අපේ යාළුවො කවුරුත් දන්නවනේ රාමා - රාවණ කතා පුවත.... ඉන්දියානු මහා සාහිත්‍යයට අනුව නම් අපේ රාවණා රජු කියන්නෙ දුෂ්ඨ නපුරු රජකෙනෙක්....
ඉන්දියාව ගෑණු ගින්නට දමා පුළුස්සන රාජ්‍යයක් බව අපි අදටත් දකිනවා.... ඒ නිසානේ රාම රජු සීතාට ගින්නට පනින්න කිවුවේ සිය පිරිසිදු කම ඔප්පු කරන්න... ඔච්චරටම හොද රජ කෙනෙක් එහෙම කියනවද... සිය බිරිදව විශ්වාස නැද්ද... එහෙම කරපු රාම රජතුමා ඉන්දියාවට දෙවිකෙනෙක්ලු.... ඔවුන් පුන පුනා කියනව රාවණ සල්ලාලයෙක් ඒ නිසයි සීතා පැහැරගෙන ආවෙ කියල....
අදටත් ඉන්දියාවේ පතිවෘතාවේ සංකේතය සීතා... සීතාට අපේ රාවණා රජු කරදර කලානම් කොහොමද එහෙම වෙන්නෙ... ඔවුන් ඇත්ත හංගන හැටි බලන්න යාළුවනේ.... සීතාවට පිරිසිදු කම ඔප්පු කරන්න ගින්නට පනින්න කියපු රාම ඉන්දියානුවන්ට අද දෙවි කෙනෙක්.... ඒ පිරිසිදුකම ඔප්පු කල සීතාව ඔවුන්ට අද පතිවෘත්තාවේ සංකේතයක්.... රාම සීතව අපහසුතාවයට පත් කරපු එක, ඇය කැලයට එළවපු එක, ගින්නට පනින්න කියපු එක ඒව ඔක්කොම ඉන්දියානුවන්ට අනුව නිවැරදියි... සීතාවත් නිවැරදියි... එහෙනම් ඔවුන්ට අනුවම සීතාට රාවණගෙන් කරදරයක් වෙලා නෑ කියල ඔවුන්ටම පිළිගන්න වෙනවනේද...? ඒත් තවමත් ඉන්දියානුවන්ට අනුව ඔවුන්ගේ සාහිත්‍යයට අනුව අපේ රාවණා රජු විතරක් සල්ලාලයෙක් නපුරු රජ කෙනෙක් පුදුම සාහිත්‍යයක්. අසාධාරණ සාහිත්‍යයක් නොවේද ඉන්දියානුවන් බිහිකරල තියෙන්නෙ... හරියට නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වගේ....
ලංකාවේ සිය පතිවත ආරක්ෂාකරගෙන සිටි සීතාව රාම විසින් වනයට පලවා හැරියා... ඉන්දියානු රාමායනයම මහා අවුල් ජාලාවක් නිවැරදි මනසකින් බැලුවොත්.... අපේ රාවණ රජුට බැන බැන ඔවුන් නොවේද සියළුම වැරදි ක්‍රියා කරල තියෙන්නෙ... ඒත් ඉන්දියානුවන්ටනම් ඒ ගැන ගානක්වත් නෑ.. ඔවුන් තවමත් අසරණ ස්ත්‍රීන් පුළුස්සනව.... ඔවුන්ට රාම දෙවියෙක්.... රාවණ ලග සිටි සීතා පතිවෘතාවේ සංකේතය.... අපේ රාවණ රජු විතරක් යක්ෂයෙක්, සල්ලාලයෙක්, නපුරු රජ කෙනෙක්...
කොහොම උනත් රාවණා රජු අඹු සැමියන් විදියට හැසිරුණේ මන්දෝදරී දේවිය සමග පමණයි කියල තමා අපේ ඉතිහාසය කියන්නෙ... ඒත් ඔය ඉන්දියානුවන්ගෙ රාමායනයේම කියනව සීතා, රාම හා ලක්ෂ්මන් දෙදෙනා සමගම එකගෙයි කෑ බවට යම් යම් ඉගි... ඒත් බනින්නෙ අපේ රාවණා රජුට. අපේ බාසාවෙන් කියනවනම් මේක පට්ටම අසාධාරණ රාමායණයක්. පට්ටම අසාධාරණ ඉන්දියානු සාහිත්‍යයක්...
