සුන්දර ගීයක ඇරබුම,..

user52

Member
Jan 25, 2012
135
36
0
ලැබිල තියෙන ප්‍රතිචාර කියෙව්වාම ලොකු සතුටක් දැනෙනවා. වෙලාව අඩුමකම නිසා එකින් එකට වෙන වෙනම ස්තුතියි කියන්න අමාරුයි. නමුත් හැමොගේම අදහස්, උපදෙස් ගැන හැමොටම බොහොම පින්........
ආ.... අනික අපේ චමල්89 ට දැන් කොහොමද... 25 වෙනිද ටෙස්ට් 1 තියනව කිව්වෙ මට මතක විදිහට
 
  • Like
Reactions: Octa HeliX

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා..................
    ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා.

    මගේ ජීවිතයට ඉතාම ළග, මා නිරතුරුවම සංවේදි කරන ගීතයක්.............
    හේතුව දන්නේ ඇයත් මමත් පමණයි............:sorry::sorry:
    කපිල මගේ අත්දැකීමක මෙලෙස ලිවීමත්, හදවත මෙතරම් ප්‍රලය කිරීමට සමත් වීමත් හෙල බසෙහි චමත්කාරය වේයයි සිතමි.........!!!!!!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ ජීවිතයට ඉතාම ළග, මා නිරතුරුවම සංවේදි කරන ගීතයක්.............
    හේතුව දන්නේ ඇයත් මමත් පමණයි............:sorry::sorry:
    කපිල මගේ අත්දැකීමක මෙලෙස ලිවීමත්, හදවත මෙතරම් ප්‍රලය කිරීමට සමත් වීමත් හෙල බසෙහි චමත්කාරය වේයයි සිතමි.........!!!!!!
    :baffled::baffled::confused::confused::rolleyes::rolleyes::nerd::nerd::P:P
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    index2012-02-2712-13-35.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්ධයක තීව්‍ර භාවමය හැගීම් වල ආත්ම ප්‍රකාශය

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ.......

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ
    පිරිත් කියා නතර වුණා රජරට සේවේ
    අප්පච්චි ඇයි තව නාවේ
    මේ මැදියම් යාමේ........

    සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි..........

    වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
    අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....
    හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
    රෑ කළුවර නපුරුයි..........

    දශක තුනක් පුරා ලේ ගංගා මැදින් ඇදී ගිය යුදධයේ භාවයන් මෙතරම් කුලුගන්වන ගී ඇත්නම් ඒ කීපයක් ම පමණි. යුද්ධයක දී මුලින් ම වෙඩි වදින්නේ මනුෂ්‍යත්වයට සහ සත්‍යයට යැයි කියවේ. මනුෂ්‍යත්වයට වැදුනු වෙඩි පහරේ වේදනාව සහ යුද්ධයට මැදි වූ වන්නි ගම්මාන වල මනුෂ්‍ය ජීවිත යුද්ධය සමග කළ භීතියේ මෙහෙයුම මෙයින් පැවසේ.

    දරුවන් බලා හිදින්නේ තම දෙමාපියන් යළි ගෙදර දොර ළග පෙනෙන තුරාය. දොර දොර යහමින් තිබුණේ මරනය ම නිසාය ඒ. දුරු පෙදෙසකට ගිය ගැමියා එනතුරු දරුවා විදින මානසික භ්‍රාන්තිය පළමු පදයෙන් ම අප හද තුළ රෝපණය කිරීමට ගීය ලියූ සමුද්‍ර වෙත්තසිංහ සමත් වෙයි. බස් රථය නොපැමිණීම, වන්නි පුදේහවල සහ නුවරකලාවියේ හදවත්වලට සහ ජීවිත වලට සමීප රජරට සේවය සිය විකාශය අවසන් කිරීම, එනම් තිබුනු මානසික සහනය ද අතුරුදන්වීම, මේ දරුවා ගේ හදවත් ප්‍රකම්පනය කරන්නේ අප්පච්චි තාම නොපැමීණීම මගිනි.

    සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි..........

    තම හදවත තුල මුරගාන වේදනාව ඔහුට දැනෙන මේ හදවත ප්‍රලය කරන ආකාරය බලන්න. සංහිදක, දෙවියන්ට පහන් තබන තැනක ඇති යාතිකාව පවා නැතිවී යයි. හාත්පස ආලෝකමත් කරන ආලෝකය පවා, කුඩාම ආලෝකය පවා නිවී යයි. මෙවිට ඉතිරි වන්නේ සිතට බියද, කාන්සියද, ළතැවිල්ලද, දෙගිඩියාවද ඉතිරි කරන කළුවර පමණි. මේ අදුර, කොතරම් තිව්‍ර ලෙස අපේ හදවතට දැනිවීමට රචතයා සමත් වී ඇත්ද? ඒ "නූල් පොටක් නැති අහසක්-කළුවර පමණකි" අපේ හදට එක් කරමිනි. මේ සියලු ම උපමා උපමේය මගින් සමුද්‍ර මේ ගතවන නිමේෂයේ ඇති භීතිය ද. ළතැවිල්ලද, දෙගිඩියාවද ගෙන හැරපායි.

    වන්නි වනන්තර වල යුද ගිනි පුපුරන විට, බිය වන්නේ අම්මා නැති ලේන් පැටවුන්ය. මේ යෙදුම ශ්‍රාවකයා තුළ පුදුම ආකාරයේ සංවේදනයක් ඇති කරන එකකි. මේ කුරිරු යුද්ධය කෙතරම් බිය ජනකදැයි කිව හොත් ඉන් ලේන් පැටවුන් "සිහිනෙන්" බිය වන තරමේ භීෂණයක් වපුරා ඇත. යුදුධයෙන් බැට කෑ. බැට කන අහිංසකයන් සදා කාලිකව ම මේ ලේන් පැටවුන් ගොන්නට ඇතුලත් ය. අවසන දී පුතු කියන්නේ තමා දකින හීන ද කළුවර නපුරු බවය. තම පියාට, තමාට ඉතිරි වී ඇති එකම ඥාතියා වන අප්පච්චී ගැන මේ දරුවා දකින සිහින කළුවර තරම්ම නපුරු වන්නේ යුද්ධයෙන් ඔහු ලද අත්දැකීම් හේතුවෙනි.

    සමුද්‍ර රචනා කර ඇති ගීත කීපය අතර මම මේ ගීතය පළමු තැන් හි තබමි. ඒ යුද්ධය පැවතුනු ඒ වකවානුවේ අමු ලෙයට ඉවකරමින් පැමිණි වසලයන් අතින් ඝාතනය වු සුවහසක් අපේ ඥාතීන් ගේ මානසික වියවුලද, අපේක්ෂා භංගත්වයද, ආරක්ෂා විරහිත අනුකම්පා සහගත ජිවන අරගලයද අපේ හදවත ඉරා, පාරා ඇතුලු කරන බැවිනි.

