බලපියව් පණ්ඩිතකම් කියයවන්න කලින් මේ පෝස්ට්එක දමන වෙලාව....
රෑ ඉර පානෙන් කිවුවත් එකයි නැතත් එකයි මම දානව මගේ 62වන විචාරය....
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී......
ආදර වන්තයා...
ආදරේ ආහිමිවුන ආදරවන්තයෙකුට හෝ ආදරවන්තියෙකුට පට්ට විදියට අසමින් අඩන්න පුළුවන් ගීතයක් තමයි මේ ගීතය යාළුවනේ... මේ ගීතය හොදට අහන්න... ආදරවන්තයෙක්ට මීට වඩා අඩා වැටෙන්න බෑ... අඩා වැටුනත් මේ තරම් සංවේදී විදියට මේ ගීතය ලියන්න බෑ. නමුත් සුනිල් ආරියරත්නයන් ඒ දේ කලා.. ලිවුවත් මේ තරම් සංවේදී සංගීතයක් තනන්ට බෑ.. නමුත් ඒ දේ මහින්ද බණ්ඩාරයන් කලා.... අපේ බාසාවෙන් කියනවානම් මුන් තුන්දෙනාම පට්ට බූට් කාපු තුන්දෙනෙක් වෙන්න ඔනි... නමුත් මුලින් ආ චෝදනා නිසාම මම මේ ගීතය පැහැදිල කිරන්නෙ මගේ ක්‍රෙම්ට මට දැනුන විදියට......
ආදරෙකියන්නෙ අපි අපිට දැනෙන දෙයක් කෙල්ලෙ... මම උදේට නැගිටින්නෙ ඔයා නිසානම්.... අදින ඇදුම ඔයාට පේනන ඔයා නිසා තෝරනවනම් මට ඊට එහා දෙයක් නෑ.... මගේ ආදරේ එතන... බොලදයි වගේද.. නෑ ලොකු පණ්ඩිතයොත් සමාජයට හැංගුවට ඔහොම තමා.... ඉතිං මම ඔයත් එක්ක කොච්චර ආදරේ කලාද...? අපි කොච්චරනම් සැන්දෑයාමෙ වෙරල අයිනෙ කතා කර කර හිටියද..? මතකද ච්න්ඩිය වගේ තනි තරුවේ.... කියල ඈත තියෙන තරු පෙන්නුව මට තුරුලු වෙවී..... එත් කෝ ඒ ආදරේ... තනි තරුවනම් ඈත ඉන්නව... ඊට අමතරව තව තරු දහස් ගණනක් ඈත ඉන්නව ... ඒත් කෝ ඔයා මගේ ලග නෑනේ.... මම ඔයාට ලෝකයක් තරම් කියපු ආදරේ... කෝ.......(අහසේ තරුගැන්නා, වෙරලේ රල මැන්නා යැයි යොදන්නේ ආදර වන්තයා සිය ආදර වන්තිය ලබාගන්නට කරන ලද කැප කිරීම් වල පුමාණය නාතහොත් කාපු කට්ට පැවසීමටය.)
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී...
ඔයා මට ආදරෙයි... පණ වගේ ආදරෙයි... ඒත් කෙල්ලෙ ඔයා ආවෙ ආයෙ හරිගස්සන්න බැරි වැරැද්දක් කරල... ඉතින් මම වගේ අහිංසකයෙක් මොනව කරන්නද....? හරියට බිදුණු වීදුරුවක් ආයෙ ඇලෙවුවත් පැල්ලම් තියෙනව වගේ ඔයා කරපු දේවල් අපිට එලව එලව වද දෙනවා.... මම ආදරේ නාමයෙන් ඒක ඉවසන්නම්.... ඒත් මටත් වඩා ඔයා මට ආදරෙයි... ඔයා කැමති නෑ... ඔයා නිසා මට කැලලක් වෙනවට... අනේ රත්තරං මම කියනදේ අහන්න... පණ්ඩිතය වෙන්න අපා... මට ඒක ගානක් නෑ දරුවෝ.... ඒත් ඉතිං ඔයා අහන්නෙ නෑ නේ.. ඔයාගෙ අතීත වැරදි වලට ඔයා දුක්වෙනවා... අනේ මට ඒකෙන් ඔයානේ නැති වෙන්නේ.....