ඉන්දියානුවන් වැරදි කරපු අය දෙවිවරු වගේ සලකගෙන හිටියට .... ඒ වැරදි ගැන ගාණක් නැතිවුනාට අපේ සංගීත ලෝකයට නම් රාවණ රජු ඒ වගේ පහත් තැනකට දානව බලාගෙන ඉන්න බෑ... කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ට රාමයණයෙන්, ඉන්දීය සිනමාවෙන්, ඉන්දීය ගීත හා කතාවලින් රාවණ රජුව පතුරු ගහනව බලාගෙන ඉන්න බැරි තැනදි මෙහෙම ලියනව.....
සීතාවනි ඔයා කොතරම් සුන්දර වුනත්... මට ඔයාගෙ සෙනෙහසක් ඕනෙ නෑ... මම හොද අභිමානවත් පෙලපතකින් පැවත එන රජ කෙනෙක්... මම රාවණ පරම්පරාවේ... මගේ ලග නෑ අන්සතු ස්ත්‍රීන් ඇසුරු කිරීමේ සල්ලාල ගති... මගේ නැගෙනියට රාම හා ලක්ෂ්මන් කල වරදට දඩුවක් ලෙසටයි ඔබව ගෙනාවේ... ඔබට මගෙන් හානියක් වෙන්නෙ නෑ.... ඇත්තටම නම් මේ කතාවෙ පරමාදර්ශී පුද්ගලය වෙන්න ඕනෙ මම නේද, මොකද මම ඔයාව පැහැරගෙන ආ බව ඇත්ත, ඒත් ඔබට අයුතු බලපෑම් කිසිම දෙයක් කලේ නැහැ, කුමරියකට හිමි නිසි ගෞරව දීල වෙනම වාසයට තැනකුත් සූදානම් කරල දුන්න නේද? ඔබට ඉහලින්ම සලකල ආරක්ෂා කලානේද....?
සීතාවනි ඔබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව
අපෙ කුල ගොත වත – ඉහළයි හැමවිට
එහි අභිමානය – රකිනෙමි හැමවිට //
අන් සතු අඟනක් සෙනෙහස පැතුමට
සිරිත නොවේ මේ රාවණ පෙළපත
සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .
මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා //
පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා
හෙළ පෙළපත අබිමන් දද බැන්දා
සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .
ඉන්දීය චිත්‍රපටවලින්, නාට්‍ය වලින්, සාහිත්‍යයෙන් හා ගීත වලින් අපේ රාවණා රජුව පතුරු ගහද්දි 1970දී මේ ගීතය ලියූ කේ.ඩී.කේ ධර්මවර්ධනයන් හා ගුවන් විදුලියට ගායනා කල වින්සන්ට් ප්‍රේමසිරි විසින් උත්සාහකලේ අපේ පෙලපත රැකගන්න. රාවණා අභිමානය රැකීමට උත්සාහ දැරීම හා අපේ වංශය බේරගැනීම පිළිබදව සුන්දර ගීතයක ඇරඹුම හුයෙන් හිසනමා ආචාර කල යුතුයි නේද යාළුවනේ. ඒ නිසයි මේ ගීතයත් මෙම හුයට එක් කලේ.....
තවත් ගීයකින් හමුවෙමු.... කියවන ගමන් කමෙන්ට් එකක් දාලම යන්න...