    ගත වූ දශක ගනනක ඉතිහාසය තුල ද අපි මේ භීෂණය අඩු වැඩි වශයෙන් අත්වින්දෙමු. දෙමාපියන් දෙදෙනා එකම බසයක, දුම්රියක නොගියේ, ප්‍රහාරයකදී දෙමාපියන් දෙදෙනාම දරුවන්ට අහිමිවීමේ අවදානම අවම කිරීමටය. අපි මේ යුද්ධයෙන් උපරිමව බැට කෑවෙමු. උණු වූ රුහිරු වීදි දිගේ වැගිරෙන ආකාරය මේ ලියන මම වාර දොළසකට නොවැඩි අවස්ථා ගණනක දී අත්විද ඇත්තෙමි. මායිම් ගම්මාන යයි ලියා දුන් ගම්මාන වල දරුවන්, මව්වරුන්, මහල්ලන්, අත දරුවන් කැති ගා ඇති ආකාරය, තරුණ සොයුරියන් අමනුස්ස ලෙස දූෂ්‍ය කොට දස වධ දී තිරිසන් ලෙසින් මරා තිබූ වාර ගණන සිහිපත් කළ නොහැකි තරම් ප්‍රමානයක් දැක ඇත්තෙමි. නමුත් මගේ දරුවෝ ඒ අත් නොවිදිති. උන් තම පියා/මව ඒ දෝ නොඒදෝ යන භීතියෙන් තොරව ම ගත කරති. මගේ දරුවන් එම භීෂණයෙන් මුදවාලීමට අංශුමාත්‍ර මෙහෙවරක් හෝ කල සියළු දෙනාම කෘතවෙදී ව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    විරහව කොතරම් නම් වේදනාකාරීද...... ඇතැම්විට ජීවිතයක් නැතිකරන්න තරම්... නමුත් මේ වේදනාවෙන් දැවෙන කෙනෙකුට ඇත්ත ආදරය නැවත ජීවිතයට හමුවුනොත් එය සැබැවින්ම කතරට වන් දියපොදක්ම නොවන්නේද.......
    ඔහු ආදරය දැක්කේ බොහෝ ගෞරවනීය හා උතුම් හැගීමකින්මය. ඒ උත්තරීතර වූ ආදරය ඔහු පිදුවේ මුලු හදවතින්මය. නමුත් ඔහුට කලකට පසුව අත්විදීමට ලැබුනේ අතිෂය වේදනාකාරි විරහවමය. ඔහු මේ විරහ ගින්නෙන් දැවෙමින් සිටි කාලයේදී ඔහුට ඇය හමුවිනි. ඔහුගේ ජීවිත කතරට වැසි වැටුනි. ඇය කෙරෙහි ඔහුගේ වූ ඒ උත්තම ආදරය ගීයක පදවැලක් විනි. ඔහු සෝමපාල ලීලානන්ද මහතාය ඇය දැන් එතුමාගේ බිරිදය....

    "සැරයටියෙන් අපි යනෙනතුරා
    සංසාරෙත් අපි එකට ඉමු"

    මේ ගීතයේ පදවැල මෙලෙස කැටයම් වන්නට එතුමාට තවත් නිමිත්තක් ගුරුහරුකම් සපයන ලදී. එනම් එතුමාගේ නිවසේ පොල් කැඩීමට පැමිනි වයසින් වැඩි යුවලක්ය. මේ පිරිමියාට ඇස් නොපෙනුනි මේ නිසා ගැහැනු කෙනා විසින ඔහුව පොල්ගස ලගට සැරයටියක් ආදාරයෙන් කැදවාගෙන යනු ලබීමය.........

    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු

    මේ අපේක්ෂිත බැදීම මරණයෙන් කෙලවර වන්නක් නොවේ. සසර පුරාවටම එකට සිටීමට කරන්නාවු ආරාදනයකි. යම් අයුරකින් සසර ගමන නිමා වන්නේ නම් ඒ එයද එහිදීද දෙදෙනාම ඒක්ව සිටීමට තරම් සිදුවන්නාවු බැදීමකි.
    මේය රචකයා තුලින් ඇය කෙරෙහි හටගන්නාවූ දැඩි ලොබකමක් යැයි මට හැගේ නමුත් රචකයාට මේ ලැබූ ආදරය කොතරම් අස්වැසිල්ලක් සහනයක් වූවාද මෙයින් මනාව කියවේ........

    පි :ජීවන මංපෙත මලින් සැදීගිය
    යුගයක නොව ඔබ හමුවුයේ
    කටුකොහොලින් පිරි කලල් දියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    විරහ ගින්නෙන් දැවෙමින් මියයමින් සිටින ජීවිතයකට ප්‍රාන වායුව එක්කරන්නේ මේ ආදරයමය. එනම් මේ ආදරය ඔහුගේ ජීවිතයමය. ජීවිතයේ එකම අරමුනමය.

    ගැ :මින් මතු මංපෙත මලින් සදන්නම්
    ලතැවුල් සෝගී නැසෙනසේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

    ඇයගේන් සිදුවන මේ පොරොන්දුව නම් ඔහුගේ කටුක අතීතය අමතක කරලීමට හා අනාගතය සුවපත් කරලීමට කැපවන බවයි. තවද මේ පොරොන්දුව සසර පුරාවටම රැකගන්නා බවයි..
    ඇගේ ආදරය හමුවේ රචකයා ලබන පහස මගින් ඔහුගේ චිත්ත සංතානය තුල ඇය හා ඇය නිසා ඔහුගේ අනාගතය ගැන මැවෙන චිත්ත රුප පද වැලක කැටයම්වේ..

    පි :මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරනා කල එලබෙනදා
    කුලුදුල් නැකතින් හමුවන පැතුමන්
    පතමුව සසරින් නික්මෙන දා

    මේ ප්‍රාර්ථනය නම් යලි උපදින මතු භවයකදී හෝ ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය වන්නටය. මක්නිසාදයත් විරහව නිසා හටගන්නා දුක මතු භවයකදීවත් යලිත් නොපතන නිසාමය..
    ඔහුගේ විරහව කොතරම් වේදනාකාරී වන්නට ඇත්ද.... එතරම් වේදනා ලබන්නට ඔහු කොතරම් ආදරය කරන්නට ඇත්ද..........

    ගැ :සංසිදුවා සිතු පහන් කරන්නෙමි
    මේ පෙම කුලුදුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ
    කැපවෙමි ඔබෙ සිතු ගැනම සිතා

    ඔහුගේ සිතුවිලි තේරුම්ගන්නා ඇය ඔහුට නැවතත් පොරොන්දුවන්නේ ඔහුට කටුක අතීතය අමතක වන අයුරින් ඔහුගේ සියලු සිතිවිලි, අවශ්‍යතා සංසිදුවා පහන් කරන බවටය.. එමේන්ම මතු උපදින ආත්මයන් හිද ඇය ඔහුගේම වන බවටය.......
    රචකයා ස්ත්‍රියට මුල්තැන සපයමින් මේ පද ගෙත්තම් කල අයුරක් පෙනේ. ඒ ඇයගේ කැපකිරීම් වලට උපහාර කරනුවස් යැයි මට හැගේ.......

    පද :- සෝමපාල ලීලානන්ද
    තනු :- සරත් දසනායක
    හඩ :- විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා

    ගීතය තුලින් මතුකිරීමට උත්සහදරන ආදරයේ නව සතුටුදායක හැගීම සදහා මේ ගීතයේ තනුව මෙන්ම ගායක යුවලගේ හඩද මනා දායකත්වයක් සපයයි. නමුත් පෞද්ගලිකව මට හැගේන අයුරින් පද රචනයේදී සොමපාල මහතා එක් තැනකදී හැරුනුකොට අනෙක් සියලු තැන් හි "සසර" හා "ජීවිතය හෝ භවය" යන පද වල අරුත පටලවාගේන ඇතිසේය.. මෙය ඇතැම්විට මාගේ භාශා නොහැකියාව නිසා හැගෙන්නක් දැයි නොදනී.............