කඳුළක් විලසින් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක් පිරියම් කරනට
බැරි කැළලක් මතුවී තිබුණා
අපි විතරක් නෙමෙයි කෙල්ලෙ ... ඉතිහාසයේ ඉදලාම කොතරම් නම් ආදරවන්තයින් එකට එකතුවෙන්න හිතන්න ඇද්ද... ඔයා දන්නවද් අදටත් ආදර වන්තයින් එකට එක් වෙන්න බැරිනම් එකට මියැදෙනව... මමත් ඒකට සූදානම වෙද්දි... ඔයාමට ඉඩ දෙන්නෙ නෑ... ඔයා තනියම මැරෙන්න හදනව ඔයාගෙ වැරදි කිය කියා... මම ඒවට සමාව දුන්න දරුවෝ....
මේක ඔයා විතරක් නෙමෙයි මමත් පෙර ආත්මයේ කරපු පවක්... ඒ නිසයි අපි දෙදෙනාටම එක්වෙන්න මේ සමාජය ඉඩදෙන්නෙ නැත්තෙ... අපි එක් වෙනකොට මොනවහරි ප්‍රශ්ණයක්... අනේ දෙවියො ඔයාව මැවුවෙ මට නෙමෙයි කියල හිතනකොටත් මට පුදුම වේදනාවක් කෙල්ලෙ... මම ඔයාට ලංවෙන්න හදන හැම වෙලාවෙම මොනවහරි දෙයක් අපි දෙන්නව ඈත් කරනව... මට ඔයා ලැන ආදරේට එහා ගිය දුකක් එනව කෙල්ලේ.......
පවකින් පෙර අත්භවයක සිදු වූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා
ආදරවන්තිය-
කමක් නෑ මම පරාද වෙන්නෙ නෑ.. මහාලොකුවට අසංක ප්‍රියමන්ත පීරිස් ගීතයක් කියල මාව පරද්දන්න හදනව... ඒක කියල මගේ අයියත් මාව රිද්දනව .. මගේ ආදරේ බොරු නෑ අයියේ.. මෙහෙම ප්‍මේවතියකගේ ආදරය ලඝු කරන්න එපා... මට ඔයා වෙනුවෙන් දැනෙන දුතට තමයි මහා රල නැගෙන්නෙ... ඒ නැගෙන රලට දියකදක් වෙන්නෙ මගේ කදුළු.. ඒ තරම් මගේ දුකත් සීමා මායිමක් නෑ....
පෙම්වතියන්ගේ
පෙම්වතියන්නේ
මහා සාගරේ
කඳුළෙන් ජල කඳ සැදුණේ
සුසුමෙනි රළ නැඟුණේ
පෙම්වතියෝ...
(ගායනය – ඇන්ජලීන් ගුණතිලක)
නෑ මම පරාද වෙන්නෙ නෑ මම කොහොම හරි මට නැති උන ආදරේ දිනනව... මොකද දන්නවද... ඇන්ජලීන් ගුණතිලකත් ඉස්සර මේ වගේ සිද්දියකටම ගීතයක් ලිවුවනේ... ඉතින් එයා හොදින් ඉන්නව... එහෙනම් මගේ අතින් මකන්න බැරි වැරදි උනා කියල මම මැරෙන්නෙ නෑ... මම වෙනුවෙන් ආදරේ පුදන අයියට මම මෙහෙම කියනව... ඒ කියනදේ තේරුම් අරන් අයිය ආවොතින් එයාගෙත් මගෙත් ජීවිතේ සුරංගනාලෝකයක්ම වෙයි........
සදා දුකට පත් ආදරවන්තයින්ගේ ගීතය............ සදා දුකට පත් ආදරවන්තියන්ගේ ගීතය...
ඔන්න එහෙනම් කමෙන්ට් දාන්න පටන්ගමු යාළුවනේ ආයෙත්....
සුපිරිනේ...ඔය තියෙන්නෙ වැඩ.


..බොහොම ස්තුති සහෝ.....

