සුන්දර ගීයක ඇරබුම,..

user52

Member
Jan 25, 2012
135
36
0
අපේ යාලුවෝ දෙදනෙකුගේ ඉල්ලීමක් අනූව තමයි මේ ගීතය ගැන අදහස ලබාදෙන්න හිතුවේ.
ලංකාවේ සාහිත්‍ය කෙත ආලෝකමත් කරනු වස් දැල්වුනු රුවන් පහන් අතරින් එක් ප්‍රබල පහනක් මැයි ලූෂන් බුලත්සිංහල මහතානන්. එදිනේදා ජීවිතයේ දී සාමාන්‍ය පුද්ගලයකුගේ අත්දැකීම් සාමාන්‍ය පුදගලකුට වඩා ඉහල කෝනයකින් අත්විදි එතුමා විසින් ඒවා බොහෝ දෙනෙකුගේ රසාස්වාදනය සදහා අගනා කලාකෘති බවට පත් කෙරුනා
එතුමාම යම් පුවත් පතකට කල ප්‍රකාශයකට අනූව මේ ගීතයටත් පාදක වන්නේ එවැනිම එතුමාගේ අත්දැකීමක්. ඒනම් එතුමා තදින් වැස්ස වැටෙන දිනයක තම දියනියත් සමග කුඩයක් යටින් පාරේ ගමන් කරමින් සිටිනවා. මේ අතර අසලින් ගමන්කරන වාහනයක මඩ වතුර පහරින් එතුමා සහ එතුමාගේ දියනිය තෙමෙනවා. එතුමාගේ කෙසේවෙතත් සංවේදී හා වින්දනීය හදවත් ඇත්ත්වුන්ගේ වාසනාවට ඒ රථයේ සිටින්නේ කාලයක් එතුමාගේ පෙම්වතියව සිටි තරුනියයි. මේ අත්දැකීම නිමිතිකොට ගනිමින් ඒතුමාගේ සුපුරුදු ප්‍රතිභාව තුලින් අග්‍රගන්‍ය ගීතයක් අපට දායාද වෙනව........

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

වර්ශාව යනු පරිසරයට මෙන්ම මිනිස් සිතිවිලි වලටද නැවුම්වු අත්දැකීමකි. මේ වර්ශාවේ හා වර්ශාව දැනුම්දෙමින් අහසේ පියාසර කරන වැහිලිහිණියන්ගේ සුන්දරත්වය විදිමින් යන රචකයාගේ දෑස නවතින්නේ අසලින් ඇදෙන වාහනයක කවුලුවකින් පෙනෙන දෑසක් මතය. ඒ අන් කිසිවකු නොව අතීතයේ සැමටම වඩා රචකයා ආදරය කල දෑසයි.ඒනම් ඔහුගේ අතීත පෙම්වතියයි.

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

මේ හමුවීම රචකයාගේ හදවතතුල ජනිතකරන්නේ අදුරක්මය. පෙර මල් වරුසාවක්ව දුටු වර්ශාව එයින් අදුරු වෙයි. ඒ අදුරු වර්ශාව තුලින් ජනිතවන දියදහරා රචකයා ද්කින්නේ දේදුන්නේ මේන් නේක වර්න සහිතවය. ඒනම් අතීතයේ මිහිරි මතකයන් මේ දිය දහරාවල සැගවී රචකයාගේ මනසට ගලා එයි. ඇදහැලේන වර්ශාව පවා ආදර මධු වර්ශාවක් කරගනිමින් දැත් පටලා එදා ගම්න් කල දෙදෙනා අද වෙන්වී මාර්ග දෙකක ගමන් කිරීම රචකයාගේ සිත් තුල ජනිතවූ අදුර තව තවත් වැඩි කරන කාරනාවක් මය..

රිය ඇතුළේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ

සීතල වර්ශාව මධ්‍යයේදී සැනසුම් උනුසුම ඇයට ලබාදෙන මේ රථයම ඔහුව මඩ වතුරෙන් නාවන්නට තරම් අකාරුනික විය. ඇතැම් විට රචකයා මේ රථය තුලින් දකින්නේ ඇය දැන් හිමිවී ඇති පුද්ගලයා දිහා විය යුතුය. ඔහු ඇයට කොතරම් සැප සම්පත් ලබා දුන්නද ඔහු තුලින් රචකයාට හිමිවන අහිමිවීම, පරාජය හා තනිකම රචකයා ඉතා අහින්සක ලෙස විදගනී..

නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

රචකයා තුල ජනිතවන සියලු දුක්මුසු හැගීම් ඔහු ඉතා අහිංසක ලෙස විද දරා ගන්නේ ඒ මිහිරි අතීතය සිහිකරවමිනි. මන්ද ඔහුව මඩ වතුරෙන් නැහැවූ රියසක ඔවුන්ගේ අතීත ප්‍රේමය නොහදුනන නිසාවෙනි. එනම් ඔවුන්ගේ ප්‍රේමය ලොකයට රහසක් නිසා වෙනුත් එනිසා ඇය විදින සැප සම්පත් දෙස රචකයා උපේක්ශාවෙන් බලන නිසාවෙනුත්ය.

මේ ගීතයේ තවත් එක් විශේශත්වයක් ඇත. එනම් එතෙක් මෙතෙක් බිහිවූ අග්‍රගන්‍ය තනු රචකයකු වන රෝහන වීරසිංහයන් මෙම ගීතයේ තනුවට මෙන්ම හඩටද හිමිකම් කීමයි. මේ පද වැල තමාගේ කරගැනීමට රෝහනයන්ට තුඩුදුන් කාරනය නොදන්නා නමුදු එතුමාගේ හඩින් මේ ගීතයට එක්වූ මිහිර මෙන්ම සිදුවූ උපරිම සාධාරනය නිසා මේ ගීතය පහන් හදවත් ඇත්තවුන්ගේ හද පතුලේ සදා නොමැකෙන ගීයක් වූ බවනම් හොදාකාරවම දනිමි...
 