    :yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    යුද්ධයක තීව්‍ර භාවමය හැගීම් වල ආත්ම ප්‍රකාශය

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ.......

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ
    පිරිත් කියා නතර වුණා රජරට සේවේ
    අප්පච්චි ඇයි තව නාවේ
    මේ මැදියම් යාමේ........

    සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි..........

    වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
    අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....
    හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
    රෑ කළුවර නපුරුයි..........

    දශක තුනක් පුරා ලේ ගංගා මැදින් ඇදී ගිය යුදධයේ භාවයන් මෙතරම් කුලුගන්වන ගී ඇත්නම් ඒ කීපයක් ම පමණි. යුද්ධයක දී මුලින් ම වෙඩි වදින්නේ මනුෂ්‍යත්වයට සහ සත්‍යයට යැයි කියවේ. මනුෂ්‍යත්වයට වැදුනු වෙඩි පහරේ වේදනාව සහ යුද්ධයට මැදි වූ වන්නි ගම්මාන වල මනුෂ්‍ය ජීවිත යුද්ධය සමග කළ භීතියේ මෙහෙයුම මෙයින් පැවසේ.

    දරුවන් බලා හිදින්නේ තම දෙමාපියන් යළි ගෙදර දොර ළග පෙනෙන තුරාය. දොර දොර යහමින් තිබුණේ මරනය ම නිසාය ඒ. දුරු පෙදෙසකට ගිය ගැමියා එනතුරු දරුවා විදින මානසික භ්‍රාන්තිය පළමු පදයෙන් ම අප හද තුළ රෝපණය කිරීමට ගීය ලියූ සමුද්‍ර වෙත්තසිංහ සමත් වෙයි. බස් රථය නොපැමිණීම, වන්නි පුදේහවල සහ නුවරකලාවියේ හදවත්වලට සහ ජීවිත වලට සමීප රජරට සේවය සිය විකාශය අවසන් කිරීම, එනම් තිබුනු මානසික සහනය ද අතුරුදන්වීම, මේ දරුවා ගේ හදවත් ප්‍රකම්පනය කරන්නේ අප්පච්චි තාම නොපැමීණීම මගිනි.

    සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි..........

    තම හදවත තුල මුරගාන වේදනාව ඔහුට දැනෙන මේ හදවත ප්‍රලය කරන ආකාරය බලන්න. සංහිදක, දෙවියන්ට පහන් තබන තැනක ඇති යාතිකාව පවා නැතිවී යයි. හාත්පස ආලෝකමත් කරන ආලෝකය පවා, කුඩාම ආලෝකය පවා නිවී යයි. මෙවිට ඉතිරි වන්නේ සිතට බියද, කාන්සියද, ළතැවිල්ලද, දෙගිඩියාවද ඉතිරි කරන කළුවර පමණි. මේ අදුර, කොතරම් තිව්‍ර ලෙස අපේ හදවතට දැනිවීමට රචතයා සමත් වී ඇත්ද? ඒ "නූල් පොටක් නැති අහසක්-කළුවර පමණකි" අපේ හදට එක් කරමිනි. මේ සියලු ම උපමා උපමේය මගින් සමුද්‍ර මේ ගතවන නිමේෂයේ ඇති භීතිය ද. ළතැවිල්ලද, දෙගිඩියාවද ගෙන හැරපායි.

    වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
    අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....
    හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
    රෑ කළුවර නපුරුයි..........

    වන්නි වනන්තර වල යුද ගිනි පුපුරන විට, බිය වන්නේ අම්මා නැති ලේන් පැටවුන්ය. මේ යෙදුම ශ්‍රාවකයා තුළ පුදුම ආකාරයේ සංවේදනයක් ඇති කරන එකකි. මේ කුරිරු යුද්ධය කෙතරම් බිය ජනකදැයි කිව හොත් ඉන් ලේන් පැටවුන් "සිහිනෙන්" බිය වන තරමේ භීෂණයක් වපුරා ඇත. යුදුධයෙන් බැට කෑ. බැට කන අහිංසකයන් සදා කාලිකව ම මේ ලේන් පැටවුන් ගොන්නට ඇතුලත් ය. අවසන දී පුතු කියන්නේ තමා දකින හීන ද කළුවර නපුරු බවය. තම පියාට, තමාට ඉතිරි වී ඇති එකම ඥාතියා වන අප්පච්චී ගැන මේ දරුවා දකින සිහින කළුවර තරම්ම නපුරු වන්නේ යුද්ධයෙන් ඔහු ලද අත්දැකීම් හේතුවෙනි.

    සමුද්‍ර රචනා කර ඇති ගීත කීපය අතර මම මේ ගීතය පළමු තැන් හි තබමි. ඒ යුද්ධය පැවතුනු ඒ වකවානුවේ අමු ලෙයට ඉවකරමින් පැමිණි වසලයන් අතින් ඝාතනය වු සුවහසක් අපේ ඥාතීන් ගේ මානසික වියවුලද, අපේක්ෂා භංගත්වයද, ආරක්ෂා විරහිත අනුකම්පා සහගත ජිවන අරගලයද අපේ හදවත ඉරා, පාරා ඇතුලු කරන බැවිනි.

    ගත වූ දශක ගනනක ඉතිහාසය තුල ද අපි මේ භීෂණය අඩු වැඩි වශයෙන් අත්වින්දෙමු. දෙමාපියන් දෙදෙනා එකම බසයක, දුම්රියක නොගියේ, ප්‍රහාරයකදී දෙමාපියන් දෙදෙනාම දරුවන්ට අහිමිවීමේ අවදානම අවම කිරීමටය. අපි මේ යුද්ධයෙන් උපරිමව බැට කෑවෙමු. උණු වූ රුහිරු වීදි දිගේ වැගිරෙන ආකාරය මේ ලියන මම වාර දොළසකට නොවැඩි අවස්ථා ගණනක දී අත්විද ඇත්තෙමි. මායිම් ගම්මාන යයි ලියා දුන් ගම්මාන වල දරුවන්, මව්වරුන්, මහල්ලන්, අත දරුවන් කැති ගා ඇති ආකාරය, තරුණ සොයුරියන් අමනුස්ස ලෙස දූෂ්‍ය කොට දස වධ දී තිරිසන් ලෙසින් මරා තිබූ වාර ගණන සිහිපත් කළ නොහැකි තරම් ප්‍රමානයක් දැක ඇත්තෙමි. නමුත් මගේ දරුවෝ ඒ අත් නොවිදිති. උන් තම පියා/මව ඒ දෝ නොඒදෝ යන භීතියෙන් තොරව ම ගත කරති. මගේ දරුවන් එම භීෂණයෙන් මුදවාලීමට අංශුමාත්‍ර මෙහෙවරක් හෝ කල සියළු දෙනාම කෘතවෙදී ව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.