සුන්දර ගීයක ඇරඹූම තමා අපේ මේ නූලේ නම..... ගීතයක් බිහිවීමට මූලික වූ හේතු, ගීතවල අර්ථයන් අපි යාළුවොටික එකතුවෙලා මෙහි සාකච්ඡා කරනව..... අපි විවිධ විවිධ මාතෘකා හා ගායක ගායිකාවන් ගැන මෙහි සාකච්ඡා කලා..... නමුත් යාළුවනේ මෙතුවක් මට මෙහි යම් අඩුවක් වගේ දැණුන දෙයක් තමා මම දැන් ඔබ හමුවට ගෙන එන්නේ....... (මේ සටහනේදී මා ලොකු අකරතැබ්බයකට මුහුණපෑවා.... ඒ තමා මෙම ගීතවල ඔරිජිනල් වීඩියෝ සොයාගන්නට නැතිවීම.... අපේ යාළුවො ලග තියෙනවනම් කරුණාකරල ඉක්මනින්ම මට ලබාදෙන්න....)
ඒ තමා අපේ සිංහල ගීත අම්ඹරයේ පෑයූ රිදී තාරකාවන් දෙකක්වන එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා යන දෙදෙනා..... 1950 කාලවකවාණුවේ තාරුණ්‍ය සිත් උන්මාදයකට හැරවූ කටහඩවල් දෙකක් තමා මේ දෙදෙනා.... එයිනුත් එච්.ආර්. ජෝතිපාලයන් කියල කියන්නෙ එදා මෙදාතුර කිසිම කටහඩකට සම කල නොහැකි ගාම්භීර හා අසමසම කටහඩක් හිමි ගායකයෙක්.... මුනිදාස කුමාරතුන්ගයන්, ධර්මදාස වල්පොල ආදීන්ගෙ සිට වර්තමාන ගායකයන් දක්වාම බිහිවූ කටහඩවල් ගැන සැලකූවිට එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඩට සමකල හැකි කටහඩක් මෙතුවක් බිහිවෙලානම් නෑ..... නමුත් අවාසනාවකට ඔහුගේ ඒ කටහඩින් නිසි ප්‍රයෝජනයක් ගත් බවක්නම් ඔහුගේ ගීත දිහා බැලූ විට පෙනෙන්නෙ නෑ............
කෙසේ වෙතත් මම අද අපේ යාළුවන්ට මොවුන් දෙදෙනාගේ සොදුරු මිනිසත් ගුණ හා අත්දැකීම් කිහිපයක් තමා පැහැදිල කරන්න හදන්නෙ......
කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......
මේ වාදය ඒ යුගයේදී ඉතාම ජනප්‍රියවූ වාදයක්...... ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියා. ගීතවල මාතෘකාව බවට පත්වුනේ"අනංගයා".
මුලින්ම අනංගයා හොදයි කියල ගුණරත්න අබේසේකරයන් ජෝතිපාලයන්ට ගීතයක් ලියල දුන්න.....
අනංගයා මං.... අනංගයා.....
රාම සීත එක්වුනේ - රාධ ක්‍රිෂ්ණ ලංවුනේ
සාළිය කුමරුට අශෝකමාලාවන් හිමිඋනේ....
හරි ඔන්න ඉතින් වාදය පටන් ගත්ත..... මේ ගීතයෙන් පස්සෙ කරුණාරත්න අබේසේකරයන් මිල්ටන් පෙරේරට ලියලදුන්න අනංගයා හොදනෑ කියල ගීතයක්... ඒ තමයි
සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා.....
ඔයා අනංගයා තමයි මහා පෙම් හොරා කියල.....
වාදය ඉහලින්ම යනව. ආයෙ ජෝතිපාල අනංගයා හොදයි කියල ගීතයකින් කියනව මෙහෙම...
පෙම්වතුන්ට සරණේ - අනංගයා මමනේ....
පෙම් සටනින් පැරදී - දොස් නැගීම වැරදී....
ආයෙත් මේ ගීතයට පිළිතුරු විදියට මිල්ටන් පෙරේරා ගීතයකින් මෙහෙම කියනව.....
අනංගයා සරනේ පෙම්වතුන්ට මරණේ.....
