධියට අනුව නිවැරදි උවත් හැගීම්වලට අනුව අපරාධයක්නේ කියල. මහාචාර්ය කෙනෙක් නිසා තාත්තට පුළුවනිද හැගීම් වලට වහල් වෙන්න. ඒත් තාත්ත දන්නව පුතා ආයෙත් යනව.... ගියායින් පස්සෙ කොච්චර කාලෙකින්ද ආයෙත් එන්නෙ... සමහර විට මම එතකොට ජීවත්වෙලා ඉදීද දන්නෙත් නෑ කියල.... තාත්තගෙ හිතට හරිම දුකයි.... ඒත් දුක යටපත් කරගන්නව පුතාගෙ අනාගතේ ගැන හිතල.

    ඒ අතර පුතා හිතනව මම කොච්චර ඉංජිනේරු පට්ටම් ගැහුවත් තාත්තට බෙහෙත් කරන්න බැරි උනානේ.... ඉතින් මේ උපාධියේ ඇති වැඩේ මොකද්ද... මම කොහොම හරි කරනව වෛද්‍ය උපාධිය.. එතකොට මට තාත්ත ගැන බලන්නත් පුළුවන් කියල. ආයෙත් එංගලන්තයට යන මේ පුතා පටන් ගන්නව වෛද්‍ය උපාධියත් කරන්න. පුදුමත් හිතෙනව අවුරුදු 25දි ඉංජිනේරු උපාධිය ගන්න මේ පුතා මෙන්න අවුරුදු 29දි වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍යවරයෙක් වෙනව.... උපාධි දෙකක්....

    ඉතිං එංගලන්තයේ නොටිංහැම් රෝහලේ හොද ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙන මේ පුතාට තාත්තව බලන්න නිතරම එන්න වෙන්නෙ නෑ.. තාත්ත ලග ඉන්න වෙන්නෙ නෑ. කාර්ය බහුලයි... තාත්ත එන්න කියන්නෙත් නෑ... මහාචාර්ය කෙනෙකුට බොළද වෙන්න බෑනේ... ඒත් හැම තාත්ත කෙනෙක් වගේම සමහරවිට ඊටත් වඩා බොලද විදියට මේ මහාචාර්ය තාත්ත දුක්වෙනව එකම පුතා ලග නැති එක ගැන.

    දුක දරාගෙන ඉන්න බැරිම තැන කවදාවත් කවි ලියල නැති මේ මහාචාර්ය තාත්ත... පුංචි කවි පන්තියක් ලියනව දුක නිවෙන්න. හැමෝටම හොරා අඩනව. හැමෝටම හොරා දුක්වෙනව. ඒත් දුක නිවෙන්නෙ නෑ... එන්න එන්න වැඩි වෙනව.. මේක දරාගෙන ඉන්න බැරි තැන තම ළගම මිතුරු කායික විද්‍යා මහාචාර්ය වරයෙකුට ඔහු මේ කවි පන්තිය පෙන්නල තමන්ගෙ දුක කියනව. ඒ මහාචාර්යවරය නම් සංගීතය හා ලැදි මහාචාර්යවරයෙක්. ඔහු මේ කවි පන්තියෙන් ගීතයක හැඩතල දකිනව.. පස්සෙ ඔහු මේ කවි පන්තියට තනුවක් දාල ගීතයක් බවට පත්කරනව.... දෙන්න එක්ක ගිහින් රෝහණ වීරසිංහයන් මුණ ගැහිල සංගීතය හා හඩ මුසු කරල ගීතය නිර්මාණය කරගන්නව. කෙටියෙන් හා සරලව ඔය විදියට තමා යාළුවනේ මේ ගීතය නිර්මාණය වෙන්නෙ.....

    හරි... එහෙමනම් ඇයි මේක ඔබට ගුවන් විදුලියේ අහන්න ලැබුනෙ නැත්තෙ....? ඒක තමා මේ ගීතයේ තිබෙන වටිනාම කතාව යාළුවනේ... තම පුතා වෙනුවෙන් තැනූ මේ ගීතය අපේ මහාචාර්ය පියා තනිවම අසමින් හිටිය මිසක් මාධ්‍යයට දෙන්න උනන්දු උනේ නෑ.... වැඩිපුරම මාධ්‍යයට නොදුන්නෙ ඔහුගේ බොළද බව එළිවෙන නිසයි... හැබැයි අන්තිමේදි ඔහු තීරණය කලා හැම පියෙකුටම හැම පුතෙකුටම දැනෙන්න මේ ගීතය එකවරක් හෝ ප්‍රචාරය කලයුතුයි කියල....

    තව දෙයක් මෙම කතාවට සම්බන්ධ මහාචාර්ය පියා - මහාචාර්ය කුලරත්න, ඔහුගේ හිතවත් සගයා - මහාචාර්ය කාලෝෆොන්සේකා බව මතක්කල යුතුමයි... මොකද එවිටදියි ඒ පුද්ගලයන් ගැන තවතවත් අපේ හිතේ ගෞරවයක් උපදින්නෙ....... මෙන්න මේක තමා මෙතුවක් කල් අපට අහන්න නොලැබුණු ගීතය.... රසවිදල බලන්නකො අපේ එළකිරි යාළුවො.....

    ඈත දුරු රටේ සීතල දැනෙනවද....
    රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....
    පුතේ...
    දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද
    දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....

    ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද
    ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද
    ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...
    ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...

    පුංචිම කාලෙදි පෑ දස්කම් මතකයි පුතුනි..
    දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ
    ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ
    ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...//

    එහෙනම් මෙතනින් ගිහින් ගීතය අහල බලන්නකො යාළුවනේ...
    http://soundcloud.com/sasliit/from-sasliit/s-z48Y2
    මෙතෙනින් බාගත කරගන්න....
    http://www.mediafire.com/?kuycup1flqg6esl
    (ගුවන් විදුලියේ විකාශය වූ වැඩ සටහනකින් තමා මම පටිගත කරගත්තේ.)

    මොකද හිතෙන්නෙ ඔයාලට.... කලින් අහල තිබුනද.... අදහස් ටිකක් දාමුද.......... ඔන්න එහෙනම් මගේ 50වන ගීතයත් මේ විදියට අවසන් කරනවා.... ස්තූතියි ඔබ සැමට මෙතෙක් ලබා දුන් සහායට.....
    maxxa ahalama na onna ada ahuwa:P:P