    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුන්දර ගීයක ඇරඹූම තමා අපේ මේ නූලේ නම..... ගීතයක් බිහිවීමට මූලික වූ හේතු, ගීතවල අර්ථයන් අපි යාළුවොටික එකතුවෙලා මෙහි සාකච්ඡා කරනව..... අපි විවිධ විවිධ මාතෘකා හා ගායක ගායිකාවන් ගැන මෙහි සාකච්ඡා කලා..... නමුත් යාළුවනේ මෙතුවක් මට මෙහි යම් අඩුවක් වගේ දැණුන දෙයක් තමා මම දැන් ඔබ හමුවට ගෙන එන්නේ....... (මේ සටහනේදී මා ලොකු අකරතැබ්බයකට මුහුණපෑවා.... ඒ තමා මෙම ගීතවල ඔරිජිනල් වීඩියෝ සොයාගන්නට නැතිවීම.... අපේ යාළුවො ලග තියෙනවනම් කරුණාකරල ඉක්මනින්ම මට ලබාදෙන්න....)

    ඒ තමා අපේ සිංහල ගීත අම්ඹරයේ පෑයූ රිදී තාරකාවන් දෙකක්වන එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා යන දෙදෙනා..... 1950 කාලවකවාණුවේ තාරුණ්‍ය සිත් උන්මාදයකට හැරවූ කටහඩවල් දෙකක් තමා මේ දෙදෙනා.... එයිනුත් එච්.ආර්. ජෝතිපාලයන් කියල කියන්නෙ එදා මෙදාතුර කිසිම කටහඩකට සම කල නොහැකි ගාම්භීර හා අසමසම කටහඩක් හිමි ගායකයෙක්.... මුනිදාස කුමාරතුන්ගයන්, ධර්මදාස වල්පොල ආදීන්ගෙ සිට වර්තමාන ගායකයන් දක්වාම බිහිවූ කටහඩවල් ගැන සැලකූවිට එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඩට සමකල හැකි කටහඩක් මෙතුවක් බිහිවෙලානම් නෑ..... නමුත් අවාසනාවකට ඔහුගේ ඒ කටහඩින් නිසි ප්‍රයෝජනයක් ගත් බවක්නම් ඔහුගේ ගීත දිහා බැලූ විට පෙනෙන්නෙ නෑ............

    කෙසේ වෙතත් මම අද අපේ යාළුවන්ට මොවුන් දෙදෙනාගේ සොදුරු මිනිසත් ගුණ හා අත්දැකීම් කිහිපයක් තමා පැහැදිල කරන්න හදන්නෙ......

    කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......

    මේ වාදය ඒ යුගයේදී ඉතාම ජනප්‍රියවූ වාදයක්...... ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියා. ගීතවල මාතෘකාව බවට පත්වුනේ"අනංගයා".

    මුලින්ම අනංගයා හොදයි කියල ගුණරත්න අබේසේකරයන් ජෝතිපාලයන්ට ගීතයක් ලියල දුන්න.....

    අනංගයා මං.... අනංගයා.....
    රාම සීත එක්වුනේ - රාධ ක්‍රිෂ්ණ ලංවුනේ
    සාළිය කුමරුට අශෝකමාලාවන් හිමිඋනේ....

    හරි ඔන්න ඉතින් වාදය පටන් ගත්ත..... මේ ගීතයෙන් පස්සෙ කරුණාරත්න අබේසේකරයන් මිල්ටන් පෙරේරට ලියලදුන්න අනංගයා හොදනෑ කියල ගීතයක්... ඒ තමයි

    සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා.....
    ඔයා අනංගයා තමයි මහා පෙම් හොරා කියල.....

    වාදය ඉහලින්ම යනව. ආයෙ ජෝතිපාල අනංගයා හොදයි කියල ගීතයකින් කියනව මෙහෙම...

    පෙම්වතුන්ට සරණේ - අනංගයා මමනේ....
    පෙම් සටනින් පැරදී - දොස් නැගීම වැරදී....

    ආයෙත් මේ ගීතයට පිළිතුරු විදියට මිල්ටන් පෙරේරා ගීතයකින් මෙහෙම කියනව.....

    අනංගයා සරනේ පෙම්වතුන්ට මරණේ.....

    මේ විදියට අනංගවාදය ඉහලින්ම යද්දි රසිකයිනුත් දෙපිලකට බෙදිල.... සමාජය පුරා ප්‍රචලිතවෙලා ජෝති මිල්ටන් දෙන්න විරසක වෙලා තමා මෙහෙම ගීතයෙන් රණ්ඩු වෙන්නෙ කියල.... මේක අන්තිමට ඔවුන් දෙදෙනාටම ප්‍රශ්ණයක් උනා.... මොකද ඔවුන් දෙදෙනා ගීතයෙන් විනෝදයට වාදයක පැටළුනාට ඇත්තටම ඔවුන් එහෙම තරහක් නෑ.... ඒත් ඔවුන්ව දෙවියන් වගේ අදහන රසිකයො කොතරම් කීවත් මේ දේ පිළිගන්නෙම නෑ......

    දැන් උද්ගතවෙලා තියෙන්නෙ නොහිතූවිරූ ගැටළුවක් මෙයටත් ඔවුන් දෙදෙනා ගීතයකින්ම පිළිතුරු දුන්නා මෙන්න මේ විදියට.... මේ ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය.

    අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශෝකය නෑ දන්නේ.....
    අයියා මල්ලීවාගේ අයියා මල්ලී...........

    කොතරම් සුන්දරයිද....? එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන්, කරූ සහ ගුණරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔබ දන්නවාද මෙලෙස ගීතවලින් කරන ලද වාදයක් ලෝකයේම තවම බිහිවෙලා නෑ...... ඒකට නම් හේතුව අපේ රටේ තරම් නිහතමානී, සංවේදී සොදුරු මිනිසුන් ලෝකයේ කොහේවත් නැති නිසා වෙන්න ඇති....

    මේ පෝස්ට් එක ගොඩාක් දීර්ඝ උනා....මොවුන් දෙදෙනාගේ සොදුරු ජීවිත කතාවන් රාශියක් පසු විචාරයකින් ලබා දෙන්නම්....
     
    Last edited:
    • Like
    Reactions: Yastysan

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    සංගීතයෙන් අප හදවත් ප්‍රකම්පනයට පත්කරන මේ ගීතය මාගේ සිත්ගත් ගී අතුරින් ඉහලින්ම තියෙන ගීතයක්. අපි රසවිදිමු ගීතය....

    මම ඔබත් එක්ක කොතරම්නම් ආදරේකින්ද හිටියෙ... අපි කොතරම් ආදරේ කරන්න ඇද්ද...... ගිරවියෙක් වගේ ඔයා කියවනව කියවනව ඉවරයක්න නෑ. වැඩේ කියන්නෙ මමත් පුදුම විදියට ඒ කියවිල්ලට ආදරේකලා..... මට ලෝකයක් කියල දෙයක් තේරුනේ නෑ. මොකද මගේ මුළු ලෝකයම උනේ ඔයා නිසා. පාළුව තනිකමට පුරුදුව හිටපු මම මටත් නොදැනෙන ලෙසින් ඔයා ගලවගත්ත.... පුදුමයි කෙල්ලෙ පුදුමයි......