මේ විදියට අනංගවාදය ඉහලින්ම යද්දි රසිකයිනුත් දෙපිලකට බෙදිල.... සමාජය පුරා ප්‍රචලිතවෙලා ජෝති මිල්ටන් දෙන්න විරසක වෙලා තමා මෙහෙම ගීතයෙන් රණ්ඩු වෙන්නෙ කියල.... මේක අන්තිමට ඔවුන් දෙදෙනාටම ප්‍රශ්ණයක් උනා.... මොකද ඔවුන් දෙදෙනා ගීතයෙන් විනෝදයට වාදයක පැටළුනාට ඇත්තටම ඔවුන් එහෙම තරහක් නෑ.... ඒත් ඔවුන්ව දෙවියන් වගේ අදහන රසිකයො කොතරම් කීවත් මේ දේ පිළිගන්නෙම නෑ......
දැන් උද්ගතවෙලා තියෙන්නෙ නොහිතූවිරූ ගැටළුවක් මෙයටත් ඔවුන් දෙදෙනා ගීතයකින්ම පිළිතුරු දුන්නා මෙන්න මේ විදියට.... මේ ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය.
අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශෝකය නෑ දන්නේ.....
අයියා මල්ලීවාගේ අයියා මල්ලී...........
කොතරම් සුන්දරයිද....? එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන්, කරූ සහ ගුණරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔබ දන්නවාද මෙලෙස ගීතවලින් කරන ලද වාදයක් ලෝකයේම තවම බිහිවෙලා නෑ...... ඒකට නම් හේතුව අපේ රටේ තරම් නිහතමානී, සංවේදී සොදුරු මිනිසුන් ලෝකයේ කොහේවත් නැති නිසා වෙන්න ඇති....
මේ පෝස්ට් එක ගොඩාක් දීර්ඝ උනා....මොවුන් දෙදෙනාගේ සොදුරු ජීවිත කතාවන් රාශියක් පසු විචාරයකින් ලබා දෙන්නම්....
අපේ යාළුවො කවුරුත් දන්නවනේ රාමා - රාවණ කතා පුවත.... ඉන්දියානු මහා සාහිත්‍යයට අනුව නම් අපේ රාවණා රජු කියන්නෙ දුෂ්ඨ නපුරු රජකෙනෙක්....
ඉන්දියාව ගෑණු ගින්නට දමා පුළුස්සන රාජ්‍යයක් බව අපි අදටත් දකිනවා.... ඒ නිසානේ රාම රජු සීතාට ගින්නට පනින්න කිවුවේ සිය පිරිසිදු කම ඔප්පු කරන්න... ඔච්චරටම හොද රජ කෙනෙක් එහෙම කියනවද... සිය බිරිදව විශ්වාස නැද්ද... එහෙම කරපු රාම රජතුමා ඉන්දියාවට දෙවිකෙනෙක්ලු.... ඔවුන් පුන පුනා කියනව රාවණ සල්ලාලයෙක් ඒ නිසයි සීතා පැහැරගෙන ආවෙ කියල....
අදටත් ඉන්දියාවේ පතිවෘතාවේ සංකේතය සීතා... සීතාට අපේ රාවණා රජු කරදර කලානම් කොහොමද එහෙම වෙන්නෙ... ඔවුන් ඇත්ත හංගන හැටි බලන්න යාළුවනේ.... සීතාවට පිරිසිදු කම ඔප්පු කරන්න ගින්නට පනින්න කියපු රාම ඉන්දියානුවන්ට අද දෙවි කෙනෙක්.... ඒ පිරිසිදුකම ඔප්පු කල සීතාව ඔවුන්ට අද පතිවෘත්තාවේ සංකේතයක්.... රාම සීතව අපහසුතාවයට පත් කරපු එක, ඇය කැලයට එළවපු එක, ගින්නට පනින්න කියපු එක ඒව ඔක්කොම ඉන්දියානුවන්ට අනුව නිවැරදියි... සීතාවත් නිවැරදියි... එහෙනම් ඔවුන්ට අනුවම සීතාට රාවණගෙන් කරදරයක් වෙලා නෑ කියල ඔවුන්ටම පිළිගන්න වෙනවනේද...? ඒත් තවමත් ඉන්දියානුවන්ට අනුව ඔවුන්ගේ සාහිත්‍යයට අනුව අපේ රාවණා රජු විතරක් සල්ලාලයෙක් නපුරු රජ කෙනෙක් පුදුම සාහිත්‍යයක්. අසාධාරණ සාහිත්‍යයක් නොවේද ඉන්දියානුවන් බිහිකරල තියෙන්නෙ... හරියට නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වගේ....