  • Like
Reactions: dewage55 and hrm

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

විචාරයනම් සුපිරි බව කිව යුතුමය....
 
Last edited:

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අපේ යාලුවෝ දෙදනෙකුගේ ඉල්ලීමක් අනූව තමයි මේ ගීතය ගැන අදහස ලබාදෙන්න හිතුවේ.
    ලංකාවේ සාහිත්‍ය කෙත ආලෝකමත් කරනු වස් දැල්වුනු රුවන් පහන් අතරින් එක් ප්‍රබල පහනක් මැයි ලූෂන් බුලත්සිංහල මහතානන්. එදිනේදා ජීවිතයේ දී සාමාන්‍ය පුද්ගලයකුගේ අත්දැකීම් සාමාන්‍ය පුදගලකුට වඩා ඉහල කෝනයකින් අත්විදි එතුමා විසින් ඒවා බොහෝ දෙනෙකුගේ රසාස්වාදනය සදහා අගනා කලාකෘති බවට පත් කෙරුනා
    එතුමාම යම් පුවත් පතකට කල ප්‍රකාශයකට අනූව මේ ගීතයටත් පාදක වන්නේ එවැනිම එතුමාගේ අත්දැකීමක්. ඒනම් එතුමා තදින් වැස්ස වැටෙන දිනයක තම දියනියත් සමග කුඩයක් යටින් පාරේ ගමන් කරමින් සිටිනවා. මේ අතර අසලින් ගමන්කරන වාහනයක මඩ වතුර පහරින් එතුමා සහ එතුමාගේ දියනිය තෙමෙනවා. එතුමාගේ කෙසේවෙතත් සංවේදී හා වින්දනීය හදවත් ඇත්ත්වුන්ගේ වාසනාවට ඒ රථයේ සිටින්නේ කාලයක් එතුමාගේ පෙම්වතියව සිටි තරුනියයි. මේ අත්දැකීම නිමිතිකොට ගනිමින් ඒතුමාගේ සුපුරුදු ප්‍රතිභාව තුලින් අග්‍රගන්‍ය ගීතයක් අපට දායාද වෙනව........

    මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
    උඩ ඉගිළෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

    වර්ශාව යනු පරිසරයට මෙන්ම මිනිස් සිතිවිලි වලටද නැවුම්වු අත්දැකීමකි. මේ වර්ශාවේ හා වර්ශාව දැනුම්දෙමින් අහසේ පියාසර කරන වැහිලිහිණියන්ගේ සුන්දරත්වය විදිමින් යන රචකයාගේ දෑස නවතින්නේ අසලින් ඇදෙන වාහනයක කවුලුවකින් පෙනෙන දෑසක් මතය. ඒ අන් කිසිවකු නොව අතීතයේ සැමටම වඩා රචකයා ආදරය කල දෑසයි.ඒනම් ඔහුගේ අතීත පෙම්වතියයි.

    අඳුරු ලලා...
    සෙංකඩගල වැස්සේ
    දිය දහරා...
    පාටයි දේදුන්නේ
    තෙමි තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

    මේ හමුවීම රචකයාගේ හදවතතුල ජනිතකරන්නේ අදුරක්මය. පෙර මල් වරුසාවක්ව දුටු වර්ශාව එයින් අදුරු වෙයි. ඒ අදුරු වර්ශාව තුලින් ජනිතවන දියදහරා රචකයා ද්කින්නේ දේදුන්නේ මේන් නේක වර්න සහිතවය. ඒනම් අතීතයේ මිහිරි මතකයන් මේ දිය දහරාවල සැගවී රචකයාගේ මනසට ගලා එයි. ඇදහැලේන වර්ශාව පවා ආදර මධු වර්ශාවක් කරගනිමින් දැත් පටලා එදා ගම්න් කල දෙදෙනා අද වෙන්වී මාර්ග දෙකක ගමන් කිරීම රචකයාගේ සිත් තුල ජනිතවූ අදුර තව තවත් වැඩි කරන කාරනාවක් මය..

    රිය ඇතුළේ...
    උණුසුම ඔබට දිදී
    නහවයි මා
    රියසක මඩ වතුරේ

    සීතල වර්ශාව මධ්‍යයේදී සැනසුම් උනුසුම ඇයට ලබාදෙන මේ රථයම ඔහුව මඩ වතුරෙන් නාවන්නට තරම් අකාරුනික විය. ඇතැම් විට රචකයා මේ රථය තුලින් දකින්නේ ඇය දැන් හිමිවී ඇති පුද්ගලයා දිහා විය යුතුය. ඔහු ඇයට කොතරම් සැප සම්පත් ලබා දුන්නද ඔහු තුලින් රචකයාට හිමිවන අහිමිවීම, පරාජය හා තනිකම රචකයා ඉතා අහින්සක ලෙස විදගනී..

    නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
    අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

    රචකයා තුල ජනිතවන සියලු දුක්මුසු හැගීම් ඔහු ඉතා අහිංසක ලෙස විද දරා ගන්නේ ඒ මිහිරි අතීතය සිහිකරවමිනි. මන්ද ඔහුව මඩ වතුරෙන් නැහැවූ රියසක ඔවුන්ගේ අතීත ප්‍රේමය නොහදුනන නිසාවෙනි. එනම් ඔවුන්ගේ ප්‍රේමය ලොකයට රහසක් නිසා වෙනුත් එනිසා ඇය විදින සැප සම්පත් දෙස රචකයා උපේක්ශාවෙන් බලන නිසාවෙනුත්ය.

    මේ ගීතයේ තවත් එක් විශේශත්වයක් ඇත. එනම් එතෙක් මෙතෙක් බිහිවූ අග්‍රගන්‍ය තනු රචකයකු වන රෝහන වීරසිංහයන් මෙම ගීතයේ තනුවට මෙන්ම හඩටද හිමිකම් කීමයි. මේ පද වැල තමාගේ කරගැනීමට රෝහනයන්ට තුඩුදුන් කාරනය නොදන්නා නමුදු එතුමාගේ හඩින් මේ ගීතයට එක්වූ මිහිර මෙන්ම සිදුවූ උපරිම සාධාරනය නිසා මේ ගීතය පහන් හදවත් ඇත්තවුන්ගේ හද පතුලේ සදා නොමැකෙන ගීයක් වූ බවනම් හොදාකාරවම දනිමි...


    බොහොම ස්තුතියි විචාරයට. ඇත්තටම ලුෂන් බුලත්සිංහල කියන්නේ අපේ සිංහල ගීත සාහිත්‍යයේ පිපුණු නෙළුමක්. අපේ රටේ පොළොවේ පය ගහල ඉන්න සැබෑ මිනිසෙක්. ඔහු ලියපු ගීත වලින් මන් ගොඩක් කැමති ගීතයක් තමයි ඕක. ඊට නොදෙවෙනි රසයක් තියෙන තවත් ගීතයක් තියෙනෙව මන් එක ගැනත් විච්රයක් බලාපොරොත්තු වෙනවා . මන් හිතනවා මේ ගීතයේ හැම වචනය් ගානෙම ගැමි සුන්දරත්වය සමග බැඳුනු කටුක යථාර්තයක් ගැබ් වෙලා තියෙනෙව කියල.


    පිපුණු මලේ රුව එ මල දනී දෝ
    මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

    කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ

    ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
    එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ

    ගායනය : නන්දා මාලිනි
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔන්න යාළුවනේ මම මගේ තවත් විචාරයක් අරගෙන ආවෙ ඔයාලට.... කියවල රසවින්දොතින් බම්ප් එකක්වත් තියන්න.... මොකද යාළුවනේ බලන්න නිතරම මේ නූල තියෙන්නෙ ගොඩාක් යට..... දෙවන තුන්වන පිටුවල.... ඉතින් ගොඩක් අයට මේක කියවන්න ලැබෙන්නෙ නෑ.... අපි විදන රසය අනිත් අයටත් දෙන වගකීම මෙය කියවන අය අතේ තමා තියෙන්නෙ හොදේ..... හරි අපි යමු ගීතයට....

    ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්‍රේමය වෙන්නත් පුලුවන්.

    ශා...කියලා වැඩක් නෑ මචන්
    සිරාවටම උබ කියනකම් මේකෙ මෙහෙම තේරුමක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ :D :yes:
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0


    පිපුණු මලේ රුව එ මල දනී දෝ
    මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා


    ගායනය : නන්දා මාලිනි

    හැකි ඉක්මනට දෙන්නම් සහෝ....... මේ ගීතය ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන අතර ඩන්ස්ටන් සිල්වා මහතාගේ තනුවෙන් හැඩවී නන්දා මාලිනියන්ගේ හඩින් ගැයෙන්නක්
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0


    පිපුණු මලේ රුව එ මල දනී දෝ
    මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා


    ගායනය : නන්දා මාලිනි

    හැකි ඉක්මනට දෙන්නම් සහෝ....... මේ ගීතය ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන අතර ඩන්ස්ටන් සිල්වා මහතාගේ තනුවෙන් හැඩවී නන්දා මාලිනියන්ගේ හඩින් ගැයෙන්නක්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................

    දෙවැනි බුදුන් ලෙස................



    අපේ මව් ගූණ ගී වල සැමදා ඇසෙන දසමසක් කිරි දීම, ලේ කිරි කර දීම, ඇකයේ හොවා ගෙන හිදීම ආදී සම්ප්‍රදායික වට්ටෝරුව නොමැතිවම අපේ සිත හඩවන්නට, ගීතය අසා හඩන්නට තරම් වූ බර සිතිවිලි සමුදායක් හදවත තුළ ජනිත කරවන ගීයකි, මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් විරචිත මේ ගීතය.
    මේ ගීතයේ උපත පිළිබද ව ගීතය ගයන ගදඹාණන් වූ සුනිල් එදිරිසිංහයන් වරක කතා කලා.
    "මගේ මව ගේ අභාවය සිදු වූ මොහොතේ පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මා මව් ගුණ ගීයක් ගයා නෑ නේදැයි විමසුවා. එතුමා මවු ගුන ගීය ලියා මා අතට පත් කරන විට මේ ගීවට සංගීතය රචනා කළ රෝහණ ගේත් මව් මිය ගිහින් ඉතා ටික කලක්. මේ ගීතයේ පටිගත කිරීම් තල පළමු දවසේ පටිගත කිරීම කරන්නට වුනේ නෑ. මා ශබ්දා ගාරයේ මේ පස සිටත්, රෝහන ශබ්දාගාරයේ අනෙක් පස සිටත් වැලපීම එයට හේතුවයි. ඉතින් අප දෙදෙනාම වෙන දිනකයි මේ ගීතය ගයා පටිගත කලේ."