    ඉතින් එච්චරටම මට ආදරේ කලේ ඇයි....... මේ තරමටම මට ඔයා නැතිව ඉන්න බැරි තැනට පත්කලේ ඇයි... ඒතරමටම ආදරේ කරල ඔයා මාව තනිකරල දාල ගියා.... එහෙම ගියානම් යන්න යන්න යන්න යන්න ඔයා යන්න.... ඇයි මේ ඔයාගෙ මතක, සුවද ඉතිරි කරල ගියේ.... මට බෑ ජීවිතේ ගෙවන්න... මට බෑ නැවතත් පරණ මගේ පාළු ජීවිතේ ගතකරන්න... හැම තැනක්ම ඔයා සින්නක්කර ලියාගෙන ඉවරයි. මට මාවත් අයිති නෑ දැන්.....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    වසර හතරක් අපි ආදරේ කලා..... ඒක හරියට කල්ප හතරක් වගේ, සියවස් හතරක් වගේ... ඔයා ගියා කියල මම දන්නව... ඒත් ඔයා එනවද ආයෙත් මාව හොයාගෙන මට එහෙම හිතෙනව ... අපේ ආදර කතාව නැවතුනාද.... ඔයා වෙනත් ලෝකෙකට ගියාද....?(මෙහිදී රචකයා විසින් අවිනිශ්චිත ස්වරූපයක් අපිට පෙන්වනව... මෙයා අපේ සම්බන්ධෙ නවත්වලද ගියේ... වෙන කෙනෙක් ලගටද ගියේ... එහෙම නෙමෙයිද ? ආයෙ එනවද ඔයා...? ඔයා එහෙම කලේ කැමැත්තෙන්ද...? නෑ නේද...? අපිත් එහෙමයි යථාර්තය දැන දැන බලාපොරොත්තු තියාගන්නව )

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

    ඔයාට මේ තරමටම ආදරේකරල, මේ තරමටම අහස උසට බලාපොරෙත්තු තියාගත්ත ආදරේ අද මට නෑ..... මේක ඔයාගෙ වරදක්වත් ඔයා කරපු දෙයක්වත් නෙමෙයි... ආදරේ කියන්නෙ මායාවක් බව නොදැන ආදරේ කරපු මගෙයි වැරැද්ද.... දැන් ඉතින් මට ඔයත් නෑ.... තනිකමත් නෑ... සැනසීමත් නෑ..... හරියට අපේ අදාරකතාව, මගේ ජීවිතය, දුකෙන් පිරුණ ගීතයක් වගේ...

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බර වූ
    සැනසුම කොහි වේ දෝ....

    මෙම ගීතයෙදි ප්‍රබලත්ම කාර්යක් කරනු ලබන්නෙ සංගීතයයි.... ගීතයෙන් කියන වේදනාව මුවහත් කරල අපේ හදවත් තුලට කිනිස්සකින් අනින්න වගේ ගිටාර් වාදනයක් වැයෙනව.... ගොඩාක් ආදරවන්තයින්ට අත්වූ ඉරණමක් ඉතාමත් සුන්දර විදියට නිර්මාණය කිරීම විශ්මය ජනකයි... අපේ සිංහල කලා කරුව ගැන කාතරන්න වචන නෑ... මේ ගීතයෙන් , මුසු වී ඇති සංගීතයෙන් හා මධුර හඩින් විරහවට පත්වූ ආදරවන්තයින් එදත්, අදත් හෙටත් හඩවනඑක නම් නවත්වන්න බැරිබව මා සටහන් කරමින් විචාරය අවසන් කරනව.

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක් බර වූ
    සැනසුම කොහි වේ දෝ....

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

    ගේය පද බුද්ධදාස ගලප්පත්ති මහතා
    සත්සරය රෝහණ වීරසිංහයන්

    තව දෙන්නම්.... කමේනට්ස් දෙන්නෝ............

    මම ආසම සින්දුවක් ... ඔයාට බොහොම පින් යාළුවා ....

    මේ ගීතයෙන් , මුසු වී ඇති සංගීතයෙන් හා මධුර හඩින් විරහවට පත්වූ ආදරවන්තයින් එදත්, අදත් හෙටත් හඩවනඑක නම් නවත්වන්න බැරිබව මා සටහන් කරමින් විචාරය අවසන් කරනව.

    හිරියටම හරි ...

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුන්දර ගීයක ඇරඹූම තමා අපේ මේ නූලේ නම..... ගීතයක් බිහිවීමට මූලික වූ හේතු, ගීතවල අර්ථයන් අපි යාළුවොටික එකතුවෙලා මෙහි සාකච්ඡා කරනව..... අපි විවිධ විවිධ මාතෘකා හා ගායක ගායිකාවන් ගැන මෙහි සාකච්ඡා කලා..... නමුත් යාළුවනේ මෙතුවක් මට මෙහි යම් අඩුවක් වගේ දැණුන දෙයක් තමා මම දැන් ඔබ හමුවට ගෙන එන්නේ....... (මේ සටහනේදී මා ලොකු අකරතැබ්බයකට මුහුණපෑවා.... ඒ තමා මෙම ගීතවල ඔරිජිනල් වීඩියෝ සොයාගන්නට නැතිවීම.... අපේ යාළුවො ලග තියෙනවනම් කරුණාකරල ඉක්මනින්ම මට ලබාදෙන්න....)

    ඒ තමා අපේ සිංහල ගීත අම්ඹරයේ පෑයූ රිදී තාරකාවන් දෙකක්වන එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා යන දෙදෙනා..... 1950 කාලවකවාණුවේ තාරුණ්‍ය සිත් උන්මාදයකට හැරවූ කටහඩවල් දෙකක් තමා මේ දෙදෙනා.... එයිනුත් එච්.ආර්. ජෝතිපාලයන් කියල කියන්නෙ එදා මෙදාතුර කිසිම කටහඩකට සම කල නොහැකි ගාම්භීර හා අසමසම කටහඩක් හිමි ගායකයෙක්.... මුනිදාස කුමාරතුන්ගයන්, ධර්මදාස වල්පොල ආදීන්ගෙ සිට වර්තමාන ගායකයන් දක්වාම බිහිවූ කටහඩවල් ගැන සැලකූවිට එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඩට සමකල හැකි කටහඩක් මෙතුවක් බිහිවෙලානම් නෑ..... නමුත් අවාසනාවකට ඔහුගේ ඒ කටහඩින් නිසි ප්‍රයෝජනයක් ගත් බවක්නම් ඔහුගේ ගීත දිහා බැලූ විට පෙනෙන්නෙ නෑ............

    කෙසේ වෙතත් මම අද අපේ යාළුවන්ට මොවුන් දෙදෙනාගේ සොදුරු මිනිසත් ගුණ හා අත්දැකීම් කිහිපයක් තමා පැහැදිල කරන්න හදන්නෙ......

    කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......

    මේ වාදය ඒ යුගයේදී ඉතාම ජනප්‍රියවූ වාදයක්...... ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියා. ගීතවල මාතෘකාව බවට පත්වුනේ"අනංගයා".

    මුලින්ම අනංගයා හොදයි කියල ගුණරත්න අබේසේකරයන් ජෝතිපාලයන්ට ගීතයක් ලියල දුන්න.....

    අනංගයා මං.... අනංගයා.....
    රාම සීත එක්වුනේ - රාධ ක්‍රිෂ්ණ ලංවුනේ
    සාළිය කුමරුට අශෝකමාලාවන් හිමිඋනේ....

    හරි ඔන්න ඉතින් වාදය පටන් ගත්ත..... මේ ගීතයෙන් පස්සෙ කරුණාරත්න අබේසේකරයන් මිල්ටන් පෙරේරට ලියලදුන්න අනංගයා හොදනෑ කියල ගීතයක්... ඒ තමයි

    සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා.....
    ඔයා අනංගයා තමයි මහා පෙම් හොරා කියල.....