ලංකාවේ සිය පතිවත ආරක්ෂාකරගෙන සිටි සීතාව රාම විසින් වනයට පලවා හැරියා... ඉන්දියානු රාමායනයම මහා අවුල් ජාලාවක් නිවැරදි මනසකින් බැලුවොත්.... අපේ රාවණ රජුට බැන බැන ඔවුන් නොවේද සියළුම වැරදි ක්‍රියා කරල තියෙන්නෙ... ඒත් ඉන්දියානුවන්ටනම් ඒ ගැන ගානක්වත් නෑ.. ඔවුන් තවමත් අසරණ ස්ත්‍රීන් පුළුස්සනව.... ඔවුන්ට රාම දෙවියෙක්.... රාවණ ලග සිටි සීතා පතිවෘතාවේ සංකේතය.... අපේ රාවණ රජු විතරක් යක්ෂයෙක්, සල්ලාලයෙක්, නපුරු රජ කෙනෙක්...
කොහොම උනත් රාවණා රජු අඹු සැමියන් විදියට හැසිරුණේ මන්දෝදරී දේවිය සමග පමණයි කියල තමා අපේ ඉතිහාසය කියන්නෙ... ඒත් ඔය ඉන්දියානුවන්ගෙ රාමායනයේම කියනව සීතා, රාම හා ලක්ෂ්මන් දෙදෙනා සමගම එකගෙයි කෑ බවට යම් යම් ඉගි... ඒත් බනින්නෙ අපේ රාවණා රජුට. අපේ බාසාවෙන් කියනවනම් මේක පට්ටම අසාධාරණ රාමායණයක්. පට්ටම අසාධාරණ ඉන්දියානු සාහිත්‍යයක්...
ඉන්දියානුවන් වැරදි කරපු අය දෙවිවරු වගේ සලකගෙන හිටියට .... ඒ වැරදි ගැන ගාණක් නැතිවුනාට අපේ සංගීත ලෝකයට නම් රාවණ රජු ඒ වගේ පහත් තැනකට දානව බලාගෙන ඉන්න බෑ... කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ට රාමයණයෙන්, ඉන්දීය සිනමාවෙන්, ඉන්දීය ගීත හා කතාවලින් රාවණ රජුව පතුරු ගහනව බලාගෙන ඉන්න බැරි තැනදි මෙහෙම ලියනව.....
සීතාවනි ඔයා කොතරම් සුන්දර වුනත්... මට ඔයාගෙ සෙනෙහසක් ඕනෙ නෑ... මම හොද අභිමානවත් පෙලපතකින් පැවත එන රජ කෙනෙක්... මම රාවණ පරම්පරාවේ... මගේ ලග නෑ අන්සතු ස්ත්‍රීන් ඇසුරු කිරීමේ සල්ලාල ගති... මගේ නැගෙනියට රාම හා ලක්ෂ්මන් කල වරදට දඩුවක් ලෙසටයි ඔබව ගෙනාවේ... ඔබට මගෙන් හානියක් වෙන්නෙ නෑ.... ඇත්තටම නම් මේ කතාවෙ පරමාදර්ශී පුද්ගලය වෙන්න ඕනෙ මම නේද, මොකද මම ඔයාව පැහැරගෙන ආ බව ඇත්ත, ඒත් ඔබට අයුතු බලපෑම් කිසිම දෙයක් කලේ නැහැ, කුමරියකට හිමි නිසි ගෞරව දීල වෙනම වාසයට තැනකුත් සූදානම් කරල දුන්න නේද? ඔබට ඉහලින්ම සලකල ආරක්ෂා කලානේද....?