    දෙවැනි බුදුන් ලෙස - ලොව ම උවම් කළ

    ලොවක පිදුම් ලද - ලොවට උතුම් ළද...........
    අම්මා.........අම්මා....
    අම්මා..............

    දෙසවන් සනසා මා නැළවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට - මා සිප ගන්නට ඔබ මා ළග නැත...............
    අම්මා.........අම්මා....
    අම්මා..............

    ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ - ළතැවුල් නසනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා දින - මා සිප ගන්නට ඔබ මා ළග නැත...............
    අම්මා.........අම්මා....
    අම්මා..............


    ඇය දෙසවන් සනසා දරුවාව නළවන අතරම කියා දෙන්නේ ඒ මියුරු මියැසියේ අර්ථයයි. නමුත් අප ඒ මියැසිය ගයා ලොවම රසවත් කරන විටදී අපේ මව්වරුන් අප ළග නැති අරුමය, අපි බොහෝ දෙනා විදින, විදවන හැගීම් බරිත අත්දැකීමකි.
    මව ගේ සමහර කෝටු පහර වල් අපට වැදී ඇත්තේ සිරුරට නොව සිතටය. නමුත් ඒ කදුලැල්ල විද අපි ලොවට ම අභියෝග කරන තරම් දිරියක් ගොඩනගා ගනිමු. එසේ ලොවම දිනන දිරිය අප තුල මැවූ මෑණියන් අප ලොවම දිනන දිනය වන විට නොමැති වීමෙන් පුතකු සිත තුළ උපදින ළතැවිල්ලය මේ ගැයෙන්නේ.
    මා මේ ගීතය ගැන එතරම් තකා නොකරමි. අසන්න.......මේ ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ඔබේ හදවත පතුලටම ඇසෙන ඒ හැගීම් බර කටහඩ පමණක් අසන්න.........පසුව නිසංසලව හිදින මොහොතක ඔබේ හදවත පත්ලෙන් ඇසෙන මේ ගීතයේ දෝංකාරය ඔබේ හදවතට පවසන දේ මෙහි සදහන් කරන්න....................
    ලස්සනයි මචන්,,මේක බලල මම අම්මට කෝල් කලා..:(:(:(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    1971 කියන්නෙ ලංකාවෙ තරුණ අරගලයක් ඇති උන කාලයක්. ඉතින් රජ්‍ය ආරක්ශක අංශ විසින් මෙකී අරගලය මැඩ පැවැත්වීමට කටයුතු කරද්දී මේ තරුණ කැරලි කරුවන් තම තමන්ගේ ආරක්ශා සදහාත් ඉදිරි සැලසුම් සදහාත් ඉතා ඝන කැලෑ තුල සැගවීගන්නවා. ඔය අතර ලංකා මෑනියන්ට ඒතෙක් මෙතෙක් ජාතක වුනු සුපිරිතම පුද්ගලයකුගේ සොයුරන්ද සිටිනවා.
    ඒ කාලයෙ වෙඩි හඩක් කෙනෙකුට මහා අරුමයක් නොවන තරමටම සුලබ වුනු කාලයක්. උලලේනෙකුගෙ හඩක් එක්ක මහා මූසලවූ රත්‍රියක තවත් එක් වෙඩි හඩ්ක් ඇහෙනවා. ඒ වෙඩි හඩේ දෝන්කාරය නිමා වන්නේ මෙකී සුපිරි මිනිසාගේ එක් සොයුරෙකුගේ ජීවිතයත් එක්කමයි. මේ පුවත මව් සෙනෙහස, සහොදරකම මිත්‍රත්වය දේවත්වයෙන් සලකන ලද මේ අපූරු මිනිසාගේ සවනට වැටෙනවා. හදවත් පතුලේ කැකෑරෙන සහෝදර කමින් සුපොශිත මේ මිනිසා මේ වෙන් වීම නිමිත්ත කර ගනිමින් අවි අතට ගන්නවා.
    මේ සොදුරු මිනිසා රංබන්ඩා සෙනෙවිරත්නයනුයි එතුමා අතට ගත් ඒතුමාගේ අවියෙන් ශ්‍රී ලංකා කලා කෙතට සුපෝශිත කරලක් එක් වෙනවා. ඒනම් වරක් ඇසූවකු තුල අමරනීයව පැලපදියම් වන අපූර්වතම ගීයක් දායාද වෙනවා..................
    මේ ගීතය අනූව එතුමා මේ සිදුවීම දකින්නේ තවත් කැරලි කරුවකුගේ ඇසිනි.....

    පාළුව දෙවනත් කරලා
    නාඬන් උලලේනෝ
    කාටත් නපුරු දා
    තනිකම් ඇතිවෙනවා
    උලලේනෝ..

    සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. ඊයේ හිටපු අය අද අපිත් එක්ක නෑ. ඒ නිසා පාලුව කියන දේ තදින්ම හිතට දැනෙනවා. උලලේනො උබේ මූසල හඩින් ඒ පාලුව තවත් වැඩිවෙනවා විතරයි. ඒ නිසා නාඩා ඉදින් උලලේනෝ............

    සීත සුළං හිරිකඩයි
    කැලේ අපට උරුමේ
    උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උලලේනෝ......

    මේ රුදුරු කැලය, හමන දරාගත නොහැකි සීත සුලං හා හිරිකඩ පමනයි අපට උරුම වෙලා තියෙන්නේ. තටු ලැබිල පියාබන්න ඔන තරුන්‍යය තමයි අපි කැලේ දඩු වලින් අටව ගත්ත පැලක අපි ගෙවන්නෙ. අපිට වඩා උබට නිදහස තියනවා උලලේනෝ. ඒ නිසා නාඩා ඉදින්..........

    ඉහිරුණු කිරි කොතලෙට
    ඉකි බිඳලා පල නෑ
    උඹටත් එක්කයි මම මේ
    කවිය කියන්නේ
    උලලේනෝ........

    නැති උන දේවල් වලට හඩල පලක් නෑ. මොකද අපි හැඩුව කියල ඒ දේවල් නැවත ලැබෙන්නේ නෑ. උබටත් එක්ක මම මේ කවිය කියන්නේ උලලේනෝ නාඩ ඉදින්.....

    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
    උලලේනෝ........

    ප්‍රිය කරන අයගෙන් වෙන්වීම දුකක් තමයි. ඒත් ඒ සංසාරෙ හැටි ඔකට හඩල වැඩක් නෑ උලලේනො.... ඔය දුක නැති කරගන්න නම් අපි නිවන් දකින්නම ඔනා........

    සෙනෙවිරත්නයන් මේ ගීතයේ දරුනුම අයුරින් වචනය භාවිතා කරන්නේ අන්තිම පද කිහිපයේදී යැයි මගේ හැගීම. මොකද උන දේවල් වලට හඩලා වැඩක් නෑ යැයි උලලේනට කියන්නේ ඇයි? මොකද ඔහු දන්නවා ඔහු වගේම තවත් පිරිස් මේ අයුරින් උල ලේනාගේ හඩට සවන් දෙමින් කැලයේ සිටිනා බව. රචකයා උලලේනාට මේ පවසන්නේ අන්න එවැන්නවුන් ටද ඔහුගේ හැගීම සන්නිවේදනය කරනමෙනි.
    නමුත් මේ හැගීම මොකද්ද...... ඇතැම් විට විප්ලව්යේ බලාපොරොත්තු සුන් වූවා කියන ඒකද නැත...... මා සිතනා අයුරින් එය එසේ නොවේ. මක්නිසාදයත් "සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ" රචකයා වියෝග ඇතිවීම සංසාරේ තවත් එක් සිදුවීමක් ලෙස දකියි. ඒනම් විප්ලවය නිසා නොවන බවයි. එසේනම් මේ විප්ලවවාදී රචකයා උලලේනාගේන් සන්නිවේදනය කිරීමට යැයි ඉල්ලන පනිවිඩය තමන්ගේ සොයුරන් මිතුරන් කොතෙක් අප හැරගියත් මේ විප්ලවය දිගටම පවත්වාගෙන ලෙස නොවේද?

    පද :- රංබන්ඩා සෙනෙවිරත්න
    තනු හා ගායනය :- ගුණදාස කපුගේ
    :D:D
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579


    දෙවන කොටසට මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040345&postcount=1584


    තෙවන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040727&postcount=1590


    සතර වන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12042589&postcount=1608



    ගීත පටුන පස්වන කොටස


    බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
    මගෙ අම්මා වත් දොර‍ටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11940129&postcount=1005



    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11941085&postcount=1020


    තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේ
    ගිනි හුළගින් දූවිලි ඇවිලෙනවා - ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11941769&postcount=1026


    ඇසට අසුවන මායිමේ
    බඹර සැණකෙළි මල් විලේ
    ලසෝ ලැවිගිනි ඇව්ලුනා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ....
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11942570&postcount=1030


    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියෑසි කැළක්‌
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බඹර තුඩක්‌
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11945155&postcount=1054


    මා එක්කලා අමනාපව වී දබර-දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර.........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11945796&postcount=1076


    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ළපලු හෙවණේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11950533&postcount=1124


    ඉස්සර මං ගිය පාසල ඇරිලා...
    පුංචි පැටව් පෙරහරෙ එනවා.....
    හේවිසි ගහගෙන හූ හඩ දීගෙන
    ළන්ද පුරා දුව පැන එනවා....
    මේ දරු දැරියන් නොදු‍ටුව දැසින්
    එක දරුවෙක් තනිවී එනවා...........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11951232&postcount=1131


    සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්
    හිනැහෙන්න පෙරදා වගේ..
    මුමුණන්න වදනක් පෙර සේම ලංවී
    මියඇදෙන මතකය වගේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11952228&postcount=1140


    කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී ගායනා
    ගිලන් හද පාරවා
    ගෙනෙයි අද වේදනා ................
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11953020&postcount=1151


    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගිය අවුකන් බුදුන්ටත්
    දෑස දුන් මිනිසා සොයා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11954216&postcount=1159



    සිත හඩන අයුරු දෙවොල ගිනි අරන්....
    මම දනිමි සොදුර නුඹ තැවුනු තරම්...........
    හද පෙළෙනු කිමද අවරගිර බලන්.....
    මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්..........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11956656&postcount=1165



    විදුලි මිනි පහන් දැවී - බොළද ගී සිනා රැළි
    නිලංකාර අදුරේ සිර වී - සැදෑ සාදයේ......
    කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........
    කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11957477&postcount=1167



    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ
    දුරු රට යනතුරු නොදනිම්...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11959003&postcount=1189


    කදුළු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11960237&postcount=1196


    ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
    ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
    දැස දුම් වෙලා තිබුනට
    මුව තැවරුන දුම සුවදයි
    නිදිබර සුසුමෙන් සුසුමට
    ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11962020&postcount=1208



    පහලින් බාගන්න
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11950357&postcount=1121"]http://www.elakiri.com/forum/showpost.php?p=11950357&postcount=1121[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11956158&postcount=1163"]http://www.elakiri.com/forum/showpost.php?p=11956158&postcount=1163[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11958161&postcount=1182"]http://www.elakiri.com/forum/showpost.php?p=11958161&postcount=1182[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11963191&postcount=1224"]http://www.elakiri.com/forum/showpost.php?p=11963191&postcount=1224[/URL]
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579


    දෙවන කොටසට මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040345&postcount=1584


    තෙවන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040727&postcount=1590


    සතර වන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12042589&postcount=1608


    පස්වන කොටස කොටසට මෙතනින් යන්න

    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12074357&postcount=1705"]http://www.elakiri.com/forum/showpost.php?p=12074357&postcount=1705[/URL]


    ගීත පටුන සයවන කොටස


    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11963991&postcount=1227


    නින්ද නැති රැයේ
    සද කදුලු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.....
    තාරකා දියේ ගිලී
    නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී...රෝස පෙති කඩා හැළේ...........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11965126&postcount=1231


    පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11965295&postcount=1233


    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කදුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ළගම තනි නොතනියට
    නොහැක මට උනුසුමින් ඔබට තනි රකින්නට
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11967370&postcount=1248


    පි-සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
    අපෙ මතු දියුන සොයා.................
    සිතකින් නොව මා නැව් නැග යන්නෙ සිත ඔබෙ තුරුලෙ තියා
    ගැ-ගතින් මෙතැන මම සිතින් ඔබගෙ ලග
    කිසිදා වෙනස් නොවේ...................
    ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිනි කිරුලක් මෙලොවේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11969602&postcount=1264


    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11975612&postcount=1287



    වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී
    ඉදි කටුව අතේ ඇණුනා ‍ දෝ නිදන කුමාරී......
    වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11978635&postcount=1318


    හන්තාන දෙසින් එන
    මුදු සීත සුළං රැළි
    ඔබ තාම හොඳින් හදුනනවානම්
    මේ පහන ඔබේ සුරතින් දැල් වූ
    මං බෝම ප්‍රවේශම් කරගන්නම්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11979734&postcount=1328



    පියානෙනි මා නැවත් උපන්නොත්
    අපාර වූ මෙ සංසාරේ
    ඔබෙම පුතු වේවා.........//
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11981528&postcount=1332


    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11981595&postcount=1334



    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11984906&postcount=1342


    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරළක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11988188&postcount=1349



    චන්දෝ මා බිලිදේ නුබ නාඩන්
    බැන්දෝ සෙනෙහස නිරිදුට දාවුන්

    සහ

    සිලින් බිලින් කූරු වළලු
    පාට හතේ මාල පබළු
    වයිවාරන අරුමෝසම් වටේ එල්ලලා
    රෝද දෙකේ මාලිගාව පොළට ඇවිල්ලා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11990367&postcount=1366


    හෙමින් සැරේ පියා විදා..//
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11990724&postcount=1368


    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
    ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
    මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
    කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11993855&postcount=1380


    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11993963&postcount=1382



    පහලින් බාගන්න
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11975543&postcount=1286"]http://www.elakiri.com/forum/showpost.php?p=11975543&postcount=1286[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11991041&postcount=1371"]http://www.elakiri.com/forum/showpost.php?p=11991041&postcount=1371[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11995824&postcount=1392"]http://www.elakiri.com/forum/showpost.php?p=11995824&postcount=1392[/URL]
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    හැකි ඉක්මනට දෙන්නම් සහෝ....... මේ ගීතය ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන අතර ඩන්ස්ටන් සිල්වා මහතාගේ තනුවෙන් හැඩවී නන්දා මාලිනියන්ගේ හඩින් ගැයෙන්නක්

    ela ela machan. thanks !
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579


    දෙවන කොටසට මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040345&postcount=1584


    තෙවන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040727&postcount=1590


    සතර වන කොටසට මෙතනින් යන්න

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12042589&postcount=1608


    පස්වන කොටසට මෙතනින් යන්න

    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12074357&postcount=1705"]http://www.elakiri.com/forum/showpost.php?p=12074357&postcount=1705[/URL]
    සයවන කොටසට මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12074564&postcount=1706


    ගීත පටුන සත්වන කොටස
    යාලුවනේ මුලින්ම තියෙන සම්බන්ධයෙන් විචාරය ද දෙවන සම්බන්ධයෙන් ගීතය බා ගැනීමද කල හැක.
    මෙතන ඉදන් එලෙස ගීත පටුන ඉදිරියට යන බව කරුණාවෙන් දැනුම් දෙමි..



    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා
    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12002052&postcount=1407"]http://www.elakiri.com/forum/showpost.php?p=12002052&postcount=1407[/URL]
    [URL="beemp3.com/download.php?file=11640025&song=Siyalla+Idiri"]beemp3.com/download.php?file=11640025&song=Siyalla+Idiri[/URL]

    සිතින් මා නොසැලී සිටිද්දී කඩුල නුබ ඇවිදින්
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411"]http://www.elakiri.com/forum/showpost.php?p=12002923&postcount=1411[/URL]
    [URL="http://www.mediafire.com/?l0ywnwo0grl"]http://www.mediafire.com/?l0ywnwo0grl[/URL]

    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
    නොගිලී දල රල පෙල අතරේ...
    මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ....
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12004689&postcount=1416"]http://www.elakiri.com/forum/showpost.php?p=12004689&postcount=1416[/URL]
    [URL="http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=174"]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=174[/URL]

    හන්තානට පායන සද
    ලස්සනයිද කියන්න
    මා ගැන මතකය ගුලි කර
    මහවැලියට දාන්න
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12007381&postcount=1436"]http://www.elakiri.com/forum/showpost.php?p=12007381&postcount=1436[/URL]
    [URL="http://www.mediafire.com/?y0jmtdwzynm"]http://www.mediafire.com/?y0jmtdwzynm[/URL]

    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12011048&postcount=1443"]http://www.elakiri.com/forum/showpost.php?p=12011048&postcount=1443[/URL]
    බාගැනීමට සින්දුව සොයා ගැනීම අපහසුය :confused:

    අහසින් පොලවට කඩා වැටීලද
    අම්ම තාත්තා නෑ දන්නෙ
    මවි පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12015768&postcount=1462"]http://www.elakiri.com/forum/showpost.php?p=12015768&postcount=1462[/URL]
    [URL="http://www.mediafire.com/?gn2zenjcyjz"]http://www.mediafire.com/?gn2zenjcyjz[/URL]

    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා
    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12016847&postcount=1471"]http://www.elakiri.com/forum/showpost.php?p=12016847&postcount=1471[/URL]
    [URL="http://beemp3.com/download.php?file=11640025&song=Siyalla+Idiri"]http://beemp3.com/download.php?file=11640025&song=Siyalla+Idiri[/URL]

    හෙට අලුත් අලුයමක්
    වෙන කවරදාකටත් වඩා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12020403&postcount=1487"]http://www.elakiri.com/forum/showpost.php?p=12020403&postcount=1487[/URL]
    [URL="http://www.mediafire.com/?jnnmojiiky5"]http://www.mediafire.com/?jnnmojiiky5[/URL]

    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී
    මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී
    හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී
    හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12022667&postcount=1496"]http://www.elakiri.com/forum/showpost.php?p=12022667&postcount=1496[/URL]
    [URL="http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=760"]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=760[/URL]

    ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12023650&postcount=1500"]http://www.elakiri.com/forum/showpost.php?p=12023650&postcount=1500[/URL]
    [URL="http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=201"]http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=201[/URL]
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    දේව මන්දීරේ වැතිරී බැතියෙන්
    පුදසුන අබියස ආයාචනා කරම්
    දැවෙන සිතේ සංකා සෝ දුක්
    නිවන ලෙසේ
    Code:
    [URL]http://www.elakiri.com/forum/showpost.php?p=12011048&postcount=1443[/URL]
    බාගැනීමට සින්දුව සොයා ගැනීම අපහසුය :confused:

    menna thiyenewa
    http://www.mediafire.com/?lz0mj4ynmmt
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සහෝ මම මේ සින්දුව අහල තිබුනට හරියටම මීටර් එකෙන් අහල තිබ්බේ නැහ,,,එත් ටී.ම් ජයරත්න මහත්මයගෙ සජිවී ප්‍රසන්ගයකදි මේ සින්දුව කියන්න කලින් පොඩ්ඩක් වගේ මේ සින්දුවේ තෙරුම කිවුවා,,ඒ වෙලවෙ හරියට සින්දුවයි තෙරුමයි අහපුවහම මගෙ ඇගේ මයිල් කෙලින් උනා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මේ සින්දුවෙන් කියන දේ ගැන......අපහු ඒ මතකය මතක් කරාට ස්තුතී සහෝ ............:yes::yes::yes::yes::yes::yes:


    music vishwaasa karana kenek gee preemaya bolada wennath ....anagathaya boldha wennath hethuwa .,... lankawe inna kemadaasa master ....... dan inna kasun kalhara wage aya

    kemada master ge sihinaya ...

    cake kaala bada weelanna cofee beepu suddan gen aaphu opera ..syphony wage usas rasayakin yuthu dewal....lankaawe taramak durata hari prachalitha keerima ...


    kasun ge vision eka unee...... love kiyana kaaaranaaawa hudek janaya matha novii hageemak atthoth sadahaa veema


    me dennaagema vison eka nam mama wenas kare naa...... interviews...poth wala thibba eka thamay damme ...

    mata nam mee kathawaawa pattapal atthak ,... mokada music wishwaasa karana kenek gei ... wena minihek gen mama loku wenasak dakinawaa


    kellek ge unath ehema aya ge quality eka wadi wage :)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    2005 අවුරුද්දෙ එක දවසක රැ මම පාඩම් කරකර ඉන්නකොට ජාතික රූපවාහිනියෙද කොහෙද නිවුස් වලට කියනවා ඇහුනා 70 දශකයෙ ජනප්‍රිය ගායන ශිල්පියෙකූ වූ ටියුඩර් ජයශාන්ත මහතා
    av10041813.jpg

    දැයෙන් සමුගනී
    ඒත් එක්කම ඔහුගෙ සින්දුවක් වාදනය උනා හරිම සංවෙදී තැන්පත් කටහඩකින් ගිතයක් ඇසුනා එ තමා
    මෙ ගීතය

    මගෙ දැසේ කදුලු තව දැසක
    සතුටු කදුලු වී අද ඇත ඇය
    මට හිමි නැති මගුල් පෝරුවේ....//

    මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුනා......//

    මිලින කලේ ඇයි මැණිකේ පරම චේතනා.......
    පරම චේතනා.......

    නොයිදුල් පෙම මා පැතූ ඔබ කල හැටි අන්සතු......//

    මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ......
    ඔහුට මින් මතූ......


    මම ටක් ගාලා දුවගෙන ඇවිත් බැලුවා මේ ටියුඩර් ජයශාන්ත කියල කලාකරුවව මම දැක්කෙත් මුලින්ම
    ඔහුගෙ ගීතයක් ඇසුවෙත් ඔහුගේ මලගම දවසේ ඔහු වෙනුවෙන් උපහාර වැඩසටහනක් වත් තියෙයි කියලා
    මම රෑ වෙනකන් ඇහැරගන හිටියා මොන උපහාරයක්ද මෙ වගේ අප්‍රකට ගායකයෝ අති විශාල සංඛයාවක් අපෙ රටේ ඉන්නවා ගොඩක් අය දන්නෙවත් නැ මොවුන් අතිශය සුන්දර ගිත ගායනා කලත් අද මොවුන් ගැන කිසිම තැනක අහන්නට දකින්නට ලැබෙන්නෙවත් නැ
    මම නම් දකින්නෙ මෙක ජාතියේම අවාසනාවක් ටියුඩර් ජයශාන්ත කලාකරුවා ගීත ගනනාවක්ම ගායනා
    කර තිබෙනවා ඔහු ගැන සරසවිය සයිට් එකෙ තිබුන සදහනක් නම්

    ටියුඩර් ජයශාන්ත (1945 – 2005)

    "මගෙ දෑසෙ කඳුළු තව දෑසක, විලක නෙළුම් මට කුමටද, සිහින ඡායා සුනිල දෑසේ, එකම ඉරක් යට එකම සඳක් යට’
    වැනි ප්‍රකට ගී ගැයූ ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම හින්දි ගී ප්‍රසංගය පැවැත් වූ ගායන ශිල්පියා ද වේ.

    ගායනයට පමණක් නොව සිතාරය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකු ද විය"


    මෙ ගීතය ඔබත් රස විදලම බලන්නකො මොන තරම් සංවෙදීද සරල ගීතයක් උනත් මොනතරම් අර්තාන්විතද කියලා

    http://dl.dropbox.com/u/9040688/mage_dease_kandulu_thawa.mp3

    මෙ ගීතයෙ ලින්ක් එක දාලා තිබ්බ sihina lahiru සහොදරයට ස්තුතිය:yes:

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    2005 අවුරුද්දෙ එක දවසක රැ මම පාඩම් කරකර ඉන්නකොට ජාතික රූපවාහිනියෙද කොහෙද නිවුස් වලට කියනවා ඇහුනා 70 දශකයෙ ජනප්‍රිය ගායන ශිල්පියෙකූ වූ ටියුඩර් ජයශාන්ත මහතා
    av10041813.jpg

    දැයෙන් සමුගනී
    ඒත් එක්කම ඔහුගෙ සින්දුවක් වාදනය උනා හරිම සංවෙදී තැන්පත් කටහඩකින් ගිතයක් ඇසුනා එ තමා
    මෙ ගීතය

    මගෙ දැසේ කදුලු තව දැසක
    සතුටු කදුලු වී අද ඇත ඇය
    මට හිමි නැති මගුල් පෝරුවේ....//

    මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුනා......//

    මිලින කලේ ඇයි මැණිකේ පරම චේතනා.......
    පරම චේතනා.......

    නොයිදුල් පෙම මා පැතූ ඔබ කල හැටි අන්සතු......//

    මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ......
    ඔහුට මින් මතූ......


    මම ටක් ගාලා දුවගෙන ඇවිත් බැලුවා මේ ටියුඩර් ජයශාන්ත කියල කලාකරුවව මම දැක්කෙත් මුලින්ම
    ඔහුගෙ ගීතයක් ඇසුවෙත් ඔහුගේ මලගම දවසේ ඔහු වෙනුවෙන් උපහාර වැඩසටහනක් වත් තියෙයි කියලා
    මම රෑ වෙනකන් ඇහැරගන හිටියා මොන උපහාරයක්ද මෙ වගේ අප්‍රකට ගායකයෝ අති විශාල සංඛයාවක් අපෙ රටේ ඉන්නවා ගොඩක් අය දන්නෙවත් නැ මොවුන් අතිශය සුන්දර ගිත ගායනා කලත් අද මොවුන් ගැන කිසිම තැනක අහන්නට දකින්නට ලැබෙන්නෙවත් නැ
    මම නම් දකින්නෙ මෙක ජාතියේම අවාසනාවක් ටියුඩර් ජයශාන්ත කලාකරුවා ගීත ගනනාවක්ම ගායනා
    කර තිබෙනවා ඔහු ගැන සරසවිය සයිට් එකෙ තිබුන සදහනක් නම්

    ටියුඩර් ජයශාන්ත (1945 – 2005)

    "මගෙ දෑසෙ කඳුළු තව දෑසක, විලක නෙළුම් මට කුමටද, සිහින ඡායා සුනිල දෑසේ, එකම ඉරක් යට එකම සඳක් යට’
    වැනි ප්‍රකට ගී ගැයූ ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම හින්දි ගී ප්‍රසංගය පැවැත් වූ ගායන ශිල්පියා ද වේ.

    ගායනයට පමණක් නොව සිතාරය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකු ද විය"


    මෙ ගීතය ඔබත් රස විදලම බලන්නකො මොන තරම් සංවෙදීද සරල ගීතයක් උනත් මොනතරම් අර්තාන්විතද කියලා

    http://dl.dropbox.com/u/9040688/mage_dease_kandulu_thawa.mp3

    මෙ ගීතයෙ ලින්ක් එක දාලා තිබ්බ sihina lahiru සහොදරයට ස්තුතිය:yes:


    ගොඩක් ස්තුතියි මචන් මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට..:D:D