    වාදය ඉහලින්ම යනව. ආයෙ ජෝතිපාල අනංගයා හොදයි කියල ගීතයකින් කියනව මෙහෙම...

    පෙම්වතුන්ට සරණේ - අනංගයා මමනේ....
    පෙම් සටනින් පැරදී - දොස් නැගීම වැරදී....

    ආයෙත් මේ ගීතයට පිළිතුරු විදියට මිල්ටන් පෙරේරා ගීතයකින් මෙහෙම කියනව.....

    අනංගයා සරනේ පෙම්වතුන්ට මරණේ.....

    මේ විදියට අනංගවාදය ඉහලින්ම යද්දි රසිකයිනුත් දෙපිලකට බෙදිල.... සමාජය පුරා ප්‍රචලිතවෙලා ජෝති මිල්ටන් දෙන්න විරසක වෙලා තමා මෙහෙම ගීතයෙන් රණ්ඩු වෙන්නෙ කියල.... මේක අන්තිමට ඔවුන් දෙදෙනාටම ප්‍රශ්ණයක් උනා.... මොකද ඔවුන් දෙදෙනා ගීතයෙන් විනෝදයට වාදයක පැටළුනාට ඇත්තටම ඔවුන් එහෙම තරහක් නෑ.... ඒත් ඔවුන්ව දෙවියන් වගේ අදහන රසිකයො කොතරම් කීවත් මේ දේ පිළිගන්නෙම නෑ......

    දැන් උද්ගතවෙලා තියෙන්නෙ නොහිතූවිරූ ගැටළුවක් මෙයටත් ඔවුන් දෙදෙනා ගීතයකින්ම පිළිතුරු දුන්නා මෙන්න මේ විදියට.... මේ ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය.

    අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශෝකය නෑ දන්නේ.....
    අයියා මල්ලීවාගේ අයියා මල්ලී...........

    කොතරම් සුන්දරයිද....? එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන්, කරූ සහ ගුණරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔබ දන්නවාද මෙලෙස ගීතවලින් කරන ලද වාදයක් ලෝකයේම තවම බිහිවෙලා නෑ...... ඒකට නම් හේතුව අපේ රටේ තරම් නිහතමානී, සංවේදී සොදුරු මිනිසුන් ලෝකයේ කොහේවත් නැති නිසා වෙන්න ඇති....

    මේ පෝස්ට් එක ගොඩාක් දීර්ඝ උනා....මොවුන් දෙදෙනාගේ සොදුරු ජීවිත කතාවන් රාශියක් පසු විචාරයකින් ලබා දෙන්නම්....
    නියමයි මචන් බොහොම ස්තුතියි මෙ වගෙ තොරතුරු අපිත් එක්ක බෙදාගන්නවට තව දිගටම මෙ වගෙ සැගවුන කතා දාන්න:P:P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලැබිල තියෙන ප්‍රතිචාර කියෙව්වාම ලොකු සතුටක් දැනෙනවා. වෙලාව අඩුමකම නිසා එකින් එකට වෙන වෙනම ස්තුතියි කියන්න අමාරුයි. නමුත් හැමොගේම අදහස්, උපදෙස් ගැන හැමොටම බොහොම පින්........
    ආ.... අනික අපේ චමල්89 ට දැන් කොහොමද... 25 වෙනිද ටෙස්ට් 1 තියනව කිව්වෙ මට මතක විදිහට

    ඔව් යාලු.. ඈස්දෙක... ලොකු අවුලක් නෑ ලු.. කම්පියුටරේවෑඩ කරන හෑම වෙලාවකම එලිය අඩුකරන් ලයිට් එකක් දාන් කරන්න කිවුව.. මගෙ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩ දෙනෙකුට ඔය සීන් එක එනවලු.. එකදිගට පෑය දෙක්කට වඩා කම්පියුට එකේ වෑඩ කරන්න එපාලු... අඩුමගානෙ පෑය දෙකකට විනාඩි 10ක් වත් ඈස්දෙකට බ්‍රේක් එකක් දෙන්නලු

    ස්තූතී යාලු
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යුද්ධයක තීව්‍ර භාවමය හැගීම් වල ආත්ම ප්‍රකාශය

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ.......

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ
    පිරිත් කියා නතර වුණා රජරට සේවේ
    අප්පච්චි ඇයි තව නාවේ
    මේ මැදියම් යාමේ........

    සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි..........

    වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
    අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....
    හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
    රෑ කළුවර නපුරුයි..........

    දශක තුනක් පුරා ලේ ගංගා මැදින් ඇදී ගිය යුදධයේ භාවයන් මෙතරම් කුලුගන්වන ගී ඇත්නම් ඒ කීපයක් ම පමණි. යුද්ධයක දී මුලින් ම වෙඩි වදින්නේ මනුෂ්‍යත්වයට සහ සත්‍යයට යැයි කියවේ. මනුෂ්‍යත්වයට වැදුනු වෙඩි පහරේ වේදනාව සහ යුද්ධයට මැදි වූ වන්නි ගම්මාන වල මනුෂ්‍ය ජීවිත යුද්ධය සමග කළ භීතියේ මෙහෙයුම මෙයින් පැවසේ.

    දරුවන් බලා හිදින්නේ තම දෙමාපියන් යළි ගෙදර දොර ළග පෙනෙන තුරාය. දොර දොර යහමින් තිබුණේ මරනය ම නිසාය ඒ. දුරු පෙදෙසකට ගිය ගැමියා එනතුරු දරුවා විදින මානසික භ්‍රාන්තිය පළමු පදයෙන් ම අප හද තුළ රෝපණය කිරීමට ගීය ලියූ සමුද්‍ර වෙත්තසිංහ සමත් වෙයි. බස් රථය නොපැමිණීම, වන්නි පුදේහවල සහ නුවරකලාවියේ හදවත්වලට සහ ජීවිත වලට සමීප රජරට සේවය සිය විකාශය අවසන් කිරීම, එනම් තිබුනු මානසික සහනය ද අතුරුදන්වීම, මේ දරුවා ගේ හදවත් ප්‍රකම්පනය කරන්නේ අප්පච්චි තාම නොපැමීණීම මගිනි.

    සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි
    චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි
    නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
    රෑ කළුවර පමණයි..........

    තම හදවත තුල මුරගාන වේදනාව ඔහුට දැනෙන මේ හදවත ප්‍රලය කරන ආකාරය බලන්න. සංහිදක, දෙවියන්ට පහන් තබන තැනක ඇති යාතිකාව පවා නැතිවී යයි. හාත්පස ආලෝකමත් කරන ආලෝකය පවා, කුඩාම ආලෝකය පවා නිවී යයි. මෙවිට ඉතිරි වන්නේ සිතට බියද, කාන්සියද, ළතැවිල්ලද, දෙගිඩියාවද ඉතිරි කරන කළුවර පමණි. මේ අදුර, කොතරම් තිව්‍ර ලෙස අපේ හදවතට දැනිවීමට රචතයා සමත් වී ඇත්ද? ඒ "නූල් පොටක් නැති අහසක්-කළුවර පමණකි" අපේ හදට එක් කරමිනි. මේ සියලු ම උපමා උපමේය මගින් සමුද්‍ර මේ ගතවන නිමේෂයේ ඇති භීතිය ද. ළතැවිල්ලද, දෙගිඩියාවද ගෙන හැරපායි.

    වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
    අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....
    හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
    රෑ කළුවර නපුරුයි..........

    වන්නි වනන්තර වල යුද ගිනි පුපුරන විට, බිය වන්නේ අම්මා නැති ලේන් පැටවුන්ය. මේ යෙදුම ශ්‍රාවකයා තුළ පුදුම ආකාරයේ සංවේදනයක් ඇති කරන එකකි. මේ කුරිරු යුද්ධය කෙතරම් බිය ජනකදැයි කිව හොත් ඉන් ලේන් පැටවුන් "සිහිනෙන්" බිය වන තරමේ භීෂණයක් වපුරා ඇත. යුදුධයෙන් බැට කෑ. බැට කන අහිංසකයන් සදා කාලිකව ම මේ ලේන් පැටවුන් ගොන්නට ඇතුලත් ය. අවසන දී පුතු කියන්නේ තමා දකින හීන ද කළුවර නපුරු බවය. තම පියාට, තමාට ඉතිරි වී ඇති එකම ඥාතියා වන අප්පච්චී ගැන මේ දරුවා දකින සිහින කළුවර තරම්ම නපුරු වන්නේ යුද්ධයෙන් ඔහු ලද අත්දැකීම් හේතුවෙනි.

    සමුද්‍ර රචනා කර ඇති ගීත කීපය අතර මම මේ ගීතය පළමු තැන් හි තබමි. ඒ යුද්ධය පැවතුනු ඒ වකවානුවේ අමු ලෙයට ඉවකරමින් පැමිණි වසලයන් අතින් ඝාතනය වු සුවහසක් අපේ ඥාතීන් ගේ මානසික වියවුලද, අපේක්ෂා භංගත්වයද, ආරක්ෂා විරහිත අනුකම්පා සහගත ජිවන අරගලයද අපේ හදවත ඉරා, පාරා ඇතුලු කරන බැවිනි.

    ගත වූ දශක ගනනක ඉතිහාසය තුල ද අපි මේ භීෂණය අඩු වැඩි වශයෙන් අත්වින්දෙමු. දෙමාපියන් දෙදෙනා එකම බසයක, දුම්රියක නොගියේ, ප්‍රහාරයකදී දෙමාපියන් දෙදෙනාම දරුවන්ට අහිමිවීමේ අවදානම අවම කිරීමටය. අපි මේ යුද්ධයෙන් උපරිමව බැට කෑවෙමු. උණු වූ රුහිරු වීදි දිගේ වැගිරෙන ආකාරය මේ ලියන මම වාර දොළසකට නොවැඩි අවස්ථා ගණනක දී අත්විද ඇත්තෙමි. මායිම් ගම්මාන යයි ලියා දුන් ගම්මාන වල දරුවන්, මව්වරුන්, මහල්ලන්, අත දරුවන් කැති ගා ඇති ආකාරය, තරුණ සොයුරියන් අමනුස්ස ලෙස දූෂ්‍ය කොට දස වධ දී තිරිසන් ලෙසින් මරා තිබූ වාර ගණන සිහිපත් කළ නොහැකි තරම් ප්‍රමානයක් දැක ඇත්තෙමි. නමුත් මගේ දරුවෝ ඒ අත් නොවිදිති. උන් තම පියා/මව ඒ දෝ නොඒදෝ යන භීතියෙන් තොරව ම ගත කරති. මගේ දරුවන් එම භීෂණයෙන් මුදවාලීමට අංශුමාත්‍ර මෙහෙවරක් හෝ කල සියළු දෙනාම කෘතවෙදී ව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.

    නියමයි කිබුල....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    user52;12182562[SIZE=5 said:
    .

    පි :ජීවන මංපෙත මලින් සැදීගිය
    යුගයක නොව ඔබ හමුවුයේ
    කටුකොහොලින් පිරි කලල් දියේ මා
    තනිව මියෙද්දිය හමුවූයේ

    ගැ :මින් මතු මංපෙත මලින් සදන්නම්
    ලතැවුල් සෝගී නැසෙනසේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

    පි :මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරනා කල එලබෙනදා
    කුලුදුල් නැකතින් හමුවන පැතුමන්
    පතමුව සසරින් නික්මෙන දා

    ගැ :සංසිදුවා සිතු පහන් කරන්නෙමි
    මේ පෙම කුලුදුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ
    කැපවෙමි ඔබෙ සිතු ගැනම සිතා

    [/SIZE]
    මමත් ප්‍රාර්තනා කරන්නෙ ඔයදේම තමා යලූ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුන්දර ගීයක ඇරඹූම තමා අපේ මේ නූලේ නම..... ගීතයක් බිහිවීමට මූලික වූ හේතු, ගීතවල අර්ථයන් අපි යාළුවොටික එකතුවෙලා මෙහි සාකච්ඡා කරනව..... අපි විවිධ විවිධ මාතෘකා හා ගායක ගායිකාවන් ගැන මෙහි සාකච්ඡා කලා..... නමුත් යාළුවනේ මෙතුවක් මට මෙහි යම් අඩුවක් වගේ දැණුන දෙයක් තමා මම දැන් ඔබ හමුවට ගෙන එන්නේ....... (මේ සටහනේදී මා ලොකු අකරතැබ්බයකට මුහුණපෑවා.... ඒ තමා මෙම ගීතවල ඔරිජිනල් වීඩියෝ සොයාගන්නට නැතිවීම.... අපේ යාළුවො ලග තියෙනවනම් කරුණාකරල ඉක්මනින්ම මට ලබාදෙන්න....)

    ඒ තමා අපේ සිංහල ගීත අම්ඹරයේ පෑයූ රිදී තාරකාවන් දෙකක්වන එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා යන දෙදෙනා..... 1950 කාලවකවාණුවේ තාරුණ්‍ය සිත් උන්මාදයකට හැරවූ කටහඩවල් දෙකක් තමා මේ දෙදෙනා.... එයිනුත් එච්.ආර්. ජෝතිපාලයන් කියල කියන්නෙ එදා මෙදාතුර කිසිම කටහඩකට සම කල නොහැකි ගාම්භීර හා අසමසම කටහඩක් හිමි ගායකයෙක්.... මුනිදාස කුමාරතුන්ගයන්, ධර්මදාස වල්පොල ආදීන්ගෙ සිට වර්තමාන ගායකයන් දක්වාම බිහිවූ කටහඩවල් ගැන සැලකූවිට එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඩට සමකල හැකි කටහඩක් මෙතුවක් බිහිවෙලානම් නෑ..... නමුත් අවාසනාවකට ඔහුගේ ඒ කටහඩින් නිසි ප්‍රයෝජනයක් ගත් බවක්නම් ඔහුගේ ගීත දිහා බැලූ විට පෙනෙන්නෙ නෑ............

    කෙසේ වෙතත් මම අද අපේ යාළුවන්ට මොවුන් දෙදෙනාගේ සොදුරු මිනිසත් ගුණ හා අත්දැකීම් කිහිපයක් තමා පැහැදිල කරන්න හදන්නෙ......

    කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......

    මේ වාදය ඒ යුගයේදී ඉතාම ජනප්‍රියවූ වාදයක්...... ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියා. ගීතවල මාතෘකාව බවට පත්වුනේ"අනංගයා".

    මුලින්ම අනංගයා හොදයි කියල ගුණරත්න අබේසේකරයන් ජෝතිපාලයන්ට ගීතයක් ලියල දුන්න.....