සීතාවනි ඔබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව
අපෙ කුල ගොත වත – ඉහළයි හැමවිට
එහි අභිමානය – රකිනෙමි හැමවිට //
අන් සතු අඟනක් සෙනෙහස පැතුමට
සිරිත නොවේ මේ රාවණ පෙළපත
සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .
මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා //
පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා
හෙළ පෙළපත අබිමන් දද බැන්දා
සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .
ඉන්දීය චිත්‍රපටවලින්, නාට්‍ය වලින්, සාහිත්‍යයෙන් හා ගීත වලින් අපේ රාවණා රජුව පතුරු ගහද්දි 1970දී මේ ගීතය ලියූ කේ.ඩී.කේ ධර්මවර්ධනයන් හා ගුවන් විදුලියට ගායනා කල වින්සන්ට් ප්‍රේමසිරි විසින් උත්සාහකලේ අපේ පෙලපත රැකගන්න. රාවණා අභිමානය රැකීමට උත්සාහ දැරීම හා අපේ වංශය බේරගැනීම පිළිබදව සුන්දර ගීතයක ඇරඹුම හුයෙන් හිසනමා ආචාර කල යුතුයි නේද යාළුවනේ. ඒ නිසයි මේ ගීතයත් මෙම හුයට එක් කලේ.....
තවත් ගීයකින් හමුවෙමු.... කියවන ගමන් කමෙන්ට් එකක් දාලම යන්න...
mlin ma kiyanna ona bohom sthuthi meka pawathwa gena yanwata.... ithama karya bahula jeewathayak mey dawas wala yanne.. thamth inne 143 page.. eke.. free welawaka balanwa.. . sassilt ayye.. puluwan nam..mey sinduwe anthima pada peli tika paha dili karala denna..
and i would dedicate this song to all my teachers.. sirawata hama guruwarayama hondata hitiye nathi unata.. godak guru waru aththatama shrestai. wishshenma .. wayasaka aya..
User52 මේ ගැන විචාරයක් කලින් දාල තිබුණ කියවල බලන්න මල්ලී ඔයාගෙ ගැටළුව විසදෙනවද කියලා.........http://www.elakiri.com/forum/showpost.php?p=11965295&postcount=1233

මේක අපේ යාළුවන්ට විශේෂ නිවේදනයක්....
ගොඩාක් යාළුවන් "ස" ප්‍රසංගය නරඹල නෑ, එය නැරඹීමට කැමැත්තක් තිබෙනව කියල මෙහි විවිධ අවස්ථාවන්හිදී පවසලා තිබුණ... එහෙනම් යාළුවනේ ඉක්මන් කරන්න. 1973 ජූලි මාසයේ වික්ටර් රත්නායකයන් විසින් ආරම්භකල "ස" ප්‍රසංගයේ අවසන් දර්ශණය 2012 ජූලි 20 වන දින පැවැත්වීමට තීරණය කරල. කිසිම හේතුවක් නිසාවත් සිය තීරණය වෙනස නොකරන බවත් එතුමා කියල තියෙනවා.
"ස" ප්‍රසංගය නැරඹීමට ආසනම් 2012 ජූලි 20 හෝ ඊට ප්‍රථම අවස්ථාවක් උදාකරගන්න එහෙනම්...
aug wath thibba nam ela.. ethakota aniwa enna puluwan 
මේක අපේ යාළුවන්ට විශේෂ නිවේදනයක්....
ගොඩාක් යාළුවන් "ස" ප්‍රසංගය නරඹල නෑ, එය නැරඹීමට කැමැත්තක් තිබෙනව කියල මෙහි විවිධ අවස්ථාවන්හිදී පවසලා තිබුණ... එහෙනම් යාළුවනේ ඉක්මන් කරන්න. 1973 ජූලි මාසයේ වික්ටර් රත්නායකයන් විසින් ආරම්භකල "ස" ප්‍රසංගයේ අවසන් දර්ශණය 2012 ජූලි 20 වන දින පැවැත්වීමට තීරණය කරල. කිසිම හේතුවක් නිසාවත් සිය තීරණය වෙනස නොකරන බවත් එතුමා කියල තියෙනවා.
"ස" ප්‍රසංගය නැරඹීමට ආසනම් 2012 ජූලි 20 හෝ ඊට ප්‍රථම අවස්ථාවක් උදාකරගන්න එහෙනම්...

කාලෙකට පස්සෙ දැක්ක ගොඩක් වටින ත්‍රෙඩ් එකක්![]()
හනිමූන් එකේ දී පබැදූ ගීතය....
අපේ බාසාවෙන් කියනවනම් පිස්සු හැදෙන උඩ විසිවෙන සිද්ධියක් මම දැන් අපේ යාළුවන්ට කියන්න හදන්නෙ....
ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන ලද , සෝමදාස ඇල්විටිගල මහතා සංගීතවත් කරන ලද "ආදර හැඟුම්" කියන ගීතය මම හිතන්නෙ හැමෝම අහල ඇති. මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත් දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව.
අපේ මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතන් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මොකටද හනිමූන් එක ගතකරන්නෙ... ඇයි තානායමට යන්නෙ කියල අපේ එළකිරි යාළුවො කියයි සස්ලිට්ට පිස්සු හැදිල කියල... ඒත් මම ආයෙත් අහනව ඇයි හනිමූන් එක ගත කරන්න යන්නෙ කියල... මොකද දන්නවද යාළුවේ හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි ගීත නේද යාළුවනේ...........?
දැන් මම කියන්නෙ සින්දුව ලියපු විදිය... ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පුටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.
ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.........
මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි...........
මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........
දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".
ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි.
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.
ඉතින් ඔන්න ඔහොමයි අපේ සිංහල ගීත සාහිත්‍යයට තවත් ලස්සන ගීතයක් එකතු උනේ. බලන්න ශෘංගාර රසය දනවන්න උපමා, උපමේය, භාෂාව යොදාගෙන තියෙන ලස්සන හා දක්ෂතාවය. ඒ විතරක්ද තැන නොතැන නැතිව ගලාගෙන එන අදහස් කැටි කරල අපවෙත ලබා දි තිබෙන ආකාරය. මේ කතාව කලින් අපේ යාළුවො අහල තියෙනවද? ලස්සන ගීතයක් නේද?
අපි වගේනම් මේවගේ අවස්ථාවක ගීත ලිය ලිය ඉදීද....? ඒ නිසා වෙන්න ඇති ඔවුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් කියන්නෙ....
මේ කතාව දන්න අය ඇරෙන්න මෙතනදී දැනගත් හැම කෙනාගෙන්ම මට කමෙන්ට්ස් ඕනමයි යාළුවනේ තවත් ගීයකින් හමුවෙමු...............

ඒ නිසා වෙන්න ඇති ඔවුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් කියන්නෙ....

හැමදාමත් වගෙ හොදම දෙයක්ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....
ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?
පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා
ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....
මාල මල් ලතා මලතියක ලියා එවා
දෑල සිත් විලේ
සසැලී රැලි සරලි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත්
සඳක් සේ මවා
ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...
ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටි
පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
කෝ කොහෙද ගියා
මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?
මම ඔයාගේ
පුංචි කිරිල්ලි.
පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා
මාල මල් ලතා මලතියක ලියා එවා
දෑල සිත් විලේ
සසැලී රැලි සරලි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත්
සඳක් සේ මවා
ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටි
පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
කෝ කොහෙද ගියා
(තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... මගේ පුද්ගලික අත්දැකීමක්.) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙය උපහාරයක්ම වේවා...!

යුද්ධයක තීව්ර භාවමය හැගීම් වල ආත්ම ප්‍රකාශය
මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ.......
ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....