    අනංගයා මං.... අනංගයා.....
    රාම සීත එක්වුනේ - රාධ ක්‍රිෂ්ණ ලංවුනේ
    සාළිය කුමරුට අශෝකමාලාවන් හිමිඋනේ....

    හරි ඔන්න ඉතින් වාදය පටන් ගත්ත..... මේ ගීතයෙන් පස්සෙ කරුණාරත්න අබේසේකරයන් මිල්ටන් පෙරේරට ලියලදුන්න අනංගයා හොදනෑ කියල ගීතයක්... ඒ තමයි

    සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා.....
    ඔයා අනංගයා තමයි මහා පෙම් හොරා කියල.....

    වාදය ඉහලින්ම යනව. ආයෙ ජෝතිපාල අනංගයා හොදයි කියල ගීතයකින් කියනව මෙහෙම...

    පෙම්වතුන්ට සරණේ - අනංගයා මමනේ....
    පෙම් සටනින් පැරදී - දොස් නැගීම වැරදී....

    ආයෙත් මේ ගීතයට පිළිතුරු විදියට මිල්ටන් පෙරේරා ගීතයකින් මෙහෙම කියනව.....

    අනංගයා සරනේ පෙම්වතුන්ට මරණේ.....

    මේ විදියට අනංගවාදය ඉහලින්ම යද්දි රසිකයිනුත් දෙපිලකට බෙදිල.... සමාජය පුරා ප්‍රචලිතවෙලා ජෝති මිල්ටන් දෙන්න විරසක වෙලා තමා මෙහෙම ගීතයෙන් රණ්ඩු වෙන්නෙ කියල.... මේක අන්තිමට ඔවුන් දෙදෙනාටම ප්‍රශ්ණයක් උනා.... මොකද ඔවුන් දෙදෙනා ගීතයෙන් විනෝදයට වාදයක පැටළුනාට ඇත්තටම ඔවුන් එහෙම තරහක් නෑ.... ඒත් ඔවුන්ව දෙවියන් වගේ අදහන රසිකයො කොතරම් කීවත් මේ දේ පිළිගන්නෙම නෑ......

    දැන් උද්ගතවෙලා තියෙන්නෙ නොහිතූවිරූ ගැටළුවක් මෙයටත් ඔවුන් දෙදෙනා ගීතයකින්ම පිළිතුරු දුන්නා මෙන්න මේ විදියට.... මේ ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය.

    අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශෝකය නෑ දන්නේ.....
    අයියා මල්ලීවාගේ අයියා මල්ලී...........

    කොතරම් සුන්දරයිද....? එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන්, කරූ සහ ගුණරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔබ දන්නවාද මෙලෙස ගීතවලින් කරන ලද වාදයක් ලෝකයේම තවම බිහිවෙලා නෑ...... ඒකට නම් හේතුව අපේ රටේ තරම් නිහතමානී, සංවේදී සොදුරු මිනිසුන් ලෝකයේ කොහේවත් නැති නිසා වෙන්න ඇති....

    මේ පෝස්ට් එක ගොඩාක් දීර්ඝ උනා....මොවුන් දෙදෙනාගේ සොදුරු ජීවිත කතාවන් රාශියක් පසු විචාරයකින් ලබා දෙන්නම්....

    මාත් ඔය සිද්දිය අහල තියනව.. ජෝතිපාල වත් මිල්ටන් පෙරේරාවත් ග්‍රේශන් ආනන්ද මිල්ටන් මල්ලව ආරච්චි,වගේ කිසිම ගායකයෙකුගෙ වටිනා කම අගය . ඒ කිසිම කෙනෙක් තේරුම් ගත්තෙනෑ..

    ඔය හෑම කෙනාම මෑරුනෙ අකාලයෙ කියලයි මමහිතන්නෙ.. ඒ හෑම දෙයකටම ...හෑම මරනයකටම හේතුව.... අරක්කු....

    ඔවුන් ඔවුන්ගේ වටිනා කම ගෑන දෑන හිටියානම් බෝතලයකට යටවෙන්න දෙන්නෑ ඔවුන්ට... මම ඈස්දෙකෙන් දෑකල තියනව ග්‍රේශා අරක්කු බොන්න සල්ලි නෑතිඋනාව නුගේගොඩ උදාගිරි එකේ බොන එවුන් සෙට් එකක් ගාවට ප්ලග්වෙලා අරක්කු වීදූරුවකට මේසෙට ගහ ගහ සින්දු කියන හෑටි...
    නියමයි මචන්..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට ග්‍රේශන් ආනන්දයන් ගෑන බොහොමත්ම රස කතා කියන්න පුලුවන් ඔහු අපේ පවුලෙ හිතවතෙක්.. නමුත් බොහොමයක් ඒවා කිවුවොත් එතුමන්ට අගෞරවයක්වෙයි කියල හිතෙන නිසා.. පොඩි පොඩි කතා ටිකක් කියන්නම්..

    එක දවසක් මගෙ ආදරනීය ආච්චි අම්මා වෙනුවෙන් මහරගම පිලිකා රෝහලට දානයක් දුන්න.. ප්‍රියන්කර ග්‍රේශා වගේ කිහිපදෙනෙකිත් අපි එකතු කරගත්තෙ මරනය දෑක දෑක ජීවත්වන ඒ මිනිස්සුන්ව මොහොතක් හරි සතුටින් තියන්න...

    එදා තමා මම දෑක්කෙ ග්‍රේශා පලමු සහ අනිතිපාරට නටනව.. අච්චිකෙනෙක්ව බදාගෙන අඩ අඩ ගේශ නෑටුව.. පස්සෙ දොස්තර මහත්වරු අපිට හොදටම දොස් කිවුව.. මෑරෙන්න ඉන්න මිනිස්සුන්ට ජීවත්වෙන්න ආස හිතෙන දේවල් කරන්න එපා කියල

    තව දවසක් අපි කට්ටිය බීච් වාඩි කියන හෝටලේ එකතුවුනා ග්‍රේශා බොක්ස් ගිටාර් එකත් අරන් ආවා. කොහොම හරි අපේ තත්තල ග්‍රේශල කොටුකොටු බෝතල් දෙකක් විතර හිස් කරල බීච් එකට ගිහින් බෝට්ටුවක් උඩ වාඩිවෙලා පටන් ගත්ත සින්දුකියන්න..
    ග්‍රේශ ගේ ඒ සුපුරුදු විසිල් පාරත් එක්කම පටන් ගත්ත සිහින අහසේ වසන්තේ කියන ගීතය කියන්න.. ඒත් එක පාරටම ඩෝ0 ගාල සදෙකුත් එක්ක බුදු අම්මෝ කියල කෑගහනව ඈහුන.. බලන කොට මේ සින්දුව කියපු ග්‍රේශා නෑ.. බලද්දි බෝට්ටුව ඈතුලට වෑටිල ග්‍රේශා.. සිහියත් නෑ.. පස්සෙ රෝහල්ගතකරා දවස් 5ක් විතර රෝහලේහිටියා..

    ඔය වගේ තව සිද්දි ගොඩක් තියනව.. ඒත් ඒ අසහය ගායකයාට අගෞරව කරන්න මට බෑ.. මේ ඈතිකියල හිතනව
     
    ස්තූතියි යාළුවේ... අසහාය ගායකයෙක්ගෙ නම අපි රැකගනිමු....:confused::confused::confused: